අනුකාරක ශිෂ්‍ය විරෝධතාවකට එරෙහිව ශ‍්‍රී ලංකා මිලිටරිය පුහුනු අභ්‍යාසයක

Sri Lankan military training against mock student protest

වසන්ත රූපසිංහ විසිනි, 2014 පෙබරවාරි 25

මිලිටරිය හා පොලිසිය එක්ව ශිෂ්‍ය විරෝධතාවක් මර්දනය කරන ආකාරය දැක්වෙන මිලිටරි පුහුන අභ්‍යාසයක් පිලිබඳව ඡායාරූප කතාවක් මෙම මාසය මුලදී ශ‍්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවිය පලකර තිබිනි.

යුද්ධයෙන් විනාශවූ උතුරු පලාතේ වන්නි ආරක්ෂක මූලාස්ථානයේදී අභ්‍යාසය පැවත්වුන අතර එය ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී හමුදා බලඇනිවලට අනදුන් මේජර් ජනරාල් බොනිෆස් පෙරේරාගේ අධීක්ෂනයට ලක් විය. "විශාල පොලිස් බලකායක්" සමඟ තවත් හමුදා ජනරාල්වරුන් කීපදෙනෙකු ද අවස්ථාවට සහභාගි විය. මෙහෙයුම පිලිබඳ යුද හමුදා වාර්තාවේදී සඳහන් කෙරුනේ, එය "හදිසි අවස්ථාවකදී කලහකරුවන් පාලනය කිරීමට අදාල අනුකාරක අභ්‍යාසයක්" බව යි. එය, "කැරලි මර්දනය හදිසි නැගිටීම් හා විරෝධතාවන් අවම බලය යොදා ගෙන මැඩ පැවත්වීමට දියත් කල අභ්‍යන්තර ආරක්ෂක පියවරක්" බව වාර්තාව තවදුරටත් සටහන් කලේ ය.

වාර්තාවට අදාල පින්තූරවලින් දැක්වුනේ විශ්ව විද්‍යාල සිසුන් මෙන් සැරසුනු හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් අධ්‍යාපන කප්පාදුවට එරෙහි සටන් පාඨ දැක්වෙන පුවරු ඔසවා ගෙන සිටින ආකාරය යි. "නිදහස් අධ්‍යාපනය අපට ඕන" යන ඉල්ලීම එක් සටන් පුවරුවක දැක්වුන වැකිය විය. අනතුරුව ප‍්‍රහාරක රයිෆල් රැගත් හමුදා භටයින් සහ බැටන් පොලු හා විනිවිද පෙනෙන පලිහවලින් සන්නද්ධ කැරැලි මර්දන පොලිසිය පැමින "විරෝධතාකරුවන්" විසුරුවා හරිමින් අත්අඩංගුවට ගත්තේ ය.

හමුදාව මිලිටරි අභ්‍යාසයේ ඡායාරූප මාධ්‍යය වෙත මුදා හැරියේ, පැහැදිලිව ම සමස්ථ රටේම කම්කරුවන් හා තරුන ජනයාට බලගතු අනතුරු ඇඟවීමක් යැවීමේ අරමුනිනි, එනම්, මොනයම්ම ආන්ඩු විරෝධී විරෝධතාවක් හෝ කැරලිගැසීමක් ප‍්‍රචන්ඩ මිලිටරි කඩාපැනීම්වලට මුහුන දෙනු ඇත යන්න යි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව විසින් ජීවන තත්වයන් වෙත එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙරට එන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඕනෑම ප‍්‍රයත්නයක් තලා දැමීමට සන්නද්ධ හමුදා හා ආරක්ෂක අංශ තිරය පිටුපස කෙරෙන සූදානම් කිරීම් පිලිබඳව මිලිටරි අභ්‍යාසයෙන් ඇඟවුම් කෙරෙයි.

දැනටමත් ප‍්‍රචන්ඩ ගැටුම් පුපුරා ගොස් තිබේ. 2011 වර්ෂයේදී විරෝධතාවකට එක්වූ කටුනායක වෙලඳ කලාපයේ කම්කරුවන් දසදහස් ගනනක් වෙත එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් එක් අයෙකු මරු මුවට පත් විය. 2012 වසරේදී, තෙල් මිල ඉහල දැමීමට එරෙහිව විරෝධතාවකට එක්වූ හලාවත ධීවරයෙක් පොලිස් වෙඩි පහරින් මරනය පත් විය.

පසුගිය අගෝස්තු මාසයේදී සිය ගම් ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර දූෂනයට ලක් කල විශාල කොම්පැනියකට එරෙහිව වැලිවේරිය ජනයා දැක්වූ විරෝධතාව මර්දනය කිරීමට සන්නද්ධ බලඇනියක් දිගේලි කල ආන්ඩුව තරුනයින් තිදෙනෙකු ඝාතනය කොට තිස් ගනනකට වැඩි පිරිසකට තුවාල සිදු කලහ.

හමුදා අභ්‍යාසය ශිෂ්‍යයන් කෙරෙහි යොමු කිරීම විශේෂයෙන්ම භයානක ය. මෑත වසරවලදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රාජ්‍ය අධ්‍යාපනයට එල්ල කරන ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව විරෝධතා දක්වා තිබෙන අතර ඒවා ම්ලේච්ඡ ලෙස මැඩ පැවැත්වීමට නිරන්තරවම පොලිසිය යොදවා ගැනින.

අනෙක් අතට මෙම අභ්‍යාසයේ ඇති සුවිශේෂි ලක්ෂනය වන්නේ, මෙය මිලිටරි පාලිත උතුරේ පැවත්වීමත්, පසුගිය මාසවලදී එම ප‍්‍රදේශවල කම්කරුවන් දුම්රිය, විදුලිබල මන්ඩලය හා සෞඛ්‍ය සේවකයන්ගේ දීප ව්‍යාප්ත අරගලවලදී සහභාගී වී තිබීමත් ය.

වෙනත් ක්ෂේත‍්‍රවලද විරෝධතාවන් පැන නැගෙමින් තිබේ. ආරක්ෂක හමුදාවට අයත් පිරිසක් විසින් පැහර ගත්තේ යැයි සැක කෙරුනු සමරධීර සුනිල් නිදහස් කරන ලෙස ඉල්ලා, වනාතමුල්ලේ දහස් ගනන් ජනයා පසුගිය සතියේදී උද්ඝෝෂනයක නිරත විය. පවුල් 5000කට ඉවත් වෙන ලෙස කෙරෙනු නියෝගයට එරෙහිව මීට පෙර වනාතමුල්ලේ ජනයා ආන්ඩුව සමඟ ගැටුනි.

මහජනතාව බිය ගැන්වීමට සමරධීර පැහර ගැනුනු නමුත් එය ආපසු කැරකුනේ ය. දේශපාලනිකව ගිනියම්වූ තත්වයක් තුල, පැහැර ගත්තෝ විසින් සිය ගොදුර කිලෝමීටර් කීපයකට නුදුරින් අතහැර දමාගොස් තිබින. කුපිත වූ ප‍්‍රදේශවාසීන් සන්සුන් කිරීමට වෑයම් කල පාලක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ජනාධිපති රාජපක්ෂගේ සමීප හවුල්කරුවෙක් වන දුමින්ද සිල්වා පලාතේ ජනයා විසින් පලවා හැරින.

ශ‍්‍රී ලංකාවේ පාලක ප‍්‍රභූව කම්කරු පන්තිය තුලින් පුපුරා ඒමට නියමිත වඩාත් පුලුල් පරිමාන අරගල සඳහා සූදානම් වෙමින් සිටී. පසුගිය මාසයේදී පොලිසිය සිය මර්දන බලය තෙගුනයකට නංවා ගනිමින් ජල විදින හා කදුලු ගෑස් ප‍්‍රහාරක අවි සවිකල ට‍්‍රක් රථ 10ක් මිලදී ගත්තේ ය. ප‍්‍රධාන නගරවල හා විශ්වවිද්‍යාල කීපයක විරෝධතාකරුවන්ගේ දර්ශන හසුකර ගත හැකි පරිදි සීසීටීවී කැමරා ස්ථානගත කර තිබේ.

සුලුතර දෙමල ජනවර්ගයට එරෙහිව යොදා ගන්නා එකී ම්ලේච්ඡ පිලිවෙත්ම සමස්ත රටේම කම්කරුවන් හා තරුනයින්ට එරෙහිව යොදාගනු ඇති බවට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය පැවත්වෙන කාලයේදී සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවුයේ ය. වත්මන් සිදුවීම් මෙම පෙරදැකීම සනාත කර තිබේ.

පිලිවෙලින් බලයට පත් ශ‍්‍රී ලංකාවේ හැම ආන්ඩුවක් විසින් ම යුද්ධය පැවති පසුගිය 26 අවුරුද්ද තුල මිලිටරිය ශක්තිමත් කලේ ය. යුද්ධය ආරම්භ කල වසරේ 15,000ක්ව පැවැති හමුදා භට සංඛ්‍යාව 2005 වසර වන විට 200,000ක මට්ටමට නැග තිබින. එල්ටීටීඊය මිලිටරි වසයෙන් පරාජය කර තිබියදීත්, මෙම භට සංඛ්‍යාව 367,000ට ඉහල නැංවුන අතර මිලිටරි වියදම් ද ඉහල ගොස් තිබේ. ඇතම් ඇස්තමේන්තුවලට අනුව, යටත් කර ගනු ලැබූ උතුරු පලාතේ හා අනෙකුත් ප‍්‍රදේශවල 100,000කට අධික හමුදාභට පිරිස් දිගේලි කර ඇත.

දැන් හමුදාව පුලුල් වසයෙන් ආර්ථික ක‍්‍රියාකාරකම්වල නිරතව සිටී. උතුරේදී එය මුලින් දෙමල සිවිල් වැසියන්ට අයත්ව තිබූ ඉඩම්වල වගා කටයුතු සිදු කරයි. එමෙන්ම එය, ප‍්‍රදේශයේ ඇතම් සංචාරක හෝටල් පවත්වා ගෙන යයි. දකුනේදී, යටිතල පහසුකම් දියුනු කිරීමේ ව්‍යාපෘති සඳහා ආන්ඩුව වෙන් කර ඇති අරමුදල් ලබා ගනිමින් මිලිටරිය ඉදිකිරීම් කර්මාන්තයේ නිරත වෙයි.

ශ‍්‍රී ලංකාව දකුනු ආසියාවේ වඩාත්ම මිලිටරීකෘත රාජ්‍යය බව පසුගිය වසරේදී ජර්මානු පර්යේෂන ආතනයක් වන බොන් ඉන්ටර්නැෂනල් සෙන්ටි‍්‍ර ෆෝ කොන්වෂන් විසින් ප‍්‍රසිද්ධ කල ගෝලීය මිලිටරිකරන දර්ශකයකදී නිගමනය කලේ ය. ගෝලීය වසයෙන් 36 වන ස්ථානය අත්කරගත් ලංකාව, 47 වන ස්ථානයේ පසුවූ පාකිස්ථානය, 58 ස්ථානයේ පසුවූ ඇෆ්ගනිස්ථානය හා 74 ස්ථානය ලැබූ ඉන්දියාවට ඉදිරියෙන් සිටියේ ය.

කොලඹ සමස්ථ දේශපාලන සංස්ථාපිතය රටේ මිලිටරිකරනයට හවුල් වී සිටී. ප‍්‍රධාන විපක්ෂය වන දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) එය බලයේ සිටියදී මිලිටරිය ගොඩ නැංවීමේත් එල්ටීටීඊයට එරෙහි යුද්ධය දියත් කිරීමේදීත් පෙරමුන ගත්තේ ය. දැන් එම පක්ෂය ආන්ඩුව ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය කිරීම් පිලිබඳ ව්‍යාජ කනිපින්දන් ගැසීම් සිදු කරයි. මේ අතර එජාපය සමග පෙරමුනකට එලැඹ සිටින ව්‍යාජ වාම කල්ලි දෙකක් වන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ලිබරල් නායකයෙක් ලෙස පින්තාරු කරමින් සිටී.

ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් හා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීමෙහිලා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා අනවරතව සටන් වැද ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය ම පමනි. බස්නාහිර පලාත් සභා මැතිවරනයේදී කොලඹ දිස්ත‍්‍රික්කය සඳහා අපගේ උද්ඝෝෂනයට සහය දෙන ලෙස කම්කරුවන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: