ශ‍්‍රී ලංකාව: වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන 110ක් දක්ෂිනාංශික, ඇමරිකන් ගැති යූඑන්පීයට සහාය දෙයි

Sri Lankan election: 110 unions and NGOs back right-wing, pro-US UNP

සමන් ගුනදාස විසිනි, 2015 අගෝස්තු 12

අගෝස්තු 17 දා පැවැත් වීමට නියමිත ශ‍්‍රී ලංකාවේ මහා මැතිවරනයට සූදානම් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ, සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධානත්වය දරන බෞද්ධ භික්ෂුවක් වන මාදුලුවාවේ සෝභිත තෙර, සහ රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තිකයන් සහ විද්වත් කන්ඩායම්වල නියෝජිතයන් 110ක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේ ය.

“ජනවාරි 8දා ලඟා කර ගත් ජයග‍්‍රහනය ආරක්ෂා කිරීමේ ශක්තිමත් කිරීමේ සහ ඉදිරියට ගෙන යෑමේ පොදු එකඟතා ගිවිසුමක්” ඇතුලත් කර ගත් අවබෝධතා ගිවිසුම මගින් ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ ඉවත් කර මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම සඳහා ගෙන ගිය උද්ඝෝෂනයට සහාය දුන් ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්වල පෙල ගැසීම එමගින් පිලිබිඹු කර යි. තන්ත‍්‍ර මාරුව, “ආසියාවට හැරීම” සහ චීනයට එරෙහිව කලාපය පුරා මිලිටරි තරකිරීමේ යෙදී සිටින එක්සත් ජනපදය විසින් පිටුබලය දෙන ලදුව තිරය පිටුපස සැලසුම් කර මෙහෙයවන ලද කුමන්ත‍්‍රනයේ ප‍්‍රතිඵලයකි.

ගිය මාසයේ ගිවිසුම අත්සන් තැබීම සඳහා සහභාගී වූ සංවිධාන මෙම මැතිවරනය තුලින් යලි බලයට ඒමට උත්සාහ කරන රාජපක්ෂට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස දැන් සිරිසේන හා වික‍්‍රමසිංහ පුම්බමින් සිටියි. එක්සත් ජනපදය රාජපක්ෂට එරෙහි වූයේ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය හෝ දූෂිතභාවය නිසා නොව ඔහු බීජිනය සමග ගොඩ නගා ගත් සමීප සබඳතා හේතුකොට ගෙන ය. ඒ අයුරින්ම කම්කරු පන්තියට එරෙහි සාපරාධී පිලිවෙත් අනුගමනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු වන සිරිසේන හා වික‍්‍රමසිංහ කෙරේ ඇමරිකානු සහාය පල වූයේ කොලඹ හා වොෂිංටනය අතර සබඳතා යලි පිහිටු වීමට ඔවුන් පියවර ගත් බැවිනි.

2013 තරම් ඈත දී වොෂිංටනයේ ඇරයුමෙන් ඔහු ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති මයිකල් ජේ. සිසන් හමු වූ බව සන්ඬේ ටයිම්ස් වාර්තා කලේ ය. “කිසියම් විදේශීය රටක් විසින් මතු කලේ නම් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සම්බන්ධ චෝදනාවකට ලක් වන මෙම ප‍්‍රශ්න” ඉදිරිපත් කිරීම ගැන තනාපතිවරයා සිය කන්ඩායමට ප‍්‍රශංසා කලේ යයි එම සාකච්ඡාවෙන් පසු ඔහු මාධ්‍යයට ප‍්‍රකාශ කලේ ය.

නසසප, එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන ව්‍යාජ වාම සංවිධාන අවබෝධතා ගිවිසුමට අත්සන් තබා නැතත් ඔවුන්, ඇමරිකානු ගැති දක්ෂිනාංශික යූඑන්පීයට සහ යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුන ලෙස හඳුන්වන එහි සංධානයට, එක එල්ලේ හෝ වක‍්‍රාකාරයෙන් ලබා දෙන තම සහාය වඩා පුලුල් කරමින් සිටී.

යූඑන්පී ප‍්‍රමුඛ ආන්ඩුවේ මාස 7ක පාලනයෙන් පසුව ජනවාරි මැතිවරනයේදී ඔවුන් දුන් බොහෝ පොරොන්දු කඩ කර ඇති බැවින් මෙම ප්‍රෝඩාවන් අලෙවි කිරීම අති දුෂ්කරවී තිබේ. අවබෝධතා ගිවිසුම, නව ව්‍යවස්ථාවක්, වඩා හොඳ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ලමා අයිතීන්, කලාව හා සංස්කෘතිය, ගොවින්ට, ධීවරයන්ට හා ස්වයං රැකියාවන්ට සහන සැලසීම, ඇති නැති අය අතර පරතරය අඩු කිරීම සඳහා ආර්ථික සැලසුම, නව දූෂන විරෝධී නීති සහ මූල්‍ය අපරාධ සහ අල්ලස් පිලිබඳ පරීක්ෂන පහසු කිරීමේ ක‍්‍රමවේද යනාදි නව ප‍්‍රතිපත්තිමය පොරොන්දු ඇතුලත් දිගු ලැයිස්තුවක් ඉදිරිපත් කරයි.

කිසිවකු මෙම පොරොන්දු විශ්වාස කල නො යුතු ය. ශ‍්‍රී ලංකාවේ පැරනිතම ධනේශ්වර පක්ෂය වන යූඑන්පිය 1977 වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහගත කිරීම හඳුන්වා දී එවක් පටන් එය සාර්ථක කර ගැනීම සඳහා සටන් කලේ ය. විරුද්ධ පක්ෂය වන ශ‍්‍රීලනිපය මෙන් ම එය ද දුප්පතුන් හා පොහොසතුන් අතර බෙදීම පලල් කිරීම, අධ්‍යාපන සෞඛ්‍ය වැනි සමාජ සේවා අහෝසි කිරීම සහ ගොවීන් හා බොහෝ සුලු ව්‍යාපාරිකයන්ගේ දුප්පත්කම සම්බන්ධයෙන් වග කිය යුතු ය. ගැඹුරු වූ ගෝලීය ආර්ථික අර්බුදය එලඹෙන ආන්ඩුව ශ‍්‍රීලනිප යූඑන්පී යන දෙකින් කුමන පක්ෂය විසින් මෙහෙයවනු ලැබුනත් වැඩකරන ජනයා මත ප‍්‍රහාර වඩාත් ගැඹුරු කරනු ඇත.

“ජාතික හා ආගමික සංහිදියාවට බාධා නො වන පරිදි, රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරනය කරන බවට ද ”අවබෝධතා ගිවිසුම, පොරොන්දු දෙයි. 1948 නාමික නිදහසේ සිට එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රීලනිපයත් යන දෙකම කම්කරු පන්තිය බෙදා තැබීමට හා ධනේශ්වර පාලනයට මුක්කුව ලෙස දෙමල වර්ගවාදය යොදා ගත්හ. දිවයින කැබලිවලට ඉරා දමා මරනය හා විනාශය පතුරුවා හැරී දශක තුනක වර්ගවාදී යුද්ධයේ ආරම්භය සලකුනු කල 1983 දෙමල විරෝධී වධ හිංසනය සම්බන්ධයෙන් යූඑන්පිය වග කිව යුතු ය.

ආන්ඩුවේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයට සහභාගි කරවා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අයගේ නියෝජනය සහිත උපදේශාත්මක කමිටුවක් පිහිටු වීමට යූඑන්පීය දැන් සැලසුම් කරමින් සිටී. අත්සන් යෙදීමේ උත්සවයේ දී බෞද්ධ භික්ෂුව, සෝභිත යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුන අගෝස්තු17 මැතිවරනය ජයගතහොත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා තෝරා පත් කර නොගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක සභාපති බවට පත් වීමේ කොන්දේසිය මත තමන් අවබෝධතා ගිවිසුමට එකඟ බව අවධාරනය කලේ ය.

සෝභිතට හා යහපාලනය සඳහා එ.ජා.පෙරමුනට සහාය දීමේ දී වෘත්තීය සමිති ගනනාවක් ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කරන නමුදු 1980 දී වැඩ වර්ජනයේ නිරත වූ රාජ්‍ය සේවයේ සියදහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීම ඇතුලු යූඑන්පීයේ පසු ගිය ප‍්‍රහාරයන් පිලිබඳ මතකයන් සහිත සාමාජිකයන්ගේ විරුද්ධත්වයට ඒවා මුහුන දී සිටි.

අවබෝධතා ගිවිසුම ආන්ඩුවට පීඩනය යෙදීමේ උපකරනයක් ය යි සඳහන් කරමින් කම්කරුවන් සනසන්නට ආන්ඩුවේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප‍්‍රිය උත්සාහ කලේ ය. “අපි (ආන්ඩුව) මහජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහාය දෙන අතර එය ඉදිරියට ම ගෙන යමු. නමුත් ආන්ඩුව එහි පොරොන්දු කඩ කලහොත් සටනට පිවිසෙන බව අපි ජනතාවට කියමු.”

කම්කරුවෝ රාජපක්ෂ ආන්ඩුව යටතේ සිදුකල වැටුප් කැටි කිරීමට එරෙහිව කුමන හෝ අරගලයක් යුද්ධ ව්‍යායාමය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ නාමයෙන් මැඩ පැවැත් වූ මෙම වෘත්තීය සමිති නිලධරයේ වාර්තාව මතකයට නගා ගත යුත්තාහ. සීමිත කාර්මික පියවර ගැනීමේ තර්ජනය වෘත්තීය සමිති එල්ල කල විට තමන් කම්කරුවන්ගේ ඉල්ලිම් ලබා දීම සඳහා වර්ගවාදී යුද්ධය නතරකර දැමිය යුතු දැ යි රාජපක්ෂ ප‍්‍රශ්න කලේ ය. යුද්ධයට සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එල්ල වන ආන්ඩුවේ ප‍්‍රහාර සඳහා සිය සහයෝගය, සියලු වෘත්තීය සමිතිවල නිහඬතාවයෙන් සංඥා කලේ ය.

අවබෝධතා ගිවිසුම අත්සන් කල මධ්‍යම පන්තික සංවිධාන හුදෙක් යූඑන්පීය බලයට ගෙන ඒම සඳහා උද්ඝෝෂනය කරනවා පමනක් නො වේ. පක්ෂය මැතිවරනයෙන් පරාජයට පත් වුවහොත් ඒ සඳහා ද සූදානම් වෙමින් සිටී. වොෂිංටනය, රාජපක්ෂට යලි බලයට ඒමට හා විදේශ පිලිවෙත යලි චීනය දෙසට පැද්දීම ඉවසා සිටින බව පෙනෙන්නට නැත. “ජනවාරි 8 ජයග‍්‍රහනය ආපසු හැරවීමට ඉඩ නොදිය යුතු ය” යි වික‍්‍රමසිංහ අවධාරනයෙන් ප‍්‍රකාශ කලේ ය. අවබෝධතා ගිවිසුම වටා පෙල ගැසුනු ඉහල මධ්‍යම පන්තික තට්ටු, ඉරාකය සහ යුක්රේනයේ දී කලාක් මෙන් කොල එලි දැල්වීමට වොෂිංටනය තීන්දු කල හොත් වර්න විප්ලවයක් සඳහා සූදානමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ කම්කරු පන්තියට හා ගම්බද දුගීන්ට තම මූලික අවශ්‍යතාවයන් පවා ආරක්ෂා කර ගත හැකි වන්නේ පාලක පන්තියෙන් මුලුමනින් ම බිඳී වෙන් වීමෙන් පමනක් බව ය. රාජපක්ෂ හා වික‍්‍රමසිංහ යන කඳවුරු දෙකම රුදුරු කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට එකසේ සම්බන්ධය. වැඩකරන ජනයා හා තරුනයන් මුහුන දෙන ආර්ථික ප‍්‍රශ්න සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අපේක්ෂාවන්ට විසඳුමක් ලබා දීමට ධනපති පක්ෂ ඓන්ද්‍රියවම අසමත්ය.

සසප එලඹෙන අරගලයට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සඳහා කම්කරු පන්තිය උගන්වා ගැනීමට හා බලමුලු ගැන්වීමට, කොලඹ, යාපනය සහ නුවර එලිය දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත. යූඑන්පිය සහ ශ‍්‍රීලනිප පක්ෂ දෙකම නව ලෝක යුද්ධයක් ඇවිලවීමේ අන්තරාය සහිත භූ දේශපාලන සුලියට ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඇද දමමින් සිටින බවට අපි අනතුරු අඟවමු. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ඊලම් ශ‍්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සසප වැඩපිලිවෙල හදාරන ලෙසත් අප පක්ෂයට බැඳෙන ලෙසත් කම්කරුවන්ගේ හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: