සියක් වසරකට පෙර: සමාජවාදී තරුන සමුලුවක් ස්විට්සර්ලන්තයේ බර්න් නඟරයේදී පැවැත්වින

100 years ago: Socialist youth conference held in Bern, Switzerland

2015 අප්‍රේල් 06

ලෙනින්

1915 අප්‍රේල් 07දා ස්විට්සර්ලන්තයේ බර්න් නඟරයෙහි පැවැත්වුන ජාත්‍යන්තර තරුන සමාජවාදීන්ගේ සමුලුව සිය කටයුතු නිමා කලේය. යුද්ධයට ගැති පක්ෂවල අනුමැතිය නොලැබුන ද තරුන සමාජවාදීන්ගේ සමුලුව, රටවල් දහයක නියෝජිතයින් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පාස්කු කාලය පුරාවටම පැවැත්වින.

බල්ගේරියාවේ, ජර්මනියේ, ඩෙන්මාර්කයේ, ඉතාලියේ, නෙදර්ලන්තයේ, නෝරවේ, පෝලන්තයේ, රුසියාවේ ස්විට්සර්ලන්තයේ, ස්වීඩනයේ තරුන සංවිධානවල නියෝජිතයෝ ඒ අතර වූහ. තියුනු මතභේද වලින් ඉරීගොස් තිබුන සමුලුවේ සාකච්ඡාව මාධ්‍යගතව තිබුනේ, යුද්ධයේ ස්වභාවය ගැනය. සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂවල භූමිකාව ද සාකච්ඡාවන්ට බඳුන් විය.

සමුලුවේ දෙවන දිනයේදී රුසියාවේ හා පෝලන්තයේ නියෝජිතයන්ගේ තියුනු විවේචන මධ්‍යයේ යුද්ධය පිලිබඳ යෝජනාව ඉදිරිපත් විය. ඒ වන විට බර්න්හි ජීවත්ව සිටි රුසියානු විප්ලවවාදියෙකු වූ ව්ලැඩිමීර් ලෙනින්, සමුලුවට සහභාගී නොවුන ද රුසියානු නියෝජිතයින් සමඟ සමීපව කටයුතු කලේය.

සියල්ලටත් වඩා, දෙවන ජාත්‍යන්තරයේ සමාජ ස්වෝත්තමවාදයෙන් මුලුමනින්ම කැඩී වෙන් වීමේ අවශ්‍යතාව ගැන අවධානය නොදක්වාම සම්මත කල යෝජනාව ඔවුහු හෙලාදුටුවෝය. 1914 අගෝස්තුවේ පලමු ලෝක යුද්ධය පිපිරීමත් සමඟ දෙවන ජාත්‍යන්තරයේ සියලු ශාඛාවන්ම පාහේ තමන් පූර්වයෙන් දරා සිටි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය පාවා දෙමින් “තමන්ගේම“ ආන්ඩුවල කොල්ලකාරී යුද ව්‍යායාමයට සහාය දුන්හ.

බහුතරයකගේ ඡන්දය ලැබූ යෝජනාවට, යුද්ධය පිලිබඳ වියුක්ත විවේචන ඇතුලත් වුව ද එයට විරුද්ධ විය හැකි විප්ලවවාදී විධික්‍රමයන් පිලිබඳ ප්‍රශ්නය මඟහැරි අතර රුසියානුවන් ද ඇතුලු නියෝජිතයන් ගනනාවක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

Share this article: