බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ හිටපු නායකයා වූ මයිකල් බන්ඩා, අසූහතර වියේදී මිය යයි

Michael Banda, former leader of the British WRP, dies at age 84

2014 සැප්තැම්බර් 29

බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් මයිකල් බන්ඩා, අගෝස්තු 29දා ලන්ඩන්හිදී මිය ගියේය. ඒ වන විට ඔහු අසූහතරවන වියේ පසුවිය.

මයිකල් බන්ඩා

බ්‍රිතාන්‍යයේ හා ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල බන්ඩාගේ දේශපාලන ක්‍රියාකලාපය වසර 40කට ආසන්න කාලයක් පුරා විහිද යයි. කවිපය තුල අර්බුදය පැන නැඟුනු 1985 ගිම්හානය දක්වාම බන්ඩා, දශක තුනකට අධික කාලයක් තිස්සේ ජෙරී හීලි හා ක්ලිෆ් ස්ලෝටර් පසෙකින්, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන නායකයාව සිටියේය. කවිපය තුල අර්බුදයට තුඩු දුන් දේශපාලන හා න්‍යායික ප්‍රශ්න සමඟ පොරබදනවා වෙනුවට බන්ඩා, 1986 පෙබරවාරියේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට ප්‍රසිද්ධියේ පහර දීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කලේය.

හතරවන ජාත්‍යන්තරයට බන්ඩා එල්ල කල ප්‍රහාරයට, අප රක්නා උරුමය කෘතිය තුලින් ඩේවිඩ් නෝර්ත් සවිස්තරාත්මකව පිලිතුරු දුන්නේය.

ඉන් පසු වසරවලදී බන්ඩා, සියොන්වාදී ප්‍රභේදය ද ඇතුලු ජාතිකවාදය, වැලඳගත් අතර පීකේකේ හෙවත් කුර්දි කම්කරු පක්ෂයේ ආධාරකරුවෙක් බවට පත් විය.

මයිකල් බන්ඩාගේ දේශපාලන ක්‍රියාකලාපය අලලා වඩාත් පුලුල් විමසුමක් එලඹෙන දිනකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පල කරනු ඇත.

Share this article: