ශ්‍රී ලංකාවේ සසප ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය නිමිති කරගෙන ප්‍රසිද්ධ රැස්වීම් පවත්වයි

Sri Lankan SEP to hold public meetings on the 75th anniversary of Leon Trotsky’s assassination

2015 නොවැම්බර් 21

විප්ලවවාදී මාක්ස්වාදී නායක ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය නිමිති කරගෙන “අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව ලෝක සමාජවාදය” යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ප්‍රසිද්ධ රැස්වීම් පවත්වයි.

එවක ජීපීයූ නමැති සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ රහස් පොලිස් ඒජන්තයෙකු විසින් 1940 අගෝස්තු 20දා මෙක්සිකෝවේදී එල්ල කල ප්‍රහාරයක තුවාල හේතුකොටගෙන ට්‍රොට්ස්කි, ඊට පසු දින මිය ගියේය. ඝාතනය සිදු කලේ, ඓතිහාසිකව පෙර නොවූ විරූ දේශපාලන ප්‍රතිගාමිත්වයේ රැල්ලක වාතාවරනය තුලය. ඒ ජර්මනියේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ෆැසිස්ට් පාලන තන්ත්‍ර ඇටවීම ද 1939 ප්‍රථම ලෝක සංග්‍රාමය හටගැනීම ද මධ්‍යයේය. යුද්ධය වනාහි ඊට පූර්ව වසරවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල ක්‍රමානුකූලව කඩාකප්පල් කර පාවාදෙනු ලැබීමේ බිහිසුනු ප්‍රතිපලය විය.

ට්‍රොට්ස්කි ඝාතනය කිරීමෙන් ස්ටැලින්වාදී නිලධරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට ව්‍යසනකාරී ප්‍රහාරයක් එල්ල කලේය. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ලෙනින් හා සම නායකත්වය ඉසිලූ හා ස්ටැලින්වාදී නිලධරය යටතේ සෝවියට් සංඟමය තුල පසුකාලීනව ඇතිවූ පරිහානියට එරෙහි අරගලයේ නායකයා වූ ට්‍රොට්ස්කි, දැවැන්ත දේශපාලන අත්දැකීම් සමුදායකට හා සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටනේ අද්වීතීය වාර්තාවකට හිමිකම් කියයි. ඔහුගේ රචනා හා න්‍යායික මෙන්ම දේශපාලන අදහස්, වත්මන් ලෝකය හමුවේ පවතින ගැටලු පිලිබඳව දැවැන්ත ලෙස අදාල වන්නේය.

2008 වසරේ පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුදය, අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් ගැඹුරු කරමින් ද උත්සන්න කරමින් ද ඇත. එම වර්ධනයන්, න්‍යෂ්ටික අවි භාවිතා කෙරෙනු ඇති තුන්වන ලෝක යුද්ධයක හා වැඩකරන ජනතාව භුක්ති විඳින සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුන්කර දැමීමේ තර්ජනය මතු කරයි.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට ඇති එකම විකල්පය, කම්කරු පන්තිය විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා කරනු ලබන අරගලය හරහා ධනපති ලාභ පද්ධතිය විප්ලවවාදී ලෙස පෙරලා දැමීමයි. ඒ සඳහා ට්‍රොට්ස්කිගේ විශ්ලේෂන හා ක්‍රියාමාර්ගය නැතුවම බැරිය. සසප/සසජාතශි රැස්වීම් මඟින් මෙම ඉදිරිදර්ශනය වටහා ගැනීමටත් සාකච්ඡා කිරීමටත් කම්කරුවන්ට හා තරුනයින්ට මහඟු අවස්ථාවක් විවෘත කර දෙනු ඇත.

රැස්වීම් ස්ථාන

කොලඹ නව නගර ශාලාව

දෙසැම්බර් 20දා සවස 3.00ට

යාපනය පුස්තකාල ශාලාව

දෙසැම්බර් 27දා සවස 3.00ට

Share this article: