රොබට් සර්විස්ගේ බර්ලින් වැඩසටහන වින්නැහියක් ලෙස කෙලවර වෙයි

Appearance of Robert Service in Berlin ends in fiasco

පීටර් ස්වාස් විසිනි, 2014 පෙබරවාරි 14

ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානයෙහි කතුවරයා ලෙස පුලුල් වශයෙන් අපකීර්තියට පත්ව සිටින රොබට් සර්විස් විසින් බර්ලින්හිදී, 12දා සවස පවත්වනු ලබන බව ප්‍රසිද්ධියට පත්කොට තිබුනු දේශනය කිසිදු පැහැදිලි කිරීමකින් තොරව අවසන් මොහොතේ අවලංඟු කිරීම, බුද්ධිමත් බවේ පාපෝච්චාරනයකට සමාන විය. දේශනයට සහභාගී වීම පිනිස එම ස්ථානයට පැමිනි ශිෂ්‍යයින් හා ජනතා සාමාජිකයින්ට දැකගන්නට ලැබුනේ, "රොබට් සර්විස් මහතා සමග 2014 පෙබරවාරි 12දා පැවැත්විමට නියමිතව තිබූ රැස්වීම අවාසනාවන්ත ලෙස අවලංඟු කර ඇත.“ යනුවෙන් සඳහන් රැස්වීම් ශාලාවේ දොරෙහි අලවා තිබූ කොල කැබැල්ලක් පමනි.

ප්‍රසිද්ධ දේශනය අවලංඟු කිරීම අනපේක්ෂිත අවාසනාවක ප්‍රතිපලය නොවීය. රොබට් සර්විස්ගේ චරිතාපදානය පිලිබඳ විවේචනයන්ට ප්‍රසිද්ධියේ පිලිතුරු දීම වලක්වාලීම පිනිස හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ නැඟෙනහිර යුරෝපීය ඉතිහාසය පිලිබඳ දෙපාර්තමේන්තුවේ දක්ෂිනාංශික සභාපති වන මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි විසින් කල නියෝගයක් මත එසේ සිදුවිය.

බාබරොව්ස්කිගේ දෙපාර්මේන්තු වෙබ් අඩවියේ මුලින් පලවූ නිවේදනයෙහි සඳහන් වූයේ "උනන්දු සහගත සියල්ලන්ගේම පැමිනීම සාදරයෙන් පිලිගන්නා" බවයි.

එහෙත් මහජනතාව කෙරෙහි හා ප්‍රජාතන්ත්‍රවාදී විවාදයක් කෙරෙහි සතුරුකම ප්‍රදර්ශනය කරමින් බාබරොව්ස්කි, සර්විස් පෙනී සිටීමට නියමිතව තිබූ ස්ථානය රහසිගතව වෙනත් තැනකට මාරු කරන ලදී. අලුත් තැන පිලිබඳව දන්වනු ලැබුවේ දෙපැර්තමේන්තුවේ බාබරොව්ස්කිට ගැතිකම් දක්වන කුඩා කන්ඬායමකට පමනි.

එහෙත් බාබරොව්ස්කිගේ දෙපාර්තමේන්තුවේ සිදුවූ අතපසු වීමක් නිසා රහසිගත රැස්වීම් ස්ථානය පිලිබඳව අනාවරනය විය. කෙසේ වෙතත්, කිලෝමීටරයකට පමන දුරින් පිහිටි නව ස්ථානයට පැමිනි මහජන සාමාජිකයින් ආරක්ෂකයින් පිරිසක් පිරිසක් පිරිවරගත් බාබරොව්ස්කිගේ බාධාකිරීම් වලට මුහුන දුන් අතර අමුත්තන් තමන්ගේ වතගොත හෙලිදරව් කල යුතු බව හා තමන් දේශනයට සහභාගී වන්නේ කුමක් නිසාදැයි පැහැදිලි කල යුතු බව ඔහු කියා සිටියේය.

සර්විස්ගෙන් වැදගත් ප්‍රශ්න අසනු ඇති බවට බාබරොව්ස්කි බියට පත්කල සියල්ලන් බංකරයකට සමානවූ රැස්වීම් ශාලාවක පැවති දේශනයට සහභාගී වීමෙන් වලක්වන ලදී.

රැස්වීමට සහභාගී වීමෙන් වලක්වනු ලැබූවන් අතර සර්විස්ගේ ද්වේශසහගත කෘතිය හෙලිදරව් කිරීමේදී මූලික ක්‍රියාකලාපයක් ඉටුකල ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා යන කෘතියෙහි කතුවර ඩේවිඩ් නොර්ත් ද විය. නොර්ත් සිය වතගොත හෙලිකල අවස්ථාවේ බාබරොව්ස්කි, ඔහුට විරුද්ධව පෞද්ගලික මඬගැසීම් යොදාගත් අතර පොලිසිය කැඳවන බවට තර්ජනය කලේය.

ආරක්ෂකයින් පිරිසක් පිරිසක් පිරිවරගත් (කොල පාට ජැකට්ටුකින් සැරසී)බාබරොව්ස්කි දේශනයට සහභාගී වීම පිනිස එම ස්ථානයට පැමිනි ඩේවිඩ් නොර්ත්

ජාත්‍යන්තරව ප්‍රකට ඉතිහාසඥයෙකු හා සර්විස්ගේ චරිතාපදානයෙහි ජර්මානු සංස්කරනය පලකිරීමට විරෝධය පලකරමින් සූර්කාම්ප් ප්‍රකාශන මන්දිරය වෙත යැවූ ලිපියට අත්සන් තැබූ එක් අයෙකු වන පෝට්ස්ඩෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාරියෝ කෙස්ලර් ද රැස්වීම් ශාලාවට පිවිසීමෙන් වලක්වන ලදී.

අවසානයේදී සර්විස් විවේචනය කිරීමට ඉදිරිපත් නොවන බවට සැක හැර දැනගත් බාබරොව්ස්කිගේ එහෙයියන් වන පුද්ගලයින් 40කටත් අඩු සංඛ්‍යාවකට රැස්වීම් ශාලාවට ඇතුලුවීමට අවස්ථාව සැලසුනි. පිටතින් ආරක්ෂකයින් යොදවා ඇතුලත දොරවල් අගුලු ලන ලදී.

රැස්වීම් ශාලාව ඇතුලත පැවතියේ මර්දනයේ හා තර්ජනයේ වාතාවරනයකි. සියලු ආරක්ෂක පියවර ගැනීමෙන් පසුව ද විශේෂයෙන්ම ට්‍රොට්ස්කිගේ ලමා වියේ නම පිලිබඳ මුසාකරනය ඇතුලු සර්විස්ගේ යුදෙව් විරෝධී ගුරුඋපදේශ යොදාගැනීම පිලිබඳව අභියෝග කල අවස්ථාවේදී බාබරොව්ස්කි, කට පියාගන්නා ලෙස ප්‍රශ්න නැඟූ පුද්ගලයාට තර්ජනය කලේය.

රැස්වීමෙන් අනතුරුව ආරක්ෂකයෙකු විමසූ කල ඔහු තෘප්තිමත් ලෙස සිය වචන වලින්ම සඳහන්කලේ "නරක ප්‍රශ්න තිබුනේ දෙකක්" පමනි යනුවෙනි. පැයක කාලයක් පැවති සර්විස්ගේ ව්‍යාකූල හා නීරස දේශනයේදී ජර්මානු සමාජවාදී පක්ෂය විසින් ඔහු වෙත යොමු කර තිබුනු ප්‍රශ්න නවයෙන් එකකටවත් පිලිතුරු නොදුන්නේය. ඔහුගේ ප්‍රකාශ බුද්ධිමත් ප්‍රකාශනයෙන් තොරවූ අතර ඔහුගේ කෘතිය පිලිබඳ සියලු සැලකියයුතු විවේචන සරලවම නොතකා හරින ලදී.ඇමරිකානු ඉතිහාස විමර්ෂන සඟරාව තුල පලකොට තිබුනු ඔහුගේ කෘතිය පිලිබඳ ව්‍යසනකාරී විවේචනයන් ගැන හෝ සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යොමුකරන ලද යුරෝපීය ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ගැන හෝ ඔහු කිසිවක් සඳහන් කලේ නැත. ඔහුගේ ප්‍රකාශ අනදාල ( සර්විස් ට්‍රොට්ස්කිගේ "චිත්‍රපට නලුවෙකු බඳු පෙනුම" ගෙනහැර දැක්වීය) හා අභූත විස්තර කථන (ට්‍රොට්ස්කි හා ස්ටැලින් අතර පැවතියේ සුල නොඑකඟතාවන් යයි ඔහු කියා සිටයේය) වලින් ගහන විය.

ස්ටැලින්වාදයට විකල්පයක් නොතිබුනේ යයි සර්විස් අවධාරනය කලේය. ලෙනින්ගේ මරනයෙන් පසුව ට්‍රොට්ස්කි ජයග්‍රාහී වූයේ නම් ඔහු ද ස්ටැලින් සේම ක්‍රියාකරනු ඇති බව පවසමින් ඔහු ට්‍රොට්ස්කි මෘග බොල්ෂෙවිකයෙක් ලෙස පිනිතාරු කලේය. ට්‍රොට්ස්කි "නොමඟ ගිය භයානක දේශපාලඥයෙක් හා ස්ටැලින්ගේ ලේ සෙහොයුරා" බව කියා සිටිමින් ඔහු දේශනය සමාප්ත කලේය.

සර්විස් හම්බෝල්ට් විශ්ව විද්‍යාලයෙහි පෙනී සිටීම විදහා දැක්වුනේ, ශාස්ත්‍රාලික හා බුද්ධිමය සිද්ධියකට වඩා දේශපාලන සිදුවීමක් ලෙසය. 20වන සියවසේ ඉතිහාසය පිලිබඳ නව ප්‍රති මාක්ස්වාදී ආඛ්‍යානයක් නඟාසිටුවීම සඳහා බාබරොව්ස්කි දැන් ගෙන යන උත්සාහයේ කොටසක් ලෙස ඔහු සර්විස් බර්ලිනයට කැඳවා ගත්තේය. මාධ්‍ය තුල උද්යෝගිමත් ප්‍රතිචාරයක් පලවූ, ජර්මානු මිලිටරියේ දශක ගනනාවක් පැවති සීමා බාධක අවසන්ව ඇති බවට මෑතකදී ජර්මානු ආන්ඩුව කල ප්‍රකාශය සමග මෙම ව්‍යායාමය සමීපව බැඳී තිබේ.

නව ජීවයකින් යුක්තව ජර්මානු මිලිටරිවාදය නඟාසිටුවීම පිනිස, නාසි යුගයේ යුද අපරාධ "බොල්ෂෙවික් ප්‍රචන්ඩත්වය කෙරේ පලවූ යුක්තිසහගත ප්‍රතිචාරයක් බව කියාපෑමට අත්සාහ කරන නව ඓතිහාසික ආඛ්‍යානයක් අවශ්‍යව තිබේ. හිට්ලර් සිත්ගන්නා සුලු මුහුනුවරකින් ඉදිරිපත් කිරීමට තරම් දුර ගමන් කරන මෙම ඓතිහාසික සංශෝධනවාදය තුල බාබරොව්ස්කි ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි.

ජර්මනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සඟරාවක් වන ඩර් ස්පිගල්හි වත්මන් සංස්කරනය තුල බාබරොව්ස්කි ෆියුරර් හෙවත් අධිපතියා පිලිබඳ පහත දැක්වෙන අනුපමේය අගැයිම ඉදිරිපත් කරයි.

“හිට්ලර් මනෝ ව්‍යාධියෙකු නොවූවා සේම කුරිරු අයෙක් ද නොවීය. ඔහුට යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ අවශ්‍යතාවක් ද නොවිය."

හම්බෝල්ට් විශ්වද්‍යාලයේදී කථාකිරීම පිනිස රොබට් සර්විස්ට ආරාධනය කිරීම ඉතිහාසය යලි ලිවීමේ මෙම දේශපාලන ව්‍යායාමයේ කොටසක් විය. පෙබරවාරි 12දා සැඳෑ යාමයේ බාබරොව්ස්කිගේ කටයුතු එලිමහනට ගෙන ආවේ, ඓතිහාසික සංශෝධනවාදය පිලිබඳ ඔහුගේ ව්‍යාපෘතිය, මුසාකරනය, තරවටු කිරීම් හා මැඬපැවැත්වීම ඉල්ලා සිටින බවයි. එදින හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ දිගහැරුනු සිදුවීම්වල වැදගත්කම එයයි. එහෙත් සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත්විමට පින්සිදුවන්නට මෙම සුවිශේෂී සිදුවිම කෙලවර වූයේ බාරොව්ස්කිට හා සර්විස්ට නින්දාසහගත වින්නැහියක් ඇති කරවමිනි.

Share this article: