නව ශ‍්‍රී ලංකා ආන්ඩුව මැතිවරන අයවැයක් ගෙන එයි

New Sri Lankan government brings down election budget

සමන් ගුනදාස විසිනි, 2015 පෙබරවාරි 9

මුදල් ඇමති රවි කරුනානායක විසින් ජනවාරි 29 වන දා ඉදිරිපත් තරන ලද “අතුරු අයවැය” පසුගිය 07දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය ඉදිරිපත් කරන ලද්දේ ජනවාරි 8 පැවැත්වුනු ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ෂ පරදවා බලයට පැමිනි මෛත‍්‍රීපාල සිරිසේන විසින් පිහිටුවන ලද නව සුලුතර රජයට ඉහල ඡන්ද පදනමක් දිනා ගැනීම අරමුනු කර ගෙනය.

ජනාධිපති සිරිසේන ගේ ආන්ඩුව එක්සත් ජනපද (එජ) ලැදි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) බලයට නතුවී තිබෙන නමුත්, ශ‍්‍රී ලංකා නිදහස් පකෂයේ (ශ‍්‍රීලනිප) මූලිකත්වයෙන් පෙර පැවති රාජපක්ෂගේ පාලක සන්ධානයට තවමත් පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමිව තිබේ. සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට ආන්ඩුවෙන් කැඩී වෙන්වුවත් තවමත් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් ලෙස සිටී.

සිරිසේනගේ ආන්ඩුව සහ ඊට පිටුබලය සපයන ව්‍යාජ වම, අතුරු මූල්‍යමය වැඩසටහන, පොහොසතුන්ගෙන් ධනය උදුරාගෙන දුප්පතුනට බෙදා දෙන “සරදියෙල් අයවැයක්” ලෙස හැඳින්වීය.

මෙම කයිවාරු සාවද්‍යය. මෙම අයවැය, සොච්චම් සහන ගනනාවක් සහ ධනවතුන් මත පැනවුනු බදු ගනනාවක් සමග කම්කරුවන් සහ දුගීන් නොමග යැවීම අරමුනු කර ගත්තකි. ශ‍්‍රී ලංකාවේ නය සම්බන්ධව කරුනානායක ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) සමග සාකච්චා ආරම්භ කර තිබේ. එහි අර්ථය නම් මැයි මාසයේ පවත්වන්නට යෙදෙන පාර්ලිමේන්තු මැතිවරනයෙන් කුමන ආන්ඩුවක් බලයට පැමිනිය ද නව සමාජ කප්පාදු ක‍්‍රියා මාර්ග ගෙන එනු ඇති බවයි.

අයවැයෙන් තිරිඟු පිටි, සීනි, කිරි පිටි, ටින් මාලු, කරවල, සහ මුං ඇට ඇතුලත්ව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13ක් මත පනවා තිබු බදු සියයට 10 හා 15 අතර ගනනකින් කපා හැර තිබේ. එසේ වුව ද, ප‍්‍රධාන ආහාරය වන හාල්වල මිල පහත දමා නැත. අයවැය නිකුත් කිරීමට ආසන්නව පැට්රල්, ඩීසල්, භූමිතෙල් හා ගෑස් මිල ගනන් පිලිවෙලින් සියයට 22, 14, 20 හා 16 කින් අඩු කලේය.'

රාජ්‍ය අංශයේ මාසික වැටුප් රුපියල් 10,000 කින් (එජ ඩො 75) ඉහල යන අතර එයින් සියයට 50 ක් මේ මාසයේදී ගෙවන අතර ඉතිරිය ජුනි මාසයේදී ගෙවනු ඇත. මාසික විශ‍්‍රාම වැටුප සොච්චම් රුපියල් 1,000 කින් ඉහල දමා තිබේ.

අවම වැටුප් ලබන වතු කම්කරුවන් සහ ඇඟලුම් කම්කරුවන්ද ඇතුලත්, පුද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් අති විශාල ප‍්‍රමානයකට කිසිඳු වැටුප් වැඩිවීමක් නොලැබේ. කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස පුද්ගලික සමාගම්වලට බලකලෙහාත්, “සමාගම් වැසී යනු ඇතැ” යි මුදල් ඇමති කරුනානායක ප‍්‍රකාශ කලේය. කම්කරුවන්ගේ කෝපය වෙනතකට හැරවීමේ කපටි උත්සාහයක යෙදෙමින් ඔහු, රුපියල් 2,500 ක වැඩිවීමක් ලබාදෙන්නැයි මහා ව්‍යාපාරවලින් හිස් ආයාචනයක් කලේය. මෙම වැඩිවීම සිදු වීමට ඉඩක් ඇත්තේ නැත.

සුලු ගොවීන්ගේ වී, අර්තාපල්, තේ, රබර් සහ කිරි සඳහා සහතික මිල වැඩිකිරීම හා රුපියල් 100,000 ට අඩු ගොවි නය සියයට 50 කින් කපාහැරීම අනෙකුත් අයවැය යෝජනාවන්ට ඇතුලත් විය. පොහොර සහනාධාරය දිගටම ලබා දෙන අතර මසකට රුපියල් 250 හා 1,000 ක් වන දුප්පතුන් සඳහා වන සීමිත සහනාධාර වැඩසටහන වන සමෘද්ධි ආධාර දෙගුනයක් කෙරෙනු ඇත. අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වන වියදම් පිලිවෙලින් දල දේශීය නිෂ්පාදිතෙයන් සියයට 1.7 හා 1.3 වන අතර එය සියයට 6 හා 3 ක් ලෙස, ඉහල නංවන බවට කරුනානායක නිවේදනය කලේය.

2006 සිට රාජපක්ෂ ආන්ඩුව විසින් වැටුප් කැටි කිරීමක් ක‍්‍රියාත්මක කරන ලදී. පසුගිය දශකය මුලුල්ලේ මෙරට ජීවන වියදම නාටකාකාරව අහස උසට නැග ඇති බැවින් යෝජිත වැටුප් වැඩිකිරීම් සහ මුලික ආහාර ද්‍රව්‍යවල මිල අඩුකිරීම් සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්හි පරිහානියෙහි සැලකිය යුතු ආපසු හැරීමක් ඇති නොකරනු ඇත. 2012-13 සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙම්න්තුවේ සමීක්ෂනයකට අනුව, හතර දෙනකුගෙන් යුත් පවුලකට මූලික ජීවන වියදම් පියවා ගැනීමට මසකට රුපියල් 41,000 කට වඩා අවශ්‍යය.

ඊනියා දින 100 වැඩසටහනෙහි කොටසක් ලෙස ජනවාරියේ ජනාධිපතිවරන ව්‍යාපාරය තුල ඉදිරිපත් කල, සිරිසේන ආන්ඩුවේ සොච්චම් සහන අයවැය වැඩපිලිවෙල, වැඩකරන ජනතාව අතර රාජපක්ෂගේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව තිබූ ගැඹුරු මහජන විරෝධය ගසාකන්නට ගත් උත්සාහයකි.

රාජපක්ෂ පාලනය සමයේ එහි ප‍්‍රමුඛ සාමාජිකෙයක් ලෙස, එම රජය විසින් කම්කරු පන්තිය හා දුගීන් වෙත එල්ල කෙරුනු සියලුම ප‍්‍රහාරයන්ට සිරිසේන සහයෝගය දුන්නේය. රාජපක්ෂ රජයෙන් ඉවත්ව ජනාධිපතිවරනය සඳහා තරග කිරීමට ඔහු ගත් තීරනය, වොෂින්ටනයේ පිටුබලය සහිතව එජ-ගැති හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් සැලසුම් කරන ලද්දකි. බීජිං කරා වු රාජපක්ෂගේ හැරීම අවසන් කිරීමත් වොෂින්ටනයේ “ආසියාවට හැරීම” සහ චීනයට එරෙහි යුද සුදානම සමග ශ‍්‍රී ලංකාව ස්ථිරව පෙලගැස්වීම මෙම ආන්ඩු වෙනස්කිරීමේ මෙහයුමේ ප‍්‍රධාන ඉලක්කයයි.

කරුනානායගේ අයවැයෙහි ධනවතුන්ට පනවා ඇති බදු දේශපාලනිකව සැලසුම්ගත තාවකාලික වැඩපිලිවෙලකි. වසර 2000 ට පසුව නිමකරන ලද රුපියල් මිලියන 150 ට වැඩි වටිනාකමින් යුත් හෝ වර්ග අඩි 10,000 ට වැඩි නිවාස මත යෙදු එක්වරක් පමනක් අයකරන “මන්දිර බද්ද” ඉන් එකකි. අනෙක්වා නම් රුපියල් මිලියන 2,000 ඉක්මවා ලාභ උපයන සමාගම් සඳහා පැන වු විශේෂ සියයට 25 ක් වු “සුපිරි-ප‍්‍රතිලාභ බද්ද” මත්පැන් නිෂ්පාදකයින් මත පැන වු මසකට රුපියල් මිලියන 200 ක බද්ද සහ පිලිවෙලින් රුපියල් මිලියන 1,000 හා 250 ක් වන චන්ද්‍රිකා හා ජංගම දුරකතන සේවා සපයන්නන් මත පැන වු එක් වරක් පමනක් අයකරන බද්ද යනාදියයි.

මෙම ප‍්‍රතිපත්ති සම්බන්ධව මහා ව්‍යාපාර කවයන්හි නොසන්සුන්තාවයන් ඇවිලෙන අතරේ, ආන්ඩුව “මෙම බදු අය කිරීමේදී අසාධාරනව ක‍්‍රියා නොකරන” බව කරුනානායක අවධාරනය කල අතර සමහර බදු පසුගිය රජයේ ගජ මිතුරන් හට එල්ල කෙරන බවට ඉඟි කලේය. බදු ගෙවීමේ දුෂ්කරතාවය ගැන ප‍්‍රකාශ කල සමහර ප‍්‍රධාන විධායක නිලධාරීන් හට, සහනයක් සඳහා වසරක් ඉවසන්නට යැයි තමා පැවසු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසීය.

ජාමූ අරමුදලේ නියෝග සමග එකට යමින්, කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහිව දැවැන්ත සමාජ ප‍්‍රහාරයක් සුදානම් වෙමින් පවතී. වර්තමාන නය බර අඩු කර ගැනීමට නය ලබා ගැනීම සඳහා, මුදල් ඇමති ලෙස පත් වී දින ගනනක් ඇතුලත, කරුනානායක ජාමුඅ නියෝජිතයන් සමග සාකච්චා ඇරඹීය. බලාපොරොත්තු වුවාටත් වඩා රුපියල් ටි‍්‍රලියන 1 කට වැඩි එනම් රුපියල් ටි‍්‍රලියන 8.8 ක නය මුදලක් නව රජයට උරුම වී ඇති බව කරුනානායක සිය අය වැය කථාවේදී ප‍්‍රකාශ කලේය.

“අප හිතුවාටත් වඩා රටෙහි ආර්ථික තත්වය ඉතා දැඩි අවදානම් තත්වයක පවතී. නය ඉතා ඉහලයි” යනුවෙන් කරුනානායක පැවසීය. දැවැන්ත නය කන්දරාවේ හදිසි සොයාගැනුම සම්පූර්නයෙන්ම බලාපොරොත්තු වු තත්වයක් වන අතර මෙම තත්වය ඉදිරි ප‍්‍රතිගාමී සමාජ වැඩපිලිවෙල යුක්තිසහගත කිරීම සඳහා යොදා ගනු ඇත. “කොන්දේසි සහිත නය” සමග “මුල්‍යමය ක‍්‍රියාවලිය වඩා විනයගත කිරීමක්” ඔහුට අවශ්‍ය බව කරුනානායක ඬේලි මිරර් පුවත්පතට පැවසීය.

“අනවශ්‍ය වියදම්” කපා හරිමින් ප‍්‍රක්ෂිප්ත 2015 අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 4.6 සිට 4.4 දක්වා ඔහුට අඩු කල හැකි බව කරුනානායක ප‍්‍රකාශ කල අතර 2016 දී දදේනියෙන් සියයට 3.8 කට අයවැය හිඟය අඩු කිරීමේ පසුගිය රජයේ පොරොන්දුව ක‍්‍රියාත්මක කල හැකි බවට ප‍්‍රතිඥා දුන්නේය.

එජාප ප‍්‍රධානී සහ වර්තමාන අගමැති, රනිල් වික‍්‍රමසිංහට කුප‍්‍රකට වාර්තාවක් ඇත. 2001-04 දක්වා අගමැති ලෙස, රාජ්‍ය අංශ වියදම් හා රැකියා කපා හැරි අතර රාජ්‍ය-පාලිත කර්මාන්ත පුද්ගලීකරනය උත්සන්න කලේය. ඔහුගේ ප‍්‍රචලිත අපකීර්තිමත් ආර්ථික වැඩසටහන “යලි පුබුදමු ශ‍්‍රී ලංකා” විය.

අයවැය “සහන” ගැන රජයේ හා මාධ්‍ය වර්නනා පිටුපසින්, නව ආන්ඩුව කම්කරු පන්තිය හා දුගීන් මතට වඩා දැඩි ප‍්‍රහාර සුදානම් කරමින් සිටින අතර එමගින් තියුනු පන්ති සටන් සඳහා වේදිකාව සැකෙසනු ඇත.

Share this article: