රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ කතුවර ඩේවිඩ් නෝර්ත් සමග පැවති අන්තර්ජාල හමුවට පුලුල් පේ‍්‍රක්ෂකත්වයක්

Wide audience for online interview with David North, author of The Russian Revolution and the Unfinished Twentieth Century

අපගේ වාර්තාකරු විසිනි, 2014 දෙසැම්බර් 15

රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක, සිය ගනනක් ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයෝ, The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස) කෘතියේ කතුවරයා මෙන්ම ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමග පැවති හමුවට දෙසැම්බර් 13 සෙනසුරාදා සවන් දුන්හ.

මෑතකදී ප‍්‍රකාශයට පත් කල තම කෘතියේ ප‍්‍රධාන තේමාවන් හා පොත බිහිවූයේ කෙසේ ද යන්න පිලිබඳව නෝර්ත්, ලොසවෙඅ මාධ්‍යවේදීන් වන ඇන්ඩි‍්‍ර ඩෙමොන් හා ඇන්ඩි‍්‍රයා පීටර්ස් සමග කථා කලේය. ඉතිහාසය තුල විඥානයේ භූමිකාව, ඓතිහාසික මුසාකරනය හා පශ්චාත්නූතනවාදය අතර සම්බන්ධය, රුසියානු විප්ලවයේ ජාත්‍යන්තර අර්ථභාරය හා වත්මන් දේශපාලන වර්ධනයන් වටහාගැනීමේලා 20 සියවස තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප‍්‍රමුඛ අත්දැකීම් විමසා බැලීමේ වැදගත්කම ඇතුලු පුලුල් පරාසයක ප‍්‍රශ්න සාකච්ඡාවේදී පැහැදිලි කරන ලදී. හමුව පුරාවටම නෝර්ත්, සිය කෘතිය තුල පොරබදා ඇති දැවැන්ත ඓතිහාසික ප‍්‍රශ්න, අද දිනයේ තියුනු වෙමින් ඇති ලෝක ධනවාදයේ අර්බුදයට හා කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නය සමග සම්බන්ධ කලේය.

වෘත්තීය සමිති පිලිබඳ සමාජවාදී සමානතා පක්ෂයේ තක්සේරුව හා සසප ද අනෙකුත් දේශපාලන සංවිධාන ද අතර ඇති සම්බන්ධය ඇතුලු පේ‍්‍රක්ෂකාගාරයෙන් නැගුනු ප‍්‍රශ්න ගනනාවකට ඔහු පිලිතුරු සැපයීය. ඇන්ටාක්ටිකාව හැර අන් සියලු මහාද්වීප වල අසන්නෝ ඊට සම්බන්ධ වූහ. මෙහි හඬ පටය පහතින් ලබාගත හැක.

Share this article: