“නොසංසුන්” මූල්‍ය නිහඬතාවය බිඳෙනු ඇති බවට ජාත්‍යන්තර සමත බැංකුව අනතුරු අඟවයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

“නොසංසුන්” මූල්‍ය නිහඬතාවය බිඳෙනු ඇති බවට ජාත්‍යන්තර සමත බැංකුව අනතුරු අඟවයි

BIS warns of sudden end to “uneasy” financial calm

නික් බීම්ස් විසිනි, 2015 දෙසැම්බර් 08

අගෝස්තු හා සැප්තැම්බර් මාසවල ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල පැවති කලබලකාරී තත්වයෙන් පසුව, තමන් “නොසන්සුන් නිහැඬියාව” ලෙස හඳුන්වන වාතාවරනය, ගැඹුරු ආර්ථික බලවේග මතුපිටට පැමිනීමත් සමඟ නව කලබැගෑනියකට හැරෙනු ඇති බවට ජාත්‍යන්තර සමත බැංකුව (බිස්) අනතුරු ඇඟවා ඇත.

ඒ පිලිබඳ සලකුනු දැනටමත් මතුව තිබේ. ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව, මේ මාසයේ අවසන් හරියේදී දශකයකින් පසුව පලමු වතාවට සිය පාදක පොලී අනුපාතිකය ඉහල නංවනු ඇති බව පෙනී යාමත් සමඟ “අනුපාත බිය” ව්‍යාපාරික බැඳුම්කර වෙලඳපොල ග්‍රහනයට ගෙන ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේය. ඒ සමඟම වොල් ස්ට්‍රීට් ජර්නලය පැවසුවේ කොටස් වෙලඳපොල, “කසල (බැඳුම්කර) අනතුරු ඇඟවීම් ගානකට නොගත්” බවය.

එය පැවසුවේ, ඉහල ප්‍රතිලාභ නැතිනම් කසල බැඳුම්කර, පසුගිය සය වසර තුල ඇමරිකානු ප්‍රසාරනය හා කොටස් වෙලඳපොලවල නැඟීම, “නයට ගත් කාලයක්ය” යන ආයෝජකයින් අතර පවතින කනස්සල්ල පිලිබිඹු කරමින්, 2008 මූල්‍ය අර්බුදයේ පටන් ඒවාට අත්වන පලමු වාර්ෂික අලාභයට මුහුන දෙමින් තිබෙන බවය.

බිස් අනතුරු ඇඟවීම නිකුත් වුනේ, එහි කාර්තුගත විමසුම තුල, 06දාය. බංකු ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්ලවුඩියෝ බොරියෝ පැවසුවේ, වසර ගනනාවකට පසුව කොටස් වෙලඳපොලවල්, එක් මාසයක් තුල ඉහලම වර්ධනය ඔක්තෝබරයේදී වාර්තා කිරීමත් සමඟ මූල්‍ය වෙලඳපොලවල පැවතුනේ නිහැඬියාවක් බවය. පෙනී ගියේ පූර්ව කලබල, දිගු ශීත සෘතුවක් පිලිබඳ පූර්ව සලකුනක් වන ශරත් සෘතුවේ ගෙරවීමකට වඩා, කෙටි ග්‍රීෂ්ම සෘතු කුනාටුවක් ලෙසය. කෙසේ වෙතත් දැක්ම වේගයෙන් වෙනස් විය හැකිය.

“යලිදු වතාවක් බොහෝ සලකුනු මතුව ඇත්තේ, සැබෑ කාරනය වන ගැඹුරු ආර්ථික බලවේගයන්ගේ අලස චලනය හා වෙලඳපොලවල ඉක්මන් තානය අතර පරතරය පිලිබඳවයි.” ඔහු පැවසීය. බොරියෝ සඳහන් කලේ, ගෝලීය ආර්ථික වර්ධනයේ, විශේෂයෙන්ම 2010 පටන් ලෝක නිමැවුම තිරසාර කිරීමේදී ඒ සා වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කල නැඟී එන ආර්ථිකයන්හි, මන්දගාමී වීම පිලිබඳවය. ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන්නේ ඉදිරියේ ඇති දුබල කමය. බ්‍රසීලය හා රුසියාව දැනටමත් “බරපතල පසුබෑමක” හිරවී සිටින අතර චීනයේ කටයුතු පෙන්වන්නේ ශක්තිමත් වීම පිලිබඳ අල්ප සලකුනුය.

පහල වර්ධනය පසෙකින්, නැඟී එන ආර්ථිකයන්, මූල්‍ය ගොදුරු බවට පත්වීමේ තත්වය පහව ගොස් නැත. “ඩොලරයෙන් ප්‍රකාශිත නය ප්‍රමානය 2009 මුල පටන් දල වශයෙන් දෙගුනවී ඇත. ට්‍රිලියන 3ක් වන එම ප්‍රශ්නය එසේම පවතී.” දේශීය මුදලේ පැත්තෙන් සලකන කල නය වැඩිවී ඇත. මක්නිසා ද යත්, ඩොලරයේ අගය ඉහල යාම නිසාය. මේ මස අවසානයේ ඇමරිකානු මහ බැංකුව පාදක පොලී අනුපාතිකය වැඩි කරනු ඇතැයි යන බලාපොරොත්තුව මත ඩොලරයේ අගය තවදුරටත් ඉහල යද්දී එම ප්‍රවනතාවය එසේම පවතිනු ඇත.

ඇමරිකානු මහ බැංකුව පොලී අනුපාතය හැසිරවීමට පියවර ගන්නා අතර යුරෝපීය මධ්‍යම බැංකුව තවදුරටත් ලිහිල් කිරීමේ කොන්දේසි අනුගමනය කිරීම හමුවේ, ඇමරිකානු හා යුරෝපීය මූල්‍ය පිලිවෙත්වල ප්‍රතිවිරෝධී ස්වභාවය, ඇමරිකානු ඩොලරය සඳහා ඉල්ලුමේ හදිසි වැඩිවීමක් ඇති කල හැකිය. මූල්‍ය හැසිරීමේදී හෙජිං කටයුතු ද සැලකිල්ලට ගතහොත්, ඩොලර් වලින් නය ගැනීමට කැමති අයගෙන් අධි මිලක් අය කරනු ඇත.

අරමුදල් සුලභව පවතිද්දී වත්මන් තත්වය ඇඟවුම් කරන්නේ, “වෙලඳපොල විසංන්ධි වීමේ හැකියාවයි.” එය, “ඇමරිකාවේ දේශීය පොලී අනුපාත වැඩිවන තතු හමුවේ, ඩොලරයේ සැපයුම් තත්වය කෙතරම් හොඳින් ඊට අනුකූලව හැඩගැසෙනු ඇත් ද යන ප්‍රශ්නය මතු කරයි.”

විමසුම දක්වන ආකාරයට විසංධි වීම ඇමරිකාව තුල පවා ඇතිවිය හැකිය. පර්යන්ත නය අගෝස්තුවේ පටන් පහත වැටෙමින් වුවත් තවමත් පවතින්නේ, “වසර දහයකට පෙර ඩොට් කොම් බුබුල පුපුරා යාමට ආසන්නයේ තිබුනු වාර්තාගත ඉහල මට්ටමකය. සඳහන් වන්නේ, ආයෝජකයින් කොටස් මිලට ගැනීම පිනිස නයට ගැනීමත්, ඒවායේ මිල පහත වැටුනහොත්, තමන් ගත් නය සඳහා පරියන්ත ගෙවීමක් කිරීමට සිදුවන තත්වයයි.

පොලී අනුපාත කැපී පෙනෙන පරිදි පහත මට්ටමක පවතින “ අසාමාන්‍ය තත්වයන්” තුල, මහ බැංකුකරුවන්ගේ සෑම වචනයක් හා ක්‍රියාවක් පිලිබඳවම වෙලඳපොලවල් අසාමාන්‍ය ලෙස සංවේදී වීම පුදුමයක් නොවන බව බොරියෝ පැවසීය. යුරෝපීය මහ බැංකු ප්‍රධානී මාරියෝ ඩ්‍රාගි පසුගිය සතියේ යුරෝපීය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ඊලඟ අදියර නිවේදනය කල අවස්ථාවේ මෙය දැකගත හැකි විය.

ෆිනෑන්ෂල් ටයිම්ස් ප්‍රකාශක ගාවින් ඩේවිස් පැවසුවේ, එක් දින කම්පන සිදුවනතාක් දුරට එහි බලපෑම “ඉතා නාටකාකාර” වන බවයි. 2009න් පසුව විශාලතම වෙනස සලකුනු කරමින්, ඩොලර්-යුරෝ හුවමාරු අනුපාතිකය සියයට 4.5න් පහත වැටීමත් සමඟ කොටස්, බැඳුම්කර හා මූල්‍ය හැසිරීම්වල වැටීම, 1999න් පසු නරකම තත්වය ලෙස විස්තර කෙරෙන බවයි. “ආන්තික වෙලඳපොල ප්‍රතික්‍රියා“ පිලිබඳ කනස්සල්ල පිලිබිඹු කරමින් ඩ්‍රාගි, ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැදගත්කම හුවා දැක්වීමට උත්සාහ කල බව ඔහු පෙන්වා දුන්නේය.

යටින් දිවෙන තත්වය හා වෙලඳපොලේ හැසිරීම අතර “පැහැදිලි ආතතිය” වෙත අවධානය යොමුකරමින් බොරියෝ පැවසුවේ, යම් අවස්ථාවකදී, හදිසියේම වාගේ එය විසඳිය යුතුව ඇති බවයි. “අප සිතනවාට වඩා දිගු කාලයකට වෙලඳපොලවලට සංසුන්ව සිටිය හැක. එහෙත් සීමාවකින් තොරව නොවේ.”

සමහරවිට ඔහුගේ සිතේ තිබෙන්නට ඇත්තේ, ආර්ථික නියාමයන් ක්‍රියාත්මක වන්නේ ද අපගේ ඇස් පනාපිට ගොඩනැඟිල්ලක් බිමට පාත්කරන ගුරුත්වාකර්ෂන බලය ලෙසම යයි මාක්ස් කැපිටාල්හි කල සඳහන විය යුතුය.

කුමන ආකාරයකට හෝ, මූල්‍ය නිවාසය එන්ට එන්ටම අස්ථාවර වීමත්, ෆෙඩරල් මහ බැංකුව තම පාදක පොලී අනුපාතිකය සියයට 0.25ක තරමින් හෝ වැඩි කිරීම වැනි, සාපේක්ෂ වශයෙන් කුඩා හෝ චලනයකින් මූලික ගැටලු මතුකල හැකි බවටත් වැඩෙන සලකුනු දක්නට ඇත.

ව්‍යාපාරික බැඳුම්කර වෙලඳපොලවල අනුපාත භීතිකාව වාර්තා කරමින් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය කියන්නේ, සිදුවිය හැකි ඇමරිකානු පොලී අනුපාතිකයේ වැඩිවීමක්, වඩාත් අස්ථාවර නයකරුවන් කෙරෙහි ඇති කල හැකි බලපෑම පිලිබඳ කන්ස්සල්ල උත්සන්න කරමින්, සමාගම්වල හැකිලෙන ආදායම හා වැඩිවන නයගැති භාවය උග්‍ර කිරීම ද මූල්‍ය අර්බුදයෙන් පසුව ජය කෙහෙලි නැංවූ “ලාභදායී නය චක්‍රය” අවසන් වීම ද බවට බිය පලවේ.

“මිනිසුන් ගිලන් මැසිවල ගෙනයාමට සිදුවේ,” කැලිෆොර්නියාවේ වත්කම් කලමනාකරන ආයතනයක ජ්‍යෙෂ්ඨයෙක් පුවත් පතට පැවසීය. “එය හොඳ තත්වයක් නොවේ. ඉපැයීම් පහත වැටෙන කල, ඇපකර අගය හා පොලී අනුපාතික ඉහල යයි.”

නය ගැනීමේ කොන්දේසි දැඩි වන කල, ඩොලර් ට්‍රිලියනයක් තරම් වන ඇමරිකාවේ කසල බැඳුම්කර හා නය, අවදානම් කලාපයට ඇද වැටෙනු ඇතැයි, යූබීඑස් යන ස්විස් බැංකුව ගනන් බලා තිබේ. පහත වැටෙන මිල ගනන් හමුවේ වඩාත්ම ගැටලු සහගත වන්නේ, බල ශක්ති ක්ෂේත්‍රයයි. එහෙත් ගැටලු ඊට වඩා පුලුල්ව පැතිර යන බව බැංකුව පවසයි.

එම බැංකු වාර්තාව තුලම මූලෝපායඥ මැතිව් මුශ්ගේ සටහනට අනුව, “අප නිහතමානී ලෙස විශ්වාසය කරන්නේ, තම ප්‍රතිපත්ති ක්‍රියාවලියේ අවිඥානක ප්‍රතික්‍රියා හා ව්‍යාපාරික නය වෙලඳපොලවල ගැටලුව, මහ බැංකුව විසින් මුලුමනින්ම හඳුනාගෙන නොමැති බවය.”

මේ වසර තුල මේ දක්වා ගෝලීය නය පැහැරහැරීම් 102ක් සිදුව ඇත. 2009න් පසු ඉහලම මට්ටම වන එයින් 63ක්ම ඇමරිකාව තුලය. මූඩිස් යන මූල්‍ය සමාගම වාර්තාකර ඇත්තේ, තම “පීඩාවට පත්” සමාගම් ලැයිස්තුව නොවැම්බරයේදී 239 දක්වා සියයට 5න් ඉහල ගිය බවය. එය පසුගිය වසරට වඩා සියයට 37න් ඉහල අගයකි.

Share this article: