ලෝක ආර්ථිකය: තවත් කඩා වැටීමකට තත්වයන් හැඩ ගැසෙමින් තිබේ

World economy: Conditions for another crash taking shape

නික් බීම්ස් විසිනි, 2014 අප්‍රේල් 30

ගෝලීය මූල්‍ය අර්බුදය පැන නැග හරියටම වසර 6 ක් ගතවූ පසු, “නිදහස් වෙලඳපොල” හි පුදුමයන් ගැන උදම් අනන්නන් සමග සාමාන්‍යෙයන් ගැවසෙන්නන්ට පවා, ධනවාදී ආර්ථිකයේ යාන්ත්‍රනයේ යම් වැරැද්දක් මූලිකවම පවතින බව පැහැදිලි වන්නට පටන් ගෙන තිබේ.

“උදාසීන ආර්ථික ප්‍රකෘතිවීම ප්‍රතිවර්තනය වීමේ ඉඩ කඩ තහවුරු කරයි.” නමැති උද්ධෘතය සහිතව වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මෑතකදී පලකල ලිපිය මූල්‍ය පුවත්පත්වල එක්සත් ජනපද (එජ) ආර්ථිකය ගැන පලවන විස්තර ප්‍රකාශවලහැටි ස්වාභාවය විදහා දක්වයි.

“අවධමනයෙන් ප්‍රකෘති තත්වයට පත්වීම වේදනාකාරී ලෙස හා දරුනු ලෙස දීර්ඝ වී තිබේ. කල් පවතින්නක් ලෙසට එය හැඩ ගැසෙමින් පවතී.” යැයි සඳහන් කරමින් එය පටන් ගෙන තිබේ.

එජයේ අවධමනයන්ගේ ආරම්භය සහ අවසානයන් නියම කරන ජාතික ආර්ථික පර්යේෂන බියුරෝවට අනුව, 2008 සැප්තැම්බර් හි මූල්‍ය කඩාවැටීමට අනුගාමීව 2009 ජූනි හිදී ඇමෙරිකානු ආර්ථිකය තම පුලුල්වීම නැවත ආරම්භ කලේය. මෙහි තේරුම වන්නේ “ප්‍රකෘතිය”, දැනටමත් මාස 58 ක් ගතවී ඇති බැවින්, පශ්චාත් යුද කාලසීමාව තුල ප්‍රසාරනාත්මක අවධිවල සාමාන්‍ය කාලසීමාව ඉක්මවා යන්නට නියමිත බවය.

කෙසේවුවද, ලිපිය පෙන්වා දෙන අන්දමට, මෙම “ප්‍රකෘති වීම” පසුගිය සිදුවීම් වලට දක්වන්නේ සුලු සමානකමක් පමනි. “ආසන්න වශයෙන් අවුරුදු පහකට පසුව, ප්‍රකෘති වීම නූතන කාලයේ වඩාත්ම මලානික එකක් බවට ඔප්පු කරමින් සීටී. සියයට 6.7 ක ජාතික විරැකියා අනුපාතය මෑතකාලීන පුලුල්කිරීම්වල මෙම අවධියේ ඉහලතම අගයයි. දල දේශීය නිෂ්පාදනය අවධමනයේ සිට, මුල් පුලුල්කිරීම් තුනෙහි වේගයෙන් අඩක් වන, වසරකට සියයට 1.8 ක සාමාන්‍යයකින් වර්ධනය වී තිබේ.”

මූල්‍ය අර්බුදයේ පශ්චාත් බලපෑම්වල සිට “පොදු ඇනහිටීමේ” ප්‍රාරම්භය තෙක්, විය හැකි හේතු කාරනා විමසීමෙන් පසු, කතෘ හට නිගමනය කල හැක්කේ කිසියම් වූ හේතුවක් නිසා, වර්තමාන ආර්ථික තත්වය “අපේක්ෂිත අවපාතයෙන්” බොහෝ දුරස් බව පමනකි.

ආර්ථික කඩාවැටීමක් අවස්ථානුකූල උච්චාවචනයකට වඩා වැඩි යමක් බවට පැහැදිලිව තේරුම්කිරීමට ඔහුට පවතින නොහැකියාව ඔහුට පමනක් ආවේනික දෙයක් නොවේ. ධනේශ්වර ආර්ථික ශාස්ත්‍රඥ යෙකුට හෝ මූල්‍ය ප්‍රකාශකයෙකුට ඊට වඩා හොඳ යමක් දෙන්නට නොහැකිය.

සමහරු මූල්‍ය සමපේක්ෂකයන්ගේ කෑදරකම සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දක්වා මෙම තත්වය පහත හෙලති. තවෙකෙක් නියාමනයේ අඩුපාඩු වෙත ඇඟිල්ල දිගු කරන අතර, නිව් යෝක් ටයිම්ස් හි ලිබරල් ප්‍රකාශකයෙක් වන පෝල් කෘග්මන් වැනි තවත් උදවිය රජයේ සහ මූල්‍ය බලධාරීන්ගේ වැරදි ප්‍රතිපත්ති ගැන වැලපෙති.

මේ සියලුදෙනාටම පොදු දෙයක් නම්, ඔවුන් හේතුව ලෙස දකින්නේ ධනවාදී ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට බාහිර වූ සාධකයන්ය. වෙනත් ලෙසකින් පවසනවා නම්, අර්බුදය ධනවාදය තුලින්ම බිහිවූවක් නොවන බවයි. සත්තකින්ම එය යමක ගොදුරක් බවට පත්ව ඇති බවයි. එනම්; “නියමාකාර” මන්දාවදමනයක තත්වයකදී උන වැලඳුනා වැනි හෝ වඩා බරපතල ලෙස, වර්තමාන තත්වයේදී, පිලිකාවක් වර්ධනය වන ලෙසය.

මෙම ප්‍රවේශය පුද්ගල බුද්ධියේ දෝෂයක ප්‍රතිපලයක් නොවන නමුත් නිශ්චිත පන්ති පෙලගැස්මක සහ ඓතිහාසික ඉදිරි දැක්මක බලපෑමකි. “දකුනෙන්” පැමිනෙන, අර්බුදය වැරදි මූල්‍ය ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම බවත් නව පදනමක් සපයන්නට ආර්ථිකය එම වරදින් නිදහස් කරගැනීම සුදුසු බවට වන ස්ථිර ප්‍රකාශයත් හෝ “වමෙන්”, රජයේ මැදිහත් වීම යටතේ කේනිසියානු පූර්ව-වර්ධන ප්‍රතිපත්ති අත්හැර දැමීම මූලික හේතුව බවට වන ප්‍රකාශයත් කුමක් හෝ වේවා, මෙම වෙනස් ප්‍රවනතා පොදු පදනමක් බෙදා හදා ගනියි.

ධනවාදය නිෂ්පාදනයේ ඓතිහාසිකව වර්ධනය වූ ක්‍රමයක් නොවන නමුත්, එය සමාජ-ආර්ථික සංවිධානයේ සාධනීය වූ ආකාරයක් පමනක් බව ඔවුහු කියා සිටිති. ඔවුන් ඉතිහාසය සලකන්නේ පෙර ආර්ථික ක්‍රමයන්ගේ සීමා සහිතකම් සම්බන්ධ සාක්ෂි සැපයීමට පමනි. නිදහස් වෙලඳපොල තුලින් පමනක් මනුෂ්‍යත්වයේ ආවේනික ලක්ෂනවලට ප්‍රකාශනයක් ලැබෙන බැවින්, මනුෂ්‍ය වර්ගයා නිරතුරුවම උත්සාහ දරමින් සිටින ආර්ථිකමය පටිපාටිය ධනවාදය බව ඔවුහු නිගමනය කරති.

අනුෂංගිකව, අර්බුදය යනු ධනවාදයේ ඓතිහාසිකව සීමිත ගුනාංගවල (මෙම ඓතිහාසිකව සීමිත ගුනාංග, ධනවාදය සමාජ-ආර්ථික සංවිධානයේ වඩා උසස් ස්වරූපයකින් පෙරලා විස්ථාපනය කල යුතු බවට නියත සංඥාවකි) ප්‍රකාශනයක් නොවන නමුත් බාහිර “සාධක” සහ ප්‍රතිපත්ති දෝෂවල ප්‍රතිපලයකි. ඇතිවිය හැකි හොදම තත්වය යලි වතාවක් සහතික කිරීමට මේවාට ප්‍රති උත්තර බැඳිය යුතුමය.

අර්බුද සහ ආර්ථික කඩාවැටීම් ධනවාදී ක්‍රමයෙන් පිටස්තරව සිදුනොවන නමුත් එහි අත්‍යාවශ්‍ය ප්‍රතිවිරෝධතා තුලම පදනම්වී ඇති බව තේරුම්ගැනීම මත පිහිටන මාක්ස්වාදයට, මීට මූලිකවම විරුද්ධ ඉදිරි දර්ශනයක් තිබේ.

ධනවාදයේ ක්ෂමාලාපීහු සහ ආරක්ෂකයෝ මෙම මූලික ප්‍රතිවිරෝධතා පවතින බවට පිලි නොගනිති. නමුත් මාක්ස් විස්තර කරන අන්දමට; “මෙම ප්‍රතිවිරෝධතා පවතින බැවින් අර්බුද ද පවතී...... ප්‍රතිවිරෝධතා නොපවතින බවට යමෙක් ඒත්තුගැනීමට තිබෙන ආශාව, සත්‍ය ‍ලෙසම පවතින ප්‍රතිවිරෝධතා නොපැවතිය යුතුය යන සැදැහැවත් ප්‍රාර්ථනාවේ භාව ප්‍රකාශනයයි.”

ධනවාදයේ ප්‍රතිවිරෝධතා, එහි ඓතිහාසිකව-සීමිත ලක්ෂන හෙලිදරව් කරන, ප්‍රධාන ආකාර දෙකක් ලෙස සැලකිය හැකිය. ඒවා නම් නිෂ්පාදිතයේ ගෝලීය ස්වරූපය සහ ලෝකය බෙදන ජාතික රාජ්‍ය පද්ධතිය අතර; සහ සමාජගත නිෂ්පාදනයේ පදනම මත ශ්‍රම ඵලදායීතාවයේ වර්ධනය සහ ලාභ ක්‍රමය හරහා ධනය ඒකරාශීවීමේ පදනම මත නිෂ්පාදනයේ පුද්ගලික අයිතියයි.

අවසානයේදී යුද්ධ දක්වා කැඳවාගෙන යන, ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් සහ බලවත් රාජ්‍යයන් අතර ලෝක ආර්ථිකයේ ආධිපත්‍යය සඳහා අරගලයන් තුලම පලමු ප්‍රතිවිරෝධතාව විද්‍යමාන වේ; දැවැන්ත ධන සමිභාරයක නිෂ්පාදනය මධ්‍යයේ, විරැකියාව හා සමාජ කාලකන්නිකම වර්ධනය වීමෙන් සියල්ලටම ඉහලින් නිරූපිත-ආර්ථික බිඳවැටීම දෙවැන්නයි.

අඩුම තරමින් එක පුද්ගලයෙකුගේ ආයුකාලය නමැති මිනුම්දන්ඩෙන් මනින ලෙසට, සැලකියයුතු කාලසීමාවක් සඳහා, මෙම ප්‍රතිවිරෝධතා එක්කෝ යටපත් කල හැකි හෝ නැත්නම් මැඩ පැවැත්විය හැකි බව පෙනේ. වර්තමාන ලෝක ආර්ථික හා භූ-දේශපාලන තත්වය ඉතා පැහැදිලිව පෙන්නුම්කරන අන්දමට, කෙසේවුවත්, පසුගිය ශතවර්ෂයේ පලමු භාගයේදී සිදුවූ ලෙසම, අවපාතය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට හේතුවෙමින්, ඒවා දැන් නැවතත් ඉස්මත්තට පැමින තිබේ.

රුසියාව කැබලි කිරීමේ තම උත්සාහයේදී එජ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල් විසින් අවුලවනු ලැබූ යුකේ‍්‍රනයේ තත්වයට, ඔබාමා පරිපාලනයේ චීන විරෝධී ආසියාවට “හැරීම” විසින් ජනිත කල පෙරදිග ආතතීන් එකතුවීම, වර්ධනය වෙමින් පවතින යුද්ධයේ තර්ජනයට සාක්ෂි දරයි.

2008දී මූල්‍ය අර්බුදයේ පැන නැගීමත් සමග ඇරඹුනු කඩාවැටීම, නවත්වා ගැනීම වෙනුවට, උත්සන්න වෙමින් පවතින බව ආර්ථික ක්‍රියාවලි ගනනාවක් පෙන්වා දෙයි.

ලෝකයේ ප්‍රධානතම මහ බැංකුව වන එජ ෆෙඩරල් මහ බැංකුවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිය වන්නේ අධි සුගම නය ලෙස ඩොලර් ට්‍රිලියන ගනනක් බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබාදෙන අතරේ, පොලී අනුපාත බිංදුවේ හෝ ඊට ආසන්නව පවත්වා ගැනීමයි.

මෙම තත්වය දැන් කොටස් වෙලඳපොල වාර්තාගත ඉහල මට්ටමට ලඟාවීමට මග පාදා තිබේ. එවන් පිම්බීමක් යහපත් ආර්ථික පුලුල්වීමක් කරා යනු ඇතැයි, එය යටතේ, “සාමාන්‍ය” තත්වයක් ලෙස වරක් සලකනු ලැබීය. නමුත් ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත පිහිටුවීම සහ එහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” වැඩ සටහන අර්බුදයක ලක්ෂන වේ.

වැඩිමනත් වශයෙන්, අනවරත ඉහල විරැකියාවෙන්, ඓතිහාසිකව අඩු මට්ටමේ ආයෝජනවලින් සහ පහතට යොමුවූ අවධමන සර්පිලයක මතුවීමෙන් සටහන් කෙරුනු සත්‍ය ආර්ථිකයේ වැඩෙන වඩා නරක තත්වයන් මධ්‍යයේ, කොටස් වෙලඳපොල පිම්බීම සිදුවෙමින් පවතී.

පසුගිය වසර හා සැසඳීමේදී මාර්තුවේදී මිල ගනන් සියයට 0.4 කින් පහල යෑමත් සමග, උතුරු යුරෝපයේ අවදමනයට ලුහුටා යන පලමු රට ස්වීඩනය බවට ගිය සතියේ වාර්තා විය. දැනට යුරෝපා සංගමයේ රටවල් අටක් බරපතල අවදමනයක අත්දැකීම් ලබන අතර බොහෝ දෙනා ඊට ගොදුරු වනු ඇත. උද්ධමන අනුපාතය යාන්තම් සියයට 0.1 ක් වන, යුරෝපා සංගමයේ ඉතාම සෞඛ්‍ය සම්පන්න රටවල් අතර සිටින බවට සැලකෙන, නෙදර්ලත්තය, මූල්‍ය ගැටලු ගනනාවක් හිලව් කරන්නට, විශේෂයෙන්ම ඕලන්ද ගෘහස්ථ නය මට්ටම් වැයකල හැකි ආදායමින් සියයට 250 ක් පමන වන නිවාස වෙලඳපොලෙහි කොන්දේසි යටතේ තර්ජනය කරමින් සිටී.

එක්සත් ජනපදයෙහි, වෙලඳාම වැඩි වශයෙන් නයට ගත් අරමුදල් මත රැඳෙන නිසා, තවත් වෙලඳපොල බිඳවැටීමක් (2008 හිදීට වඩා වැඩි බරපතල දරුනු ප්‍රතිවිපාක සමගින්) ගැන වැඩෙන අනතුරු ඇඟවීම් පවතී.

වෙලඳපොල ගනුදෙනු කිරීමට බ්‍රෝකර් සමාගම් විසින් තම සේවාදායකයන්ට සපයන ආන්තික නය, 1999-2000 දී පැවති මට්ටම්වලට ලඟාවන තෙක්, එනම් ඊනියා “තාක්ෂන විනාශය” ට මොහොතකට පෙර සහ 2007 දී ගෝලීය මූල්‍ය අර්බුදය අද්දර දී පැවතුනු අගයන්ට ඉහල නැග ඇති බව ගිය මස මුලදී අනාවරනය විය. ආන්තික නය මත යැපීම ඉහලයාම, වෙලඳපොල කඩාවැටීම ආරම්භ වුවහොත් සර්පිලාකාර පහත වැටීමක් මුදා හරිනු ඇත. නයදෙන්නන්ට මුදල් සෙවීමට බලකෙරෙමින්, කොටස් මිල ගනන් සැලකිය යුතු ලෙස පහල ගියහොත් නයදෙන්නෝ තම නය මත “උපාන්ත” ගැන කතාකරන්නට පටන් ගනිති. ඔවුහු අත ඒවා නොමැති නම්, තවදුරටත් වෙලඳපොල ලුහුටා යාමටත් අමතර උපාන්ත පැනවීමකටත් හේතුවෙමින්, ඔවුන් මිලදීගත් කොටස් අලෙවිකිරීමට සිදුවනු ඇත.

එවන් තත්වයකට කොන්දේසි සකස්වෙමින් පවතී. ෆයිනෑන්ෂල් ටයිම්ස් හි තීරු රචක ජේම්ස් මැකින්ටොෂ් මෑතකදී සඳහන් කල ලෙස, “එස් ඇන්ඩ් පී 500 හි සැලකිය යුතු කොටස් ප්‍රමානයකට, මූල්‍ය සුරඟනක විශ්වාසය මත රැඳෙන තක්සේරු නොමැත.”

“ආන්තික නය විපත්තියක සීනු හැඬවෙයි” උද්ධෘතය සහිත ලිපියකින්, ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන බිස්නස් ස්පෙක්ටේටර් හි උතුරු ඇමෙරිකානු වාර්තාකරු ඩැනියෙල් පාමර්, “වෙලඳපොල වාර්තාගත ඉහල අගයන්හි ගනුදෙනු වන විට ප්‍රධාන අර්බුදය තවමත් පයින් යනවා වාගේ මහ බැංකු කටයුතු කිරීමක් ඉතිහාසයේ කවර කලකදීවත් සිදු නොවූ” බව මෑතකදී සඳහන් කලේය.

2008 හි මූල්‍ය අර්බුදයට පෙර, 0 – 0.25 වැනි ෆෙඩරල් අරමුදල් අනුපාත ගැන අසා නොතිබිනි යැයි ඔහු සඳහන් කලේය. “එස් සහ පී 500 හා ඩව් නව මුදුන් කරා ලඟාවද්දී සහ ආයතනික හා ආන්තික නය මට්ටම් නැවුම් මුදුන් කරා පිම්මේ යන අතරේදී එජට ඊට ලඟා වීමට වසර පහක් ගතවන බව සිතීම, විශ්වාස කල නොහැකිය.”

යුද්ධයට ඇදදැමීම, තවත් ආර්ථික කඩාවැටීමක් සඳහා කොන්දේසි පැන නැගීමත් සමග සම්බන්ධව ගත් විට (කාරනා දෙකම ජාත්‍යන්තර කම්කරු පන්තියට නොගිනිය හැකි ප්‍රතිවිපාක අත්කර දෙනු ඇත.) ධනවාදී ක්‍රමයේ ඓතිහාසික අර්බුදයත් එය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවයත් පෙන්වා දෙයි.

මැයි 4 දාට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන අන්තර්ජාල මැයිදින රැලිය මෙම ඉදිරි දර්ශනය සක්‍රීයව පෙරටගන්නට ලෝකය පුරා කම්කරුවන්ට සහ තරුනයන්ට සත්‍ය වශයෙන්ම අසමසම අවස්ථාවක් සපයයි.

Share this article: