100 වසරකට පෙර‍: ජර්මනිය තුල බිස්මාක්ගේ ශත සංවත්සර මිලිටරිවාදී සමරුව

100 years ago: Militarist celebrations of Bismarck centenary in Germany

2015 අප්‍රේල්

ඔටෝ වොන් බිස්මාක්

ජර්මානු බලධාරීහු 1915 අප්‍රේල් 01දා, ජර්මානු අධිරාජ්‍යයේ නිර්මාතෘ ද දිගුකාලීන පෘසියානු නායකයා ද වූ ඔටෝ වොන් බිස්මාක්ගේ සියවන උපන්දිනය වෙනුවෙන් මහජන උත්සව සංවිධානය කලහ.

බර්ලිනයේ හා අනෙකුත් ප්‍රධාන නගරවල වීදි සිය ගනන් කොඩි වලින් සරසා තිබුනු අතර විශාල සමරු උත්සව පවත්වන ලදී. ඒ අන් කිසිවක් නොව, 1914 අගෝස්තුවේ පුපුරා ගිය පලමු ලෝක යුද්ධය තුලට කම්කරුවන් හා තරුනයින් බලහත්කාරයෙන් ඇද බැඳ ගැනීම සඳහා මිලිටරිවාදී ජාතිකවාදයේ වටපිටාවක් ගොඩනැඟීමේ උත්සාහයකි.

කයිසර් විල්හෙල්ම්II, ජර්මානු චාන්සලර් බෙත්මාන් වොන් හොල්වෙග් වෙත යැවූ විදුලි පනිවිඩයකින් කියා සිටියේ, බිස්මාක්, “ජර්මනියේ ශක්තියේ හා අධිෂ්ඨානයේ පුද්ගලාරෝපනය” බවය.

ඉතිහාසඥ එඩ්ගා ෆුච්ට්වැන්ගර්ට අනුව, “බිස්මාක් කල්ලිය,ඔහුගේ මරනය හා 1918 ජර්මනියේ පරාජය අතර කාලයේ ඉහලම තුඩට පැමින සිටියේය. බිස්මාක්ගේ ස්මාරක ජර්මනිය පුරා පැන නැඟුනු අතර සිය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය, බලය හා අනාගත ඉරනම සැමරීම සඳහා ජර්මානුවන් එක් රැස්වූ නොයෙකුත් අවස්ථාවලදී ඔහුගේ නම හඬ නඟනු ලැබින.”

1898දී මියගිය බිස්මාක්, 1962දී කයිසර් විල්හෙල්ම් I විසින් පෘසියාවේ ඇමති-ජනාධිපති ලෙස පත්කර තිබුනි. වංශාධිපති ජුන්කරයෙක් (පෘසියානු ඉඩම් හිමියෙක්) ද මිලිටරිවාදියෙක් හා කම්කරු පන්තියේ රුදුරු විරුද්ධවාදියෙක් වූ බිස්මාක්, 1871 ජර්මානු ඒකාබද්ධයේ සභාපති වූ අතර නව සමූහාන්ඩුගත රාජ්‍යයේ චාන්සලර් ලෙස ද පත්කරනු ලැබින.

1862 සිය ප්‍රකට “ලේ හා යකඩ කථාව” තුල බිස්මාක්, “ජර්මනිය තුල පෘසියාවේ තත්වය තීරනය කල යුත්තේ, එහි ලිබරල්වාදයෙන් නොව එය සතු බලය මඟිනි. දවසේ මහා ප්‍රශ්න තීරනය කල යුත්තේ, බහුතරයකගේ තීරන මඟින් හෝ කථා මඟින් නොව, යකඩ හා ලේ වලිනි.” යනුවෙන් පැවසීය.

ජර්මානු රජය විසින් කම්කරු පන්තියේ මහජන සමාජවාදී ව්‍යාපාරය මැඬීමට දැරන ලද උත්සාහයන්හිදී ද බිස්මාක් එහි හරි මැද සිටියේය. 1878දී ඔහු, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වේගවත් වර්ධනය නීති විරෝධී කල “සමාජවාදී විරෝධී නීති” පැනවූ අතර ඒවා රයිච්ටෑග් හෙවත් ජර්මානු පාර්ලිමෙන්තු නියෝජිතයන්ට බල නොපෑ අතර 1890 බල රහිත කරන තෙක්ම ක්‍රියාත්මක විය.

මිලිටරිවාදයේ නියෝජිතයෙකු ලෙස බිස්මාක්, පෙරමුනු දෙකක යුද්ධය, එනම් නැඟෙනහිරේදී රුසියාව සමඟත් බටහිරදී බ්‍රිතාන්‍ය හා/හෝ ප්‍රන්සය සමඟත්, යුද්ධයේ අනතුර වලක්වාගනිමින්, ජර්මනිය යුරෝපීය කටයුතු වලදී ප්‍රමුඛ තැනක තැබීමේ අරමුනු ඇතිව බල දේශපාලනයේදී තුලනයක් පවත්වාගත්තේය.

Share this article: