ශ්‍රී ලාංකික වෘත්තීය සමිති එක්සත් ජනපද ගැති නව ආන්ඩුව ආරක්ෂා කිරීමට පොරොන්දුවෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසින්, 2015 අගෝස්තු 28

එක්සත් ජනපද ගැති නව එක්සත්ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව “අස්ථාවර කිරීමට දැරෙන කවර හෝ උත්සාහයකට” එරෙහිව ශ්‍රී ලාංකික වෘත්තීය සමිති නිලධරය අනතුරු අඟවා තිබේ. ඔවුන්ගේ ප්‍රකාශයන් හුදෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට පමනක් නොව; දක්ෂිනාන්ශික ආන්ඩුව සහ එහි කප්පාදු පිලිවෙත් සමග ගැටෙන කම්කරුවන්ට ද විරුද්ධව ය.

නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු සෙසු ඉහල මධ්‍යම පන්තික සංවිධාන සමග පෙල ගැසුනු ප්‍රධාන වෘත්තීය සමිති අගෝස්තු 17 මැතිවරනය උද්ඝෝෂනය තුල දී එජාප මැතිවරන පෙරමුනට, යහපාලනය සදහා එක්සත් ජාතික පෙරමුන (යඑජාපෙ) ට සහයෝගය දුන්හ. පාර්ලිමේන්තු ආසන 225 න් එජාපෙ දිනා ගනු ලැබුවේ නියත බහුතරයකට ප්‍රමානවත් නොවන ආසන 106 ක් පමනි. මැතිවරනයෙන් පසු ඊලඟ ආන්ඩුව පිහිටුවීම සඳහා එජාපය ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ගිවිසුමක් ගැසුවේ ය.

කිසියම් පාර්ශවයක් “මහජන අභිලාශය නොතකා ආන්ඩුව අස්ථාවර කිරීමට උත්සාහ කරන්නේ නම් අපි ඔවුන්ට විරුද්ධව පාරට බහිනවා” යැයි සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති එකතුවේ (සසාවෘසඑ) කැඳවුම්කරු පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ කලේ ය.

රත්නප්‍රිය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. රාජපක්ෂ යලි බලයට ඒමේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා සෙසු “සිවිල් සංවිධාන” සමග මහත් පරිශ්‍රමයෙන් වැඩකල බව ඔහු සඳහන් කලේ ය. රාජ්‍ය උපකරන කෙරෙහි ඇති ඔහුගේ අසීමිත ගැතිකම ප්‍රදර්ශනය කරමින් “සාමකාමී මැතිවරනයක්” පැවැත්වීම ගැන පොලීසියට සහ මැතිවරන නිලධාරීන් ට රත්නප්‍රිය ප්‍රසංශා කලේ ය.

සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති එකතුවට සම්බන්ධ සමිති අතරට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , ලංකා ගුරු සංගමය, රජයේ පරිපුරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය සහ දුම්රිය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඇතුලත් වෙති. දුම්රිය සහ පරිපුරක වෛද්‍ය සමිතිවල නායකයෝ බලයට පත්වන දක්ෂිනාංශික ආන්ඩුව ආරක්ෂා කිරීමට තමන්ගේ ඇති සුදානම පෙන්නුම් කරමින් ඒ හා සමාන ප්‍රකාශ කලහ.

නව ආන්ඩුව පිහිටුවීම සඳහා කෙරෙන සාකච්චා බොහෝ දිගු කාලයක් ගැනීම ගැන වෘත්තීය සමිති කනස්සල්ලට පත්ව සිටී. ශ්‍රීලනිප මන්ත්‍රීවරු ප්‍රධාන ඇමති තනතුරු සඳහා කේවලක යෙදී සිටින අතර ජනාධිපති සිරිසේන සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර හවුල් ආන්ඩුවක් සඳහා කෙරෙමින් තිබෙන සාකච්චාවලට විරුද්ධව, ශ්‍රීලනිපය සහ එහි මැතිවරන පෙරමුන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) තුල සිටින රාජපක්ෂගේ ආධාරකරුවෝ උද්ඝෝෂනය කරති.

පුරවැසි බලය විසින් අගෝස්තු 26 වෙනිදා කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් ශ්‍රීලනිපය සමග හවුල් ආන්ඩුවක් හැදීමේ උත්සාහය පසෙක ලා ස්වකීය තනි ආන්ඩුවක් හැදීමට එජාපය යොමු කරන ලෙස රත්නප්‍රිය සිරිසේන ගෙන් ඉල්ලා සිටියේ ය. පුරවැසි බලය වෘත්තීය සමිති, ශාස්ත්‍රාලීකයන් හා රාජ්‍ය නොවන සංවිධාන වල එකතුවකි.

ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී මෙම වෘත්තීය සමිති එකතුව සිරිසේනට සහයෝගය දුන්නේ ය. මෙම මාසයේ පැවති මහ මැතිවරනයට පෙර, එජාපයේ මැතිවරන උද්ඝෝෂනය ට සහය දෙමින් වික්‍රමසිංහ සමග “අවබෝධතා ගිවිසුමක්” අත්සන් කල සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය (සසාසජාව්‍යා) නායකත්වය දෙන සංවිධාන 110 අතර ට එය ද ඇතුලත් විය.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පැවති මහජන විරෝධය මැතිවරන කාලය තුල දී එජාපය තුලට හරවා යවන අතර රාජපක්ෂගේ ප්‍රජන්ත්‍ර විරෝධී ක්‍රියා, දුෂන සහ “නීතියේ ආධිපත්‍යය" නැතිකම ගැන ඔහුව හෙලා දුටුවේ ය. බීජිනය සමග රාජපක්ෂගේ සමීප සම්බන්ධකම් කෙරෙහි උරනව සිටි වොෂින්ටනය විසින් පිටුබලය සැපයුනු පාලනතන්ත්‍ර මාරුවක ප්‍රතිපලයක් ලෙස ජනවාරි මැතිවරනයේ දී රාජපක්ෂ සිරිසේනට පරාජය විය.

සිය සමිතිය සිරිසේනට සහ එජාපයට සහයෝගය දීම ගැන කම්කරුවන් නොමග යැවීමේ උත්සායක් ලෙස මැතිවරනයේ දී පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 දීමනාව සැප්තැම්බර් 1 වෙනිදා වන විට මුලික වැටුපට එකතුකිරීමට ආන්ඩුව අසමත් වුනොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බවට දුම්රිය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිතියේ ලේකම් සම්පත් රාජිත ප්‍රකාශ කලේ ය.

මෙය හිස් ප්‍රලාපයකි. පසුගිය දසකය තුල රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව වැටුප් සහ සේවා කොන්දේසි මත පැන නැගී සෞඛ්‍ය සහ දුම්රිය කම්කරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් අරගල පීලි පැන්න වීමට මෙම සමිති නායකයෝ සාමුහික ව සහ වෙන් වෙන් ව ක්‍රියා කලහ. සමිති නිලධරයේ සැලකිල්ල මූලික යොමු වී තිබෙන්නේ රැකියා, වැටුප් හා සමාජ කොන්දේසි වලට එරෙහිව ප්‍රහාර වඩාත් තීව්‍ර කිරීමට නියමිත බලයට පත්වන එජාප ආන්ඩුව ස්ථාවර කිරීම කෙරෙහිය.

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොදුසේසේසං) සහ වතු කම්කරු සමිති සිරිසේන සහ එජාපය සමග පෙල ගැසී සිටින සෙසු වෘත්තීය සමිති වෙති. පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 2,500 වැඩි කිරීම සඳහා ආන්ඩුව පනතක් ගෙන එනු ඇතැයි තමන්ට විශ්වාස බව නිවෙක හා පොසේසේ සංගමයේ නායක ඇන්ටන් මාකස් පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පත්‍රයට ප්‍රකාශ කලේ ය.

මෙම මාසයේ මැතිවරනයට පෙර අතුරු අයවැයක් ඉදිරිපත් කල සුලුතර එජාප ආන්ඩුව පුද්ගලික අංශයේ වැටුප් රුපියල් 2,500 න් වැඩි කරන බවට හිස් පොරොන්දුවක් දුන්නේ ය. යෝජිත වැටුප් වැඩිවීම දුන්නොත් සමාගම් වැසීමට සිදු වනු ඇතැයි ප්‍රකාශ කරමින් මහ ව්‍යාපාරික ප්‍රභුව යෝජනාවට එකහෙලා ම විරුද්ධ වුහ.

දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන සියලු ම වතු වෘත්තීය සමිති සිරිසේන සහ වික්‍රමසිංහ විසින් යෝජිත “ජාතික ආන්ඩුව”ට අනුමැතිය පල කර තිබේ. ජාතික කම්කරු වෘත්තීය සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පෙරමුන සහ කඳුරට ජනතා පෙරමුන එක්ව පිහිටුවාගෙන තිබෙන ප්‍රගතිශීලී දෙමල සංධානය යහපාලන එක්සත් ජාතික පෙරමුනෙන් මැතිවරනය තරඟ කලේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ කොටස් කරුවෙකු වූ ලංකා කම්කරු කොන්ග්‍රසය එජාපය නායකත්වය දෙන ආන්ඩුවට සහයෝගය දෙන බව ඊයේ නිවේදනය කලේ ය. මෙම ගනු දෙනුව සඳහා එහි නායක අරුමුගම් තොන්ඩමන් ට ඇමති තනතුරක් වුවමනා බව කම්කරු කොන්ග්‍රසය සඳහන් කර ඇත.

මැතිවරනයෙන් පසුව වෘත්තීය සමිති අරගලය යලි ආරම්භ කරන බව ප්‍රකාශ කරමින් වැටුප් ඉල්ලීම් මත පසු ගිය මාසයේ පැන නැගී 200,000 පමන වතු කම්කරුවන් සහභාගී වූ වර්ජනය විසුරුවා හරියේ ය. සිරිසේන ආන්ඩුව අර්බුදයට පත්වන බව කියමින් ප්‍රගතිශීලී දෙමල සංධානය වර්ජනය ආරම්භයේ දී ම එයට විරුද්ධ විය. කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති වතු සමාගම් නිෂ්පාදන පලදායිතාවයේ ලොකු වැඩි වීමක් ඉල්ලා සිටියි.

එජාපයේ මුලිකත්වයෙන් බලයට එන සිරිසේනගේ ආන්ඩුව කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා වලට පහර දෙන බව සැකයකට ඉඩක් නො තබා පැහැදිලි කර තිබේ.

එජාපයේ ප්‍රධාන නිලධාරියෙක් වන හර්ෂ ද සිල්වා ආගෝස්තු 25 කොලඹ පැවති ආසියානු ආර්ථික ප්‍රවර්ධන සංසදයේ සම්මේලනය අමතමින් මෙම කලාපය තුල ශ්‍රී ලංකාව “වඩාත් කාර්යක්‍ෂම සහ තරඟකාරී” භාන්ඩ හා සේවා නිෂ්පාදකයා වීමට නම් “දැඩි” ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමිය යුතු බව අවධාරනය කලේ ය. කොටස් වෙලඳපොලේ කලබගැනිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න උග්‍ර කරනු ඇති බව ට ද ඔහු එහිදී අනතුරු ඇඟවුයේ ය. ද සිල්වා ඇස ගසාගෙන සිටින්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මුදල් ඇමති වීමට ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත් වලට විරුද්ධව රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට ආරක්ෂා කර ගැනීමේ අරගල වලට කම්කරුවන් පෙරට එන විට ඔවුන් ආන්ඩුව “අස්ථාවර කරන” බවට චෝදනා කරමින් එහි කප්පාදු පිලිවෙත් වලට එරෙහි කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මැඩීමට වෘත්තීය සමිති උත්සාහ කරනු ඇත.

Share this article: