බි‍්‍රතාන්‍ය කම්කරු ව්‍යාපාරය ඇමරිකාවේ වහල් සේවය අවසන් කිරීමට සහාය දැක්වූයේ කෙසේ ද - පලමු වන කොටස

How the British workers’ movement helped end slavery in America- Part one

ජෝ මවුන්ට් විසිනි, 2015 ජනවාරි 5

මෙය ඇමරිකානු සිවිල් යුද්ධය තුල දී උතුරු ජනපද හමුදාවේ විජයග‍්‍රහනය හා එක්සත් ජනපදය තුල වහල්භාවය අහෝසි කිරීමේදී බි‍්‍රතාන්‍ය කම්කරු පන්තියේ කාර්යභාරය පිලිබඳ කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස යි.

අවුරුදු එකසිය පනහකට පෙර ඒබ‍්‍රහම් ලින්කන් 1861 - 1865 ඇමරිකානු සිවිල් යුද්ධයේ දී වහල් මෙහෙය පැවති දකුනු ප‍්‍රාන්ත සන්ධානයට එරෙහිව උතුරු ජනපද සංගමය ජයග‍්‍රහනය කරා මෙහෙය වී ය. ඇමරිකාව තුල වහල් භාවය අවසන් කරන ලද මෙම “දෙවැනි ඇමරිකානු විප්ලවය” රුසියානු විප්ලවයට පෙරාතුව ලෝක ඉතිහාසයේ විශාලත ම පුද්ගලික දේපල අස්වාමික කිරීම විය.

උතුරු සංගමය දකුනු වරායවල් අවහිර කිරීම මගින් ඇති කරනු ලබන “කපු හිඟයට” එරෙහිව බි‍්‍රතාන්‍ය කම්කරුවන් නැගී සිටිනු අතැ යි ද, එමෙන් ම එය දකුන වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාලක පන්තියේ පක්ෂපාතිත්වය සමග උතුරු සංගමයට එරෙහිව බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස මැදිහත්වීමක් පොලඹවනු ඇතැ යි ද සන්ධානය (confederacy) ඔට්ටු ඇල්ලී ය. ඒ වෙනුවට, වහල්භාවයට එරෙහිව බි‍්‍රතාන්‍ය කම්කරුවන්ගේ අතිමහත් විරෝධය සන්ධානය පිලිගැනීමෙන් බි‍්‍රතාන්‍යය වැලැක්වීමේ තීරනාත්මක සාධකයක් බව ඔප්පු කලේ ය.

කාර්මික මැන්චෙස්ටර් නගරය "වාෂ්ප බලය කරා" - 1853, ද බිල්ඩර්

බි‍්‍රතාන්‍ය කාර්මිකකරනය හා ඇමරිකාවේ දකුනේ වහල් ආර්ථිකය අතර කිට්ටු සම්බන්ධකමක් පැවතුනි. වහලුන් විසින් නෙලා ගනු ලැබූ අමු කපු බි‍්‍රතාන්‍යට ප‍්‍රවාහනය කල අතර එහි දී නූල් කැට රෙදි වියන ලදී. කපු කර්මාන්තය 19වැනි සියවසේ දී බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ අපනයනය විය. ඇමරිකාවේ දකුනු ප‍්‍රාන්තවලින් ලිවර්පූල් වරායට පැමිනි කපු මිටි මැන්චෙස්ටර් කාර්මික මධ්‍යස්ථානය ඇතුලුව ලැන්කෂයර් කලාපය පුරා ව්‍යාප්තවුන රෙදි මෝල්වලට සපයන ලදී. 1860 වන විට කලාපයේ කම්කරුවන් 440,000ක් සේවය කල කපු මෝල් 2,650ක් විය.

මැන්චෙස්ටර් හි පුපුරන සුලු ආර්ථික වර්ධනය සිදු කරන ලද්දේ නිර්බාධිත ධනේශ්වර සූරාකෑම මගිනි. එය ලෝකයේ පලමු කාර්මික නගරය වූ අතර එයට “ලෝක වැඩපොල” හා “කොටොනෝපොලිස්” (කපු අධිරාජ්‍යය) යැයි නම් පටබැඳුනි.

ධනවාදය වර්ධනය වූ අතර මැන්චෙස්ටර් දියුනු විය, එමෙන් ම කම්කරු පන්තිය ද වර්ධනය විය. කාල් මාක්ස්ගේ සමචින්තක ෆෙඩ්රික් එංගල්ස් ඔහුගේ පියාගේ මැන්චෙස්ටර් කම්හලේ වැඩ කරමින්, 1845 ප‍්‍රසිද්ධ කරන ලද එංගලන්තයේ කම්කරු පන්තියේ ජීවන කොන්දේසි (The Conditions of the Working Class in England) නම් පොත ලිව්වේ ය. ඔහු කර්මාන්තයේ නොයෙකුත් ශාඛාවල පීඩිත ජනතාව විසින් විඳ දරාගත් අමානුෂික කොන්දේසි විභාග කලේ ය, එමෙන්ම ධනේශ්වර සමාජ පර්යාය තුල ඒවායේ මූල හේතු පැහැදිලි කලේ ය. එංගල්ස් මැන්චෙස්ටර් නගරය නම් කලේ “නූතන කාර්මික නගරයක පරමාදර්ශී ආකෘතිය” ලෙස ය.

කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත් විට, ඔවුන්ගේ ඕනෑ ම ඉදිරි පියවරක් පාලක පන්තියේ ම්ලේච්ඡ විරුද්ධත්වයට මුහන පෑමේ තත්වය ධනේශ්වර සමාජ සම්බන්ධතා තුල අනිවාර්ය විය. එක් කුප‍්‍රකට සිදුවීමක දී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන ඉල්ලා සිටි මහජන ව්‍යාපාරයක් මැන්චෙස්ටර් හි සැන්ට් පීටර්ස් ෆීල්ඩ් හි 1989 “පීටර්ලූ” නම් සංහාරය මගින් (වෝටලූ සටන සසඳන උපහාස යෙදුමකි - පරි) මර්දනය කරන ලදී. අශ්වාරෝහක හමුදාව කම්කරුවන් 80,000ක ජන සමූහයකට පහර දුන්නේ 15ක් ඝාතනය කරමින් හා සිය ගනනකට තුවාල සිදු කරමිනි.

පසුගිය වසරේ විනාශ කල නිව්පෝට් චාටිස්ට් නැගිටීමේ සිතුවම

මෙම කාල පරිච්ඡේදයේ කම්කරු පන්තියේ දේශපාලන විඥානයේ කූඨප‍්‍රාප්තිය වූයේ චාටිස්ට්වාදය යි, කම්කරු පන්තියේ පලමු විප්ලවවාදී ව්‍යාපාරය වූ මෙය “People’s Charter” නම් වූ මහජන ප‍්‍රඥප්තිය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරන සඳහා එහි ඉල්ලීම් හය මුල් කර ගෙන නම් කරන ලදී.

චාටිස්ට්වාදයේ විප්ලවවාදී පිල මහජනතාව තුල මුල් බැස ගැනුනු අතර, 1840 මැද භාගයේ දී පාලක පන්තියෙන් පැය දහයක වැඩ දිනයක් හා ධාන්‍ය නීතිය අවලංගු කිරීම ඇතුලු සීමිත සහන උදුරා ගැනීමට සමත් විය. කෙසේ නමුත්, මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදයේ වර්ධනයට පුරෝගාමී වූ චාටිස්ට් ව්‍යාපාරය එහි සමාජ හා දේශපාලනිකව නො වැඩුනු ස්වභාවය හේතුවෙන් අවසානයේ දී නිෂ්ක‍්‍රීය කෙරුනි. ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, “චාටිස්ට්වාදය ජයග‍්‍රහනයක් අත්පත් කර නො ගත්තේ එහි විධික‍්‍රමය සදොස් නිසා නො ව එය ඉතා වේලාසනින් කරලියට පැමිනි නිසා ය.”

චාටිස්ට්වාදයේ අභාවයත් සමග, මධ්‍යස්ථ වෘත්තීය සමිතිවල වැනීම යටතේ දිග්ගැස්සුන දේශපාලනික අකර්මන්‍යතාවේ කාලපරිච්ඡේදයකට කම්කරු පන්තිය අවතීර්න විය. කෙසේ නමුත්, ඇමරිකානු සිවිල් යුද්ධයේ පිපිරීමත් සමග එහි විප්ලවවාදී සම්ප‍්‍රදායන් යලි දැල්වුනි.

උතුරු ප‍්‍රාන්ත සංගමය (වරායන්) අවහිර කිරීම හා කපු හිඟය

ලෝක කපු වෙලඳපොලේ තම ආධිපත්‍යය සිය වෙලඳ හවුල්කරුවන්ගේ සහාය සහතික කරනු ඇත යි සන්ධානය විශ්වාස කලේ ය. දකුනු කැරොලිනා සෙනේට් සභික ජේම්ස් හැමොන්ඩ් ඔවුන්ගේ ප‍්‍රතිගාමී අහංකාරය සංකේතවත් කරන ලද්දේ මෙසේ අනතුරු අඟවමිනි, “අවුරුදු තුනකට කපු සම්පාදනය නො කලොත් කුමක් විය හැකි ද? හැම කෙනෙකුට ම සිතිය හැකි දේ වචනයට නැගීම මම නතර නො කරන්නෙමි, නමුත් මෙය ස්ථීර ය; පරන එංගලන්තය මුනින් අතට වැටී එය සමග මුලු ශිෂ්ඨාචාර සමාජය ම ඇද ගෙන යා හැක. කපු මත යුද්ධ නො කිරීමට ඔබ නිර්භීත නොවනු ඇත. එයට ඉහලින් යුද්ධ කිරීමට නිර්භීත බලවතෙක් මහපොලොව මත නැත. කපු යනු රජා ය!”

"කිංග් කොට්න්" ගෙල මිරිකීමේ ප්‍රයත්නය සමිති විසින් වලකන ලදි

එය දකුනු ප‍්‍රාන්තයන්හි පැත්ත ගෙන බි‍්‍රතාන්‍ය යුද්ධයට ඇදී ආ හැකිය යන භීතීන් නොසලකා ලින්කන් 1861 දකුනු වරායවල් අවහිර කිරීම ඇරඹී ය, සන්ධාන ආර්ථිකය වට කිරීමට හා හුස්ම හිර කිරීමේ ඊනියා “ඇනකොන්ඩා සැලැස්ම” එයයි. බොහෝ බි‍්‍රතාන්‍ය නැව් අවහිරය මග හැරිය ද, එය කපු ආනයනයෙන් සියයට 95ක් අධෛර්යමත් කොට ඇනහිටවී ය.

අමු ද්‍රව්‍ය සැපයුම ඇන හිටීම නිසා කපු රෙදි වියන්නන් විශාල සංඛ්‍යාවක් විනාශයට ගොදුරු වූහ. ඡායා රූ හිමිකම/ the Cotton Town digitisation project

බි‍්‍රතාන්‍යයේ වාර්ෂිකව පවුම් බිලියන 1.1ක සන්ධාන කපු සැපයුම වියලුනි. මිල ගනන් වේගයෙන් ඉහල නැගුන අතර වෙනත් ප‍්‍රදේශවලින් ආනයනය කල හැකි වූයේ බාල කපු සුලු ප‍්‍රමානයක් පමනි. කපු හිඟයෙන් ලැන්කර්ෂයර් මිරිකී ගියේය. කලාපයේ මෝල් වසා දැමුනු අතර රට පුරා දහස් ගනනකගේ රැකියා අහෝසි විය.

කම්කරුවෝ දරිද්‍රතාවට, හාමතට, උනුසුම් කිරීමේ කටයුතු අඩපන වූ අතර නිවාස වලින් නෙරපා හැරීමට මුහුන දුන් හ. රට පුරා කැරලි පැන නැගුනි. කපු හිඟය මධ්‍යයේ ලැන්කර්ෂයර් කම්කරුවන්ගෙන් සියයට 60කට රැකියා අහිමි වුනි. වෛරයට පාත‍්‍රව තිබූ, පහත් නීති පද්ධතිය මත යැපීමට කම්කරුවනට බල කෙරුනි. කපු සැඟවීමෙන් සමපේක්ෂකයෝ ලාභ ගැරූහ, පාලක පන්තිය කම්කරු විරෝධය තලා දමමින්, මහජන කෝපය සමනය කිරීමට ප‍්‍රජා සත්කාර හා ආගම යොදා ගත්තේ ය.

1863 දී කලාපය පුරා පිපිරී ගිය කැරලි: ඡායා රූ හිමිකම/ Historic UK

විශාල ම කැරලි පිපිරී ගියේ, බෙහෙවින් අඩපනව ගිය කම්හල් නගරයක් වන ස්ටැලිබි‍්‍රජ් හි ය. බොහෝ කම්හල් වසා තිබුනි, 7,000ට වඩා මෝල් ක‍්‍රියාකරුවන්ට රැකියා අහිමි වුනි, කම්කරුවන් තුනෙන් එකක් යැපුනේ ජාත්‍යන්තර ආධාරවලිනි. ආන්ඩුවේ මසුරු සහන වැඩසටහන්වලට එරෙහිව විරෝධතා පැනනැගුනි.

කැරලි ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලදී. අශ්වාරෝහක හමුදා කැඳවන ලදී, ප‍්‍රාදේශීය පොලීසිය වකුටු කඩු හා බයිනෙත්තුවලින් සන්නද්ධ වූහ. මර්දනයේ දී 80දෙනෙකුට වඩා අත්අඩංගුවට ගන්නා ලදී.

කපු හිඟය තමන්ට සහාය දැක්වීමට කම්කරුවන්ට බල කරනු ඇත යි සන්ධානය ගනන් බැලී ය. දකුනේ දේශපාලඥයෙක් ද ටයිම්ස් පත‍්‍රයට මෙසේ පැවසී ය: “අපට කිරීමට ඇත්තේ මාස තුනකට කපු නැව් ගත කිරීම නවත්වන එක යි, එංගලන්තයේ විප්ලවය ඇරඹෙනු ඇත. අපගේ කපු නොමැතිව ඔබගේ කම්කරුවන් සියදහස් ගනනක් හාමත් වනු ඇත, ඔවුන් අවහිරය බිඳීමට ඔබට බල කරනු ඇත.”

කෙසේ නමුත්, පලමුවරට 1862 සැප්තැම්බරයේ දී නිවේදනය කරන ලද ලින්කන්ගේ නිදහසේ ප‍්‍රකාශයෙන් ඒවා නිෂ්ක‍්‍රීය කෙරුනි. සන්ධාන ප‍්‍රාන්තවල සියලු වහලුන්, එනම් මිලියන හතරක් වූ ඇමරිකානු වහලුන්ගෙන් මිලියන 3.1ක් ඔවුන්ගේ පැරනි අයිතිකරුවන්ට වන්දි ගෙවීමෙන් තොරව නිදහස් කරන ලද බව මෙය ප‍්‍රකාශ කලේ ය. සංගම් හමුදා හිටපු වහල් සේවකයින්ගේ නිදහස “පිලිගත යුතු අතර එය පවත්වා ගත යතු ය” යි ද එය නියෝග කලේ ය. අහෝසි කිරීම (වහල් සේවය) පැහදිලි යුද අරමුනක් බවට පත් කලේ ය.

බි‍්‍රතාන්‍ය තුල, කම්කරුවන්ට වහල් මෙහෙය සම්බන්ධයෙන් ගැඹුරු වෛරයක් තිබුන අතර අවසාන වරට කපුවලට අත ගසන්නේ වහලුන් බව ඔවුහු දැන සිටියහ. කපු හිඟයේ අතිවිශාල දුෂ්කරතා දරාගනිද්දීම ලින්කන්ට, සංගමයට හා වරායවල් අවහිර කිරීමට සහාය පලකරන ජාතික පරිමාන වහල් විරෝධී මහජන ව්‍යාපාරයක් පැනනැගුනි.

යුද්ධය මුලුල්ලේ කම්කරුවෝ සංගමයට සහාය ලබා දුන්හ. රට පුරා ලොකු කුඩා නගරවල දැවැන්ත රැස්වීම් පවත්වන ලදී.

ලන්ඩන් වෙලඳුන්ගේ කවුන්සිලය විසින් කැඳවනු ලදුව, 1863 මාර්තු 26වැනිදා පැවැත්වුනු ශාන්ත ජෝන් ශාලාවේ රැස්වීමෙන්, ලින්කන්ගේ නිදහසේ ප‍්‍රකාශය දැඩි සහයෝගයක් දිනා ගත්තේ ය. ශාලාවේ තදබද වූ 3000කට අධික කම්කරුවෝ ලින්කන් සමග සහයෝගය හා “ඇමරිකාවේ උතුරු ජනපද සමග පක්ෂපාතිත්වය හා නීග්‍රෝ නිදහස වෙනුවෙන් පක්ෂපාතිත්වය” ප‍්‍රකාශ කලහ. පේ‍්‍රක්ෂකයින්ගේ ඔල්වරසන් මධ්‍යයේ එක් අයෙකු පැවසුවේ, “ලැන්කර්ෂයර්වල අසහනයට පත් කපු කම්හල් කරුවන්ට, රැකියා දීමේ පදනම මත පවා දකුනු සන්ධානය පිලිගැනීම යුක්තිසහගත කිරීමට කම්කරුවන් සියයක්වත් සොයා ගැනීමට නැති” බව යි.

දකුනු ප‍්‍රාන්තවලට සහාය දීම සම්බන්ධයෙන් කම්කරුවෝ බි‍්‍රතාන්‍ය “ධනපතීන් හා මාධ්‍යවේදීන්” ගර්හාවට ලක්කලෝ ය. රැස්වීමේ ප‍්‍රබලත්වය හමුවේ, “පාමස්ටන් (අගමැති සාමිවරයා) එසේ කිරීමේ අවස්ථාවක සිටිය ද, එක්සත් ජනපදයට එරෙහි යුද්ධයක් ප‍්‍රකාශ කිරීමෙන් වැලැක්වී ය” යි මාක්ස් විශ්වාස කලේ ය.

බි‍්‍රතාන්‍ය ධනේශ්වරය “යැන්කි ප‍්‍රජාතන්ත‍්‍රවාදය” විශ්වාස නො කල අතර දකුනු ප‍්‍රාන්ත සමග ඔවුන්ගේ ලාභදායි වෙලඳ සමබන්ධකම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කලහ. සිවිල් යුද්ධය පුරා බි‍්‍රතාන්‍ය, නිල වශයෙන් අපක්ෂපාතීව සිටියේ ය. කෙසේ වෙතත්, උතුර සමග සම්බන්ධකම් ආතති සහගත තත්වයක් කරා වර්ධනය වීමත් සමග බි‍්‍රතාන්‍ය මෝල් හිමියෝ, අවහිරය මැඞීමට නාවික හමුදාව යොදන ලෙස ඉල්ලා සිටියහ. බි‍්‍රතාන්‍ය, යුද නැව් නිෂ්පාදනය කර දකුනට අලෙවි කල අතර කැනඩාවේ හමුදා රඳවමින් ආක‍්‍රමනයකට පවා සුදානම් වූ නමුත් මහජන විරෝධය මගින් එම පියවර වලක්වන ලදී.

වහල් සේවය අවසන් කිරීම තමන්ගේ ද වැටුප් වහල් භාවයට එරෙහිව කැරලි ගැසීමට කම්කරු පන්තිය ධෛර්යමත් කරනු ඇතැ යි බි‍්‍රතාන්‍ය පාලක පන්තිය දැන සිටියහ. නැව් හා මෝල් හිමියෝ සන්ධානයට සහාය ගොනු කිරීමට ප‍්‍රසිද්ධ රැස්වීම් සංවිධානය කලහ. ඒවා ඇමතුවේ රෙදි කම්කරුවන්ගේ දුක් පීඩා වෙනුවෙන් සංගමයට දොස් පැවරූ කුලීකාරයන් විසිනි.

මෙම උත්සාහයන් අසාර්ථක බව ඔප්පු විය.

Share this article: