ඉන්දියාව සහ එජ, මිලිටරි-මූලෝපායික සබඳතා තවත් පුලුල් කරයි

India and US to further expand military-strategic ties

දීපාල් ජයසේකර විසිනි, 2014 අගෝස්තු 14

ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හෙගල් පසුගිය සතියේ නව දිල්ලියේ කල සංචාරය තුලදී ඉන්දියාව සහ ඇමරිකාව, දැනටමත් ඔවුන් අතර පවතින සමීප සබඳතා තවදුර පුලූල් කිරීමට තීරනය කැරින.

හෙගල් සිය තුන් දින සංවාරයේදී, භාරතීය ජනතා පක්ස්ෂය (බීජේපී) විසින් මෙහෙයවනු ලබන නව ඉන්දීය ආන්ඩුවේ අගමැති නරේන්ද්‍ර මෝඩි, විදේශ ඇමති සුශ්මා ස්වරාජ්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවල් සහ මුදල් හා ආරක්ෂක ද්විත්ව ඇමති තනතුරු දරන අරුන් ජයිට්ලි ඇතුලූ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයන් සමග සාකච්ඡා පැවැත්විය.

හෙගල් සහ ජයිට්ලි දස වසරකට පෙර අත්සන් තැබූ ඉන්දියා-එජ ආරක්ෂක සැලසුම් ගිවිසුම අලුත් කිරීමේ සාකච්චා ආරම්භ කිරීමට එකඟ විය. 2005 සාකච්චා කල ජුලියේ අවසන් වීමට නියමිත ආරක්ෂක සැලසුම් ගිවිසුම ඉන්දු-ඇමරිකා සබඳතාවන්හි අති මූලික වෙනසක් සලකුනු කරමින් ඉන්දියාව -එජ සීතල යුද සමයේ වැඩි කාල පරිච්චේදයක් තුල තම එදිරිවාදියකු ලෙස සැලකූ- පෙන්ටගනයට නැතුවම බැරි රටවලින් එකක් ලෙස මතුව ආවේය.

හේගල් හා ජෙයිට්ලි, ආරක්ෂක තාක්ෂනික සහ වෙලඳ වැඩසටහන (ඞීටීටීඅයි) කි‍්‍රයාත්මක කිරීම සඳහා පියවර ගැනීමට ද තීරනය කලහ. 2012 මෙම ගිවිසුමට අනුව ඉන්දු-එජ “ගෝලීය මූලෝපායික හවුල” සවිමත් කිරීමේ ප‍්‍රකාශිත අරමුන සහිතව එජ අධි තාක්ෂනික ආයුධ සහ ආයුධ පද්ධති සමහරක් ඉන්දියාව සමග හවුලේ නිපදවීමට ඉදිරිපත් විය.

ඔබ්සර්වර් පර්යේෂන පදනම පසුගිය 10දා සංවිධානය කල හමුවකදී කතා කරමින් හෙගල් පවසා සිටියේ, ඞීටීටීඅයි “අපගේ ආරක්ෂන සබඳතා වල කේන්ද්රීය කොටස” බවය. ඔහු තව දුරටත් කියා සිටියේ වොශින්ටනය නව දිල්ලියට ලබාදෙන හවුල් සංවර්ධනයේ සහ හවුල් නිශ්පාදනයේ මිලිටරි ගනුදෙනු ඇමරිකාව “අන් කිසිදු රටක්” සමග සිදුකරන ගනුදෙනු මෙන් නොවන බව ය.

මිලිටරි තාක්ෂනික ක‍්‍රම හතක් ඉන්දියාව සමග එක්ව දියුනු කිරීමට එජ ඉදිරිපත්වී තිබෙන බව වාර්තා වන අතර හෙගල් ට අනුව “දුසිමකටත් වැඩි සංයුක්ත යෝජනා” සැලකිල්ලට ගෙන තිබේ.

ප‍්‍රවෘත්ති වාර්තාවන්ට අනුව වොෂින්ටනයේ යෝජනා අතර ඉන්දියාව තුල එජ යුද ටැංකි නාශක හෙල්ල මිසයිල නිශ්පාදනය සහ ඊලඟ පරම්පරාවේ හෙල්ල මිසයිල හවුලේ වැඩි දියුනු කිරීම, හෝක් 21 බිම සිට ගුවනට විදින මිසයිල හවුලේ නිශ්පාදනය සහ විශාල ගුවන් යානා වලට කුඩා නැව් වලින් ගුවන් ගත වීමට ඉඩ සලසන කාන්දම් කැටපෝල නිපදවීමට හවුල් වීම ඇතුලත් වෙයි.

පසුගිය දශකයේදී ඉන්දියාවට ඩොලර් බිලියනයක ආයුධ විකුනූ එජ, දැනට ලොව විශාලතම ආයුධ ආනයන කරුවා වන ඉන්දියාව සමග මිලිටරි ගනුදෙනු පුලූල් කර ගැනීමට ඉමහත් උනන්දුවක් දක්වයි..

එහෙත්, එජ ඞීටීටීඅයි වෙත දී ඇති ප‍්‍රමුඛත්වය, ඔබාමා පරිපාලනයේ සහ පෙන්ටගන නිලදරුවන්ගේ මනස් තුල මූලෝපායික ගැටලූ මුල් තැන ගන්නා බව සලකුනු කරයි.

දශකයකටත් වැඩි කලක සිට එජ, මූලෝපායිකව චීනය වැටලීමේ හා හුදෙකලා කිරීමේ සිය තල්ලුව තුල, නවදිල්ලිය පෙරට ගැනීමේ හා චීනයට එරෙහි ප‍්‍රති බලයක් ලෙස එය ගොඩනැගීමේ අරමුන ඇතිව ඉන්දියාව සමග දැඩි මිතුරු කමක් පවත්වාගෙන යමින් සිටියේය.

දියුනු ආයුධ පද්ධති වල සම නිශ්පාදන එකඟතාවන් ඉන්දියාවට ලබා දීම මගින් එජ, සිය කොල්ලකාරී මූලෝපායික න්‍යාය පත‍්‍රයට ඉන්දියාව ගොනු කර ගැනීම දෙසට එල්ල කැරුනු වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික, ආර්ථික සහ රාජ්‍යතාන්ති‍්‍රක වැඩසටහනේ කොටසක් ලෙස, ඉන්දියානු සහ ඇමරිකානු මිලිටරියේ වඩා සමීප බැඳීමක් ප‍්‍රවර්ධනය කිරීමට වෙර දරයි.

සිය ඉන්දීය සංචාරය තුලදී හෙගල් මත් එහි ආක‍්‍රමනශීලී සහ කුපිතකාරී ස්වභාවය වහංගු කිරීමට කටයුතු කරන අතරේදී මෙම න්‍යාය පත‍්‍රය ගැන සඳහන් කලේය.

“අද ඉන්දියාව නැගෙනහිර දෙසට දෑස් යොමුකරද්දී සහ එජ” ආසියාව දෙසට “යලි-තුලනය වෙද්දී”, නිදසුනක් ලෙස, සිය මිලිටරි බලයේ වැඩි ප‍්‍රමානයක් ඉන්දු-පැසිෆික් කලාපයට හැරවීමේදී, දෙරට “කිසිදා නොතිබූ තරම් සමීපස්තව එක පෙලට සිටී” ආදී වශයෙන් ආරක්ෂක ලේකම් හඬ නැගීය.

කෙසේ නමුත් පසුව ඔහු, එජ ඉන්දියාව සමග සමීප මිලිටරි-මූලෝපායික සබඳතා ඇති කර ගැනීම, චීනය ට එරෙහිව එල්ල කෙරෙන්නක් නොවන බව නිර්ලජ්ජිතව ප‍්‍රකාශ කලේය. “එජ සමග වඩා සමීප සබඳතා සහ චීනය සමග සබඳතා වැඩි වර්ධනය කර ගැනීම අතුරින් එකක් ඉන්දියාව විසින් තෝරා ගැනීම” අවශ්‍ය නොවන්නා සේම ඇමරිකාවට ද සිය “ආසියානු මිතුරන් සහ චීනය සමග ඵලදායී සබඳතා අතුරින් එකක් තෝරා ගැනීම අවශ්‍ය නොවේ” යයි හෙගල් පැවසීය.

ඉන්දියාව කෙරේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවධානය ඉදිරියට ගෙන යන්නේ, නැගී එන චීනය ගැන ඔවුන්ගේ කනස්සල්ල තුලින්ය. කෙසේවතුදු රුසියාව සමග වේගයෙන් උත්සන්නවන වොශින්ටනයේ ගැටුම් මගින් එක්කර තිබෙන අලුත් මානය වනුයේ විශේෂයෙන්ම ඉන්දියාව සමග ආයුධ ගනුදෙනු සහ සම-නිශ්පාදන ගිවිසුම් වලට ඇමරිකාවේ එලඹුමය.

දිගු කලක් තිස්සේ ඉන්දියාවේ ඉතාම වැදගත් ආයුධ සපයන්නා වූයේ රුසියාව වන අතර අඩු තරමේ සීතල යුද සමය අවසන් වීමෙන් පසුව වුවත් මෙම මිලිටරි හවුල් කාරකම මොස්කෝව සහ නව දිල්ලිය අතර සමීප සබඳතාවල මුල් ගල වූ හෙයින් මෙම පෙරමුනෙන් ඇමරිකාව සාර්ථක වීම සිදුවන්නේ බොහෝකොටම රුසියාවේ වියදමෙනි.

ඉන්දියාවට මොස්කෝවෙන් ඈත් වන ලෙස හෙගල් ප‍්‍රසිද්ධියේ නොකීව ද එජ ඉතාම වැදගත් ආසියානු සගයා වන ජපානය සමග ත්‍රෛ පාර්ශ්වීය සබඳතා තරකර ගැනීමට එරට දිරිගැන්වීය. “ඉන්දියාව සහ එජ, ජපානය සමග සිය ත්‍රෛ පාර්ශ්වීය ආරක්ෂක සහයෝගීතා පලල් කිරීම සලකා බැලිය යුතුය” යනුවෙන් එජ ආරක්ෂක ලේකම් ප‍්‍රකාශ කලේය. “අප අතර අමාත්‍ය මට්ටමේ ත්‍රෛ පාර්ශ්වීය ආරක්ෂක සහයෝගිතාවය තිබිය යුතුය.”

මෝඩි සමග වූ හෙගල් ගේ කතාබහ, එජ සෘජු මිලිටරි මැදිහත්වීම් යලි ඇරඹූ ඉරාකයේ සහ එජ සහාය ඇතිව ඇටවූ ආන්ඩුවේ බල කනුවක් ලෙස ඉන්දියාව මතුවී ආ ඇෆ්ගනිස්තානයේ තත්වය ඇතුලු මූලෝපායික භූ-දේශපාලන කාරනා කෙරෙහි යොමුවුන බව වාර්තා වෙයි.

ඉන්දීය සන්නද්ධ හමුදා “නවීකරනය” තමන්ගේ මූලික අරමුනු වලින් එකක් බව බීජේපී ආන්ඩුව ප‍්‍රකාශ කල අතර චීනයේ වැඩෙන මිලිටරි බලයට ප‍්‍රතිමුඛවනු පිනිස ඇමරිකාවෙන් ලද සමනිශ්පාදන සහ තාක්ෂන හුවමාරු ගනුදෙනු සඳහා වන අවස්ථාවෙන් වාසි ලබා ගැනීමට බොහෝ සේ උනන්දු බවට ද ඇඟවුම් කලේය.

හෙල්ල මිසයිලය සම-නිශ්පාදනයට වොශින්ටනයෙන් ලද වරම ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තක්සේරු කරමින් සිටින බව පැවසෙන අතර අඩුම තරමින් ඩොලර් බිලියන 1.4 ක ඇමරිකානු ඇපචි හෙලිකොප්ටර් 22ක් සහ ෂිනුක් හෙලිකොප්ටර් 15ක් මිලයට ගැනීමේ ගනුදෙනුව අවසන් වීමට ලංවී තිබේ.

ආරක්ෂක ඇමති ජයිට්ලි හෙගල් සමග තමා පැවැත්වූ සාකච්චා ගැන වාර්තා කරමින්, ආරක්ෂාව සමග බැඳුනු කර්මාන්ත තුල විදේශ සෘජු ආයෝජන (එෆ්ඞීඅයි) සීමාව සියයට 26 සිට සියයට 49 දක්වා ඉහල දැමීමට මෑතදී ගත් තීන්දුවේ වැදගත් කම අවධාරනය කලේ, එය සම-නිශ්පාදන ගනුදෙනු වලට පහසුකම් සපයන බව පවසමිනි. ඔහු මෙසේ ද පැවසීය: “මේ සම්බන්ධව අපි ඇමරිකාව සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.”

ඉන්දියාව ආරක්ෂක අංශයේ එෆ්ඞීඅයි වලින් ලද “ප්රගතිය” හෙගල් විසින් ඒ වනවිටත් ප‍්‍රසන්ශාවට ලක් කර තිබුනි.

හෙගල් සමග වූ සිය කතා බහේදී මෝඩි, ඕනෑම මිලිටරි සම නිශ්පාදනයකදී “දියුනු තාක්ෂනික හුවමාරු” ගැන වන පොරොන්දු ඇමරිකාව විසින් ඉටුකිරීමේ වැදගත් කම ගැන අවධාරනය කල බව වාර්තා වේ. සිය කාර්යාලයෙන් නිකුත් කල පුවත් නිවේදනයක මෝඩි, සමස්තයක් ලෙස ඉන්දු-එජ “ආරක්ෂක සබඳතා වල වැදගත් කම හා මූලෝපායික සහයෝගයේ වැද්ගත් කම අවධාරනය කල අතර ආරක්ෂක කර්මාන්තය සහ තාක්ෂන හුවමාරුව” මෙන්ම පුලුල් ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස සහ මූලෝපායික අධ්‍යයන පිලිබඳව “ප‍්‍රගතියක් දැකීමට කැමති” යයි සඳහන් විය.

ඉකොනොමික් ටයිම්ස් පවසන පරිදි: “මෝඩිගේ මන්තරය වන්නේ රුසියාව සමග පවතින සහයෝගීතාවය තිබියදීම ඇමරිකාව, ප‍්‍රන්සය සහ අනෙකුත් උනන්දුවක් දක්වන රටවල් සමග ඒකාබද්ධ වර්ධනය සහ සම නිශ්පාදනය හරහා ආරක්ෂක කර්මාන්තයේ ස්වයංපෝෂනය වීමය.”

බීජේපී ආන්ඩුව සහ ඉන්දීය මිලිටරි-ආරක්ෂක සංස්ථාපිතය මිලිටරි සම නිශ්පාදනය සඳහා වන ඇමරිකානු වරමෙන් පල ප‍්‍රයෝජන ලබා ගැනීම පිලිබඳව ඉමහත් සේ උනන්දු වන අතර ම, තීරනාත්මක මූලෝපායික සහ භූ-දේශපාලන කාරනා වලදී වොෂින්ටනය, ඉන්දියානු මිලිටරියේ සැපයුම් කරුවකු ලෙස සිය භූමිකාව, නව දිල්ලිය එජ මාවතේ ගමන් කරවීමේ ලීවරයක් ලෙස යොදා ගනීවි ද යන්න ගැන උත්සුකයන් ද තිබේ.

සිය න්‍යෂ්ටික වැඩසටහන නිසා ඉන්දියාව දිගු කලක් තිස්සේ ඇමරිකානු සම්බාධක වල ඉලක්කයක්ව තිබූ අතර 2006 ඉන්දු-එජ න්‍යෂ්ටික ගිවිසුම පිලිබඳ සාකච්චාවලදී ද වොෂින්ටනය න්‍යෂ්ටික ගනුදෙනුව පෙරට ගෙන යාමේ කොන්දේසියක් ලෙස ඉරානයට එරෙහි තම ව්‍යාපාරයට සහාය දෙන ලෙස නව දිල්ලියට යලි යලිත් කියා සිටියේය.

එසේ වුවත් මහ ව්‍යාපාරික සහ මිලිටරි-ආරක්ෂක සංස්තාපිතය, ඞීටීටීඅයි යටතේ එජ විසින් දෙන ලද එකදු හෝ සම-නිශ්පාදන ගනුදෙනුවක් පෙරට ගෙනයාමට, පෙර තිබූ කොන්ග‍්‍රස් නායකත්වය යටතේ වූ එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව අසමත් වීම ගැන කෝපයෙන් පසුවීය. පසුගිය 09දා සන්ධ්‍යාවේ හෙගල් ඉන්දීය වෙලඳ මන්ඩලය සමග පැවැත්වූ වට මේස සාකච්ඡාවේදී, කර්මාන්ත නියෝජිතයෝ වර්තමාන ආන්ඩුවට පූර්නව වෙනස් ලෙස පෙර පැවති ආන්ඩුව ඉන්දීය පෞද්ගලික අංශය ඞීටීටීඅයි වැඩසටහනෙන් ඈත්කර තැබූ බවට චෝදනා කලහ.

Share this article: