කි‍්‍රස් මාර්ස්ඩන් කල කථාව:යුකේ‍්‍රන අර්බුදය ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක්

Chris Marsden: Ukraine crisis—A turning point in world history

කි‍්‍රස් මාර්ස්ඩන් විසිනි, 2014 මැයි 8

ජාත්‍යන්තර මැයි දින රැලියේ කි‍්‍රස් මාර්ස්ඩන් කල කථාව

සහෝදරවරුනි / මිත‍්‍රවරුනි,

ඔබ දන්නා පරිදි මෙම මැයි දින රැලිය පැවැත්වෙන්නේ කිව් පාලනයේ ෆැසිස්ට් හවුල්කරුවන් විසින් ඔඩෙස්සා නගරයේ දී දුසිම් ගනනාවක් මිනිසුන් මරාදමා යාන්තම් දින කිහිපයකට පසු ස්ලව්යාන්ස්ක්, ක්රකනමටෝර්ස්ක් සහ වෙනත් නගර වලට යුද ප‍්‍රහාරයක් එල්ල කර ඇති තතු තුලය.

මේවා භයංකර අපරාධ ය. ගිනි ලා දැවෙන වෘත්තීය සමිති ගොඩනැගිල්ලෙන් බිමට පැනගන්නා මිනිසුන්ට රයිට් සෙක්ටර් සංවිධානයේ නාසින් පහරදෙන සැටි දැක්වෙන සිත් කම්පාකරන වීඩියෝ දර්ශන ඔබ බොහෝ දෙනෙකුට දකින්නට ලැබෙන්නට ඇත. සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබන සැටි දැක්වෙන වාර්තා ඔබට කියවන්නට ලැබෙන්නට ඇත.

මේ සියල්ලටම ඔබාමා පාලනාධිකාරය ද එහි මිතුරන් ද මුලුමනින්ම වගකිව යුතු ය. රුසියාවට එරෙහිව යුදමය ආක‍්‍රමනයක් කිරීමේ සිය පිලිවෙතට ව්‍යාජ හේතුවක් හැටියට මෙම ප‍්‍රදේශයේ සිවිල් යුද්ධයක් අවුලුවා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත. “කිව් නගරයේ පවත්නා යථා පරිදි තෝරාපත් කරගනු ලැබූ ආන්ඩුවල ගෙන යන “අගනා සංයමය” යයි ඔබාමා පාලනධිකාරය ඔර්වෙලියානු වචන වලින් වගවර්නනා කර ඇත්තේ මෙම තත්වයයි.

යුකේ‍්‍රන දේශසීමාවේ නැටෝ හමුදා එක්රැස් කිරීම පිලිබඳ වාර්තා සමග මොස්කව් පාලනයට පහරදෙන බවට තර්ජන ද දිනපතා වාර්තාවේ.

නැටෝ යුද නැව් තුනක් කලු මුහුදේ රඳවා තිබේ. මීට අමතර ව, ඔබමා පාලනය නැටෝව ට සහය දෙන ඇමරිකානු ගොඩබිම් බලකා වැඩිකිරීමට ද එස්ටෝනියාව, ලැට්වියාව ලිතුවේනියාව, යන බෝල්ටික් රාජ්‍යවලට ද පෝලන්තය ට ද එක්සත් ජනපද 173 ගුවන්ගාමි පාබල සේනාංකයේ හය සියයක් පමන යැවීමට පියවර ගෙන ඇත.

එමතු නොව, සිතන මතන කෙනෙකුට වියරු යයි පෙනී ගියද, රීගන් සමයේ වගා කල “දිනිය හැකි න්‍යෂ්ටික යුද්ධයක්” පිලිබඳ උමතු සිහිනය ට වොෂිංටනය යලිත් මුලුමනින්ම පන දී තිබේ.

රුසියාවේ න්‍යෂ්ටික ප‍්‍රහාරක හැකියාව දියත් කරන්නට ද පෙර - නසා වලකාලීම එලිපිටම ම ඉලක්ක කරගත් මිසයිල ආරක්ෂක ජාලයක් රොමානියාව තුල 2015 දී ද පෝලන්තය තුල 2018 දී ද කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.

එක්සත් ජනපදය ඒ සඳහා ඩොලර් බිලියන ගනනක් වියදම් කරමින් සිටී.

ඉහත කී කරුනු ඉදිරියේ, වත්මන් යුද සුදානම, යුකේ‍්‍රනයේ රුසියානු බස කතා කරන ප‍්‍රදේශවල කිව් පාලනයට එරෙහිව පැවැත්වෙන පෙලපාලි නිසා සිදුකෙරෙන්නක් ය යන්න හෝ, රුසියාව විසින් කි‍්‍රමියව යා කර ගැනීමට එරෙහිව බටහිර බලවතුන් හදිසියේ ඇති කරගත් ප‍්‍රතිචාරයක් ය යන්න හෝ කවරෙකුට වත් බරපතලව තහවුරු කල නොහැකි බව හොඳට ම පැහැදිලිය.

සත්‍යය නම්, මයිදාන් ප‍්‍රදේශයේ විරෝධතා වනාහි වොෂිංටනය ද බර්ලිනය ද කතිපයාධිපතියන් කල්ලියක් සමග එක්ව, සැලසුම් සහගතව නටවන දේශපාලන මෙහෙයුමක් බවය. මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 5ක් වියදම් කර තිබේ.

යුකේ‍්‍රනයේ මෙම බල කොල්ලය සිදු කරන ලද්දේ මොස්කව් පාලනයෙන් ප‍්‍රති විරුද්ධ පියවරක් අවුලුවා ගැනීමට ය. එයට පසුපසින් ඇත්තේ නැටෝ සංවිධානය විසින් කල්තබාම සකස් කරගත්, රුසියාවේ දේශසීමා දක්වා සිය හමුදා බලය පතුරුවාලීමේ පිලිවෙත ය.

දැනට රුසියානු සහ චීන ධනපතියන් භුක්ති විඳින සීමිත ස්වාධීනත්වය පවා ඉවසා දැරීමට එකසත් ජනපද අධිරාජ්‍යවාදය සූදානම් නැත. ඔවුන් එවන් ස්වාධීනත්වයක් වුව දැකගන්නේ සිය අනභියෝගී ගෝලීය ආධිපත්‍යයට දැරිය නොහැකි බාධාවක් ලෙස ය.

සියලුම යුරෝපීය අධිරාජ්‍යවාදී රටවල් ඇමෙරිකාව පස්සේ පෙල ගැසී යන්නේ, රුසියාවේ හා චීනයේ පටන් සමස්ත ගෝලීය වෙලඳපල සහ සම්පත් යලි කපාකොටා බෙදාගැනීමක දී තමන්ටත් පංගුවක් නොලැබී යාය යන බියෙනි.

ඔවුන්ගේ පොදු අරමුන වන්නේ රුසියාව ආර්ථික, දේශපාලනික සහ යුදමය වශයෙන් තනිකර, කොටු කොට එහි පාලන තන්ත‍්‍රය අස්ථාවර කොට දැන් කිව් නුවර අටවා තිබෙන පාලනය බඳු පාලනයන් රුසියාව තුලද ඇටවීම ය.

මෙම කුමන්ත‍්‍රනයන්ට භයංකර ම වන්දිය ගෙවන්නට සිදුවනු ඇත්තේ යුකේ‍්‍රනයේ සහ රුසියාවේ කම්කරු පන්තියට ය.

දැන් සියල්ල පරදුවට තැබී ඇත්තේ කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන දේශපාලන ප‍්‍රතිචාරය සකසා ගැනීම මත ය.

ඒ සඳහා මෙම ජනතාවන් දෙගොල්ලගේ ම ඉතිහාසය සැකසීමට උපස්තම්භක වු ද, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිති සෝවියට් සංගමය නිර්මානය කිරීම තුලින් සිය ප‍්‍රකාශනය අත්කරගත්තා වූ ද ප‍්‍රගාඪ විප්ලවවාදී සම්ප‍්‍රදාය සමග සම්බන්ධතාවය යලි තහවුරු කර ගැනීම ය.

දැනට කිව් පාලනයට එරෙහි ව පවත්නා විපක්ෂයට ඇත්තේ ප‍්‍රදේශවාදී පදනමක බව ද කිසියම් ආකාර ස්වතන්ත‍්‍ර භාවයක් හෝ කි‍්‍රමියාවේ සිද්ධ වූ පරිදි රුසියාවට නතුවීමක් හෝ මත බව ද පෙනී යයි. එහෙත් පුටින් විසින් නියෝජනය කරනු ලබන රුසියානු කතිපයාධිපතියන් හෝ යුකේ‍්‍රනයේ ඉන්නා ඔවුන්ගේ සහකරුවන්ට බටහිර අධිරාජ්‍යවාදීන් තියා, පාලන තන්ත‍්‍රයට විරුද්ධව වත් සටන් කිරීමේ කටයුත්ත භාරදිය නොහැකිය.

අප අතිමූලිකව යුකේ‍්‍රනයේ අත්දකිමින් සිටින්නේ සෝවියට් සංගමය විනාශ කිරීමේ ප‍්‍රතිවිපාකයන් ය.

1989 - 1991 සමයේ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර සහ සෝවියට් සංගමය ම ද විසුරුවා හැරීම වනාහි ඔක්තෝබර් විප්ලවය පදනම්වී ගත්තාවූ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ පර්යාලෝකය ඓතිහාසිකව පාවාදීම කූටප‍්‍රාප්ත වීමකි. වත්මන්හි රුසියාව වටලෑමට පදනම් දමනු ලැබ ඇත්තේ ද එම පාවාදීම විසින් ම ය.

සෝවියට් ජනාධිපති මිහයිල් ගොර්බචෙව්ම ගොර්බචෙව් සිය “නව චින්තනය” යන නමින් හඳුන්වාගත් දෙය ඔබට මතක ද? “අධිරාජ්‍යවාදය වනාහී ලෙනින් ගොතාගත් ව්‍යාජ කල්පිතයක් බව ද ධනවාදය පුනස්ථාපනය කිරීම මගින් රුසියාව ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයන්ගේ ලෝක පවුලේ සම්මානනීය සාමාජිකයෙක් බවට පත්කෙරෙනු ඇති බව ද” යන ගොර්බචෙව් ගේ කතා ඔබට මතක ඇතුවා නිසැක ය.

මොනතරම් අන්ධ බල මුග්ධත්වයක් ද?

තවත් බොහෝ කාරනාවලදී මෙන්ම, මෙහි දී ද, සිද්ධීන් විසින් සනාථ කරනු ලැබ ඇත්තේ යුකේ‍්‍රනයේ ශ්‍රේෂ්ට පුත‍්‍ර ලියොන් ට්‍රොට්ස්කි ය. සෝවියට් සංගමය විසුරුවනු ලද හොත්, එරට මහා අධිරාජ්‍ය බලවතුන්ගේ අර්ධ-විජිතයක් බවට පත්වනු ඇති බවට අනතුරු ඇඟවුයේ ද ට්‍රොට්ස්කි ය.

රුසියාවේ සහ යුකේ‍්‍රනයේ කම්කරුවන් වොෂිංටනයේ, බර්ලිනයේ, ලන්ඩනයේ සහ පැරිසියේ කොල්ලකාරී වැඩ සටහන් පරාජය කිරීම සඳහා හැරීගත යුත්තේ ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙතට ය.

සෝවියට් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය, නිලධරයේ ද එය සෝවියට් සංගමය තුල දරා සිටියාවූ වරප‍්‍රසාදිත තත්වයේ ද ආසක්තයන්ට යටත් කල ස්ටැලින්ගේ ප‍්‍රතිගාමී “තනිරටේ සමාජවාදය” පිලිබඳ ජාතිකවාදී කි‍්‍රයාමාර්ගයට එරෙහිව වාම විපාර්ශවය කලාවූ අරගලය තුලින් උකහා ගත් සකල ඓතිහාසික පාඩම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය කි‍්‍රයාමාර්ගය තුල දරා සිටි. අප ඔසොවා සිටින්නේ ලාභ පිපාසිත ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමය පෙරලා දැමීමට ද සමාජවාදී ලෝකයක් නිර්මානය කිරීමට ද 1938 පිහිටුවන ලද්දාවූ හතරවන ජාත්‍යන්තරයේ අකලංක ධජය යි.

පුටින් ගේ පාලන තන්ත‍්‍රය වනාහි ධනේශ්වර පුනස්ථාපනයේ පරිහානි ගත අන්ත විපාකය යි. එය නියෝජනය කරන්නේ කම්කරු පන්තිය නිර්දය ලෙස සූරා කමින් ද, කොල්ලකමින් ද නව ප‍්‍රහාරයට ලක්කරමින් ද අති මහත් ධන සම්භාරයක් පොදිබැඳ ගත් නිහීන කතිපයාධිපති මුලක් මිස අන් කිසිවක් නොවේ.

පුටින් ට සහ රුසියානු ජාතිකවාදී න්‍යාය පත‍්‍රයකට සහය දීම වනාහි පෙර පැවති යුගොස්ලාවියව කැබලි කර දැමූ ජනවාර්ගික -භාෂාමය සිවිල් යුද්ධය වැනි යුද්ධයකට මගපෑදීමක් වනු ඇත. වොෂිංටනයේ සහ එහි සගයන්ගේ ඉලක්කය එයයි.

එවන් විනාශකාරී පිලිවෙතකට එරෙහිව අප පෙනී සිටින්නේ සමාජවාදය සඳහා අරගලය තුල දී, යුකේ‍්‍රනියානු, රුසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමයි.

අප මේ එක්සත් භාවය සඳහා ආයාචනය කරන්නේ - ෆැසිස්ට් මැරයන්, කතිපයාධිපතීන් හා අධිරාජ්‍යවාදී පරභක්ෂකයන් ද අතර සන්ධානයට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් භාවය සඳහා - මෙම ආයාචනය කර සිටින්නේ එයට බලගතු සහයක් ලැබෙයි එන විශ්වාසයෙනි.

ලොව අන් සෑම තැනක මෙන්ම යුකේ‍්‍රනයේ ද තත්වය විප්ලවවාදී ශක්‍යතාවයෙන් පිරිපුන්ව පවතී. එය මෙතෙක් දේශපාලන ජීවිතය තීන්දු කල කතිපයාධිපතින්ට එරෙහිව කම්කරු පන්තිය පිහිටුවනු ඇත.

මැරවර ධනපතියන් ද ෆැසිස්ට් තගයි න් ද අතර පාපිෂ්ට සන්ධානයක් සිය ආන්ඩුව ලෙස පත් කර තිබීම ගැන යුකේ‍්‍රනියානු බස දොඩන කම්කරුවන් අතර සත්තකින්ම බරපතල සන්තාපයක් පවතී. නැගෙනහිර ප‍්‍රදේශයේ සිය සහෝදරයන් මුර්ග මර්දනයට ලක්කරනු ලැබීම ඔවුන්ගේ කෝපයට හේතු වී තිබේ. ඒ මදිවාට එක්සත් ජනපදය ද, එහි යුරෝපීය සගයෝ ද, දැනටම යන්තම් පන ගැට ගසාගන්නා කම්කරුවන්ගේ කරමත ජීවන තත්වයන් විනාශ කරන කප්පාදු පිලිවෙත් පටවන ලෙස බල කර සිටිති.

යුකේ‍්‍රනය ලෝකයේ අසූ වන දුප්පත් රටයි. එසේ සිදුවී ඇත්තේ ධනේශ්වර පුනස්ථාපනය විසින් කරන ලද ගිනිවැද්දීම නිසා ය. මිලියන 11ක එරට ජනගහනයෙන් කාලකට වැඩි කොටසක් මසකට ඩොලර් 127ක නිල දරිද‍්‍රතා මට්ටමෙන් පහල ජීවත් වෙති.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපීය සංගමය යුකේ‍්‍රනය වහාම තක්සේරු කරනලද ඩොලර් බිලියන 80ක නය කන්දරාව ගෙවා දැමිය යුතු යයි ඉල්ලා සිටි. ඔවුන් එයට හිලවු වශයෙන් යුකේ‍්‍රනයට දෙන්නට යන ”ගැලවීමේ” ආධාර මුදල වන සොච්චම ඩොලර් බිලියන 15 කි. එය යටවනු ඇත්තේ ද ජාත්‍යන්තර නය හිමියන්ට ගෙවීමට ම ය.

මේ සඳහා ඉන්ධන සහන වැනි මහජන ආධාර වියදම් තව දුරටත් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට සිදුවනු ඇත.

යුකේ‍්‍රනයේ රූකඩ අගමැතිව සිටි, අර්සේන්ය් යට්සෙන්යුක් තම ආන්ඩුවට “කමිකසි (පන නහගන්නා) ආන්ඩුවක් ” යයි කියා ගැනීම පුදුමයක් නොවේ.

මීලඟ කාලපරිච්ඡේදය තුල, පන්ති අරගලය පුපුරා යාම නියතය. එය කම්කරු පන්තිය ඒ හෝ මේ ධනේශ්වර කොටසට යටත් කිරීමට දැරෙන සියලු ප‍්‍රයත්නයන් හරහා කපාගෙන යනු ඇත.

රුසියාවේ සහ යුකේ‍්‍රනයේ කම්කරුවන් වොෂිංටනයේ, බර්ලිනයේ, ලන්ඩනයේ සහ පැරිසියේ කොල්ලකාරී වැඩ සටහන් පරාජය කිරීම සඳහා හැරීගත යුත්තේ ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දෙසටය. එවන් දිශානතියක් යථාර්ථයක් වීමට නම් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ඉටු කරන්නාවූ අත්‍යන්ත සාරභූත භූමිකාව තීරනාත්මක වේ. අප පදනම්වී ඇත්තේ සාතිෂයව බලගතු වූ යමක් මත ය: එය නම් ලෝකයේ සෑම රටක ම කම්කරු පන්තිය තුල පවත්නා යුද විරෝධී හැඟීම මතය. සාකල්‍යයෙන්ම පාලක ප‍්‍රභූවේ අතකොලු බවට පත්ව පවත්නා දේශපාලන පක්ෂ තුලින් මොනම ප‍්‍රකාශනයක් හෝ නොලබන්නේ ද මේ යුද විරෝධී හැඟීම ම යි.

සෑම තැනකම, මුර්ග කප්පාදුවේ ද, අධිරාජ්‍යවාදී යුද්ධයේ ද නිවුන් පිලිවෙත් වලට එරෙහිව සමාජ සහ දේශපාලන අතෘප්තිය වැඩෙමින් පවතී. අප දැන් ධනවාදය සදහටම අවසන් කිරීමට කම්කරු පන්තිය විප්ලවවාදීව බලමුලුගැන්වීමේ පදනම බවට කප්පාදුවට සහ යුද්ධය යන මේ දෙකටම එරෙහි සටන පත් කර ගත යුතුය.

මෙම අරගලයේ දී යුකේ‍්‍රනයේ සහ රුසියාවේ කම්කරුවන් සිය මිතුරන් ලෙස හැරිය යුත්තේ යුරෝපයේ සහ ඇමරිකාවේ කම්කරු පන්තිය වෙතට ය.

එවන් දිශානතියක් යථාර්ථයක් වීමට නම් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ඉටු කරන්නාවූ අත්‍යන්ත සාරභූත භූමිකාව තීරනාත්මක වේ.

අප ව්‍යාපාරය පදනම්වී ඇත්තේ අතිශය බලගතු වූ යමක් මත ය: එය නම් ලෝකයේ සෑම රටක ම කම්කරු පන්තිය තුල පවත්නා යුද විරෝධී හැඟීම ය. සාකල්‍යයෙන්ම පාලක ප‍්‍රභූවේ අතකොලු බවට පත්ව පවත්නා හැම ජාතියේ ම දේශපාලන පක්ෂ තුලින් මොනයම් ම හෝ ප‍්‍රකාශනයක් නොලබන්නේ ද මේ යුද විරෝධීතත්වය ම යි.

සෑම තැනක ම, මුර්ග කප්පාදුවේ ද, අධිරාජ්‍යවාදී යුද්ධයේ ද නිවුන් පිලිවෙත්වලට එරෙහි ව සමාජ සහ දේශපාලන අතෘප්තිය වැඩෙමින් පවතී. අප දැන් කප්පාදුවට සහ යුද්ධය යන මේ දෙකටම එරෙහි සටන ධනවාදය සදහටම අවසන් කිරීමට කම්කරු පන්තිය විප්ලවවාදීව බලමුලුගැන්වීමේ පදනම බවට පත් කර ගත යුතුය.

අප සටන් වදින්නේ තමන්ව නියෝජනය කරන්නාවූ පක්ෂයක් නැති හෙයින් පමනක්ම බලරහිත යයි පෙනීයන්නවූන්ගේ සමාජමය බලය මුදාලීමට ය. නිහඬව සිටින්නන්ගේ හඬ මොලොවාලීමට ය.

අද දින, ලෝකයේ සෑම තැනකින්ම, මෙම මැයි දිනයට සහභාගිවන ඔබ නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ පෙරටු බලඇනිය ය. ඔබ වනාහී, ඉදිරි මාවත වැටීඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගොඩ නැගීම තුලින්ම ය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීම තුලින්ම ය යන්න අනේක පෞද්ගලික අත්දැකීම මගින් වටහා ගත්තවුන්ය.

එසේම ඔබ සියලුදෙනාම සමාන වූ ද සැබවින්ම ලෝක ඓතිහාසික වූ ද අත්දැකීම් වල යථාර්ථය තුලින් ගමන් කල පන්තියක නියෝජිතයෝ ද වෙත්. ඉදිරියේ එන කාලපරිච්ඡේදය තුල තවත් දහස් ගනනක්, එම නිගමනය කරා ම එලඹෙනු ඇත.

ස්තුතියි.

Share this article: