එක්සත් ජනපදයේ ආර්ථික නිමැවුම පලමු කාර්තුවේදී සියයට 2.9න් කඩා වැටෙයි

US economic output tumbled by 2.9 percent in the first quarter

ඇන්ඩ්‍රෙ ඩැමොන් විසින් , 2014 ජූනි 26

වාර්ෂික අනුපාතයකින් එජ ආර්ථිකය මේ වසරේ පලමු මාස තුන ඇතුලත සියයට 2.9න් පහත වැටී ඇත. වෙලඳ දෙපාර්තමේන්තුව 25දා නිකුත්කල දත්තයන්ට අනුව 2009 පටන් නිමැවුම කාර්තුවක් තුල තියුනුම ලෙස පහත වැටුනු අවස්ථාව මෙයයි. දල දේශීය නිෂ්පාදිතයට අනුව අපේ‍්‍රල් මැද සිදුකල දෙවන සංශෝධිත මැනුම වන මෙය වාර්තාගත විශාලතම සංශෝධනය විය.

තියුනු හැකිලීම පෙන්නුම් කරන්නේ, 2008 බිඳවැටීමේ තැන් පටන් එක්සත් ජනපද ආර්ථිකය පසුබෑමක හිරවී ඇත යන කාරනයයි. නැගී යන කොටස් වෙලඳපොල, වාර්තාගත ව්‍යාපාර ලාභ හා විධායකයින්ගේ වැටුප් පිටුපසින් ජනගහනයේ පුලුල් කොටස්වල දෛනික ජීවිතය, විරැකියාව, ආර්ථික අනාරක්ෂිත භාවය හා පහත යන වැටුප් මගින් අලලාගෙන ඇත. වානිජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, පූර්ව ඇස්තමේන්තු සමග සසඳන කල පාරිභෝගික වියදම් ආර්ථික නිමැවුමට කල එකතු කිරීම, සියයට 3.1 සිට සියයට 0.71 දක්වා වැටුනු අතර එය වසර පහකට පසු වාර්තාගත අවම මට්ටම වීම මගින්, ඉහතකී තත්වය සලකුනු කරයි.

එජ කොටස් වෙලඳපොල මෙයට ශුභවාදීව ප‍්‍රතිචාර දැක්වීය. ඩව් ජොන්ස් දර්ශකය ඒකක 49න් ඉහල ගොස් සියයට 0.3ක නැගීමක් ද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ඒකක 9න් සියයට 0.5ක් ඉහල නැගුනි. නැස්ඩැක් ඒකක 29 හෙවත් සියයට 0.7කින් ඉහල නැගුනි. වසර පහකට පසුව පලවූ නරකම ආර්ථික දත්ත කෙරෙහි පලවූ මෙම නින්දිත ප‍්‍රතිචාරය, එජ ආර්ථිකය වඩ වඩාත් සමපේක්ෂනයේ හා පරපුටු බවේ ගිලී යාම පිලිබඳ ප‍්‍රකාශනයකි.

ව්‍යසනකාරී සංඛ්‍යා අහම්බ සිදුවීම් මත, විශේෂයෙන්ම දැඩි ශීත සෘතුව මත පැටවූ මාධ්‍ය අටුවාකාරයෝ ඒවා නොතකා හැරියහ. රිනාත්මක සංඛ්‍යා කෙරෙහි අයහපත් කාලගුනය බලපෑමක් ඇතිකලා විය හැකි නමුත් එම සංඛ්‍යා මූලිකවම සමස්ත ආර්ථිකයේ පිරිහෙන තත්වයේ ප‍්‍රකාශනයක් විය. 2007 වසරේ පටන්ම එජ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන අනුපාතය පැවතුනේ සියයට එකක මට්ටමේය. මෙය පශ්චාත් දෙවන ලෝක යුද්ධ කාලයේ පැවති මට්ටමෙන් තුනෙන් එකකි. පාරිභෝගික වියදම් මන්දගාමී වීම කෙරෙහි බෙහෙවින්ම බලපෑවේ සෞඛ්‍ය සේවා පිරිවැය පහත හෙලීමයි. පූර්ව ඇස්තමේන්තු අනුව ආන්ඩුව කල්පනා කලේ, දැරිය හැකි පහසුකම් පනත හෙවත් ඔබාමාකෙයාර් යටතේ සෞඛ්‍ය පහසුකම් වෙත විශාල ප‍්‍රවිෂ්ටයක් ඇතිවීමෙන් විශාල සෞඛ්‍ය සේවා වියදමක් සිදුවනු ඇති බව මුත් එය සිදු නොවීය.

ආන්ඩුව සියයට 9.9ක වැඩිවීමක් පුරෝකථනය කර තිබූ නමුත් එජ පුරවැසියන් සෞඛ්‍ය පහසුකම් සඳහා 2014 මුල් කාර්තුවෙහි වියදම් කර තිබුනේ 2013 අවසන් කාර්තුවට වඩා සියයට 1.4ක් අඩුවෙනි. එම සැලැස්ම පදනම් කර තිබුනේ “සෞඛ්‍ය සහන හා දැරිය හැකි පහසුකම් පනතට අනුව රක්ෂන හුවමාරු ලියාපදිංචිවීම්” මත නමුත් අලුතෙන් සංශෝධිත සංඛ්‍යා පදනම්කර තිබුනේ වෛද්‍යවරුන්ගේ හා රෝහල්වල සැබෑ ආදායම් වාර්තා මතය.

මන්දගාමී වර්ධනයට අමතර හේතුවක් වූයේ, එජ වෙලඳ ශේෂයේ පහත වැටීමයි. අපනයන අපේක්ෂිත පරාසයට වඩා වැඩියෙන් ප‍්‍රසාරනය වූ අතර අපනයන නාටකාකාර ලෙස හැකිලී ගියේය. එය සියයට 8.9ක අනුපාතයකින් සිදුවිය. ව්‍යාපාරික තොග ගිනුම්වල පහතට නැඹුරුවීම ද හීන සංඛ්‍යාවන්ට දායක විය. පසුගිය වසර අවසානයේ නිවාඩු කාලය සඳහා වෙලඳසැල් භාන්ඩ තොග ගසාගත් නමුත් අලෙවිය අපේක්ෂාකල ප‍්‍රමානයට වඩා බොහෝ අඩු විය. මේ අනුව සිල්ලර වෙලඳුන් පලමු කාර්තුවේදී ගැනුම් කපාහැර තිබුනි.

ආර්ථික වර්ධනයේ වැටීමට බලපෑ තවත් හේතුවක් වූයේ ආයෝජන කඩා වැටීමයි. කලින් පුරෝකථනය කර තිබුනු සියයට 6.1 සමග සසඳන කල පහත වැටීම සියයට 11.7ක් විය. ව්‍යාපාරික සමාගම් දැවැන්ත මුදල් සංචිත රැස්කර ගෙන තිබීම හෝ සිය කොටස් හිමියන්ගේ ධනය පිම්බීම පිනිස තමන්ම කොටස් මිලට ගැනීමට යොමුවී තිබියදී පවා, ඔවුහු පොදුවේ නිෂ්පාදනය සඳහා ආයෝජනය නොකරති. 25දාම නිකුත්වූ වෙනත් වාර්තාවකට අනුව, මෝටර් රථ හා ශීතකරන වැනි වසර තුනකට වැඩි ආයු කාලයක් සහිත කල්පවතින භාන්ඩ සඳහා එජ ඇනවුම්, පසුගිය මාසයේදී සියයට එකකින් වැටී තිබේ. මෙය මාස හතරකට පසු පලමු පිරිහීම වන්නාක් සේම අර්ථශාස්ත‍්‍රඥයින් අපේක්ෂා කලාට වඩා සැලකිය යුතු තරම් නරක තත්වයක් විය.

මෙම සංඛ්‍යා පසුපසින් එවැනිම රිනාත්මක සංඛ්‍යා සහිතව යුරෝපය පැමිනියේය. 23දා වාර්තාවූ පරිදි ජූනි මාසයේ යුරෝ කලාපීය ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය අපේක්ෂිත 53.5ට වඩා අඩු 52.8ක මට්ටමක් සලකුනු කලේය. මෙම සංඛ්‍යාව 48ක් ලෙස සලකුනු කල යුරෝපයේ දෙවන විශාලතම ආර්ථිකය වන ප‍්‍රන්සයේ ආර්ථික හැකිලීමක් ඇඟවුම් කලේය.

එජ නව දදේනි දත්ත ප‍්‍රකාශ වුනේ, එජ ෆෙඩරල් මහ බැංකුව මාර්තු මාසයේදී කියා සිටි සියයට 3ක වර්ධන අනුපාතය මේ වර්ෂයේදී සියයට 2 දක්වා අඩුවනු ඇති බව නිවේදනය කිරීමෙන් පසුවය. මෙම තක්සේරුව මේ මාසය තුල නිකුත්කල වෙනත් ආර්ථික වාර්තා දෙකක් සමග ද සම්පාත විය. ජූනි 11දා ලෝක බැංකුව, මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.2ක් වනු ඇති බවට මුලින් කල තක්සේරුව සියයට 2.8ක් දක්වා පහත හෙලීය. එජ සඳහා එහි තක්සේරුව සියයට 2.8 සිට 2.1 දක්වා පහත හෙලීය. ජූනි 16දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මේ වසර සඳහා එජ වර්ධන අනුපාතය සියයට 2.8 සිට 2.0 දක්වා පහත දැමීය.

පුලුල් වශයෙන් සමාජ පිරිවැය කප්පාදු වැඩකරන ජනතාව මත පටවද්දී බැංකු හා වෝල් වීදියේ සමපේක්ෂකයින්ට නම් කිසිදු මුදල් හිඟ පාඩුවක් ඇත්තේ නැත. පසුගිය සතියේ කල කථාවකදී මහ බැංකු සභාපති ජෙනට් යෙලන්, බැංකුවලට නොමිලයේම වාගේ සපයන නය දිගටම ගලා යන බව සහතික වෙමින්, “සැලකිය යුතු කාලයකට” බැංකුව තම 0 ට ආසන්න පොලී අනුපාතය පවත්වාගෙන යන බව යලි කියා සිටියාය. ෆෙඩරල් මහ බැංකුව සිය 0 ට ආසන්න පොලී අනුපාතය 2008 දෙසැම්බරයේ සිටම පවත්වාගෙන එයි.

එජ ආර්ථිකයේ අබලන් තත්වය තිබියදී කොටස් වෙලඳපොලවල්, දිනක් දිනක් පාසා වාර්තාගත මට්ටම් කරා නගින තතු හමුවේ, මෙම නොමිලයේ මුදල් සැපයීම දැවැන්ත වත්කම් බුබුලක් පැන නංවයි. එන්ට එන්ටම සමපේක්ෂනාත්මක වන වෝල් වීදියේ කටයුතු පිලිබිඹු කරන වාර්තාවක් 25දා මුදල් පාලක කාර්යාලය විසින් නිකුත්කර ඇත. එයට අනුව, “අධීක්ෂනය කෙරෙන ජාතික බැංකු හා ෆෙඩරල් ඉතිරිකිරීමේ ආයතනවල නය අවදානම වැඩිවෙමින් තිබේ. වානිජ්‍ය නය වලද ප‍්‍රතිග‍්‍රහනය ලිහිල්වීම හා අවදානම ඉහල යමින් තිබේ.”

ඊනියා ආර්ථික “ප‍්‍රකෘතිය” යනු අන්කිසිවක් නොව, ජනගහනයේ ඉමහත් බහුතරය වෙතින් ධනය, සුපිරි ධනවතුන් වෙත යලි බෙදාහැරීමයි. ඔවුන්ගේ ධනය 2009 වසරේ පටන් දෙගුනයක්වී තිබේ.

Share this article: