ශ්‍රී ලංකාව: පැරීසියේ ප්‍රසිද්ධ රැස්වීම මහ මැතිවරනයේ ලෝක වැදගත්කම සාකච්ඡා කර යි

Paris public meeting discusses world significance of Sri Lankan elections

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 අගෝස්තු 17

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෝ, ශ්‍රී ලංකාවේ මහ මැතිවරනය තුල සමාජවාදී සමානතා පක්ෂය ගෙනයන උද්ඝෝෂනයේ ජාත්‍යන්තර වැදගත්කම පිලිබඳ ව 15දා පැරීසියේ දී, බොහෝ දෙනා සසහභාගී වූ රැස්වීමක් පැවත්වූහ.

ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහ යාපනය හා නුවරඑලිය දිස්ත්‍රික්ක සඳහා සසප අපේක්ෂක කන්ඩායම් මෙහෙයවන පරමු තිරුඥානසම්බන්දර් හා එම්.දේවරාජා කොලඹ සිට දුරස්ත සම්බන්ධතාවක් මගින් පිලිවෙලින් කතා පැවත්වූහ. ජාත්‍යන්තර කමිටු වාර්තාකරුවෙකු වන වී.ඥානා පැරිස් රැස්වීමේ දී කතා කලේ ය. දෙමල හා යුරෝපීය කම්කරුවෝ හා තරුනයෝ, මෙන් ම ඔවුන්ගේ පවුල්වල උදවිය ද රැස්වීමට සහභාගී වූහ. යාපනයේ හා යුරෝපයේ නගර ගනනාවක කම්කරුවෝ ස්කයිප් සන්නිවේදනය ඔස්සේ රැස්වීමට සවන් දුන්හ.

ප්‍රධාන ධනේශ්වර පක්ෂ, දෙමල ජාතිකවාදී කන්ඩායම් හා ව්‍යාජ-වාම සංවිධානවලට එරෙහි අරගලයක් තුල දෙමල හා සිංහල කම්කරුවන් එක්සත් කිරීම සඳහා විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන එකම පක්ෂය සසප බව කථිකයෝ පැවසූහ.

මැතිවරනයේ දී ඡන්දය පාවිච්චි නො කලත් යුරෝපීය කම්කරුවන්ගේ දේශපාලන දැනුවත්කම ඉහල නැංවීම සඳහා මැතිවරනය යොදා ගැනීමට උත්සාහ කරමින් ශ්‍රී ලංකා සසප පමනක් ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ගොඩනගමින් සිටින බව සිය කතාවේ දී ඩයස් පැවසී ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් පුළුල් මහජන මිත්‍යාවක් ඇත යි පෙන්වා දුන් ඩයස් පැවසුවේ, ජනාධිපති මහින්ද රාපක්ෂ ඕනෑවට වඩා චීනයට සමීප ලෙස බැඳී ඇති බව දැක ගන්නා වොෂින්ටනය, ඔහු ඉවත් කිරීමට මෙහෙය වූ තන්ත්‍ර මාරු මෙහෙයුමක කොටසක් ලෙස ජනවාරි 8 ජනාධිපතිවරනයේ දී ඔහු බලයට පැමිනි බව යි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන පොරොන්දු වූ සිරිසේන ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දක්ෂිනාංශික එජාපයේ රනිල් වික්‍රමසිංහ සුලුතර ආන්ඩුවක අගමැති ලෙස පත්කලේ ය. ඔහුගේ පාලනය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන් මාලාවක් එල්ල කලේ ය.

කොලඹ ආන්ඩුව එල්ටීටීඊය පරාජය කර, 2009දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු, රටේ උතුරේ බොහෝ දෙමල වැසියන් තවමත් ජීවත් වන්නේ පැලපත් හා රඳවා ගැනීමේ කඳවුරුවල ය. ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන උතුරේ පොලිස් බල තල වැඩි කිරීමට සහ “නීතිය හා සාමය” දැඩි කිරීම සඳහා බල කරමින් සිටී.

නසසප, එසප හා පෙසප වැනි ව්‍යාජ-වාම පක්ෂවල ප්‍රතිගාමී ක්‍රියාකලාපය විවේචනය කරමින් ඩයස් මෙසේ පැවසී ය: “ඔවුන් පෙනී සිටින්නේ අර්බුදග්‍රස්ථ සිරිසේනගේ ආන්ඩුව ආරක්ෂා කිරීමට හා මැතිවරනය තුල දී දක්ෂිනාංශික, ඇමරිකානු ගැති එජාපයට සහයෝගය දීම වෙනුවෙනි.”

එජාපයට අනුමැතිය පල කිරීමෙන් පසුව ස්වාධීනව මැතිවරනයට ඉදිරිපත්ව සිටින්නේ මන් දැ යි ඇසූ විට නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න දුන් පිලිතුර ඩයස් සඳහන් කලේ ය: “මම තවමත් එයාට තමයි සපෝට් කරන්නේ, ඡන්දේදිත් මම එයත් එක්ක එකට වැඩ කරනවා.”

සසප ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීමේ දී තරුනයන් හා පීඩිත ජනයා අතර වැඩෙන උනන්දුව ගැන දේවාරාජා කතා කලේ ය. 2011 ඊජිප්තුවේ විප්ලවවාදී නැගිටීම හා ග්‍රීසිය තුල ම්ලේච්ඡ කප්පාදු පියවර පැටවීමේදී ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුවේ ක්‍රියා කලාපය වැනි ප්‍රධාන ජාත්‍යන්තර අත්දැකීම් සසප සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසී ය.

නුවර එලිය දිස්ත්‍රික්කයේ වතු කලමනාකරනය හා වෘත්තීය සමිතිවල අසාධාරනකම් වලට එරෙහිව වතු කම්කරුවන්ගේ අරගලය තුල සසප කල මැදිහත්වීම ද ඔහු විස්තර කලේ ය. කම්කරුවන්ගේ අරගලයන්ට විරුද්ධ වුනු හා සිවිල් යුද්ධයට සහාය දුන් ලංකා කම්කරු කොන්ග්‍රසය, කඳුරට මහජන පෙරමුන හා අනෙකුත් ධනේශ්වර ගැති සංවිධාන සසප විසින් නොකඩවා හෙලිදරව් කර ඇත.

චීනය හුදකලා කිරීමට හා එරටට එරෙහි යුද්ධය සූදානම් කිරීමට වොෂින්ටනය උත්සාහ ගැනීමත් සමග ශ්‍රී ලංකාව වටා ඉන්දියානු මුහදේ තීව්‍රවන භූමූලෝපායික ආතතීන් කලාපය තුල සමාජ ආතතීන් හා ධනේශ්වර පක්ෂ තුල බෙදීම් අවුස්සා ඇති බව සම්බන්ධර් අවධාරනය කලේ ය. සිවිල් යුද්ධය අවසන් වී වසර හයකට පසු, දෙමල ජනතාව රඳවා ගැනීමේ කඳවුරුවල හා පිලිකුල දනවන තාවකාලික නිවාසවල ජීවත් වන්නේ කෙසේ දැ යි ඔහු විස්තර කලේ ය.

කෙසේ නමුත්, දෙමල ජාතික සන්ධානය වැනි දෙමල ජාතික පක්ෂ ඇමෙරිකානු අන්‍රගහ ලබන සිරිසේන ආන්ඩුවට සහාය දෙන බව ඔහු පැහැදිලි කලේ ය. “දෙමල වර්ගවාදය අවුස්සන අතර මෙම පක්ෂ බලය බෙදීමේ නාමයෙන් කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග පෙලගැසෙමින් සිටින” බව ඔහු ඔහු පැවසී ය.

දෙමල ජාතිකවාදයට ඉදිරිදර්ශනයක් නැති බව හා එල්ටීටීඊ ඇතුලු බංකොලොත් දෙමල සුලුධනේශ්වර ව්‍යාපාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයේ නිවැරදිකම පැරීසියේ සිට වී.ඥානා අවධාරනය කලේ ය. මුල් කාලයේ දී මෙම ව්‍යාපාර “සමාජවාදී දෙමල ඊලම්, පන්ති අරගලය හෝ අධිරාජ්‍ය විරෝධී අරගලය” වැනි වාම වැකි දෙඩූ බව ඔහු පැවසී ය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, එල්ටීටීඊ හා අනෙකුත් කන්ඩායම්වලට මොස්කව් හා වොෂින්ටනය අතර උපාමාරු දැමීමට බැරිවුනා...ඔවුන් සිය ‘සමාජවාදී’ වාගාලාප හා අධිරාජ්‍ය විරෝධය අතහැර දැමූ අතර වොෂින්ටනයේ හෝ වෙනත් අධිරාජ්‍යවාදී බලවතෙකුගේ ආධාර උපකාර සඳහා පෙනී සිටීමට පටන් ගත් බවත් වී.ඥානා පැහදිලි කලේ ය. “මේ අයුරින් ඔවුන් තමන්ගේම ජනතාවගේ පීඩකයින් ලෙස පරිවර්තනය” වෙමින් ඉදිරියට ගියේය. ජාත්‍යන්තර කමිටුව අනුකම්පා විරහිත ලෙස ඔවුන්ගේ දේශපාලන බංකොලොත්කම හෙලිදරව් කල විට, මෙම කන්ඩායම් ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒජන්තයයින් යයි මඩ ගැසූ බව ඔහු සඳහන් කලේ ය.

සිදුවීම් මගින් ජාක ඉදිරිදර්ශනය මුලුමනින් ම සනාථ කෙරී ඇති බවත්, “යුරෝපය තුල දෙමල මෙන් ම යුරෝපීය කම්කරුවන් හා තරුනයන් අතර අපගේ ඉදිරිදර්ශනය පුලුල් දේශපාලන බලපෑමක් ඇති කරන” බවත් වී.ඥානා අවධාරනය කලේ ය.

රැස්වීම අවධාරනය කරන්නේ ව්‍යාජ-වාම දේශපාලනය හා සුලුධනේශ්වර ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන යන සටනේ දී යුරෝපයේ දෙමල සංක්‍රමනිකයන් හා කම්කරුවන් අතර වැඩෙන උනන්දුවයි.

සසප ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය පිලිබඳ තවදුරටත් ප්‍රශ්න කරමින් රැස්වීමට සහභාගීවූවන් කතාවලට උනුසුම්ව ප්‍රතිචාර දැක්වීය. ස්කයිප් කොටසේ අවසානයෙන් පසු ද කම්කරුවෝ කීප දෙනෙක් පැරීසියේ රැස්වීම තුල රැඳී සිට සාකච්ඡා කලහ.

ශ්‍රී ලංකාව අතහැර යාමට පෙර එල්ටීටීඊයට හිතවත් ව සිටි කම්කරුවෙක් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් සසප ආරම්භක සම්මේලන ලියවිල්ලේ පිටපතක් මිල දී ගත් අතර කීප දෙනෙක් මෑත දී පල කරන ලද ඩේවිඩ් නෝත්ගේ The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique (ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය, හා ව්‍යාජ වම්මු: මාක්ස්වාදී විවේචනයක්) නම් පොත මිල දී ගත්හ.

Share this article: