යුකේ‍්‍රනයය තුන්වැනි ලෝක යුද්ධය ඇවිලවිය හැකි යයි ගොර්බචේච් අනතුරු අඟවයි

Gorbachev warns Ukraine could ignite World War III

නයිල්ස් විලියම්සන් විසිනි, 2015 ජනවාරි 31

සෝවියට් සංගමයේ අවසාන ජනාධිපති වූ මීහයිල් ගොර්බචේව් රුසියාව සමග නව සීතල යුද්ධයකට මුලපිරීම ගැන 25දා එක්සත් ජනපදයට චෝදනා කල අතර ගැටුම න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක් කරා ඔඩු දිවිය හැකි බවට බිය පල කලේය.

ගොර්බචේව් ඔහුගේ අදහස් ප‍්‍රකාශ කලේ එක්සත් ජනපද හා යුරෝපා සංගමයේ තල්ලුව ලැබ කියෙව් ආන්ඩුවේ හමුදා හා නැගෙනහිර ඩොන්බාස් කලාපයේ රුසියාවට පක්ෂ බෙදුම්වාදීන් අතර යුකේ‍්‍රනයය තුල සටන් උත්සන්න වීමත් සමග ය.

“පැහැදිලිව කිවහොත්, ඇමරිකාව මේ වන විටත්, එහි ජයග‍්‍රහනවාදී අදහස විවෘතව ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින්, අප නව සීතල යුද්ධයකට ඇද දමා ගොස් ඇතැ” යි හිටපු සෝවියට් නායකයා ඉන්ටර්ෆැක්ස් ප‍්‍රවෘත්ති සේවයට පැවසී ය. “ඊලඟට කුමක් ද? අවාසනාවන්ත ලෙස, සීතල යුද්ධය “ගිනියම්” එකක් නොවනු ඇතැ යි මට විශ්වාස නැත. (ඇමරිකාව) එම අවදානම ගැනීමට ඉඩ තිබීම ගැන මට කියන්නට කනගාටු යි.”

රුසියාවට එරෙහිව වඩ වඩාත් ආර්ථික සම්බාධක පැනවීම සඳහා දිගටම පීඩනය යෙදීම ගැන ඔහු ඇමරිකාව හා යුරෝපීය සංගමය විවේචනය කලේ ය. “එක්සත් ජනපද හා යුරෝපා සංගමයෙන් අපට සිදුවන එක ම දේ රුසියාවට එරෙහිව සම්බාධක යි” ඔහු තව දුරටත් පැවසී ය. “ඔවුන්ට සම්පූර්නයෙන් ම පිස්සු ද? ඇමරිකාව මුලුමනින්න ම අතරමං වෙලා වගේ ම අපත් එතැනට ඇද ගෙන යමින් සිටිනවා.”

මේ මාසය මුල දී, යුකේ‍්‍රනයය මුල්කරගෙන එජ, යුස හා රුසියාව අතර දිග්ගැස්සෙන ගැටුම ය. “එය ගැන ගොර්බචේව් ඩර් ස්පීගල් නම් ජර්මානු පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ සලකා බැලිය යුතු ව ඇති දෙයක් පවා නොවේ”යයි පැවසූ ඔහු, යුරෝපය තුල ප‍්‍රධාන යුද්ධයක් “අනිවාර්යයෙන් ම න්‍යෂ්ටික යුද්ධයකට තුඩු දෙන” බවට අනතුරු ඇඟවී ය. ඔහු මෙසේ ද පැවසී ය, “මෙම ගිනිගන්නා වාතාවරනය තුල එක පැත්තක් තම ඉවසීම නැති කර ගත හොත්, එලඹෙන වසරවල දී අප කිසිවෙක් ඉතුරු නොවනු ඇත.”

මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ම ගොර්බචේව්, මෙම වර්ධනයන් සෝවියට් සංගමය විසුරුවා හැරීම ඉක්බිත්තේ දී වොෂින්ටනය “මහා අධිරාජ්‍යයක්” ගොඩනැගීමට දරන උත්සාහයේ ප‍්‍රතිඵල යයි විලාප දුන්නේ ය.

“පෙරෙස්ට්‍රොයිකා” හා “ග්ලස්නොස්ට්” ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගමින්, 1980 ගනන්වල ධනේශ්වර පුනස්ථාපනයේ ආරම්භකයා වූ ගොර්බචේව් යුකේ‍්‍රනයය තුල වර්තමාන වර්ධනයට හා නේටෝවේ ව්‍යාප්තිය සඳහා දැවන්ත වගකීමක් දර යි. එවක දී ඔහු තර්ක කලේ, යුද්ධය දෙසට වූ අධිරාජ්‍යවාදයේ කුරිරු තල්ලුව “විශ්වමය මානව වටිනාකම්” මගින් වෙනස් කරනු ලැබ තිබූ බව යි.

සෝවියට් සංගමය දිය කර හැරීම මගින් තමන්ගේ ම උත්සුකයන් ආරක්ෂා කර ගැනීමට හා ධනවාදය පුනස්ථාපනයට සෝවියට් ස්ටැලින්වාදී නිලධරය ගත් තීන්දුව රුසියාවේ බටහිර දේශසීමාව දක්වා නේටෝවේ ව්‍යාප්තියට ඉඩ සැලසී ය.

යුකේ‍්‍රන අර්බුදය තුල අන්තර්ගත අනතුරු පිලිබඳව ගොර්බචේව්ගේ අනතුරු ඇඟවීම් නිකුත් වුනේ හුදෙකලාව නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිය නො හැකි අපරාධවල පැටලී සිටි හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කීසිංගර් 25දා එරට සෙනේට් මිලිටරි සේවා කමිටුව ඇමතූ අතර “එය කොයි අත ගමන් කර යි ද හා එය මැඩපැවැත්වීමට අපට කුමක් කරන්නට සිදුවේ දැ යි නො දැන (යුකේ‍්‍රනයය තුල) මිලිටරි ගැටුමක ක‍්‍රියාදාමයක් ආරම්භවීම ගැන තමන් ද අපහසුතාවට පත්වන” බව පැවසීය.

91හැවිරිදි කීසිංගර් මෙස් ද පැවසී ය: “අප කොතරම් දුර යනවා දැ යි දැන ගැනීමට පෙර එය වැඩි දියුනු වන තවත් පියවර ගැනීම මග හැරිය යුතු යයි මම විශ්වාස කරමි. මෙය මොස්කව්වල සිට සැතපුම් 300ක් දුර පිහිටි දේශයකි, ඒ නිසා විශේෂ ආරක්ෂක ඒ තුල ගැබ්ව පවතී.”

පසු ගිය වසරේ එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ පිටුබලය සහිතව, ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් කුමන්ත‍්‍රනයේ තැන් පටන් ඩොන්බාස් හි දැන් සිදුවන සටන් දක්වා, යුකේ‍්‍රනයයේ ඉදිරියට යන අධිරාජ්‍යවාදී මෙහෙයුම මෙන් ම රුසියාවට එරෙහිව වර්තමාන සම්බාධක පැනවීම් ඉලක්ක කෙරෙන්නේ, පැරනි සමස්ත සෝවියට් සංගමයම මත ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම හා එහි දැවන්ත ස්වභාවික සම්පත් කොල්ල කෑමට මග විවෘත කර ගනිමින් අවසානයේ දී රුසියාව අර්ධ යටත් විජිත රටවල් පෙලක් බවට ලඝු කර දැමීමට යි.

යුරෝපා සංගමයේ රටවල ඇතැම් පාර්ශ්ව, විශේෂයෙන් ම ප‍්‍රන්සය හා ඉතාලිය, රුසියාව සමග රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා නැවත ගොඩනැගීම ආරම්භ කිරීමේ සංඥාවන් පසු ගිය සතිවල නිකුත් කරනු ලැබූ නමුත් පසු ගිය සති අන්තයේ මරියුපොල් නම් යුකේ‍්‍රන නගරයට එල්ල කල මාරාන්තික රොකට් ප‍්‍රහාරය, යූරෝපා සංගමයේ සාමාජිකයින් සම්බාධක පාලනය පිටුපස ආපසු පෙල ගැසීමට තත්වය සකස් කලේය.

25දා යුරෝපා සංගමයේ විදේශ ඇමතිවරුන්ගේ හදිසි රැස්වීමක්, රුසියානු පුරවැසියන් 132කුට හා සංවිධාන 28කට එරෙහිව සංචාර තහනම් කිරීම් හා බැංකු ගිනුම් කැටිකිරීම්, මේ වර්ෂයේ සැප්තැම්බර් වන තෙක් දිර්ග කිරිමට තීරනය කලේ ය. රුසියාවට එරෙහි ආර්ථික සම්බාධකවල වර්තමාන පියවර තීව‍්‍ර කිරීම සාකච්ඡා කිරීමට විදේශ ඇමතිවරුන් පෙබරවාරි 12වැනිදා නැවත රැස්වෙනු ඇත.

රැස්වීමේ දී කතා කරමින් ජර්මානු විදේශ ඇමති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මීයර් තර්ජනාත්මකව පැවසුවේ, “මරියපොල් හෝ වෙනත් කාලපයන් වෙතට ප‍්‍රහාරයක් එල්ල වුව හොත් පැහදිලි හා වඩා දැඩි පියවරවලින් ප‍්‍රතිචාර දැක්වීම අවශ්‍ය” බව යි.

විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම පූර්වාසන්නයේ දී නව වටයක කාලතුවක්කු ප‍්‍රහාරයකට ඩොනෙට්ස් ප‍්‍රදේශය ගොදුරු විය. සහනාධාර බෙදූ ප‍්‍රජාශාලාවකට පිටත රැඳී සිටි සිය ගනනක් සෙනගක් මතට මෝටාර් ප‍්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් අඩු වශයෙන් සිවිල් වැසියන් පස්දෙනෙකු මිය ගිය බව වාර්තා වුනි.

මෝටාර් උන්ඩ බස් නැවතුම් පොලක් අසල පතිත වීමෙන් තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය බව වාර්තා වුනි. සිකුරාදා දවස පුරා බටහිර ඩොනෙට්ස්ක් හි කාලතුවක්කු ෂෙල්වෙඩි ප‍්‍රහාරයන්ගෙන් අඩු වසයෙන් පස්දෙනෙක් මියගියහ.

ඩොනෙට්ස්ක් හා ලූහාන්ස්ක් අතර ප‍්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයකට රුසියාවට පක්ෂ බෙදුම්වාදීන් දිගටම ප‍්‍රහාර එල්ල කලේය. මේ වන විට අඩු වශයෙන් යුකේ‍්‍රන හමුදා 8000ක් ස්ථානගත කෙරුන ඩෙබල්ට්සෙවේ නගරයේ බටහිරට ආසන්න වූලේහර්ස් ගම්මානයේ පාලනය ඔවුන් අතට පත්ව තිබේ. නගරයේ 25,000ක් වන සිවිල් වැසියන් වැඩි කොටස ඉවත් කර ඇති අතර ෂෙල් වෙඩි තැබීමෙන් අඩු වශයෙන් පුද්ගලයින් හත්දෙනෙකු 26දා මියගිය බව වාර්තා වුනි.

යුකේ‍්‍රන ජාතික මුර ඇනියට ඒකාබද්ධ කර ඇති යුකේ‍්‍රනියානු ජාතිකවාදී ඩොන්බාස් මිලීෂියා හමුදාවේ ආරම්භකයා වන සෙමෙන් සෙමෙන්චෙන්කෝ වාර්තා කලේ, ඩෙබල්ට්සෙවේ හි කියෙව් පක්ෂ හමුදාවට එරෙහිව කාලතුවක්කු වෙඩි, මෝටාර් හා ගේ‍්‍රනේඩ් රොකට්වලින් පහර දී ඇති බවයි.

යුරෝපය තුල ආරක්ෂාව හා සහජීවනය සඳහා සංවිධානයේ සත්කාරත්වයෙන් 26දා නැවත ඇරඹීමට නියමිත වූ සටන් විරාම සාකච්ඡා ආරම්භ වුනේවත් නැත. රුසියානු පක්ෂ බෙදුම්වාදීන්ගේ නියෝජිතයින් ලෙස ව්ලැඩිස්ලාව් ඬේනෙගෝ හා ඩෙනිස් පුෂිලින් නිවේදනය කලේ, කියෙව් නියෝජිතයා වන හිටපු ජනාධිපති ලියොනිඞ් කුච්මා එහි පෙනී සිටීමට අසමත් වු බැවින් ඔවුන් මින්ස්ක් වලින් මොස්කව් බලා පිටත් වන බව යි.

යුකේ‍්‍රනියානු ආන්ඩුව හා එහි එක්සත් ජනපද හා යුරෝපා සංගමයේ අනුචරයෝ කැරලිකරුවන් සමග සම්මුතියකට පැමිනීමට කැමත්තක් නැති බව පෙන්නුම් කලහ. පසු ගිය සතියේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය අමතමින් එක්සත් ජනපද තානාපතිනී සමන්තා පවර්, මෑත ම රුසියානු සාම සැලස්ම ඉවත දැමුවේ එය “වාඩිලා ගැනීමේ සැලැස්මක්” වූ නිසා බව පැවසීය.

ආර්ථිකය උත්තේජනය කිරීමේ හා විනාසකාරී ආර්ථික අවපාතය මග හැරීමට උත්සාහ කරමින් 26දා රුසියානු මහබැංකුව ප‍්‍රධාන පොලී අනුපාත සියයට 2කින් සියයට 15 දක්වා කපන බවට විස්මිත නිවේදනයක් නිකුත් කලේ ය. මෙය සිදුවූයේ, පසු ගිය වර්ෂය ආරම්භයේ සිට වටිනාකමින් සියයට 17ක් අහිමි කර ගත් රූබලයේ පරිහානිය වැලැක්වීමේ උත්සාහයක් ලෙස එම පොලී අනුපාත ම සියයට 17දක්වා සියයට 6.5කින් වැඩි කර මාසයකටත් අඩු කාලයක් ගතවීමට පෙර ය.

තෙල් මිලේ වැටීම සමග ඒකාබද්ධව සිදුවන සම්බාධක පැනවීම්, රුසියාව තුල වැඩිවෙන දේශපාලන හා ආර්ථික අර්බුදයකට සම්මාදම් වෙමින් තිබෙන බවට රුසියානු මහබැංකුවේ හදිසි තීරනය ඉඟි කරයි. රුසියානු සංඛ්‍යාලේඛන සේවයේ මූලික වාර්තාවකට අනුව, 2014 ආර්ථික වර්ධනය යන්තම් සියයට 0.6කි. සිටිගෲප් පුරෝකතනය කරන්නේ බ්‍රෙන්ට් බොර තෙල්වල සාමාන්‍ය මිල අවධමනය දිගටම පැවතුන හොත්, 2015දී රුසියානු ආර්ථිකය සියයට 3කින් හැකිලිය හැකි බව යි.

Share this article: