සමාජවාදී සමානතා පක්ෂය (ඕස්ටේ‍්‍රලියාව) දෙවන ජාතික සමුලුව

ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදය හා ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම”

Resolution 1:Australian imperialism and the Obama administration’s “pivot to Asia”

2014 මැයි 14

මෙහි පලවන්නේ 2014 අපේ‍්‍රල් 18-21 දක්වා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවැත්වූ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත කල යෝජනා දෙකෙන් පලමුවැන්නයි.

***

1. 2008 මූල්‍ය අර්බුදයෙන් ඇරඹි ලෝක ධනවාදයේ ගෝලීය බිඳවැටීමේ තැන් පටන් වසර පහකට වැඩි කාලයක් ගතවූ තැන, ඕස්ටේ‍්‍රලියාවට කෙසේ හෝ කුනාටුවෙන් ගැලවීගත හැකි බවට පැතිර පැවති මිත්‍යාව බිඳවැටී ඇත. ගෝලීය ආර්ථික පල්වීමට හා එක දිගට පැවති තවත් මූල්‍ය අර්බුදයක් පැන නැගීමේ තර්ජනයට ප‍්‍රතිචාර වශයෙන් ඕස්ටේ‍්‍රලියානු පාලක පැලැන්තිය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සූදානමට තමන් ද ඒකාබද්ධ වෙමින්, කම්කරු පන්තියට එරෙහිව සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත් කලේය.

2. මෙම ප‍්‍රහාරයේ ආරම්භක ලක්ෂ්‍යය වූයේ 2010 ජූනි 23-24 දිනවල සිදු කැරුනු පෙර නොවූ විරූ ආකාර කුමන්ත‍්‍රනයයි. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ “විශ්වාස කටයුතු” තොරතුරු සම්පාදකයින් බවට පසුව විකිලීක්ස් කේබල් පනිවිඩ මගින් අනාවරනය කරන ලද, අතලොස්සක් ලේබර් හා වෘත්තීය සමිති තැරැව්කරුවන් විසින් හිටපු අගමැති කෙවින් රඞ් බලයෙන් පහ කිරීම කෙරෙහි සමස්ත දේශපාලන සංස්ථාපිතයේම ප‍්‍රතිචාරය වූයේ, තියුනු ලෙස දකුනට පැද්දීමයි. දැන් ඕස්ටේ‍්‍රලියානු පාලන තන්ත්‍රය සිය ජනතාවට හොරා, චීනය යටත් කිරීම අරමුනු කොටගත් “ආසියාවට හැරීම” නම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රාජ්‍යතාන්ති‍්‍රක, ආර්ථික සහ මිලිටරි මැදිහත්වීමට මුලුමනින්ම ඒකාග‍්‍රවී සිටියි. මෙම එක්වීම කෙතරම් සමීප වූවක්ද යත්, යුරෝපයේ සහ මැදපෙරදිග සිට ආසියාව දක්වා ඕනෑම එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමක දී ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි මිලිටරි සහ සන්නිවේදන පහසුකම් සෘජුව ම ඒ වෙනුවෙන් යෙදවන අතර ඒවා ඇමරිකානු යුද යාන්ත‍්‍රනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස කි‍්‍රයා කරයි. පෙන්ටගනය සහ වොෂින්ටනය සමග එක්ව පා තබන ඕස්ටේ‍්‍රලියානු ඇමතිවරු, එජ පූර්ව අනුමැතියෙන් තොරව විදේශ කටුයුතු ගැන අදහස් දැක්වීමක් හෝ නොකරනු ඇත.

3. කෙසේවෙතත් ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය, ඇමරිකානු මිලිටරි සහ විදේශ ප‍්‍රතිපත්තියේ නිෂ්ක‍්‍රීය ගොදුරක් නොවේ. ඊට විපරීතව, ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදයේ මූලික කොල්ලකාරී අරමුනු සාක්ෂාත් කරගනු පිනිස ඇමරිකානු “හැරීම” සමග ඔවුහු, ආසියා පැසිෆික් කලාපය තුල එක්ව සිටිති. තව ද පසුගිය දශක තුන පුරා සිදුවූ ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකයේ මූල්‍යකරනය, වෝල් වීදිය සමග අවියෝජනීයව බැඳී තිබෙන අතර එය අසියාවේ සහ ලෝකයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික සහ මූලෝපායික ආධිපත්‍ය දිගටම පැවතීම මත රඳා පවතී. මෙහි ප‍්‍රතිඵල වශයෙන්, මානව වර්ගයා තුන් වන ලෝක යුද්ධයක් වෙත ඇද දමන භූ-දේශපාලන එදිරිවාදිකම්වල සුලිය තුලට රට කෙලින්ම ඇදීයාම නොවැලැක්විය හැකිය.

4. එක්සත් ජනපද විසින්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන දරුනුම අර්බූදය තුලට සාහසික ලෙස යුරෝපය ඇද දැමූ යුකේ‍්‍රනය තුල මෙම අන්තරායන් පැහැදිලිව දැකිය හැක. එක්සත් ජනපදය හා ජර්මනිය එක්ව පෙබරවාරියේදී, යුකේ‍්‍රනයේ ෆැසිස්ට්වාදීන් ලවා කුමන්ත‍්‍රනයක් දියත් කිරීම මගින් රුසියාව සමග ගැටුමක් අවුලුවා ගත්තේය. වොෂින්ටනය කුහක ලෙස “රුසියානු ව්‍යාප්තවාදය” හෙලාදැකීම සඳහා, සම්බාධක පැනවීමට සහ නැගෙනහිර යුරෝපයේ වේගවත් ඇමරිකානු මිලිටරි බලමුලුගැන්වීම යුක්ති සහගත කිරීම එල්ල කරගන, රුසියාව ස්වෙස්ටොපෝල් වරායේ සිය මූලෝපායික නාවික කඳවුර ආරක්ෂා කිරීමට අපේක්ෂා කල හැකි පරිදිම කි‍්‍රමියාව ඈඳා ගැනීම පිලිබඳ කාරනය ගසාකෑවේ ය. මෙම වැඩ පිලිවෙල, පැරනි සෝවියට් සමූහාන්ඩුවල පමනක් නොව, රුසියානු සමූහාන්ඩුව තුලම ඇති දැවැන්ත භූමි භාගය, ඇමරිකානු යටත් විජිත පෙලක් බවට පිරිහෙලීමේ එල්ලය ඇතිව, න්‍යෂ්ටික යුද්ධයක අනතුරට මුහුන දෙමින් වුව සිදු කැරෙන ඇමරිකානු මැදිහත් වීම් වලට මග පාදයි.

5. ඇබට් ආන්ඩුව, ලේබර් විපක්ෂය, හරිතයන් සහ සමාජවාදී විකල්පය හා සමාජවාදී සන්ධානය වැනි ව්‍යාජ වාම සංවිධාන ඇතුලු ඕස්ටේ‍්‍රලියානු දේශපාලන සංස්ථාපිතය, යුකේ‍්‍රනයේ ඇමරිකානු මැදිහත් වීමට සහ කියෙව් වල ෆැසිස්ට්වාදීන් ආධිපත්‍ය ය දරන රූකඩ පාලනයට ඔවුන්ගේ පූර්න සහයෝගය පල කරයි. ඔවුන් රුසියාව හෙලාදැකීමේ කඳවුරට එක්වී සිටින්නේ, කැන්බරාව දැනට වොෂින්ටනය සමග පවත්වන සන්ධානය නිසාම පමනක් නොව, යුකේ‍්‍රනයේ ඇමරිකානු මැදිහත් වීම ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” සමග සමීපව බැඳී තිබීම ද නිසාය. 1991 සෝවියට් සංගමය විසුරුවාහැරි තැන් පටන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපායන් කේන්ද්‍ර ගත වූයේ, රුසියානු සමූහාන්ඩුව සහ චීනය යන දෙරට ම - රුසියානු සහ චීන විප්ලව නිසා දශක ගනනාවක් සිය සෘජු ආධිපත්‍යයෙන් බැහැරව තිබූ ලෝක ගෝලයේ ප‍්‍රදේශ - ඇමරිකානු පාලනය යටතට ගෙන එමින් යුරේසියාවේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම වෙතය.

6. අධිරාජ්‍යවාදී මූලෝපායිකයකු වන සර් හැල්ෆඞ් මකින්ඩර් වැනි අය ඇතුලු භූ දේශපාලනික චින්තකයෝ, 19 වන සිය වස අග සහ 20 වන සිය වස මුල් කාලයේදී යුරේසියානු භූමි භාගයේ වැදගත්කම අවධාරනය කලෝය. 1997 දී පල කල සිය The Grand Chessboard (මහා චෙස් පෙත) නම් කෘතිය තුල හිටපු එජ ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ‍්‍රසෙන්ස්කි මෙයට අදාල අවශ්‍යම වන තර්ක විතර්ක ඉදිරිපත් කලේය. “ඇමරිකාවට ප‍්‍රධාන භූ-දේශපාලන තිලිනය වනුයේ යුරේසියාවයි...යුරේසියාව ලොව විශාලතම මහාද්වීපය වන අතර භූ දේශපාලන විවර්තනියද වෙයි. යුරේසියාව මත ආධිපත්‍ය දරන බලවතා ලොව ඉතාම දියුනු සහ ආර්ථිකව ඉතාම පලදායී කලාප තුන පාලනය කරයි...... මෙලෙස ගෝලීය ආධිපත්‍යය සඳහා දිගටම ගෙන යනු ලබන අරගලයේ දාම් පෙත වනුයේ යුරේසියාව ය.

7. කලෙක තමන්ට පැවති අධිකාරවත් ආර්ථික තත්වයේ දිග්ගැස්සුන පරිහානිය තුලින් පොලඹවනු ලැබ එක්සත් ජනපදය, සිය ප‍්‍රතිමල්ලවයන් මත අධිකාරය පිහිටුවීම සඳහා සිය මිලිටරි ශක්තිය යොදා ගනියි. ප‍්‍රතිපලය වූයේ පසුගිය දශකය තිස්සේ: 1990-91 ඉරාකය ට එරෙහි පලමු ගල්ෆ් යුද්ධය, 1999 සර්බියාව ට එරෙහි බෝල්කන් යුද්ධය, 2001 ඇෆ්ගනිස්තානය ආක‍්‍රමනය කිරීම, 2003 දී ඉරාකයේ වාඩිලා ගැනීම සහ 2011 ලිබියාවේ යුද්ධය ඇතුලූව එජ මිලිටරිවාදයේ පෙර නොවූ විරූ පුපුරායාමකි. යුරේසියාවේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමෙහි ලා වොෂින්ටනයේ වෑයම, මේ අභිලාශයන්ට ප‍්‍රධාන බාධාවන් වන රුසියාව හා චීනය සමග නොවැලැක්විය හැකි පරිදි ගැටුමකට තුඩු දෙනු ඇත. “ආසියාවට හැරීම” යනු “ඇමරිකානු යුරේසියාවට හැරීම” යයි පැවසිය හැකි කාරනයේ නැගෙනහිර පෙරමුන ය. එහි බටහිර පෙරමුන තිබෙනුයේ නැගෙනහිර යුරෝපයේ, යුකේ‍්‍රනයේ සහ අනෙකුත් පැරනි සෝවියට් සමූහාන්ඩු තුලය.

8. යුරේසියාව පුරා වොෂින්ටනයේ කුපිතකිරීම් පිටුපස, ආක‍්‍රමනශීලී මිලිටරි මැදිහත්වීමක නිරන්තර අනතුර පවතී. සිරියාවට සහ ඉරානයට එරෙහි සිය සාපරාධී මැදිහත් වීම් වලදී එක්සත් ජනපදය ජනාධිපති ඔබාමා නැවත නැවතත් කියා සිටියේ “සියලුම විකල්පයන් සූදානම්” බවය. ඇමරිකානු උවමනාවන්ට බාධා කරන අන් ඕනෑම රටක් පිලිබඳව ද මෙය සත්‍යයක් වේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ඊට ආසන්න කාලයේදී, එනම්, 1992 තරම් ඈතදී ඉදිරිපත් කල පෙන්ටගනයේ ආරක්ෂන සැලසුම් මාර්ගෝපදේශකයේ, නව භූ-දේශ්පාලන තත්වයන් තුල එජ විදේශ පිලිවෙතෙහි ප‍්‍රධාන ඉලක්කය පැන නැගිය හැකි ඕනෑම ප‍්‍රතිවාදියෙකු ගෙන් එල්ල වන අභියෝග වලකාලීම බව සඳහන් විය. මෙම අරමුන ජයගැනීම සඳහා එජ, පූර්ව භංග යුද්ධය යොදාගන්නා බව 2002 දී එජ ජාතික ආරක්ෂක මූලෝපාය තුල ප‍්‍රකාශයට පත්විය. නැගෙනහිර යුරෝපයේ මිලිටරි බලය තර කිරීම, 2020 වන විට ඇමරිකානු නාවික හා ගුවන් බලයෙන් සියයට 60ක් ආසියාවේ ස්ථාපිත කරන පෙන්ටගනයේ ආසියාව පුරා “ප‍්‍රති තුලනය” සමග සමාන්තරව ගමන් කරයි.

9. චීනය වැටලීමටත් එහි අනුහසට වල කැපීමටත් ඔබාමා පාලනාධිකාරය ගෙන යන වැඩ පිලිවෙල මගින් ආසියාව ආතතීන්ගේ ගොජ දමන කල්දේරමක් බවට පත්ව ඇත. මෙම මදාවිකාර මූලෝපාය, පැරනි ගිනිසිලු යලි අවුලුවමින් ද නව ගිනිසිලු දල්වමින් ද වියරු ආයුධ තරගයක් කුපිත කරමින් ඉන්දු පැසිෆික් කලාපය පුරා ජාතිකවාදය සහ මිලිටරිවාදය අවුලුවයි. යුකේ‍්‍රනයේ කැලඹීම් ලෝක යුද්ධයේ තර්ජනය මතුකරනවා සේම, කොරියානු අර්ධද්වීපයේ ආතතින් දකුනු චීන සහ නැගෙනහිර චීන මුහුදුවල දිවයින් පිලිබඳ මතබේද ද එවැනිම තත්වයකට මගපාදයි.

10. පලමුවන ලෝක යුද්ධය ඇවිලී 100 වන වසර ලඟා වෙද්දී, 20 වන සිය වස මුල් භාගයේදී ලෝක යුද්ධ දෙකකට, ෆැසිස්ට් වාදයට සහ ආර්ථික අවපාතයකට මග පෑදූ ලෝක ධනපති පද්ධතියේ ආවේනික ප‍්‍රතිවිරෝධතා යලි වතාවක් පුපුරා එමින් තිබේ. 1914දී යුද්ධය පැනනැගීමේ ආසන්න හේතුව සරයේවෝහිදී ඔස්ටි‍්‍රයානු මහාදිපාදවරයා ඝාතනය කිරීම වුවද අවසාන විශ්ලේෂනයේදී පලමු ලෝක යුද්ධය එහි සියලූ බිහිසුනු ප‍්‍රතිපලයන්ද සහිතව වෛෂයික නීති අනුයන සන්තතියක ප‍්‍රතිපලයකි. ලියොන් ට්‍රොට්ස්කි එය පැහැදිලි කලේ: “1914 යුද්ධය එහිම ප‍්‍රතිවිරෝධයන් විසින් විනාශ කරනු ලැබූ ආර්ථික පද්ධතියක අති දැවැන්ත කඩා වැටීම” ලෙසය.

11. සිය වසක් ගතවෙද්දී, නිශ්පාදනයේ සාමාජීය ස්වභාවය සහ නිශ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය ද ලෝක ආර්ථිකය සහ එකිනෙකාට එරෙහි යල්පිනූ ජාතික රාජ්‍යයන් අතර ඇති ධනවාදයේ මූලික ප‍්‍රතිවිරෝධතා නව මුදුනකට උත්සන්න කෙරී ඇත. ජාත්‍යන්තර ආර්ථික ඒකාග‍්‍රකරනය, ඝට්ටන වලින් ඉවත්වී ලෝක යුද්ධයක තර්ජනය සමනය කරගැනීමකට මහ බලවතුන් දිරිමත් කරවනු ඇතැයි යන ප‍්‍රකාශය හරයෙන්ම සාවද්‍ය ය. පසුගිය දශක තුන තුල සිදුවූ නිශ්පාදනයේ ගෝලීයකරනය, විරුද්ධවාදී අධිරාජ්‍ය බලයන් අතර ලෝක වෙලඳපොලේ ආධිපත්‍ය සහ බල ශක්ති මූලාශ‍්‍ර, අමුද‍්‍රව්‍ය සහ ලාබ ශ‍්‍රමය සඳහා ද විජිතකරනයේ නව ක්ෂේත‍්‍ර යලි පිහිටුවීම සඳහා ද වන අරගලය දැවැන්ත ලෙස තීව‍්‍ර කර තිබේ. යල් පිනූ බංකොලොත් ධනපති පද්ධතිය පෙරලා දමා තාර්කිකව සැලසුම් කරන ලද ලෝක සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් නොවුනොත් හෝ එසේ මැදිහත් වනතුරු තවත් යුද්ධයක්, මෙවර න්‍යෂ්ටික විනාශයක පලවිපාක සහිත යුද්ධයක් හුදෙක් විය හැකි දෙයක් පමනක් නොව නොවැලැක් විය හැකි දෙයක් ද වනු ඇත.

ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදයේ යලි හිස එසවීම

12. විජිතකරනය මුල්බැසගත් දා පටන්ම ඕස්ටේ‍්‍රලියානු දේශපාලන සහ මිලිටරි සංස්ථාපිතය කලාපයේ සහ ජාත්‍යන්තරව සිය ආර්ථික සහ මූලෝපායික උවමනාවන් ආරක්ෂා කර ගැනීම පිනිස යුගයේ මහ බලවතා මත, මුලින් බි‍්‍රතාන්‍ය සහ අනතුරුව එජ මත වාරු විය. 1980 ගනන් වල සිට ආසියාවේ ආර්ථික වර්ධනය ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය ඉදිරියේ මූලික ගැටලුවක් මතුකලේය: එක අතකින් කලාපය තුල තමන්ගේ වෙලඳාම සහ ආයෝජන මත රඳා පවතින ආර්ථික පැවැත්ම සහ අනෙක් අතට මූලෝපායිකව තම දිගුකලක් එජ මත රැඳී සිටීම අතර හැප්පීම වලක්වා ගන්නේ කෙසේද යන්නය. ඔබාමා පාලනය සිය “හැරීම” සඳහා සූදානම් වෙද්දී පාලක කව අතර ආතතීන් උග‍්‍රවූ අතර 2010 යේ ජුනි 23-24 දිනවල එය කුමන්ත‍්‍රනයක ස්වරූපයෙන් පුපුරා ගියේය. ඔබාමා බීජිනය සමග ගැටුමකට යාමට අදහස් කරගෙන සිටි අවස්ථාවේදීම එජ සහ චීනය අතර ඝර්ෂනය සමහන් කිරීම සඳහා ගෙන ආ සිය යෝජනා මගින් රඞ් වොෂින්ටනය කෝපගැන්වීය. යන්තම් සති කීපයකට පෙරාතුව එවක ජපාන අගමැති යුකියෝ හතොයාමා ට තනතුර අතහැර යාමට බල කෙරුනේ, ඔකිනාවේ ඇමරිකානු යුද කඳවුර පිලිබඳව සහ ජපාන-චීන සමීප සබඳතා ගැන අදහස් දැක්වීම මගින් ඔබාමා පරිපාලනය සමග ගැටුමකට යාම නිසාය. රඞ් වෙනුවට පත්වූ ජූලියා ගිලාඞ් සිය පක්ෂපාතිත්වය පිලිබඳ ප‍්‍රතිඥාවක් වහාම වොෂින්ටනයට ලබා දුන්නාය. ජනාධිපති ඔබාමාට සිය “හැරීම” නිල වශයෙන් නිවේදනය කිරීමේ වේදිකාවක් බවට 2011 නොවැම්බරයේදී ඇය ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව පත්කර දුන් අතර ඩාර්වින්හි ඇමරිකානු මැරීන් භටයන් රඳවා තැබීමේ ගිවිසුමකට අත්සන් තැබුවාය.

13. රඞ් බලයෙන් පහ කිරීම ඕස්ටේ‍්‍රලියානු දේශපාලනයේ හදිසි සන්ධිස්ථානයක් සලකුනු කලේය. තමන්ට චීනයේ සැලකිය යුතු තරමේ ව්‍යාපාර තිබෙන නිසා හෝ යුද අනතුර පිලිබඳ කනස්සල්ල නිසා හෝ “හැරීම” විවේචනයට ලක් කල අය ඉක්මනින්ම කොන්කර දැමුනි. විදේශ ඇමති ලෙස පාර්ලිමේන්තුවේ රැඳුනු රඞ් සිය නො එකඟතා පසෙක තබා වොෂින්ටනය සාපරාධී ලිබියා යුද්ධය දියත් කිරීමේදී මූලික භූමිකාවක් ඉටු කලේය. විදේශ ඇමති ධුරයට ඔහුට පසුව පත්වුන, ඩාර්වින් කඳවුරු ගිවිසුමට විවෘතව විරුද්ධ වූ බොබ් කාර් එජ මූලිකත්වයෙන් සිරියාව තුල ගෙන යන පාලන තන්ත‍්‍රය වෙනස්කිරීමේ මෙහෙයුමේ මූලික චරිතයක් බවට පත්විය.

14. පැවති සුලුතර ලේබර් ආන්ඩුවේ සභාග කොටස් කාරයන් වූ හරිතයන්ගේ පැත්තෙන් “හැරීම” ආසියව තුල ඕස්ටේ‍්‍රලියානු ආසක්තයන් හඹා යාම ගැන අවධානය යොමුකල යුතු ය යන ඔවුන්ගේ බල කිරීම සමග එක පෙලට පිහිටියේය. ඉරාක යුද්ධය ගැන ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවේදී 2003 වර්ෂයේ ජනාධිපති බුෂ්ට දිගට හරහට බාධාකල හිටපු හරිත නායක බොබ් බ‍්‍රවුන් ඔබාමා සහ ඔහුගේ ආසියානු “ප‍්‍රති තුලනය” උනුසුම් ලෙස පිලිගත්තේ ය.

15. 2013 සැප්තැම්බරයේ බලයට පත් ටෝනි ඇබට් ගේ ලිබරල්-ජාතික සභාගය මැතිවරනය අවසන් වූ වහාම “හැරීම” වෙනුවෙන් වන ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුවේ කැපවීම වේගවත් කලේය. 2013 නොවැම්බරයේ ඔස්මින් [ ඕස්ටේ‍්‍රලියා - එජ ඇමති හමුව] හමුවේදී “උතුරු ඕස්ටේ‍්‍රලියාවේ ඇමරිකානු ගුවන් හමුදා යානා වල සැරි සැරීම වැඩිකිරීමට” මෙන්ම “ඕස්ටේ‍්‍රලියාව තුල නාවික සහයෝගිතාවය තවදුරටත් සවිමත් කිරීමට සහ ඕස්ටේ‍්‍රලියාව තුල එජ කඳවුරු ගිවිසුම් සම්බන්ධයෙන් “බැඳී සිටීමේ එකඟතාවක්” ගැන සාකච්චා කිරීමට ඇබට් ගේ ඇමතිවරු පොරොන්දු වූහ. විදේශ ඇමති ජුලී බිශොප් නැගෙනහිර චීනයේ හඳුනාගැනීමේ ගුවන් ආරක්ෂන කලාපයක් ප‍්‍රකාශයට පත් කිරීම ගැන චීනය විවේචනය කල අතර කි‍්‍රමියාව ඈඳා ගැනීම ගැන රුසියාව හෙලා දැක්කාය. 2014 ජනවාරි 25 උප ජනාධිපති ජෝ බිඩන් සමග හමුවකින් අනතුරුව පැවැත්වූ මූලික සාකච්චාවකදී ඕස්ටේ‍්‍රලියාවේ ආර්ථික සහ මූලෝපායික සබඳතා මුල්කොටගත් ගැටුම පිලිබඳ සියලු අදහස් පසෙක ලමින් බිශොප්, එජ සමග වන ආන්ඩුවේ කොන්දේසි විරහිත සහයෝගිතාවය අවධාරනය කලේය. රටේ විශාලතම අපනයන වෙලඳ පොල චීනය බව පිලි ගන්නා ගමන්ම ඇය තරයේ කියා සිටියේ ආයෝජන සහ අනෙකුත් මූල්‍ය ප‍්‍රවාහයන් සැලකිල්ලට ගත් කල “අපගේ ඉතාම වැදගත් තනි ආර්ථික සහකරුවා සත්‍ය වශයෙන්ම එක්සත් ජනපදයයි” යනුවෙනි.

16. බිෂොප්ගේ ප‍්‍රකාශ සලකුනු කරන්නේ, 1980 සිට ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය කෙතරම් නම් දුරකට මූල්‍ය කරනය වී ඇත්ද සහ ඕස්ටේ‍්‍රලියානු විදේශ පිලිවෙත මත එය ඇති කරන බලපෑම ය. විශේෂයෙන් යපස් සහ ගල් අඟුරු විශාල පරිමානයෙන් ආනයනය කරන චීනය ඕස්ටේ‍්‍රලියාවේ විශාලතම වෙලඳ සහකරුවා බවට පත්ව ඇති නමුත් එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව තුල විශාලතම ආයෝජකයා වන අතරම ඕස්ටේ‍්‍රලියානු ආයෝජනයන්ගේ විශාලතම ගමනාන්තය ද වේ. චීනයේ ඩොලර් බිලියන 21ක ආයෝජනයන්ට සංසන්දනාත්මකව ඕස්ටේ‍්‍රලියාව තුල එජ සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 570 ඉක්මවන අතර චීනය තුල ඩොලර් බිලියන 18ක ඕස්ටේ‍්‍රලියානු ආයෝජන සමග බැලීමේදී එක්සත් ජනපදය තුල ආයෝජන ඩොලර් බිලියන 430 ඉක්මවයි. චීනය සමග වන ගැටුමක් සම්බන්ධයෙන් සංගත ප‍්‍රභූවේ කොටස් අතර කනස්සල්ලක් ඇති නමුත් ඕස්ටේ‍්‍රලියානු මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් කතා කරන බිශොප්, එජ “හැරීම” පිටුපස ගාල් වෙනවා හැර කැන්බරාවට වෙන විකල්පයක් නැති බව පැහැදිලි කලේය.

17. ගිලාර්ඞ්, රඞ් සහ ඇබට් ආන්ඩු, චීනය හා එක්සත් ජනපදය අතර ගැටුමකදී සමස්ත ඕස්ටේ‍්‍රලියානු ජනතාවම එහි පෙරමුනේ පෙලගස්වා ඇත. වොෂින්ටනය ආසියාව පුරා සිය මිලිටරි සම්බන්ධ කම්, හවුල් සහ අනුචරයින් පිලිබඳව පම්පෝරි ගසන නමුත් ඔවුන්ට කිසියම් ආකාරයක හෝ අකුටිල දේශපාලන සහ මිලිටරි සහයෝගයක් ගැන නිශ්චිතව රඳා පැවතිය හැක්කේ කැන්බරාව මත පමනකි. ඕස්ටේ‍්‍රලියානු මහාද්වීපය මිලිටරි මෙහෙයුම් වල දැවැන්ත කඳවුරක් බවට පෙරලීමට පෙන්ටගනයේ සැලසුම් කරුවෝ අවශ්‍ය කටයුතු කරති. මිලිටරියට සමීප සම්බන්ධතා තිබෙන බුද්ධි මන්ඩලයක් වන එජ අයවැය සහ මූලෝපායික තක්සේරුකාර මධ්‍යස්ථානය සකස් කල වාර්තාවකින් මෑතදී ප‍්‍රකාශ කෙරුනේ: “ඕස්ටේ‍්‍රලියාව “වේදිකාවේ පිටුපස” සිට “වේදිකාව හරි මැදට පැමින තිබේ” එහි අදහස වනුයේ “එක්සත් ජනපද - ඕස්ටේ‍්‍රලියා සම්බන්ධතා 21 වන සියවසේ සුවිශේෂිත සම්බන්ධතා බව ඔප්පු වී ඇති බවය.”

18. මෙම යුද සූදානම් නිශ්ශබ්දතාවයේ කුමන්ත‍්‍රනයකින් ආවරනයවී තිබුනත් හිටපු මිලිටරි ප‍්‍රධානියා වන ජෙනරාල් පීටර් කොස්ග්‍රෝව් අග‍්‍රාන්ඩුකාරයා ලෙස පත් කිරීමෙන් මූර්තිමත් වන පරිදි සමාජයේ සෑම අස්සක් මුල්ලකම මිලිටරීකරනය වේගයෙන් පෙරට ගමන් කරයි. ජාතික ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ සිට ඇබෝරිජින් ජනතාව තුල මැදිහත් වීම්, ප‍්‍රතිගාමී නාවුක “දේශසීමා ආරක්ෂන වැඩසටහන්” දක්වා සිවිල් කටයුතුවලට හමුදාව වැඩි වැඩියෙන් යොදා ගනිමින් තිබේ. අත්‍යවශ්‍ය සමාජ සේවාවන්ට හෝ සමාජයේ ඉතාමත්ම අසරන ජන කොටස්වලට හෝ උදව් කිරීමට මුදල් නැතයි ආන්ඩු කියා සිටින නමුත් යුද්ධය සඳහා ජනතාව විශේෂයෙන්ම තරුන ජනයා පෙලඹවීමට වියදම් කිරීමේදී කිසිදු ලෝබ කමක් නැත. මිලිටරිවාදය සහ ජාතිකවාදය එන්නත් කිරීම උදෙසා සහ පුලුල්ව පැතුරුන යුද විරෝධී මනෝභාවයන් මැඩලීම පිනිස පලමු ලෝක යුද්ධය සැමරීමේ සිවු වසරක “ජනතා සමරු උත්සවය” වෙනුවෙන් ඩොලර් බිලියන අඩකටත් වැඩියෙන් නාස්තිකරමින් සිටියි. යුරෝපයේ යුද අගල්වල මරා දැමුනු මිලියන ගනනක් වෙනුවෙන් මේ ප‍්‍රතිගාමී “සමරු උත්සව” පැවැත්වීම තුන්වන ලෝක යුද්ධය සඳහා මනෝභාවය සූදානම් කිරීමේ කොටසකි.

19. ලෝකය පුරාම මිලිටරිවාදය යලි පෙරමුනට ගනිමින් තිබේ... ජර්මනිය සහ ජපානය 1930 හා 1940 ගනන් වල නාසින්ගේ සහ ජපාන අධිරාජ්‍ය හමුදාවේ බිහිසුනු අපරාධ වලට සුදුහුනු ගෑමට වෙර දරමින් සිටී. තමන්ගේ කෙටි ම්ලේච්ඡ ඉතිහාසය තුල කීමට තරම් ප‍්‍රගතිශීලී කිසිවක් නැති ඕස්ටේ‍්‍රලියාවේ පාලක ප‍්‍රභූව, පලමු ලෝක යුද්ධයේ දහස් ගනනක් තරුනයින්ගේ “පරිත්‍යාග” වටා සිය ජාතිකවාදී මිත්‍යාව වටා ගොනුකරමින් සිටියි. අගමැති ටෝනි ඇබොට් ගේ වචන වලට අනුව එය, “අපගේ ජාතිය එකට එක් කරන මංජුසාව එයයි”. මෙම ප්‍රෝඩාකාරී ප‍්‍රචාරය හරි මැද ඇත්තේ, 1915 අපේ‍්‍රල් මාසයේදී ගල්ලිපොලියේදී තුර්කිය ආක‍්‍රමනය කර අල්ලා ගැනීමට බි‍්‍රතාන්‍යය ගත් අසාර්ථක උත්සාහය මත පදනම්වූ ඇන්සැක් පුරා වෘත්තය ය. පලමු ලෝක යුද්ධයේදී මහා අධිරාජ්‍ය බලවතාගේ සේවය වෙනුවෙන් කල “පරිත්‍යාග” යේ ප‍්‍රතිපලය වශයෙන් 62,000ක් ඕස්ටේ‍්‍රලියානු සොල්දාදුවන් ඝාතනය වීම, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හෝ “නිදහස” ආරක්ෂා කිරීම සඳහා නොව, නිරිත දිග පැසිෆික් ප‍්‍රදේශවල ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදයේ යටත් විජිත අභිලාශයන් ට සහ ලෝකය තුල තමන්ගේ තැන තහවුරු කර ගැනීමට බි‍්‍රතාන්‍යයේ සහාය ලබාගැනීම සහතික කර ගැනීම වෙනුවෙන් දැරූ වියදම ය.

20. යුද්ධයට පැන ගැනීම සහ මිලිටරීකරනය ඔසවා තැබීම, ඕස්ටේ‍්‍රලියානු ධනවාදයේ ගැඹුරු වන සමාජ හා ආර්ථික අර්බුදය සමග සමීප ලෙස බැඳී තිබේ. සුපිරි පොහොසතුන් තුනී ස්ථරයකගේ සුඛ විහරනය මෙන්ම සංගත ලාභ ඉහල දැමීම පිනිස වන වැටුප්, රැකියා සහ අත්‍යාවශ්‍ය සමාජ සේවාවන් වලට අනවරතයෙන් එල්ල කෙරෙන ප‍්‍රහාර හේතුවෙන් කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ජීවිත බිඳ වැටී ඇත. පොහොසතුන් සහ දුප්පතුන් අතර සමාජ පරතරය එක දිගට පලල් වෙමින් තිබෙන සමාජ අගාධයක් බවට පත්ව තිබේ. නිවැසියන්ගෙන් ඉහල සියයට 10 සියලු ධනයෙන් සියයට 45කට ආසන්න පංගුවක් අයිතිකරගෙන සිටින අතර දුප්පත්ම සියයට 20ට අයිති වනුයේ යන්තමින් සියයට එකකි. අනතුරුදායක සමාජ ආතතීන් විදේශ සතුරකු දෙසට යොමු කිරීම සහ විනාශ කාරී යුද්ධය දෙසට හැරවීම එනම්, පිටතට හරවා යැවීමේ මගක් ලෙස පාලක පන්තිය වඩ වඩාත් දේශපේ‍්‍රමය සහ මිලිටරීකරනය සඳහා කරන ඉල්ලීම් වෙත යොමුවී සිටියි.

21. ඒ සමගම පාලක පන්තිය, විශාල සමාජ කැලඹීම් පිපිරී ඒමට පටන් ගන්නා විට, ප්‍රෝඩාකාරී ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ කඩතුරාව යටතේ කම්කරු පන්තියට එරෙහිව මුදා හැරීම සඳහා පොලිස් රාජ්‍යයක් සඳහා පියවර මනිමින් සිටී. ඕස්ටේ‍්‍රලියානු ඔත්තු මෙවලම දැවැන්ත ඇමරිකානු ගෝලීය ඔත්තු මෙහෙයුම් සමග කොතරම් නම් දුරකට එකට බැඳී සිටිත් දැයි හිටපු ජාතික ආරක්ෂක ඒජන්සි කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නොඩන් අනාවරනය කලේය. පාලක පන්තීන් තම සතුරන් යයි සලකන ඇමරිකානු, ඕස්ටේ‍්‍රලියානු සහ ලෝක ජනතාවම ගැන ඔත්තු බැලීම පිනිස අති දැවැන්ත මෙවලමක් වර්ධනය කරගෙන තිබේ. ආසියාව පුරා සිදුවන දැවැන්ත ඉලෙක්ට්‍රෝනික දත්ත ප‍්‍රවාහයන්ට හොරෙන් ඇතුලුවීමට පමනක් නොව චීනයට එරෙහි සයිබර් යුද්ධය ගෙන යාමට ද ඕස්ටේ‍්‍රලියානු ඔත්තු ඒජන්සි විසින් මාර්ග විවෘත කර ඇත.

22. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සියලු ශාඛා සමග එකතුව සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඕස්ටේ‍්‍රලියාවේ සහ ආසියා පැසිෆික් කලාපයේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තියේ දැවැන්ත යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ සුවිශේෂ වගකීමට උරදී සිටී. ප‍්‍රධාන සතුරා සිටින්නේ ගෙදර තුලමය යනුවෙන් ජර්මානු මාර්ක්ස්වාදියකු වූ කාල් ලිබ්නෙක්ට් පලමු වරට කල ප‍්‍රකාශය, එනම් ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව සහ එය සේවය කරන ව්‍යාපාරික උවමනාවන්, සසප පිලිගනී. ඇමරිකාවේ, චීනයේ, ජපානයේ සහ කලාපය පුරාම කම්කරු පන්තිය සමග ඕස්ටේ‍්‍රලියානු කම්කරු පන්තියේ එක්සත් කම පිහිටුවීමේ පූර්ව කොන්දේසිය වන්නේ ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදයට එරෙහිව කරන දේශපාලන අරගලයයි. මෙම අරගලයේදී සසප කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බූදය විසඳීම සඳහා හජාජාක ශාඛා, ආසියා පැසිෆික් කලාපය තුල ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා දේශපාලනිකව දියුනු කම්කරුවන්ට සහ තරුනයන්ට උදවු කරනු ඇත - යුද්ධයේ අනතුර වැලැක්වීමේ එකම මග වනුයේ එයයි.

එක්සත් ජනපදය ඓතිහාසික පසුබෑම සහ ඔබාමාගේ “ආසියාවට හැරීම”

23. ඔබාමා පරිපාලනය සිය “ආසියාට හැරීම” ආරම්භ කලේ, 2008-09 මූල්‍ය අර්බූදය ආසන්නයේ බුෂ් පරිපාලනය මැද පෙරදිග කෙරේ අවධානය යොමු කරමින් ආසියාව නොතකා හැරීම ගැන ඇමරිකානු විදෙස් පිලිවෙත් කවයන් තුල උත්සන්න වෙමින් පැවති විවේච්නයන් මධ්‍යයේ ය. එජ මිලිටරිය ඇෆ්ගනිස්තාන සහ ඉරාක මඩ ගොහොරුවේ එරී සිටිද්දී චීනය, ආසියාව හා ලෝකය පුරා බලශක්තිය, අමු ද්‍රවය, අමතර කොටස්, අර්ධ නිශ්පාදන සහ මූල ධන භාන්ඩ ආකර්ෂනය කරගනිමින් ගෝලීය නිශ්පාදනයේ ප‍්‍රධාන පුරුක ලෙස මතුව ආවේය. යුරෝපයේ සහ ආසියාවේ සිය ප‍්‍රතිමල්ලවයන් නොව, මෙම දැවැන්ත ලාභ ශ‍්‍රම වේදිකාවේ සහ ලාභ මූලාශ‍්‍රයේ ආධිපත්‍යය සියතට ගැනීම සහතික කර ගැනීම එජ අභිලාශය විය. “හැරීමේ” සැබෑ අරමුන මෙය මිස චීනය ආසියානු කලාපයේ නව භූමි ප‍්‍රදේශ වෙත හැරීම යන වංචනික ප‍්‍රකාශ නොවේ.

24. 2011 නොවැම්බරයේදී ඔබාමා “හැරීම” හෝ ”ප‍්‍රති තුලනය” නිල වශයෙන් නිවේදනය කල ද විදේශ පිලිවෙත වෙනස් වීම ආරම්භ වූනේ 2009යේ ඔහු බලයට පැමින කෙටි කලකිනි. එවක් පටන් එජ, දැවැන්ත අයුරින් ආසියාව යලි පෙල ගැස්වීම වෙනුවෙන් තමන් සතු සියලු දේ මුදාහරින ලදී. “හැරීමෙහි” ප‍්‍රධාන මූලෝපාය, එක්සත් ජනපදය අධිපති කම දරන ලොවේ යටත් තත්වයකට පත්ව සිටීම පිලිගන්නා ලෙස චීනයට බල කරමින්, ඉමහත් රාජ්‍යතාන්ති‍්‍රක, ආර්ථික, දේශපාලන සහ මිලිටරි පීඩනයක් යෙදීමය. 2011 ඔක්තෝබරයේ එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප‍්‍රතිපත්ති ලේඛනයක සඳහන් කලේ: “හරියටම දෙවන ලෝක යුද්ධයෙන් පසු අත්ලාන්තිකය හරහා විස්තීර්න සහ කල්පවත්නා ආයතන හා සබඳතා ජාලයක් ගොඩ නැගීමට තිබූ අපගේ කැපවීම කීපගුනයකින් ප‍්‍රතිපල ලබාදුන්නාක් සේම මෙම සියවස පුරාවට ඇමරිකානු නායකත්වය දිගටම පැවතීම සලකුනු කරන ‘හැරීම’ එහි ලාබ පංගුව ලබාදෙනු ඇත” යනුවෙනි. වෙනත් වචනවලින් පැවසුවහොත්, වසර 70කට එපිට යුරෝපය යලි හැඩ ගැස්වීම මෙන්ම අද ආසියාව යලි පෙල ගැස්වීම, ඇමරිකානු ආර්ථික සහ මූලෝපායික ආධිපත්‍යයට ඉතා වැදගත්ය. කෙසේ වෙතත් එදා සහ අද අතර මූලික වෙනසක් තිබේ. යුරෝපීය ධනවාදයේ ආර්ථික පුනරුදය ඇති කිරීමට මග සැලසුවේ එකල ඇමරිකාව සතුව තිබූ මහා ධනස්කන්ධයයි. අද, ආර්ථික පසුබෑමේ කොන්දේසි යටතේ සිය අරමුනු කරා ලගා වීමට ඇමරිකාව වඩ වඩාත් මිලිටරියේ ප‍්‍රචන්ඩත්වය මත පදනම් වෙයි. ගුවන් යානා ගෙන යන නෞකා, කෲස් මිසයිල සහ ඞ්රෝන් යානා වලින් මාෂල් සැලැස්ම විස්තාපනය කර තිබේ.

25. ඔබාමා පරිපාලනය ආසියාව තුලට ආක‍්‍රමනශීලී ලෙස කඩා වැදීම මුදුනෙහි සිටියේ ක්ලින්ටන් ය. 2009 ජුලියේ නැගෙනහිර ආසියා සමුලුවට ඇය පැවසුවේ ඇමරිකාව “ආසියාවේ ගිනිකොනට යලි පැමින සිටී” යනුවෙනි. 2010 මැද ගිනිකොන දිග ආසියානු ජාතීන්ගේ සමුලුව [ආසියාන්] තුල ක්ලින්ටන්, චීනය සහ එහි අසල්වාසීන් අතර අරෝවක් ඇතිකරනු පිනිස දකුනු චීන මුහුදේ භූමි අයිතීන් පිලිබඳ පැරනි ආරවුල් වලට සෘජුව මැදිහත් විය. 2010 නොවැම්බරයේදී ඇය “අපේ ඉහලම නිලධාරීන්, අපේ සංවර්ධන විශේෂඥයින් සහ දැවෙන කාරනා පිලිබඳ පුලුල් පරාසයක් නියෝජනය කරන අපගේ කන්ඩායම් ඇතුලු අපගේ රාජ්‍යාන්ත‍්‍රික සම්පත් ආසියා පැසිෆික් කලාපයේ සෑම කොනකටම සෑම අග නගරයකටම යවමින් අපි ඉතා කි‍්‍රයාකාරී පියවර තබා ඇත්තෙමු” යයි පවසමින් ඇය සිය තක්කඩි, බියගන්වන සහ මිලිටරිමය ක‍්‍රමෝපායයන් “පෙරටුව ගමන් කරන රාජ්‍යතාන්ති‍්‍රක ක‍්‍රමය” ලෙස සම්පින්ඩනය කර දැක්වූවාය. 2011 දී සිය සහයෝගය බීජිනයෙන් ඈත් කිරීමෙන් පසුව බුරුමය, උතුරු කොරියාව හා සමාන “චෞර රාජ්‍යයක” සිට “වැඞී එන ප‍්‍රජාතාන්ත‍්‍රික රටක්” බවට පත්කර ගැනීම, වොෂින්ටනයේ විශ්මය දනවන නින්දිත භාවය පිලිබඳ හුදෙක් එක් උදාහරනයක් පමනි.

26. “හැරීම” හරි මැද තිබෙනුයේ පෙන්ටගනය ආසියාව පුරා එක්සත් ජනපදය මිලිටරි බලය විස්තීර්න ලෙස “ප‍්‍රති තුලිනය කිරීම”, ප‍්‍රතිව්‍යූහගත කිරීම සහ ශක්තිමත් කිරීම ය. 2012 ජනවාරියේ “එක්සත් ජනපදය ගෝලීය නායකත්වය තිරසාර කිරීම: 21 වන සියවස තුල ආරක්ෂාවේ පූර්ව කොන්දේසි” නම් එරට මූලෝපායික පිලිවෙත් ලේඛනය ප‍්‍රකාශ කලේ: “ඇමරිකාවේ ආර්ථික සහ ආරක්ෂක උවමනාවන් බටහිර පැසිෆික් සහ නැගෙනහිර ආසියාවේ සිට ඉන්දියානු සාගරය, දකුනු ආසියාව හා ඕස්ටේ‍්‍රලියාව දක්වා වන චාපයේ වර්ධනයන් සමග අවියෝජනීවව බැදී තිබේ” යනුවෙනි. මෙම මිලිටරි බල ගැන්වීමේ ප‍්‍රධාන අක්ෂ දෙක වනුයේ ජපානය සහ ඕස්ටේ‍්‍රලියාව ය. ආන්ඩුවෙන් වියදම් සපයන ඕස්ටේ‍්‍රලියානු මූලෝපායික පිලිවෙත් ආයතනයට අනුව පෙන්ටගනය “සිතන්ටවත් බැරි දේ ගැන සිතීමට” -චීනයට එරෙහි යුද්ධයක් දිනීමේ මූලෝපායයක් ගැන සිතීමට- පටන් ගෙන තිබේ. ඇමරිකාවේ “ගුවන්සාගර යුද” මූලෝපාය, චීන අනදෙන - පාලක ජාලයන් සහ මිසයිල පද්ධති ජපානයේ සහ ගුවාම් වල ඇමරිකානු කඳවුරු වලින් දියත් කරන “අන්ද මන්ද කරන පහරදීමකින්” විනාශ කර දමන සැලසුමක් සිතේ මවා ගෙන සිටී. ඒසමගම උතුරු සහ දකුනු ඕස්ටේ‍්‍රලියානු කඳවුරු වලින් මෙහෙයවන ඇමරිකානු සහ ඕස්ටේ‍්‍රලියානු නාවුක හා ගුවන් හමුදා, මැද පෙරදිග සහ අපි‍්‍රකාව තුල චීනයේ අත්‍යාවශ්‍යම බලශක්ති සහ ඛනිජ ආනයන වෙත ප‍්‍රවේශයන් හිරකර දැමීමට ගිනිකොන දිග ආසියානු නාවුක මාර්ග වලට “දුරස්ත බාධකය”ක් පනවනු ඇත.

27. පෙන්ටගනයේ සටන් ක‍්‍රමෝපායන් සම්ප‍්‍රධායික ආයුධ භාවිතය පිලිබඳ පූර්ව තර්කනයන් මත සිදුකර ඇති නමුත් න්‍යෂ්ටික යුද්ධයක් සඳහා ද සුදානම සිදුවෙමින් තිබේ. දෙපාර්ශවයම සතුව න්‍යෂ්ටික ආයුධ පැවතීම ඇමරිකාව සහ චීනය අතර පූර්න යුද්ධයක් වලක්වනු ඇතැයි යන තර්කය මුග්ධ බවේ හෝ දැනුවත් වංචාවේ හෝ ප‍්‍රකාශනයකි. ඇමරිකානු මූලෝපායික කවයන් තුල න්‍යෂ්ටික යුද්ධයක් “දිනන්නේ” කෙසේද යන්න දැනටමත් සාකච්චා කෙරෙමින් තිබේ. 2013 අපේ‍්‍රල් වලදී මූලෝපායික සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ ඇමරිකානු මධ්‍යස්ථානයේ මිලිටරි මූලෝපායඥයෙකු වන ඇන්තනි කෝඞ්ස්මන්, සීතල යුද්ධය පැවති සමයේ මූලෝපායඥ හර්මන් කෑන් ගේ “දිනිය හැකි” න්‍යෂ්ටික යුද්ධයක ඉදිරි දර්ශනය යලි එලි මහනට ගෙන ආවේය. මිලියන ගනන් නොවේ නම් කෝටි ගනන් ජනතාව විනාශ විය හැකි, ඉන්දියානු උප මහාද්වීපය තුල එවැනි න්‍යෂ්ටික යුද්ධයක බලාපොරොත්තු නංවමින් කෝඞ්ස්මන් කියා සිටියේ, “ලාභ ප‍්‍රයෝජන ගත හැකි ඉඩ ප‍්‍රස්ථා පවතින්නේය” යනුවෙනි. ඉන්දියාව සහ පකිස්තානය අහිමිවීම නිසා භාන්ඩ සහ සේවා අපනයන කරුවන්ට “කෙටි කාලීන ආර්ථික ගැටලූ” ඇති කල හැකි නමුත් ශුද්ධ ප‍්‍රතිපලය “ආදේශ කිරීමේ හෝ වියදම පිලිබඳ කිසිදු දෘෂ්‍යමාන ගැටලූවකින් තොරව වෙනත් සැපයුම් කරුවන්ට ලාභ ප‍්‍රයෝජන අත්කර ගැනීම” දුෂ්කර නොවනු ඇතැයි ද ඔහු පැවසීය. එවන් මූලෝපායික සිතුවිලි චීනය අදාල කර ගනිමින් සිදුවන බවට සැකයක් නැත. පෙන්ටගන් සැලසුම් කරුවෝ, තව දුරටත් න්‍යෂ්ටික සීතල යුද සමයේ මූලෝපාය මත පදනම් නොවන අතර න්‍යෂ්ටික පූර්ව භංගය හෙවත්, වෙනත් වචන වලින් නම් ප‍්‍රතික‍්‍රියා දැක්වීම සඳහා වන චීන සහ/හෝ රුසියානු හැකියාව විනාශ කිරීමේ, පලමුවෙන් පහර දීමේ හැකියාව මත පදනම් වෙති. නැගෙනහිර යුරෝපයේ සහ ඊසාන දිග ආසියාවේ එජ බැලස්ටික් නාෂක මිසයිල පද්ධති ඉදිකිරීම ආරක්ෂන පියවරක් නොව, ඇමරිකානු ප‍්‍රථම ප‍්‍රහාරයකින් පසු රුසියාවේ හෝ චීනයේ ඉතිරිවී ඇති න්‍යෂ්ටික ආයුධ නිශ්කී‍්‍රය කිරීමේ එල්ලය ඇතිව සිදු කල දෙයකි.

28. “හැරීමේ” ආර්ථික පෙරමුන, පැසිෆික් කලාපය හරහා සහයෝගය යි (ටීපීපී). ටීපීපී යේ අනුග‍්‍රහය සහිතව එජ හුදෙක් ඔවුන්ගේ වර්තමාන සාකච්චා හවුල් කරුවන් 11 දෙනාට පමනක් නොව චීනය ද ඇතුලත් සමස්ත කලාපයටම කොන්දේසි පැනවීමට මාන බලයි. ඔබාමාගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ටොම් ඩොනිලන් ඒවායේ පුලුල් අරමුනු සම්පින්ඩනය කලේ: “ගනුදෙනුවක් තුලින් ආසියාවේ එජ නායකත්වය ශක්තිමත් වන අතර යුරෝපීය නිදහස් වෙලඳ ගිවිසුමක් පිලිබඳ සාකච්චා සමග එක්ව ගත් කල, ඊලඟ සියවසේ ගෝලීය ආර්ථිකය පාලනය කරනු ඇති නීති රෙගුලාසි සකසමින් සුවිශාල ව්‍යාපෘතියක හරි මැදට එක්සත් ජනපදය ගෙන එනු ඇතැයි” ප‍්‍රකාශ කරමිනි. ටීපීපීය තීරු බදු සහ වෙලඳ සීමාවන් අඩු කිරීමට සීමාවී නැති අතර එය අරමුනු කරන්නේ, කලාපය පුරාම එක්සත් ජනපද ආයෝජන වලට ඇති සියලු නීතිමය, නියාමන හා ආන්ඩු මගින් පනවා ඇති බාධාවන් කීතු කර දැමීමය. වොෂින්ටනය ආර්ථික නීති නියාම ලිවීමට මාන බලනුයේ, සාමාජික රටවල අභ්‍යන්තර සමාජ සහ ආර්ථික දිවියේ සියලු අංශ -සුබ සාධක සහ සෞඛ්‍ය ව්‍යාපෘති, කම්කරු රෙගුලාසි, පරිසර ප‍්‍රමිතීන් සහ මූල්‍ය රෙගුලාසි ඇතුලූ- ඇමරිකානු සංස්ථාවල ලාභ අපේක්ෂාවන්ට ගැලපෙන පරිදිය. නීති වලට පිටු පාන ආන්ඩු වලට ඩොලර් ප‍්‍රකෝටි ගනන් නඩු හබ වලට මුහුන දීමට සිදුවනු ඇත. ටීපීපී යේ එක් ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ ඇමරිකානු සංගත වලට දිගින් දිගටම සිය සුපිරි ලාභ සූරා ගැනීම සාක්ෂාත් කර දෙන ඖෂධ සහ ජානමය නවීකරනයට ලක් කල බීජ වල සිට අයි-පෑඞ් සහ හොලිවුඞ් චිත‍්‍රපට දක්වා සියල්ල ආවරනය වන “බුද්ධිමය දේපල අයිතිය” ආරක්ෂා කිරීමය. ටීපීපී යේ කොන්දේසි වලට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරන ඕනෑම රටක් ලෝකයේ විශාලතම වෙලඳ පොල වන ඇමරිකානු වෙලඳ පොලෙන් ඉවත් කර තැබීමේ තත්වයට මුහුන දෙයි. ටීපීපී ය හැඩ ගැස්වීමේදී ඔබාමා පරිපාලනය වොෂින්ටනයේ යුද අරමුනු ඉදිරියට ගන්නා අතර එය, ආසියාවේ සහ ලෝකයේ අනභියෝගී ඇමරිකානු ආර්ථික අධිපති බවට අඩු යමක් නොවේ.

රුසියානු සහ චීන අධිරාජ්‍යවාදය පිලිබඳ මිත්‍යාව

29. යුද්ධය සඳහා සැකසෙමින් තිබෙන්නේ ඉහල මිලිටරි සූදානම පමනක් නොව, සංකල්පමය සූදානම් ද වේ. ඉහල වැටුප් ලබන විවිධාකර හිටපු “ලිබරලුන්” සහ “වම්මුන්” ගෙන් සමන්විත අධිරාජ්‍යවාදයේ මාධ්‍ය හොරනෑ, පෙර නොවූ විරූ අන්තරායකාරී සහ ප‍්‍රකෝපකාරී අපරාධ පිලිගන්නා මට්ටමට මහජන මතය පදම් කිරීමට වෙර දරමින් සිටී. මෑතදී ඇතිවුන හරයෙන්ම සාවද්‍ය රුසියානු සහ චීන “අධිරාජ්‍යවාදය” පිලිබඳ ඉවරයක් නැති ගෝලීය ප‍්‍රචාරයේ කැපීපෙනෙන වැදගත්කම එයයි.

30. එක්සත් ජනපදය මෙහෙයවන ලද ලිබියාවේ පාලනය පෙරලා දැමීමේ මෙහෙයුමට සහ සිරියාව තුල ඔවුන්ගේ ලේවැකි මැදිහත් වීමට සහයෝගය දීමේ උනුසුම තුලින් විවිධාකාර ව්‍යාජ වාම සංවිධාන මෙම ප‍්‍රචාරක ව්‍යාපාරය සමග බැඳී ගනියි. ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී විකල්ප කන්ඩායමට අනුව 2014 පෙබරවාරි 22 යුකේ‍්‍රන ජනාධිපති නෙරපා හැරි ව්‍යාපාරය “පහලින් මතුවූ අව්‍යාජ නැගිටීමකි”. එක් වතාවකදී වත් එහි ෆැසිස්ට් ලක්ෂන ගැන සඳහන් නොකරන සමජවාදී විකල්පය කියා සිටින්නේ, එම ව්‍යාපාරයේ “සීමාසහිත කම්” තිබූ බවයි. රුසියානු සමූහාන්ඩුව හුදෙකලා කරමින්, නැගෙනහිර යුරෝපා රටවල් නේටෝවේ රාමුව තුලට බද්ධ කර ගැනීම පිනිස සිය 20 වසරක වෑයමේ කොටසක් ලෙස කුමන්ත‍්‍රනය සංවිධානය කිරීමේ සහ මූල්‍යාධාර සැපයීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදයෙහි මූලික භූමිකාව සම්පූර්නයෙන්ම නොතකා හරිමින්, යුකේ‍්‍රනයේ ප‍්‍රධාන ගැටලූව “රුසියානු අධිරාජ්‍යවාදය” බව දැඩි ලෙස පැවසීමට ඔවුහු ඉදිරිපත් වූහ. “රුසියානු ව්‍යාප්ත වාදයට” පහර දීමේ ධජය යටතේ සමාජවාදී විකල්පය, රුසියාව අර්ධ යටත් විජිතයන් මාලාවක් බවට පත් කර එහි දැවැන්ත සම්පත් වල පාලනය සියතට ගැනීමේ අභිලාශයේ කොටසක් ලෙස ඔබාමා පරිපාලනය විසින් යුකේ‍්‍රනය තුල රූකඩ පාලනයක් ඇටවීම සමග එක පෙලට තමන් පිහිටුවාගෙන සිටී.

31. “රුසියානු ව්‍යාප්තවාදය” ගැන කරන ප‍්‍රකාශ යථාර්තය ඔලුවෙන් සිටුවීමකි. 1929 දී පලකල මූලික ලියවිල්ලක් තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදය පුනස්ථාපනය වීමකදී සෝවියට් සංගමය තුල කුමක් සිදුවිය හැකිද යන්න පිලිබඳව කැපීපෙනෙන ලෙස අනාගත දැක්මකින් යුත් විශ්ලේෂනයක් සම්පාදනය කලේ “අධිරාජ්‍යයක්” බවට පත්වීම කෙසේ වෙතත් එය ප‍්‍රධාන අධිරාජ්‍ය බලයන්ට මුලුමනින්ම යටත් තත්වයක් දරනු ඇති බව පැහැදිලි කරමිනි: “ධනපති රුසියාවට දැන් ලෝක යුද්ධයේ මග ඔස්සේ සාර් රුසියාවේ ඉරනම ලෙස තිබූ තුන්වන රේට්ටුවේ තත්වය පවා ලබාගත නොහැකි වනු ඇත. අද දවසේ රුසියානු ධනවාදය කිසිදු අනාගතයක් නැති අනුන් මත රැඳෙන අර්ධ යටත්විජිත ධනවාදයක් වනු ඇත. නොම්මර දෙකෙහි රුසියාව ස්ථාන ගත වනු ඇත්තේ නොම්මර 1 රුසියාව සහ ඉන්දියාව අතර මැද යම් තැනක ය.” [“පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෝවියට් වල තැන ගැනීමට ඉඩ තිබේ ද?” Writings of Lion Trotsky(1929) (ලියොන් ට්‍රොට්ස්කි ලිපි) (1929), පිට. 55].

32. ව්‍යාජ වම්මු එක්සත් ජනපදය සහ එහි සහචරයින්ගේ ප‍්‍රකාශ ප‍්‍රතිරාවය නංවති. උදාහරනයක් ලෙස ඔබාමා පරිපාලනය, සිය “ආසියාවට හැරීම” යුක්ති සහගත කරන්නේ, චීනය ආසියාව තුල සහ ඉන් ඔබ්බට අනුහස පතුරුවන කලාපයක් නිර්මානය කිරීම පිනිස ආක‍්‍රමනකාරී ලෙස මාන බලන “ආත්ම තෘප්ත” ආර්ථික සහ මිලිටරි බලයක් නිසාය. මෙම ප‍්‍රකාශය අද්‍යතන චීනය සහ නැගෙනහිර “භූමි භාගයන් කොල්ලකැමට” ද යුරෝපයේ අධිපතිකම සඳහා ද 20 වන සිය වස මුල දෙවරක් යුද වැදුන ජර්මානු අධිරාජ්‍යවාදය අතර සසඳන වංචනික ප‍්‍රයන්තය මත ද පදනම්ව තිබේ. මෙම මාවතම ප‍්‍රතිරාවය නංවමින් ජනවාරියේදී ඩාවෝස්හිදී පැවති ලෝක ආර්ථික හමුවේදී ජපාන අගමැති සින්ෂෝ අබේ ජපානය යලි මිලිටරී කරනය යුක්ති සහගත කලේ, ජපානය සහ චීනය අතර සබඳතා පලමු ලෝක යුද්ධය මුවවිට බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය අතර සබඳතා හා “සමාන තත්වයක” පවතින බව ප‍්‍රකාශ කරමිනි. පෙබරවාරියේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග සාකච්චාවකට එක්වුන ගිනිකොන දිග ආසියාවේ වොෂින්ටනයේ සගයන් අතරින් වඩාත්ම යුදවාදියා වන පිලිපීන ජනාධිපති බෙනිග්නෝ අකිනෝ, චීනය නාසි ජර්මනියට සමාන කල අතර දකුනු චීන මුහුදේ භූමි ප‍්‍රදේශ වලට චීනය අයිතිවාසිකම් කීමට එරෙහිව මුහුන දීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් සහාය ඉල්ලා සිටියේය. සිය රට දෙවන ලෝක යුද්ධයට පෙරාතුව චෙකොස්ලෝවැකියාවට සමාන කල ඔහු: “සුඩෙටෙන්ලන්තය අතහැර දැම්මේ හිට්ලර් සතුටු කිරීම පිනිස බව මතක තබා ගන්න” යයි අනතුරු ඇඟවීය.

33. 2011 දී සමාජවාදී විකල්පය, චීනයේ ආර්ථික පුලුල්වීම සහ ඉහල දැමුන මිලිටරි ධාරිතාව, එක්සත් ජනපදයට සහ එහි සගයන්ට තර්ජනය කරන්නේ “හුදෙක් පැසිෆික් සාගරයේ පමනක් නොවේ” යයි කියා සිටියේය. වසර දෙකකට පසු 2013 අපේ‍්‍රල් මස සමාජවාදී විකල්පයේ ඇමරිකානු සහචරයින් වන ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස් ඕ) “හැරීම” ගැන පල කල දිගු ලිපියක් තුල “චීනයේ නව අධිරාජ්‍යවාදී අත්පත්කර ගැනීම්” පෙන්නුම් කරමින් මෙම ප‍්‍රකාශයේ ප‍්‍රතිපල පැහැදිලි කලේය. ඉතිහාසය ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් කෙලින්ම ලබාගත් අනුවාදයක් තුලින් අයිඑස් ඕ ව, “චීන ගලිවර්ට එරෙහි ප‍්‍රති හෙජමනියක් ගොඩනගා ගැනීම සඳහා ආසියානු රටවල් ලිලිපුට්ටන් සේ අනෙක් රටවල් සමග එක්වූ අතර සිය ඓතිහාසික මිතුරා වන ඇමරිකාවට තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය. අයිඑස් ඕ වේ ලිලිපුට්ටන් අතර ආසියාවේ ඉතාම වැදගත් අධිරාජ්‍යවාදී බලයන් දෙක වන ජපානය සහ ඕස්ටේ‍්‍රලියාව සිටී. දෙරටම ආසියාව තුල තමන්ගේ විලෝපීය අභිලාශයන් ආක‍්‍රමනශීලීව හඹායනු පිනිස “හැරීම” සමග එක්ව සිටී.

34. 1990 ගනන් අග බෝල්කනයේ නේටෝ යුද්ධයට සහ අනතුරුව නැගෙනහිර ටිමෝරය තුල ඕස්ටේ‍්‍රලියාව මෙහෙයවූ මිලිටරි මැදිහත් වීමට සහාය දීමත් සමග ව්‍යාජ වම, අධිරාජ්‍ය ගැති ප‍්‍රචාරකයන් රොත්තක් බවට පරිනාමය වීම වේගවත් විය. 2003 දී මෙම සංවිධාන, ඇමරිකාව ඉරාකය ආක‍්‍රමනය කිරීමට එරෙහිව එදා මෙදා තුල පැන නැගි විශාලතම ගෝලීය යුද විරෝධී උද්ඝෝෂන මත ලගිමින් අධිරාජ්‍යවාදී ආන්ඩු වලට සහ එක්සත් ජාතීන් වැනි ඒජන්සි වලට ජනතා පීඩනය එල්ල කිරීම මගින් යුද්ධය වලක්වා ගත හැකිය යන මිථ්‍යාව වපුරවා එය පීලි පැන්නවීම සඳහා තීරනාත්මක භූමිකාවක් ඉටු කලෝය. දශකයකින් පසුව ඔවුහු ලිබියාව සහ සිරියාව තුල මෙහෙය වූ නව විජිතවාදී මැදිහත්වීම් වලට ආවරනය ලෙස යොදා ගත් ප්‍රෝඩාකාරී “මානුෂික අයිතිවසිකම්” ව්‍යාපාරය සමග කල්ලි ගැසුනහ. සමාජවාදී විකල්පයේ වචන වලට අනුව වොෂින්ටනය සිරියාවේ පාලනය වෙනස් කිරීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරද්දී ඔවුන් “ප‍්‍රතීක අධිරාජ්‍ය විරෝධය” ඉවත දැමීමේ අවශ්‍යතාවය සොයාගෙන තිබේ. දැන් ඔවුහු චීනය අධිරාජ්‍ය බලයක් ලෙස නම් කරගෙන ඊට එරෙහි ඇමරිකානු සහ ඕස්ටේ‍්‍රලියානු යුද සූදානම පිටුපස පෙල ගැසී සිටිති.

35. අධිරාජ්‍යවාදී යුද්ධය කෙරෙහි පල කෙරෙන ව්‍යාජ වමේ සහයෝගය, න්‍යායාත්මක වරදක් වත් වැරදි විනිශ්චයක් වත් නොවේ. එය පසුගිය දශක දෙකේ මූල්‍ය සහ දේපල සමපේක්ෂනයේ නාඩගම තුලින් වාසි ලැබ, ධනපති පද්ධතියට බැඳුනු අවශ්‍යතා සහිත ඉහල මධ්‍යම පන්තික ස්තරයක උවමනාවන් පිලිබිඹු කරයි. 2008 ගෝලීය මූල්‍ය අර්බූදයෙන් බැටකෑම නිසා හටගත් කම්පනයට ප‍්‍රතිචාරයක් ලෙස මෙම සමාජ ස්තර සිය සමාජ තත්වය ආරක්ෂා කරගැනීම රැඳී පවතින්නේ කම්කරු පන්තිය -සියල්ලටමත් වඩා ආසියාවේ ලාභ ශ‍්‍රම වේදිකාවේ සිටින- මත ප‍්‍රහාරයන් උත්සන්න කිරීම සහ එය මැඩලීම මත බව වටහාගෙන තිබේ. ඔවුන් දිගු කලකට පෙර කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව අතහැර දමා තුබූ අතර පාර්ලිමේන්තු මෙවලම සහ වෘත්තීය සමිති හරහා ධනපති රාජ්‍යයට ද අධිරාජ්‍යවාදී යුද්ධයට ද කම්කරු පන්තිය යටත් කර තැබීමට පමනක් උත්සුක විය.

36. මෙහිදී සැබෑ කාරනාව වනුයේ චීන ආර්ථිකය විවාදයකින් තොරව ධනේශ්වර වන අතර එය අධිරාජ්‍යවාදී බලයක් නොවීම ය. විසි වන සියවස මුල ජර්මානු අධිරාජ්‍යවාදයේ ආර්ථික ගතිකය ප‍්‍රානවත් කලේ, එහි නිශ්පාදන සහ රසායනික කර්මාන්තයේ ආරම්භකයන් ලෙස ඉටු කල භූමිකාව මත පදනම්ව, සුවිශාල දේශීය වෙලඳපොලක් තහවුරුවීම සහ දැවැන්ත මූල්‍ය අරමුදල් හා සංගත පැනනැගීම මගිනි. මීට වෙනස් ලෙස චීන ආර්ථිකයේ ප‍්‍රසාරනය, දැවැන්ත අන්තර්ජාතික සංගත වල සහ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ මෙහෙයුම්වල සහ ලාභ ශ‍්‍රමය සඳහා ඔවුන්ගේ තෘප්තියට පත් කල නොහැකි කෑදර කමේ ප‍්‍රතිපලය විය. ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ සියයට 65-70 සමග සැසඳීමේදී චීනයේ දේශීය පරිභෝජනය ද.දේ.නි. යෙන් හුදු සියයට 35ක් වන්නේය. 2013 දී විදේශ ආයෝජිත ආයතන (එෆ්.අයි.ඊ) සංඛ්‍යාව 440,000 ඉක්මවූ අතර ඒවා, චීනයේ අපනයනයෙන් සියයට 47 කට ද ආනයනයෙන් සියයට 45 කට ද වග කීවෝය. මෙහි ප‍්‍රතිපලය ලෙස චීන ආර්ථිකය, විදේශ ආයෝජන අරමුදල් ගලා ඒම සහ ඔවුන්ගේ අපනයන වෙලඳ පොලවල තත්වය කෙරෙහි අතිශයින්ම සංවේදීය. චීන ආර්ථිකය ලොව දෙවන විශාලම එක වන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය පිටුවා ඇත්තේ, ඒක පුද්ගල ද.දේ.නි 85ස් වැනි ස්ථානයේ, මාල දිවයින සහ ඉරාකය අතරය. එසේම චීනය සතුව යටත් විජිත හෝ අර්ධ යටත් විජිත නැත. ලොව සෑම කොටසකම ප‍්‍රධාන අධිරාජ්‍ය බලයන් ආධිපත්‍යය දරා සිටීම හමුවේ අමු ද්‍රව්‍ය සහ බලශක්තිය සඳහා වන චීනයේ දැවැන්ත ඉල්ලුම ඒවා සමග නිරන්තරයෙන් ගැටෙයි.

37. පසුගිය දශක දෙක තුල චීනයේ සිදුවූ වේගවත් වර්ධනය, 1970 ගනන් වල ඇරඹුන සන්තතීන් දෙකක අන්තර් ඡේදනය නිසා වූවකි: පලමුව, පහල වැටෙන ලාභ අනුපාතිකයට ප‍්‍රතිචාරයක් ලෙස අන්තර්ජාතික සංගත ගෝලීයකෘත නිශ්පාදනය වර්ධනය කිරීම සහ දෙවනුව, 1949 චීන විප්ලවයේ ප‍්‍රතිවිරෝධතා තුල මූල්බැස තිබූ නැගී එන ආර්ථික සහ දේශපාලන අර්බූදය විසඳීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස 1978 සිට චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) ධනවාදය පුනස්තාපනය වෙත හැරීම ය.

38. හතරවන ජාත්‍යන්තරය චීන විප්ලවයෙන් පැන නැගි දෙමුහුන් රාජ්‍යය, විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය කලේය. අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කරමින්, ධනේශ්වර ඉඩම් හිමි පාලක පන්තිය පෙරලා දමමින් සහ ඉඩම් වල සහ නිශ්පාදනයේ පෞද්ගලික අයිතිය අහෝසි කරමින් අති දැවැන්ත සමාජ පරිවර්තනයක් එහිදී සිදුවිය. කෙසේවෙතත් 1917 රුසියානු විප්ලවයේදී මෙන් චීන විප්ලවය දේශපාලනිකව මෙහෙයවුන කම්කරු පන්තියක් විසින් කරන ලද්දක් නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) යේ දේශපාලන දිශාවනතිය පිහිටා තිබුනේ “තනි රටේ සමාජවාදය” යන ප‍්‍රතිගාමී ස්ටැලින් වාදී සංකල්පය, ස්ටැලින්වාදී සෝවියට් නිලධරය විසින් රුසියන් විප්ලවය පාවා දීම සහ පසු කාලීනව සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය මතය. පටන් ගැන්මේ සිටම සීසීපී රාජ්‍ය මෙවලම ගොවි ජන හමුදාවක් මත රැඳෙමින් කම්කරු පන්තිය බලහත්කාරයෙන් මැඬ ලීය.

39. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙසට කල සමාජ විද්‍යාත්මක ගුනාංගීකරනය, දේශපාලන පුරෝකථනයක් අන්තර්ගත කරගනී. එක්කෝ කම්කරු පන්තිය දේශපාලන විප්ලවය ඉටුකර නිලධරය පෙරලා දමා කලාපයේ සහ ලෝකයේ කම්කරු පන්තිය සමග එක්සත්ව අව්‍යාජ සමාජවාදය සඳහා අරගලයට පෙරට ගෙන යා යුතුය, නැතහොත් සිය ජාතිකවාදී අධානග‍්‍රාහී වැඩපිලිවෙල මත පදනම්ව මා ඕ සේතුං ගේ නායකත්වය යටතේ නිලධරය, ධනවාදය පුනස්ථාපනය කරනු ඇත.

40. විප්ලවයෙන් ඉක්බිතිව චීනය, පසුගාමී ආර්ථිකයක් සහිත රටක් තුල කෙසේ වෙතත්, තනි රටක සීමාවන් තුලවත් විසඳිය නොහැකිවූ ආර්ථික ගැටලු මාලාවකින් දෙදරුම් කෑවේය. මෙම ගැටලු, 1958 මහා ඉදිරි පිම්ම හා 1966 ඊනියා සංස්කෘතික විප්ලවය දක්වා වූ සිදුවීම් වලින් සලකුනු කල, සීපීපී යාන්ත‍්‍රනය හා රාජ්‍යය තුල ගැටුම් මලාවකට තුඩු දුන්නේය. සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව නිලධරය තුල ගෙනගිය අරගලයේදී සංස්කෘතික විප්ලවය දියත් කරමින් මාවෝ, කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන ඉල්ලීම් පෙරටුකොටගෙන මැදිහත් වීමට පටන් ගැනීමත් සමග, ඒවා පාගා දැමීම සඳහා හමුදාව මැදිහත්කරවීය. 1960 ගනන් මුල චීන-සෝවියට් මතභේදයන්ගෙන් පසුව බීජිනය, මොස්කෝව සමග වඩ වඩාත් කටුක ගැටුම් වලට මුහුනපෑ අතර එය, 1969 දේශසීමා ගැටුම් වලට තුඩු දුන්නේය. මෙම නැගී එන ආර්ථික හා මූලෝපායික උභතෝකෝටිකයන් විසඳා ගැනීමේ අටියෙන් මාඕ, 1972 එජ ජනාධිපති නික්සන් සමග පැවැත්වූ සාකච්ඡා තුලින්, අධිරාජ්‍යවාදය සමග යලි මිත‍්‍රත්වයක් කරා එලඹුනේය. එය, ධනේශ්වර පුනස්ථාපනය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පදනම දැමූ පියවරක් විය.

41. 1978දී චීන පාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සිය හවුල්කාරකම් ගැඹුරු කර ගනිමින් “උත්තරීතර නායක” ඩෙන් ෂියා ඕපින්, තියුනු සමාජ ගැටුම් ඇවිලවූ ඊනියා “වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” ඇරඹීය. ඉහල යන උද්ධමනයක් නිර්මානය කල ඩෙන්ගේ “නිදහස් වෙලඳපොල” වැඩ පිලිවෙලට, “යකඩ බත් පිඟාන” “තොටිල්ලේ සිට සුසානය තෙක්” නම් වූ නිවාස සම්පාදනය, සෞඛ්‍ය ආරක්ෂනය, අධ්‍යාපනය සහ විශ‍්‍රාම වැටුප් ඇතුලූ, ප‍්‍රධාන නගර වල කම්කරු පන්තියේ සමාජ සහන පද්ධතිය විනාශ කර දැමීම, ඇතුලත්විය. ඩෙන් ගේ වෙලඳපොල ප‍්‍රතිසංස්කරනයන්හි පිහිටෙන් මඩි තරකර ගත් සීසීපී නිලධරයේ වැඩි වැඩියෙන් පෙනෙන දූෂනයන් සමග එක්ව, සමාජ තත්වයන්ට ප‍්‍රහාර එල්ල කිරීම, පාලක කල්ලියට එරෙහිව පහලින් ආ නැගිටීමක් ඇතිකලේය. 1989 බීජිං ශිෂ්‍ය විරෝධතා වලින් ආරම්භයේදී ප‍්‍රකාශයට පත් වුන ගැඹුරුවන සමාජ කැලඹීම්, චීන කම්කරු පන්තියේ වඩා පුලුල් ව්‍යාපාරකින් මූර්තිමත් විය. තියනාන්මෙන් චතුරස‍්‍රයේ සමූල ඝාතනය තුලින් මෙම බලගතු ව්‍යාපාරය යටපත් කර දැමීමත්, සියලු ආකාරයේ ස්වාධීන සංවිධාන කඩා බිඳ දැමීමත් එල්ල කරගෙන කම්කරු පන්තියට එරෙහිව මාස ගනනක් දුරට ගිය පොලිස් මිලිටරි දඩයමක් තුලින් නිලධරය ඊට ප‍්‍රතිචාර දැක්වීය. එකල ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි භීෂන රැල්ලේ අරමුන වූයේ, පාලනය, ව්‍යාපාර සහ ආයෝජන සඳහා විවෘත බවත් කම්කරු පන්තිය විනයගත කිරීම කිසි ආකරයකින්වත් නොනවතන බවත් විදේශ ආයෝජකයන්ට පෙන්වා දීම මගින් පූර්න ධනපති පුනස්තාපනයකට මග සැලසීමය.

42. තියන්ආන්මෙන් සමූල ඝාතනය සමාජ ආතතීන් තාවකාලිකව මැඩලූ නමුත් එක දිගට උග‍්‍රවූ ආර්ථික අර්බූද, ස්ටැලින්වාදී නිලධරය තුල බල අරගලයක් අවුලුවාලූ අතර අවසානයේ එය විසඳුනේ 1991 සෝවියට් සංගමය විසුරුවීමෙන් පසුව පමනි. ඩෙන් ෂියා ඕපෙන් සිය 1992 “දකුනු දිග සංචාරය” යොදාගත්තේ, චීනය මුලුමනින්ම විදේශ ප‍්‍රාග්ධනයට විවෘත කිරීම ඇරඹීමේ වේදිකාවක් ලෙසය. එසේ නොවුන හොත් සීසීපී ද සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ගත් මග ම ගනු ඇතැයි තර්ක කරමිනි.

43. කෙසේ වෙතත් ධනපති සූරාකෑම දැවැන්ත ලෙස පුලුල් වීම, මූලික ආර්ථික සහ සමාජ ප‍්‍රතිවිරෝධතා විසඳනවා වෙනුවට ඒවා තවත් උත්සන්න කලේය. සීසීපී නිලධරය රජය සතු දේපල කොල්ල කමින්, කම්කරු පන්තිය සුපිරි සූරා කෑමකින් ඉසුරුමත් වූ ධනපති පන්තියක් ඇතිකර තිබේ. දැවැන්ත ෆැක්ටරි සංකීර්න අබියස මිලියන 400ක තරම් කම්කරුවන් එක් රොක් වීම නිරන්තර තර්ජනයක් ජනිත කරයි. පොහොසතුන් සහ දුප්පතුන් අතර වැඩෙන සහ සදා පලල් වන සමාජ අගාධයක් පවතී. එක්සත් ජනපදය හැරුනු කල අන් ඕනෑම රටකට වඩා ඩොලර් බිලියන පතියන් සිටින රට චීනය වන නමුත් මිලියන 100කට වැඩි ජනකායක් දිනකට ඩොලර් 1.2ක් හෝ ඊට අඩු ප‍්‍රමානයකින් ජීවිතය ගැටගසා ගනිති. ඉතා ඉහල සමාජ ධ‍්‍රැවාන්තගතවීම, තියුනු වන සමාජ ආතතීන් අවුලුවන අතර ඒවා වර්ජන සහ විරෝධතා සංඛ්‍යාවේ වර්ධනයෙන් ප‍්‍රකාශයට පත්වේ. එලඹෙන යුගයේදී මේවා මිලියන ගනනින් කම්කරුවන් සහභාගී වන දැවැන්ත සමාජ සහ දේශපාලන අරගල ලෙස පුපුරා යනු ඇත.

44. රුසියාවේ සහ චීනයේ ධනවාදය පුනස්ථාපනයෙන් දැවැන්ත අන්තර්ජාතික සංගත සහ ගෝලීය මූල්‍යපතියන් වාසි ලැබුව ද මෙම ආර්ථිකයන් දෙක ලෝක වෙලඳපොලට ඒකාග‍්‍ර කිරීම සිදුවුනේ ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සෘජු පාලනයකින් තොරවය. එක්සත් ජනපදය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා වන මංමුලා සහගත ධාවනයේ කොටසක් ලෙස තත්වය වෙනස් කිරීමට උත්සාහ කරයි. වොෂින්ටනය, රුසියාව කැබලි කර දැමීම සහ එහි පරිපූර්න යටත් භාවයෙන් අඩු කිසිවක් බලාපොරොත්තු නොවන බව, ඇමරිකාව විසින් යුකේ‍්‍රනයේ ෆැසිස්ට්වරුන්ගේ පාලනය යටතේ ඇති තන්ත‍්‍රයක් ඇටවීමෙන් පෙන්නුම් කරයි. එජ “ආසියාවට හැරීම” තුල ඒ අවසාන ඉලක්කයම චීනය සඳහා ද සූදානම් කර තිබේ.

එක්සත් ජනපදය “හැරීමේ” ඓතිහාසික මූලයන්

45. ආසියාව ද විශේෂිතව චීනය ද මත අධිකාරය සඳහා වන ඇමරිකානු ප‍්‍රවිෂ්ටයේ ඓතිහාසික මූලයන් 20 වන සියවස මුල, එරට අධිරාජ්‍යවාදී බලයක් ලෙස මතුවී ඒම තරම් ඈතකට විහිදෙයි. 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය ජය ගැනීම සහ පිලිපීන විරෝධතා මෘග අයුරින් මැඩලීම තුලින් එක්සත් ජනපදය, පිලිපීනය යටත් විජිතයක් බවට පත් කර ගත්තේය. 1899 මැකින්ලි පරිපාලනය, රාජ්‍ය ලේකම් ජෝන් හේ විසින් අධිරාජ්‍යවාදී තර්ග කරුවන් වෙත යවන ලද සටහන් මාලාවකින් චීනය වෙත සමාන ප‍්‍රවිෂ්ටයක අයිතිය ඉල්ලීම පිලිබඳව පැහැදිලි කරමින්, සිය “විවෘත දොරටුවක පිලිවෙත” වෙත හැරුනි.

46. 1930 ගනන් වලදී ඇමරිකාව චීනය අරබයා ජපාන අධිරාජ්‍යවාදය සමග සෘජු ගැටුමකට පැටලුනි. මහා අවපාතයෙන් අර්බූදයකට මුහුනපා සිටි ජපාන අධිරාජ්‍යවාදය, 1931 මැන්චූරියාව ද අනතුරුව 1937 සමස්ත චීනය ද ආක‍්‍රමනය කර එරට යටත් විජිතයක් බවට පත්කර ගත්තේය. ජපාන ආර්ථිකය අඩපන කිරීමේ එල්ලය ඇතිව සම්බාධක පනවමින් සහ පර්ල් වරායට පහර දීම සඳහා ජපානය පොලඹවමින් එක්සත් ජනපදය යුද්ධයට සූදානම් වෙමින් ප‍්‍රතිචාර දැක්වීය. දස ලක්ෂ ගනනකගේ ජීවිත අහිමි කල සිවු වසරක යුද්ධයෙන් පසුව න්‍යෂ්ටික බෝම්බ හෙලා හිරෝෂීමා සහ නාගසකි නගර පොලොවට සමතලා කරමින් ඇමරිකාව ජපානයට කොන්දේසි විරහිත යටත් වීමකට බලකලේය. මෙම බිහිසුනු අපරාධයේ මූලික අභිප‍්‍රාය වූයේ, ආසියාව තුලත් ලෝකයේමත් සිය ආධිපත්‍යයට එල්ල වන කිසිදු අභියෝගාත්මක සීමාවකට ඇමරිකාව ඉඩ නොතබන බව සෝවියට් සංගමයට අනතුරු ඇඟවීමය.

47. පශ්චාත් යුද සමයේදී ඇමරිකානු ආධිපත්‍යය වෙනත් අභියෝගයකට මුහුන දුන්නේ ය. 1917 රුසියානු විප්ලවයෙන් ආශ්වාදය ලබමින්, 1949 චීන විප්ලවය ද කොටස්කරුවකු වූ යටත් විජිත විරෝධී ව්‍යාපාර සමස්ත ඉන්දු පැසිෆික් කලාපයම සොලවාලීය. ඇමරිකානු අධිරාජ්‍යවාදය ආසියාව තුල ධනපති පාලනය සහ සිය අධිකාරය තහවුරුකර ගැනීමේදී පදනම් වූයේ, කොරියාව හා ඉන්දු-චීනය ඇතුලු තැන් වල යුද්ධ හා සිංගප්පූරුව, මැලේසියාව, දකුනු කොරියාව තායිවානය සහ තයිලන්තය ඇතුලු රටවල ඒකාධිපති පාලනයන් ඇටවීම ඇතුලු සිය මිලිටරි බලය මතය. ඇමරිකාවට එසේ කල හැකි වූයේ, රටින් රට කම්කරු පන්තිය සහ ගම්බද ජන සමූහයන් ධනේශ්වරයට යටත් කල ස්ටැලින්වාදී පක්ෂ ආසියාවේ විප්ලවවාදී ව්‍යාපාර පාවාදීම නිසාය.

48. යටත් විජිත විරෝධී ව්‍යාපාරවල ජාතික ධනේශ්වර හා සුලු ධනේශ්වර නායකත්වයන් ප‍්‍රජාතන්තී‍්‍රය විප්ලවයේ කර්තව්‍යයන්, එනම් අධිරාජ්‍යවාදී මර්දනය අවසන් කිරීම සහ ගම්බද පලාත් වල ඉඩම් සබඳතා පෙරලිකාරී ලෙස පරිවර්තනය කිරීම වැනි කර්තව්‍යයන්, ඉටුකිරීමට ඓන්ද්‍රීයවම අසමත් බව ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ නොනවතින විප්ලව න්‍යාය තුලින් අනතුරු ඇඟවීය. අධිරාජ්‍ය විරෝධී අරගලය ජයගත හැක්කේ ගොවිජනතාවට නායකත්වය දෙමින් තමන් පිටුපස පෙල ගස්වාගන්නා කම්කරු පන්තියේ නායකත්වය තුලින් පමනක් බව ඔහු පැහැදිලි කලේය. ගොවි ජනතාවගේ සහාය ඇතිව දේශපාලන බලය අත් කරගත් පීඩිත රටක නිර්ධන පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට හැරී එහි සහයෝගය ලබාගෙන සමාජවාදී ආර්ථිකයක් ගොඩ නැගීම දෙසට මුල් පියවර තැබීම අවශ්‍ය කෙරේ.

49. මීට වෙනස් ලෙස, නොනවතින විප්ලවය න්‍යායට සෘජුවම ප‍්‍රතිවිරුද්ධව පිහිටුවා ගත් ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය, ජාතික ධනේශ්වරයේ “ප‍්‍රගතිශීලී කොටසකට” ප‍්‍රජාතන්තී‍්‍රය කටයුතු කරගෙන යාමට හැකි අතර පසු අවධියකදී සමාජවාදයට දොර විවෘත වනු ඇත යන අනතුරුදායක මිථ්‍යාව ප‍්‍රවර්ධනය කලේය. යථා තත්වය තුල අධිරාජ්‍යවාදය සමග හුය පටවල් දහස් ගනනකින් බැඳී සිටින්නාවූ ද කම්කරු සහ ගොවි ජනතාව කෙරේ ගැඹුරින්ම බියට පත් වූ ද ජාතික ධනේශ්වරය, ඛේදනීය ප‍්‍රතිපල අත්කර දෙමින් යටත් විජිත විරෝධී අරගලය සුපුරුදු ලෙස පාවා දෙන ලදී. ඉන්දියාවේ දී ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ සහාය ඇතිව ගාන්ධි සහ නේරු නායකත්වය දුන් කොන්ග්‍රස් පක්ෂය, ස්වාධීන අනාගමික රාජ්‍යයක් සඳහා වූ ඔවුන්ගේම ඉල්ලීම අත හැර දමා වර්ගවාදී ප‍්‍රචන්ඩත්වයෙන් මිලියන ගනන් ජීවිත විනාශ වීමට මග පෑදූ, 1947 බෙදා වෙන්කිරීම සඳහා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනුවකට හැරුනේය. ඉන්දුනීසියාවේදී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (පීකේඅයි) පලමුව ඕලන්දය සමග ද පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග ද උපාමාරු දමමින් සිටි සුකර්නෝ නායකත්වය දුන් ජාතික ව්‍යාපාරය පිටුපස කම්කරුවන් හා ගොවීන් පෙල ගැස්වීය. කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීම මගින් පීකේඅයි ය, 1948 මර්දනයට සහ ලක්ෂ 50ට වැඩි කම්කරුවන් සහ ගොවීන් සමූල ඝාතනය කැරුන 1965-66 සීඅයිඒ පිටුබලය ඇතිව සිදුකල කුමන්ත‍්‍රනයට ද මග සැලසීය. කලාපය පුරාම ස්ටැලින්වාදීහු අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර පීලි පැන්න වීම සඳහා තීරනාත්මක භූමිකාවක් ඉටුකලහ.

50. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අවසානයේදී ආසියාව “ස්ථාවර කලේ” 1972 දී ජනාධිපති නික්සන් මා ඕ සමග කරගත් ගනුදෙනුවකින් පසුව පමනි. වොෂින්ටනය හරියටම වියට්නාම් යුද්ධයේ පරාජය කරා ලුහුටමින් සිටිය දී චීන ස්ටැලින්වාදීහු, ඔවුන්ට පන බේරා ගැනීමේ මාවතක් විවෘත කලෝය. ඇමරිකාව සිය හමුදා ඉවත් කර ගැනීම අරඹද්දී බීජිනය, ආසියාව තුල එක්සත් ජනපදය ආධිපත්‍යය පිලිගන්නා බව ඇඟවුම් කලේය. සෝවියට් සංගමයට එරෙහිව චීනය, ලෝකය පුරාම ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග පෙල ගැසුනේ, 1979දී සෝවියට් හිතවාදී වියට්නාමයට ප‍්‍රහාරයක් දියත් කරමිනි. චිලීයේ ජෙනරාල් පිනෝෂේ සහ ඉරානයේ ෂා වැනි ප‍්‍රතිගාමීන්ට චීනය සහාය දුන්නේය. 1968-75 විප්ලවවාදී කැලඹීම් මධ්‍යයේ ධනවාදය යලි තහවුරු වීමට වෙහසෙද්දී වොෂින්ටනයට ලැබුනු මාඕ ගේ මිත‍්‍රත්වය දැවැන්ත වාසියක් වීය.

51. ප‍්‍රධාන සංගතයන් භූගෝලීයකෘත නිශ්පාදනය තුලින්, 1970 ගනන් අග සිට ලාභ පහල වැටීම වැලැක්වීමට උත්සාහ කරද්දී එජ, ආසියාව ප‍්‍රචන්ඩ ලෙස සාමකාමී කිරීම මගින් පලමු ලාභ ශ‍්‍රම වේදිකාවන් සඳහා පදනම දැමීය. පලමු “ආසියානු ව්‍යාඝ‍්‍රයන්” වූයේ දකුනු කොරියානු, තායිවාන, සිංගප්පූරු පොලිස් රාජ්‍යයන් සහ බි‍්‍රතාන්‍යයේ හොංකොං කොලනියයි. චීනය වූ කලී තායිලන්තය සහ මැලේසියාව ඇතුලු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට යොමුවූ ආසියානු තරගකාරී රටවල් අතරින් එකක් පමනක් විය. 1980 ගනන් වලින් ඇරඹි ලාභ ශ‍්‍රම වේදිකාවන්හි දැවැන්ත ව්‍යාප්තිය, මේවා ග‍්‍රාමීය රටවල සිට ගෝලීයකෘත නිශ්පාදනයේ මාධ්‍යය බවට පරිවර්තනය කලේය. කෙසේ වෙතත් මෙම නව ආර්ථික සබඳතා, ඇමරිකානු හා ගෝලීය ප‍්‍රාග්ධනයේ විනිවිදීමට බාධාවක් බවට පත්ව තිබූ සහචර ධනවාදය (crony capitalism) මත පදනම්වූ ඒකාධිපති දේශපාලන තන්ත‍්‍රයන් සමග ගැටුමක් ඇති කලේය. මෙහි ප‍්‍රතිපලයක් ලෙස 1980 ගනන් අග සහ 1990 ගනන් මුල තායිවානයේ, දකුනු කොරියාවේ සහ තායිලන්තයේ සමාජ අසහනය මධ්‍යයේ පාර්ලිමේන්තු පාලන තන්ත‍්‍ර අටවන ලදී. එහෙත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුනුවර පිටුපස පැරනි පොලිස් රාජ්‍ය මෙවලම එසේම තිබේ.

52. ආසියාවේ අවුල, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රයන්ගේ ඇදවැටීමෙන් සහ 1991 සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් සලකුනු කල පුලුල් සන්තතියක් සමග බැඳී තිබේ. නිශ්පාදනය ගෝලීය කරනය ඉතා තියුනු ලෙස, ස්ටැලින්වාදය ද එහි තනිව නැගී සිටීමේ “තනි රටේ සමාජවාදය” වැඩපිලිවල ද වැනි ජාතික ආර්ථික ක‍්‍රමෝපායන් මත පදනම් වූ සියලු කි‍්‍රයාමාර්ග, පක්ෂ සහ ආයතන වලට වල කැපීය.

53. 1990 ගනන් මුල ආසියාවේ ගෝලීයකෘත නිශ්පාදනය නාටකාකාරව වේගවත් වීය. ඩෙන් ෂියා ඕපෙන් ගේ “දකුනුදිග චාරිකාව” සමස්ත රටම දැවැන්ත නිදහස් වෙලඳ කලාපයක් බවට පත්කිරීම සහ රාජ්‍ය සතු ව්‍යාපාර පෙර නුවූවිරූ පරිමානයකින් පෞද්ගලීකරනය හෝ වසා දැමීම සනිටුහන් කලේය. සෝවියට් සංගමය ඇද වැටීමෙන් පහර වැදුන ඉන්දියාව, විදේශ ආයෝජන සඳහා පැවති බාධක බිඳ හෙලා තමන් ව්‍යාපාර සඳහා විවෘත බව ප‍්‍රකාශ කලේය. 1990 මුල් භාගය වනවිට ලෝක බැංකුව විසින් “ආසියානු ආර්ථික ආශ්චර්ය ය” ලෙස නම් කල රටවල් ගෝලීය දල දේශීය නිශ්පාදනයේ වාර්ෂික වර්ධනයෙන් අඩකට දායක වෙමින් තිබුනි.

54. කෙසේ වෙතත් නව ප‍්‍රතිවිරෝධතා මතුවෙමින් තිබුනි. වැඩි වන ප‍්‍රමානයක් සමපේක්ෂනයට සම්බන්ධ විදේශ ප‍්‍රාග්ධන ගලා ඒම දිගට පවත්වාගෙන යනු වස් ආයෝජකයන්ට තම රටවල මුදල් ඒකක නිසා සිදු විය හැකි අලාභයේ අනතුර අඩුකිරීම පිනිස ආසියානු ආර්ථිකයන්ට, සිය මුදල් ඒකක ඇමරිකානු ඩොලරය හා ගැට ගැසීමට සිදුවූයේ ය. එහෙත් 1994-5 තුල ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉහල දැමීම සඳහා ක්ලින්ටන් පාලනයට ජපානයෙන් එල්ලවූ බලපෑම් වලින් අනතුරුව නැගෙනහිර ආසියානු ආර්ථිකයන්ට පහර වැදීමට පටන් ගත්තේය. ඔවුන්ගේ මුදල් ඒකක ද ඇමරිකානු ඩොලරය අනුව ඉහල යමින් අපනයන වල මිල ඉහල ගොස් එමගින් ඒවායේ තරගකාරීත්වය අඩුවිය. වඩාත් කැපී පෙනෙන වෙනස් කම් ඇති වෙමින් තිබුනි. ආසියාව තුල ආයෝජන වඩ වඩාත් සමපේක්ෂනයට නැඹුරු වෙද්දී නිශ්පාදන අංශයේ දිගු කාලීන සෘජු විදේශ ආයෝජන චීනය දෙසට ඇදී ගියේ ය. ඩෙන් ගේ ආසියානු සංචාරයෙන් පසුව, චීනයට ගලා ආ සෘජු විදේශ ආයෝජන 1991 ඩොලර් බිලියන 4 සිට 1992 ඩොලර් බිලියන 11 දක්වා නැගුන අතර එය 1994 දී ඩොලර් බිලියන 34ක් වී ආසියානු මූල්‍ය අර්බූදය පැන නැගි 1997දී ඩොලර් බිලියන 45ට ලඟා විය. මෙය හුදු සය වසරක් තුල එකලොස් ගුනයක ඉහල යාමකි.

55. ආසියානු ව්‍යාඝ‍්‍ර රටවලට සිදුවූ ප‍්‍රාග්ධන ගලනයේ වඩ වඩාත් සමපේක්ෂනයට බර ස්වභාවය, 1997 ජුලියේදී තායි බාත් මුදල පා කිරීමෙන් සලකුනු කල, අර්බූදයක් පුපුරා හැරියේ ය. ඊලඟ මාස 12 තුලදී ඩොලර් බිලියන 100 ඉක්මවූ රත්වූ මුදල් (hot money) ප‍්‍රමානයක් කලාපයෙන් පිටතට ඇදී ගියේ ය. මෙහි ප‍්‍රතිපලයක් ලෙස ආසියාවේ විශාල පදාසයක් 1930 ගනන් වල මහා අවපාතයේදී ප‍්‍රධාන ධනපති ආර්ථික බලවතුන් අත් විඳි තරමේ ආර්ථික පසුබෑමකට මුහුන පෑවේ ය. ආසියානු මූල්‍ය අර්බූදය සැලකිය යුතු පල විපාක ගෙන දුන්නේය. ගෝලීයකෘත නිශ්පාදනයේ මුල් අදියරේදී “ආසියානු ව්‍යාඝ‍්‍රයෝ” ඇමරිකානු සහ යුරෝපා වෙලඳපොල වලට සෘජු ව නිමි භාන්ඩ නිපදවන වේදිකා ලෙස කි‍්‍රයා කලහ. කෙසේ වෙතත් නව සියවස ඇරැඹෙද්දී ඔවුන්ගේ භූමිකාවන් විස්ථාපනය කෙරෙමින් තිබුනි. අන්තර්ජාතික සංගත ඔවුන්ගේ මෙහෙයුම් චීනය දෙසට -සෘජු ආයෝජන ලෙස හෝ නිෂ්පාදනය චීන සමාගම් වලට කොන්ත‍්‍රාත් දීම ලෙස හෝ- හරවද්දී මෙම රටවල් නිමි භාන්ඩ ඇමරිකාවට සහ යුරෝපයට අපනයනය කරනවා වෙනුවට චීනයේදී සම්පූර්න කරන නිශ්පාදන සඳහා අවැසි කොටස් නිපදවීම වෙත වඩ වඩාත් හැරී ගත්තේය. 2001 දි චීනය ලෝක වෙලඳ සංවිධානයේ පූර්න සාමාජිකයකු වීමෙන් පසු මෙම සන්තතිය තවත් වේගවත් විය.

56. ලෝකය පුරා බලශක්ති සහ අමුද්‍රව්‍ය මූලාශ‍්‍ර සහතික කර ගැනීමට සහ ආසියාවේ සිය සැපයුම් දාම තහවුරුකර ගැනීමට බල කෙරුනු තතු හමුවේ චීන විදේශ පිලිවෙත මෙම දැවැන්ත ආර්ථික පරිවර්තනය තුලින් සෘජුවම ගලා එයි. 2002 දී බීජිනය ආසියාන් සංවිධානය සමග නිදහස් වෙලඳ ගිවිසුමක් අත්සන් තැබූ අතර සීතල යුද සංවිධානයක්ව තිබූ එය කලාපයේ ප‍්‍රමුඛ රාජ්‍ය තාන්ති‍්‍රක, ආර්ථික සහ මූලෝපායික වේදිකාව බවට පත් කිරීමට වෙහෙස නොබලා කටයුතු කලේය. ආසියානු මූල්‍ය අර්බූදය ආසනන්යේ ආසියාන්–3 (චීනය, ජපානය සහ දකුනු කොරියාව තහවුරු කරන ලදී. 2005 දී නැගෙනහිර ආසියා සමුලුව පිහිටුවන ලදී. චීනය ආසියාවේ සියලුම රටවල මෙන්ම ඉන් එපිට අපි‍්‍රකාව, මැද පෙරදිග සහ ලතින් ඇමරිකාව ඇතුලු බොහෝ රටවල විශාලතම වෙලඳ හවුල් කරුවා බවට පත් විය. මෙම ආර්ථික විස්ථාපනයේ විශාල දේශපාලන පල විපාක දැකගත හැකි වීය. චීනය සහ කලාපයේ රටවල් අතර වැඩෙන දේශපාලන මෙන්ම ආර්ථික සම්බන්ධ කම් පශ්චාත් යුද සමයේ ඇමරිකාව සහ එහි සගයන් ගොඩනගාගෙන තිබූ ස්ථාවරයට තර්ජනය එල්ල කලේය. ඔබාමා පාලනය යටතේ ඇමරිකාව චීනයේ ස්ථාවරය දුර්වල කිරීමටත් “හැරීම” ට පදනම දැමීමටත් ආසියානු කලාපීය සංසදයන්ට අවතීර්න විය.

ආසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා

57. ගැටුමේ මූලාශ‍්‍රය වන, ධනවාදී ලාභ පද්ධතිය සහ එහි යල් පිනූ, ලෝකය එදිරිවාදී ජාතික රාජ්‍යයන්ට බෙදා තැබීම අහෝසි කිරීමේ අරගලය තුලින්, යුද්ධය සඳහා වන එක්සත් ජනපදය තල්ලුව නැවැත්විය හැකි ලෝකයේ ඇති එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. සියලු රටවල කම්කරුවෝ කම්කරු පන්තිය බෙදා දැමීමටත්, ධනවාදයට එරෙහි එක්සත් ව්‍යාපරයක් අවහිර කිරීමටත් පමනක් සේවය කරන ජාතිකවාදය ට, වාර්ගික නොරිස්සුම්කම සහ ස්වෝත්තම වාදය ට විරුද්ධ විය යුත්තාහ.

58. සුපිරි පොහොසතුන් ඉතා සුලු ස්තරයක් නියෝජනය කරන සීසීපී නායකත්වය, චීනයේ වේවා අන් මොනම තැනක වේවා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “හැරීමට” විරුද්ධව කම්කරු පන්තියට කිසිදු ආයාචනයක් කිරීමට ඓන්දී‍්‍රයව ම අපොහොසත්ය. එක්සත් ජනපදය සහ එහි සහචරයින් සමග කමකට නැති මංමුලා සහගත අවි තරගයකට එලඹෙමින් සහ සෘජු අධිරාජ්‍යවාදී සූරාකෑමට චීන ආර්ථිකය තව දුරටත් විවෘත කිරීමට පවා ඉදිරිපත් වෙමින් වොෂින්ටනය සමග නව සම්මුතියක් සොයමින් ඔවුන් එජ තර්ජන වලට ප‍්‍රතිචාර දක්වයි.

59. සීසීපී ය සිය පටු සමාජ පදනම ඔසවා තබා ගැනීමට චීන ජාතිකවාදය සහ ස්වෝත්තමවාදය අවුලුවයි. විවිධ නව මා ඕ වාදීන්ගේ සහ නිලධරයේ නව වාම ක්ෂමාලාපකයන්ගේ කියාපෑම් වලට ප‍්‍රතිපක්ෂව චීන ජාතික වාදය අන්තයටම ප‍්‍රතිගාමීය. ජපාන විරෝධී ස්වෝත්තමවාදය මත ඔවුන්ගේ රඳා පැවැත්මෙහි එල්ලය වන්නේ චීන සහ ජපාන කම්කරුවන් බෙදා වෙන් කිරීම ය. ජනාධිපති ෂී ජින්පින්ග් ගේ “චීන ජාතියේ ශ්‍රේෂ්ඨ තිරිහන්වීම” පිලිබඳ “චීන සිහිනය” අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ඇඟවුම් කිරීමක් නොව, අධිරාජ්‍යවාදී මේසයේ කොනක් සඳහා වන චීන ධනේශ්වරයේ දිගු කාලීන සිහිනය වේ. බීජිනය මිලිටරිය ට වඩා අභ්‍යන්තර පොලිස් මෙවලම ට වියදම් කරන්නේ ය යන කාරනය පෙන්නුම් කරන්නේ, ඔවුන් මිලියන 400ක් වන කම්කරු පන්තිය, ඇමරිකානු යුද යන්ත‍්‍රනයට වඩා වැඩි තර්ජනයක් ලෙස සලකන බවය.

60. චීන තන්ත‍්‍රය විසින් හන් ස්වෝත්තමවාදය ඇවිලවීම සහ ඔවුන් ටිබෙට්, උයිගූර් සහ අනෙකුත් සුලු ජාතීන් මර්දනය කිරීම කෙලින්ම වොෂින්ටනයේ පිලට පැනීමකි. බෝල්කනයේදී කලා සේම චීනය කඩා බිඳ දැමීමට ජාතික, වාර්ගික සහ භාෂා මය වෙනස්කම් ගසා කෑමට ඇමරිකාව පසුබට නොවනු ඇත. යලි වතාවක් ව්‍යාජ වාම සංවිධාන චීනයේ ටිබෙට්, උයිගූර් සහ අනෙකුත් ජාතික සුලුතරයන් සඳහා බෙදුම්වාදය ඉදිරිපත් කරමින්, අධිරාජ්‍යවාදයේ ප්‍රෝඩාකාරී “මානුෂික අයිතිවාසිකම්” පිලිබඳ න්‍යාය පත‍්‍රයේ පෙරමුනට පැනගෙන සිටී. උදාහරනයක් ලෙස ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී විකල්පය කන්ඩායම, “චීනයේ ටිබෙට් ජනයාගේ සහ අනෙකුත් පීඩිත සුලු ජාතීන්ගේ ස්වයං නිර්න අයිතිය සඳහා සිය සහාය තහවරු කරයි”.

61. “ස්වයං නිර්න අයිතිය” ට කරන එවැනි ආයාචනා, ජාතික පීඩනයට එරෙහි අරගලය හා කිසිදු සම්බන්ධයක් නැත. ඒවායේ අරමුන වනුයේ ජාතික සුලුතරයන් අධිරාජ්‍යවාදීන් සමග හවුලේ කටයුතු කරන දලයි ලාමා පිටුවාහලේ ඇතිකර තිබෙන ටිබෙට් ආන්ඩුව වැනි ප‍්‍රතිගාමී දක්ෂිනාංශික ධනේශ්වර නායකත්වයන් ට යටත් කර දැමීමය. අධිරාජ්‍යවාදයේ අර්ධ විජිතයන් හැර අන් යමක් නොවිය හැකි වන වෙනම ධනපති රාජ්‍යයන් ස්ථාපිත කිරීමෙන්, ටිබෙට් සහ උයිගූර් සුලුතර ජාතීන්ගේ සංස්කෘතිමය සහ ආර්ථිකමය මර්දනය පිලිබද යුක්තිසහගත දුක් ගැනවිලි විසඳිය නොහැක. එකම විසඳුම, මෙම පීඩිත සුලු ජාතීන්, චීනයේ, කලාපයේ සහ මුලු මහත් ලෝකයේ කම්කරු පන්තිය දෙසට හැරෙමින්, චීන ධනේශ්වරයට සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත කරන ඒකාබද්ධ දේශපාලන අරගලයකි.

62. එක්සත් ජනපදය “හැරීම” ජපානය යලි සන්නද්ධවීම සහ ජපාන මිලිටරිවාදය යලි පන ගැන්වීම දිරිමත් කරයි. 2010 මැද ඔබාමා පරිපාලනය, යුකියෝ හතයාමා ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය බලයට පැමිනි ආසන්නයේදීම ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමට මැදිහත් විය. ඕස්ටේ‍්‍රලියාවේ අගමැතිව සිටි රඞ් ට එරෙහි කුමන්ත‍්‍රනයෙන් අනතුරුව සිදු වූවා සේම හතොයාමා ඉවත් කිරීමෙන් ද සමස්ත ජපාන දේශපාලන සංස්ථාපිතයම දකුනට පැද්දී යාමේ ක‍්‍රියාවලියක් පනගැන්වීය. සෙන්කාකු/ඩයෝයු දූපත් අරභයා චීනය සමග වූ මත බේදය ජපාන කොමියුනිස්ට් පක්ෂයද ඇතුලු දේශපාලන සංස්ථාපිතය හරහා චීන විරෝධී හැඟීම් ඇවිලවීමේ පිනුම් පෙත බවට පත්විය. ප‍්‍රතිපලය වූයේ පශ්චාත් යුද කාලයේ බලයට පත්වූ ඉතාමත්ම දක්ශිනාංශික අගමැති ෂින්සෝ අබේ ගේ ආන්ඩුව බලයට පැමිනීමය. අබේ ගේ න්‍යාය පත‍්‍රය වනුයේ ජපාන අධිරාජ්‍යවාදයේ උවමනාවන් -එක්සත් ජනපදය හා එක්ව, ස්වාධීනව හෝ ඊට විරුද්ධව පවා- ආක‍්‍රමනශීලීව ක‍්‍රියාවට නැංවීමට සන්නද්ධ හමුදා සූදානම් කිරීමයි. ඔහු විසින් ජපාන මිලිටරි වාදය යලි පිබිදවීම කම්කරුවන් සහ තරුනයන් ඉදිරියේ විශාල අනතුරක් මතුකරයි. 1937 චීනයේ නැන්ජින් සමූල ඝාතනය වැනි අධිරාජ්‍ය හමුදාවේ අපරාධ වලට සුදු හුනු ගාන ඕනෑම ආන්ඩුවක්, ජපාන කම්කරු පන්තියට එරෙහිව 1930 ගනන්වල පොලිස් රාජ්‍ය විධික‍්‍රම යලි ගෙන ඒමට නොපැකිලෙනු ඇත.

63. අවශේෂ ආසියාව පුරා අනෙකුත් පාලක පන්තීන් ද එක්සත් ජනපදය සමග මිලිටරි බැඳීම් ශක්තිමත් කර ගනිමින් සහ යුද්ධය අරමුනු කරගනිමින් ඔබාමාගේ “හැරීම” තුලට එක්වීගෙන සිටී. නූතන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2012 දී ආසියානු රටවල් සමස්ත යුරෝපයේ ඒකාබද්ධ වියදමට වඩා සිය සන්නද්ධ හමුදාවන් සඳහා වියදම් කලේය. තියුනු ආර්ථික පසුබෑමකට මුහුන දී සිටින ආසියාව පුරා ආන්ඩු, නැගී එන සමාජ ආතතීන් බාහිර සතුරකුට එරෙහිව පිටතට යොමු කිරීම සඳහා, ජාතිකවාදය සහ ස්වෝත්තමවාදය අවුලුවමින් සිටී. ඒ සමගම ඔවුන් ජාමූඅ අන කි‍්‍රයාවට නැංවීම සහ කම්කරු ජනයාගේ ජීවන තත්වයන්ට පහර දීම හමුවේ සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුන ගලවා දමමින් සිටියි. තයිලන්තයේදී බැංකොක් ප‍්‍රභූව, ඡන්දයෙන් පත් වූ ආන්ඩුව මිලිටරියේ පිටුබලය ලබන “ජනතා කවුන්සිලයකින්” විස්ථාපනය කරන ලෙසට උද්ඝෝෂනය කරයි. දකුනු කොරියාවේ ජනාධිපතිනි පාක් ගුවන් හයි ඇගේ පියාගේ පොලිස් රාජ්‍ය විධික‍්‍රම යලි පන ගන්වමින් සිටී.

64. අධිරාජ්‍ය විරෝධී අරගලයට නායකත්වය දීමට ද ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජ අභිලාශයන් ඉටුකිරීමට ද සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තිය බව කියා සිටින ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලව න්‍යායේ තීරනාත්මක පාඩම්, දැන් දැවෙන හදිසි භාවයක් අත්කරගෙන තිබේ. කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය ගොඩ නැගෙනු ඇත්තේ, ධනේශ්වරයේ සියලුම අංශ වලට මෙන්ම ඔවුන්ගේ ස්ටැලින්වාදී සහ ව්‍යාජ වාම ආරක්ෂකයන්ට ද එරෙහි අශමනීය දේශපාලන අරගලයක් තුලින් පමනි. සියල්ලටත් වඩා පිලිපීනය, දකුනු කොරියාව සහ තායිලන්තය වැනි ධනපති වර්ධනය ප‍්‍රමාද වූ රටවල කම්කරුවන් මුහුන දෙන දැවැන්ත සමාජ සහ ආර්ථික ගැටලු, ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල, සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ, කම්කරු පන්තිය දෙසට හැරීමෙන් තොරව විසඳිය නොහැක. ඒ සමගම කම්කරුවන් “චීන ව්‍යාප්තවාදය” පිලිබඳ ප‍්‍රචාරක මහෝගය ප‍්‍රතික්ෂේප කල යුතු වන අතර ධනපති සූරාකෑමට එරෙහිව පොදු අරගලයට, චීනයේ සිය පන්ති සොහොයුරන් සහ සොයුරියන් වෙත හැරිය යුතු ය. මෙම දේශපාලන කර්තව්‍යයන් ඉල්ලා සිටින්නේ, ධනවාදය පෙරලා දමා ලෝක සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා සෑමතැනකම සිටින කම්කරුවන් එක්සත් කිරීම තුලින්, අරගලයට නායකත්වය දෙන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂ හතරවන ජාත්‍යන්තරයේ ශාකාවන් ලෙස චීනයේ, ජපානයේ සහ කලාපය පුරා ගොඩ නැගීමය.

65. ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පන්තිය තුල සමාජවාදය සඳහා අරගලය ආසියාවේ සහ ගෝලීයව සමාජවාදී විප්ලවය වර්ධනය වීම සමග අවියෝජනීයව බැදී තිබේ. සසප, හජාජාක වේ සහෝදර පක්ෂ සමග එක්ව, ආසියානු භාෂාවලින් නිරන්තරව පල කෙරෙන ලිපි සහ පරිවර්තන වර්ධනය කිරීම ආදිය ඇතුලු ආසියාව තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආනුභාවය වර්ධනය කිරීමට සහ ආසියා පැසිෆික් කලාපයේ හජාජාක නව ශාඛා ගොඩනැගීමට සටන් කරනු ඇත. 21 වන සියවසේ විප්ලවවාදී අභියෝගවලට මුහුන දෙනු පිනිස සසප කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඉතාම දියුනු, ප‍්‍රතිපත්ති ගරුක සහ කැපකිරීමට සූදානම් ස්ථර, ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන්ගේ, කි‍්‍රයාමාර්ගයේ සහ ඉදිරි දර්ශනයේ ජීවමානව තිබෙන 20 වන සියවසේ ජත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් වලින් උගන්වා ගැනීමට උත්සාහ දරනු ඇත.

Share this article: