බුද්ධි ප‍්‍රබෝධයේ පූර්ව ඉතිහාසය තුල වැදගත් මොහොතක්

A key moment in the prehistory of the Enlightenment

ටොම් කාටර් විසිනි, 2014 අගෝස්තු 09

The Swerve: How the World Became Modern (අපසරනය: ලෝකය නූතනත්වයට පත්වූයේ කෙසේ ද?), ස්ටෙෆන් ග‍්‍රීන්බ්ලාට් , ඩබ්ලිව්.ඩබ්ලිව්. නෝටන්, 2011(ඇමරිකානු ඩොලර් 16.95)

ඔහුගේ චරිතාපදානය තුල, ට්‍රොට්ස්කි යුරෝපයේ ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරන උමතු රැඳවුම් මධ්‍යස්ථානයකින් බිඳුනු පුද්ගලයන්ගේ නිර්මානවලට සමාන කර යි. ”එය සැබවින් ම එක්තරා දුරකට, යුරෝපීය මනුෂ්‍යත්වය මධ්‍යතන ආශ‍්‍රමයෙන් බිඳීයාම වී ය” ඔහු සඳහන් කර යි.

The Swerve(අපසරනය)

හාවඩ් ශාස්ත‍්‍රාලික ස්ටෙෆන් ග‍්‍රීන්බ්ලාට් විසින් මෑත දී ලියන ලදුව, උනුකැවුම් මෙන් අලවිවෙන ප‍්‍රබන්ධ නොවන, The Swerve (අපසරනය) : ලෝකය නූතනත්වයට පත්වූයේ කෙසේ ද? ග‍්‍රන්ථය පවසන්නේ, මධ්‍යතන ආශ‍්‍රම පවුරුවල පලමු පිපිරුම් දිස්වන්නට පටන් ගත්තේ කෙසේ ද යන කතාව යි. එය සටහන් කරන්නේ යන්තමින් අගය කෙරුනු නමුත් මානව අදහස්වල ඉතිහාසයේ වැදගත් සිදුවීමකි: එනම්, 1417 සීත ඍතුවේ දී පාප් වරයාගේ හිටපු ලේකම්වරයෙකු හා පොත් ගුල්ලෙකු වූ පොගි ඕ බ‍්‍රසි ඕලිනී විසින් ලුකේ‍්‍රටියස්ගේ (රෝම කවියෙකු හා දාර්ශනිකයෙකි - පරි) De Rerum Natura (දේවල්වල ස්වභාවය ගැන - On The Nature of Things) නම් කවිය නැවත සොයා ගැනීම යි. මෙම නැවත සොයා ගැනුනු කාව්‍යයෙන් උකහා ගැනුනු ප‍්‍රධාන දාර්ශනික සංකල්ප නූතන චින්තනය තුල බොහෝ තදනන්තර වර්ධනයන් සඳහා පදනම සැකසූ බව ග‍්‍රීන්බ්ලාට් තර්ක කර යි.

ග‍්‍රීන්බ්ලාට්ගේ විවාදිත පොත පුලිට්සර් ත්‍යාගය හා National Book Award (එ.ජ. ජාතික ග‍්‍රන්ථ ප‍්‍රදානය) දිනාගත් අතර “ආගම් විරෝධී අපභාෂනයක්” ලෙස ප‍්‍රහාරයට ද ලක් වී ඇත. බුද්ධිප‍්‍රබෝධය බවට පත්වුනු බුද්ධිමය ගමන් මගෙහි ඉතා ඈත අවධීන් පිලිබඳ අනුස්මරනයක් ලෙස පොතට වටිනාකමක් ඇති අතර එය ආරක්ෂා කිරීමට සුදුසු ය.

යුරෝපයේ මධ්‍යතන යුගය The Swerve (අපසරනය) කෘතිය පින්තාරු කරන්නේ සැබවින් ම අඳුරු සිතුවමකි. පහලොස්වැනි සියවස ආරම්භයේ දී සමාජය ඉඩම්හිමියන්ගේ ම්ලේච්ඡ ප‍්‍රභූ පන්තියක, යුද්ධ ආඥාපතීන්ගේ හා පූජකයන්ගේ අඥානකමට හා ආශාවන්ට යට කර තිබුනි. අඥානකම හා අන්ධ විශ්වාසය රජ කල අතර තහනම් කෙරුනු හා ලබ්ධි විරෝධී පොත්වල ලේඛන පවත්වා ගැනුනි. යුද්ධ, සාගින්න හා ලෙඩරෝග නිරන්තරයෙන් සමස්ත ජනගහනය ම යටපත්කර තිබුනි. පෞරානික රෝමයේ නටබුන් ගඩොල් හා සුන්බුන් ලෝහ සඳහා හොරකම් කෙරුනු අතර දුරාතීතයේ සාහිත්‍යමය සම්පත් අමතක කරන ලදී. කතෝලික පල්ලිය සෑම අවංක චින්තනයක් ම එහි ආධිපත්‍යයට එරෙහි විභව තර්ජනයක් ලෙස සැලකූ අතර එය ඉතා ආක‍්‍රමනකාරී ලෙස අසම්මතිකයන්ට වදදුන් අතර ඔවුන් උලසිටුවා ගිනි තැබී ය. ඉතිහාසයේ මෙම කාල පරිච්ඡේදය පිලිබඳ ග‍්‍රීන්බ්ලාට්ගේ වාර්තාව තුල අරුමැසියේ (of romance) බිඳක්වත් නොමැත.

පොතේ ප‍්‍රධාන යොමුව වූ සිදුවීම්වලට වසර 200කට පසු පවා බුද්ධිප‍්‍රබෝධයේ උච්ච අවස්ථාවේ දී කතෝලික පල්ලිය එහි ලෝක දෘෂ්ටියට අභියෝග කිරීමට ඉඩ තිබූ අයට එරෙහිව දිගට ම ඉතා ම්ලේච්ච ක‍්‍රමවේද පාවිච්චි කලේ ය. 1600 පෙබරවාරි 17වැනිදා අධර්ම-මර්දනාධිකරනයක් මගින් ඝාතනය කරන ලද වර්නවිභූෂිත හා අතිවිශිෂ්ට දාර්ශනිකයෙකු වූ ජිඔදානෝ බෲනෝගේ මරනය පිලිබඳව ග‍්‍රීන්බ්ලාට් පහත සඳහන් විස්තරය සපය යි:

“පූජකයන් කන්ඩායමක් විසින් ඔහුට ගෝරනාඩු කරන ලද අප‍්‍රමාන පැය ගනන් අතරතුර බෲනෝ පශ්චාත්තාපවීම දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර තිබූ අතර, දැන් අවසානයේ දී ඔහු පසුතැවීම හෝ නිකම්ම නිශ්ශබ්ද වීම ප‍්‍රතික්ෂේප කලේ ය. ඔහුගේ වදන් වාර්තා නො කෙරුන නමුත් ඒවා අනිවාර්යයෙන් ම බලධාරීන් දුබල කර ඇත, තදනන්තරව ඔහුගේ දිව ගොලූ කිරීමට ඔවුහු නියෝග කලහ. ඔවුහු වචනානුසාරයෙන් එය අර්ථ ගැන්වූහ: එක වාර්තාවකට අනුව, ඔහුගේ කපෝලයේ එක පැත්තක සිට දිව හරහා අනෙක් පැත්තට ඉඳිකටුවක් විදින ලදී; තව ඉදිකටුවක් ඔහුගේ තොල් වැසුවේ කුරුසයක් හදමිනි. කුරුසි සුරුවම ඔහුගේ මුහුනට ඇල්ලූ විට, ඔහු ඔහුගේ හිස ඉවතට හැරවී ය. ගිනි දල්වන ලද අතර එය එහි කාර්ය ඉටු කලේ ය.”

පෝලන්තයේ ප‍්‍රාග් නුවර ආගමික ප‍්‍රතිසංස්කරනවාදීන් වන ජෑන් හුස් හා ජෙරෝම් මරාදැමීම ― මෙය ද උලහිඳවා ගිනිතැබීමෙනි ― මුල් මානවවාදියෙකු හා කතාවේ වීරයා වූ පොගි ඕ බ‍්‍රසි ඕලිනී (1380-1459) මත විශේෂ බලපෑමක් කර තිබූ බව පෙනේ. ජෙරෝම් මරාදැමීම පොගි ඕ සියැසින් දුටුවේ ය, සමකාලීන වංශකථාකරුවෙකුට අනුව ජෙරෝම් “හුස්ට වඩා වැඩි කාලයක් ගින්න තුල ජීවත් වූ අතර භයානක ලෙස කෙඳිරි ගෑවේ ය, ඔහු පුලුල්, ඝන, කලු යටිරැවුලකින් යුත් මිටි, ශක්තිමත් මිනිසෙකු විය.”

මිතුරෙකුට ලියන ලද ලිපියක පොගි ඕ, ඔහුගේ ම ජීවිතය අඩමානව තිබිය දී පවා ඔහුගේ විනිශ්චයකරුවන් ඉදිරියේ ජෙරෝම් ඔහුගේ නඩුව ඉදිරිපත් කල වාග්චාතූර්යට ප‍්‍රශංසා කලේ ය. ඔහුගේ මිත‍්‍රයා ඔහුට පිලිතුරු දුන්නේ මෙසේ ය, “මෙතැන් සිට එවැනි විෂයන් ගැන ලියන විට මීට වඩා පරිස්සම් සහිත ආකාරයකට ලිවිය යුතු යයි මා ඔබට උපදෙස් දිය යුතුය.” අධර්ම මර්දනාධිකරනයේ භීෂනය හැමතැන ම පැවතුනි.

The Swerve (අපසරනය) මෙම කොන්දේසි යටතේ, මුල්කාලීන මානවවාදීන්ගේ කටයුතු ඉදිරියට ගියේ අර්ධ රහසිගතව ය. ඔවුන්ගේ කටයුතු ග‍්‍රීක හා රෝම පුරාන යුගයේ සම්භාවනීය රචකයන්ගේ කෘති සෙවීම හා ආස්වාදනය කිරීමේ රූපාකාරය ගත්තේ ය.

කොතරම් සංඛ්‍යාවක් (නිර්මාන) නැති වී තිබුනා දැ යි හැඟීමක් දීම සඳහා ග‍්‍රීන්බ්ලාට් උපුටා දක්වන්නේ මසර්, ලුකේ‍්‍රටියස්, අටක්ස් හි වරෝ, කොර්නේලියස් සෙවෙරුස්, සලෙයියුස් බාසුස්, ගයියුස් රබිරියුස්, අල්බිනෝවානුස් පෙඩ්‍රෝ, මර්කස් ෆියුරියුස් බිබක්‍යුලස්, ලුසියස් ඇසියුස්, මර්කස් පකුවියුස් හා අනෙකුත් අයගේ කෘති පිලිබඳ රෝමානු ආලංකාරිකයකු වූ ක්වින්ටිලියන්ගේ ප‍්‍රශංසාව යි. ලුකේ‍්‍රටියස්ගේ හැරුන විට අනෙකුත් සියලු ම කතුවරුන්ගේ කෘති අතුරුදහන් වී ඇති බව ග‍්‍රීන්බ්ලාට් පවස යි.

පොගි ඕ 1417දී නැවත සොයා ගත් ලුකේ‍්‍රටියස්ගේ කාව්‍යයට සැලකියයුතු දාර්ශනික ගම්‍යයන් ඇත. එපිකියුරස්ගේ අනුගාමියෙකු වූ ලුකේ‍්‍රටියස්ගේ ජීවිතය ගැන (ක‍්‍රිපූ 99 සිට ක‍්‍රිපූ 55 ) දන්නේ බිඳකි. ඔහුගේ පරම නිර්මානය වන ඩි රීරුම් නචුරා (දේවල ස්වභාවය ගැන) හි සෞන්දාර්යාත්මක ඉදිරිපත් කිරීම් (කාව්‍යයේ) විද්‍යාවේ හා දර්ශනවාදයේ ඉහල ම ජයග‍්‍රහනය සමග ඒකාබද්ධ කිරීමට උත්සාහ ගත්තේ ය.

පොත පුරා අතරින් පතර ග‍්‍රීන්බ්ලාට් ලුකේ‍්‍රටියස්ගේ කාව්‍යයේ ප‍්‍රධාන අදහස් ලැයිස්තු ගත කරයි: සියලු ම දේ සෑදෙන්නේ අදිසි අංශුවලිනි; මෙම මූලික අංශු සදාකාලික ය; සියලු ම අංශු අප‍්‍රමාන හිස් අවකාශයේ සැරිසර යි (චලනය වේ - පරි); විශ්වයට නිර්මාපකයෙකු හෝ සැලැසුම්කරුවෙකු නැත, ස්වභාවධර්මය නිමක් නොමැතිව අත්හදාබල යි; මානව සමාජය ඇරඹුනේ ශාන්ත භාවයේ හා බාහුල්‍යයේ ස්වර්නමය යුගයේ නො ව පැවත්ම සඳහා (දිවි රැක ගැනීම-පරි) වූ ප‍්‍රාථමික අරගලය තුල ය; මරනින් මතු ජීවිතයක් නැත; සියලු සංවිධිත ආගම් අවිචාර ලබ්ධී මිත්‍යා ය; ආගම් අනිවාර්යයෙන් ම කෲර ය; සුරංගනාවන්, යක්ෂයින් හෝ අවතාර නැත: දේවල ස්වභාවය තේරුම් ගැනීම ගැඹුරු චමත්කාරයක් උපදව යි, මානව ජීවිතයේ ඉහල ම ඉලක්කය සුඛාස්වාදය වර්ධනය කිරීම හා වේදනාව අඩුකිරීම යි; සුඛාස්වාදයට ඇති විශාලත ම බාධකය වේදනාව නො ව මිත්‍යාව යි.

ලුකේ‍්‍රටියස්ට අනුව සියලු ම ප‍්‍රපංච සත්තාවට පැමිනෙන්නේ අතිමූලික අංශුවල පුරෝකතනය කල නො හැකි “අපසරනයේ” ප‍්‍රතිඵලයක් ලෙස ය, ග‍්‍රීන්බ්ලාට්ගේ ග‍්‍රන්ථයේ නමෙහි මූලාශ‍්‍රය මෙම සංකල්පය යි. කිසි සැකයකින් තොර ව ඔහුගේ මුල්කාලීන පාඨකයන් මෝහනයට පත් කෙරුනු කුතුහලය දනවන තරමක භෞතිකවාදයක් ලුකේ‍්‍රටියස් තුල විය: “ඇස් ඇතිවීමට පෙර දැක්ම නො තිබුනි, දිව නිර්මානය වීමට පෙර කතාව නො තිබුනි.”

පෙරලිකාරී දාර්ශනික අන්තර්ගතයට අමතර ව, සියවස් ගනනාවක පර්යටනයට පසු ව අද පවා, ලුකේ‍්‍රටියස්ගේ කාව්‍යය ආකර්ෂනීය ශෝභාවයේ (සුන්දරත්වයේ) ඡේදවලින් පොහොසත් ය. ලුකේ‍්‍රටියස් ලෝකය පින්තාරු කරන්නේ හැමදා වෙනස්වන හා තවමත් අඛන්ඩත්වය අරක් ගනිමින් සිටින එකක් ලෙස ය. මරනින් මතු පුද්ගලයෙකුගේ ජීවිතය ඉදිරියට නො ගිය ද වඩා ශ්‍රේෂ්ට දෙයක කොටසක් ලෙස ජීවිතයට අරුතක් ඇත. “මෙලෙස දේවල එකතුව හැමදා අලුත්වෙමින් පවතී, එමෙන් ම මිනිසා එකිනෙකා මත යැපී ජීවත්වෙති. සමහර ජාතීහු වැඩිවෙති, තවත් අය වඳවෙති, එමෙන් ම කෙටි අවකාශයක දී ජීවමාන ප‍්‍රානින්ගේ පරම්පරා වෙනස් වන්නේ ධාවකයින් ජීවිතයේ ගිනිසිලුව අතින් අත යවන්නාක් මෙනි.”

The Swerve (අපසරනය) කෘතිය ඊට පසු සියවස් හරහා කාව්‍යයේ හා එහි එපිකියුරියානු අදහස්වල චිත්තාකර්ෂනීය බලපෑම අනාවරනය කර යි. බොටිසෙලී (ඉතාලියානු චිත‍්‍රශිල්පියෙකි-පරි) කාව්‍යයේ දර්ශන සිත්තම් කලේ ය; තම නාට්‍ය තුල ෂේක්ස්පියර් ඒ ගැන සඳහන් කලේ ය; මොන්ටේන් (ප‍්‍රන්ස පුනුරුදයේ ලේඛකයෙකි-පරි) ඔහුගේ රචනා තුල එය සටහන් කලේ ය: එමෙන් ම එය තෝමස් මුවර්ගේ යුතෝපියාව දිරි ගැන්වූයේ ය. ජීවිතය පිලිබඳව ඔහුගේ දර්ශනය විස්තර කරන ලෙස ඉල්ලූ විට තෝමස් ජෙෆර්සන් (එ.ජ. ජනාධිතිවරයෙකි - පරි) සඳහන් කලේ, “මම එපිකියුරියානුවෙක් මි” යනුවෙනි.

ග‍්‍රීන්බ්ලාට් එය අපසරනය කෘතියෙහි සඳහන් නො කරන්නේ වුව ද එපිකියුරියානු දර්ශනවාදය නූතන චින්තනයේ තවත් වැදගත් පුද්ගලයකු මත නිශ්චිත බලපෑමක් ඇති කලේ ය; ඒ බොහෝ තරුන කාල් මාක්ස් ය, එපිකියුරියානු දර්ශනවාදය පිලිබඳ අධ්‍යයනයක් සමග ඔහු සටහන් පොත් හතක් පිර වූ අතර ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය පවා ලියන ලද්දේ “—The Difference Between the Democritean and Epicurean Philosophy of Nature” (ස්වභාවධර්මය පිලිබඳ ඩෙමොක‍්‍රිටියානු හා එපිකියුරියානු දර්ශනවාදය අතර වෙනස) ගැන ය.

ග‍්‍රීන්බ්ලාට්ගේ පොතේ ඇතම් වටිනාකම්, එයට එරෙහි බියකරු ප‍්‍රහාරයන් තුලින් පිලිබිඹුවන්නේ ය. බුද්ධිප‍්‍රබෝධයට හා එහි සියලු ම ජයග‍්‍රහනයන්ට වන විරුද්ධත්වය ඇමරිකාවේ හා ලොව වටා පාලක කව තුල ආධිපත්‍යය දරයි. අධිරාජ්‍යවාදී යුගය “ඉහල සිට පහලට ම ප‍්‍රතිගාමී ය” යයි ලෙනින් සඳහන් කලේ ය. උපරිමාධිකරනය මෑතක දී කාන්තාවන්ට සෞඛ්‍ය රැකවරන අවලංගු කිරීම සඳහා සංගතවලට “ආගමික අයිතීන්” පිරිනමා ඇති රටක (එක්සත් ජනපදය - පරි), අනාගමික මානවවාදය හා බුද්ධිප‍්‍රබෝධය සමරන පොතක් සමහර පාර්ශ්වයන් තුල දී රූක්ෂ පිලිගැනීමකට මුහුනදීමට ඉඩ තිබීම අහම්බයක් නො වේ.

ලොස් ඇන්ජලීස් පොත් විමර්ෂන Los Angeles Review of Books සඟරාව “ස්ටෙෆන් ග‍්‍රීන්බ්ලාට් සාවද්‍ය වන්නේ මන් ද හා එය වැදගත් වන්නේ මන් ද” යනුවෙන් එවැනි ප‍්‍රහාරයක් දියත් කලේ ය. කැලිෆෝනියාවේ ඔරේන්ජ් කවුන්ටි රෙජිස්ටර් නම් දිනපතා පත‍්‍රයේ ආගමික වාර්තාකරුවෙකු වන ප‍්‍රහාරයේ කතුවර ජිම් හින්ච්, “මධ්‍යතන ආගමික ආධානග‍්‍රාහිත්වයේ මන්දනීය හස්ථයෙන් නූතන බටහිර අනාගමික සංස්කෘතිය නිදහස් වූයේ කෙසේ දැ යි” පවසන ග‍්‍රීන්බ්ලාට්ගේ වෘත්තාන්තයට බියකරු විරුද්ධත්වයක් දක්ව යි.

“ග‍්‍රීන්බ්ලාට්ගේ විකටරූපී මධ්‍යතන යුගය බුද්ධිප‍්‍රබෝධ යුගයේ ඉතිහාසඥයින් ඉත සිතින් පිලිගනු ලබන්නට ඉඩ ඇත” යි (“බුද්ධිප‍්‍රබෝධය” යන වචනය පරිහාස වදනක් ලෙස යොදා ගනිමින්) හින්ච් ලියයි. “වාස්තවික වැරදිවලින් පිරී ඇති අපසරනය, පදනම්ව ඇත්තේ, ග‍්‍රීන්බ්ලාට් අධ්‍යයනය කරන යුගයේ බැරූරුම් විද්‍යාර්ථීන් විසින් පිලිගන්නා ලද ඓතිහාසික දෘෂ්ටියක් මත නො වේ” යයි ඔහු තවදුරටත් පවස යි.

මෙම “වාස්තවික වැරදි” මොනවාදැයි කිසිසේත් සඳහන් නො කෙරේ. මේ අතර, අඳුරු යුගය ඒ තරම් අඳුරු නො වූ බව, හා පුනරුදය වැනි දේවල් නැති බව මෙන් ම අධර්ම මර්දනාධිකරනය යටතේ ජීවිතය සැබවින් ම එතරම් නරක නැති! බවට සැබවින් ම “බැරෑරුම් විද්‍යාර්ථීන්” (ඔවුන් කවුරුන්දැ යි හින්ච් නම් නො කර යි) පසුව තීන්දු කර ඇති බව පෙනේ යයි ඔහු සඳහන් කරයි.

“මම වරද කරු බවට පාපොච්චාරනය කරමි...මම පුනුරුදය තුල දී වැදගත් යමක් සිදුවූවා යැයි විශ්වාස කරන යක්ෂයාගේ පාර්ශ්වයේ අයෙක්මි. ජෙෆර්සන්, මාක්ස්, ඩාර්වින් හා අයින්ස්ටයින්ගේ බුද්ධිමය ගමන් මගේ දී පරමානුකවාදය ― එහි ප‍්‍රධාන වාහකය වූයේ ලුකේ‍්‍රටියස්ගේ දේවල ස්වභාවය යි De Rerum Natura ― තීරනාත්මකව වැදගත් වී ය යන දැඩි විශ්වාසයට අනුව මම වරදකරු යැයි අයැ ද සිටිමි”යි වෙනත් සඟරාවක ප‍්‍රතිපක්ෂ විචාරයකට පිලිතුරු දෙමින් ග‍්‍රීන්බ්ලාට් සඳහන් කලේ ය.

එය රචනා කර සහස‍්‍ර දෙකකට පසු, හා පොගි ඕ විසින් එය නැවත සොයා ගැනීමෙන් ආසන්න වසයෙන් වසර 600ක් ගතවූ තැන, එය තවමත් එවැනි විරුද්ධත්වයකට මුහුන දීම, කාව්‍යයේ බලය පිලිබඳ සාක්ෂියකි. යම් ආකාරයකට වක‍්‍රව, හින්ච් වැනි පුද්ගලයන්ගේ ප‍්‍රතිචාරය ග‍්‍රීන්බ්ලාට්ගේ ප‍්‍රවාදය තහවරු කර යි.

අවසානයේ දී, The Swerve (අපසරනය) “ආගම් විරෝධී අපභාෂනයක්” ලෙස විස්තර කිරීම, ප‍්‍රශ්නයට බඳුන් වන ‘පොත නො කිය වූ පාඨකයන් මත යැපෙන’, මඩගැසීම්වලින් එකකි. ආගමට පක්ෂව හෝ විපක්ෂව පෙනී සිටීම කෘතියේ සැබෑ උත්සුකය නොවූව ද ග‍්‍රීන්බ්ලාට්ගේ පක්ෂපාතිත්වය පැහදිලිව ම තර්කය, අනාගමිකවාදය හා බුද්ධිප‍්‍රබෝධය සමග අනන්‍ය වීම, සැබවින් ම ඊට හේතුවයි. සැබවින් ම ග‍්‍රීන්බ්ලාට්, කරුනු මත, ඊට වෙනස් ආකාරයකින්, කතාවේ වීරයා, එනම් පොගියෝ කතෝලික පල්ලියේ සංකීර්න සංස්ථාපිතය ඇතුලත ඔහුගේ වෘත්තිය ඉටු කලේ කෙසේ දැ යි වෛෂයිකව විස්තර කරයි. මධ්‍යතන ආගමික පූජකාරාම, පොත් පත් ප‍්‍රවේශමෙන් පිටපත් කල, ආරක්ෂා කල හා ගෞරවාදර දැක් වූ (හැම විට ම මුලුමනින් ම පිලිනොගත්ත ද) ස්ථානයක් ලෙස ද ග‍්‍රීන්බ්ලාට් විස්තර කලේ ය. එක්තරා දුරකට එහි ප‍්‍රයායනය හා ප‍්‍රතිඝතිතාව සමග, සියවස් හයක් තිස්සේ ජීවිතය සැබවින් ම කෙසේ වී දැ යි තැනින් තැන දැකගත හැකිය.

දක්ෂිනාංශික ඥානවිරෝධයට එරෙහිව ග‍්‍රීන්බ්ලාට්ගේ පොත ආරක්ෂා කිරීමට සුදුසු නමුත් මෙම විචාරකයාගේ අදහස අනුව එයට වෙනත් සීමාසහිතකම් පවතී. පොත සරල හා හැකි තරම් පරිශීලනය කල හැකි එකක් ලෙස නිර්මානය කිරීමේ උත්සාහය තුල, ඇතැම් අවස්ථාවල දී පාඨකයාට දැනෙන්නේ, ආසන්න වශයෙන් නිහතමානී වීමේ අවස්ථාව දක්වා විෂය ඕනෑවට වඩා සරල කර ඇති බව යි. කරුනාකර “ජනප‍්‍රිය” රටාවෙන් ඈත් වී, ඒ වෙනුවට තමා දන්න දෙය අපට කියන්නැ යි යමෙකුට කතුවරයාගෙන් ඉල්ලීමට අවශ්‍ය වනු ඇත. මේ අතර අවධාරනය සඳහා සමහර ප‍්‍රධාන දාර්ශනික තේමාවන්ට කතුවරයා නැවත නැවතත් පිවිසෙන නමුත් ඇතම් විට ප‍්‍රතිඵලය සරල පුනරුච්චාරන යි.

ලුකේ‍්‍රටියස්ගේ කාව්‍ය නැවත සොයාගැනීම, සැබවින් ම ලෝකය නව දිසාවකට “හැරීමට” හේතු වී ඇතැ යි ග‍්‍රීන්බ්ලාට්ගේ යෝජනාව, කාව්‍ය සඳහා හිමිවන ඉඩ ප‍්‍රස්ථාවට වඩා වැඩි දෙයකි. එය මුලුමනින් ම අතිශයෝක්තියකි. දේවල ස්වභාවය චිත්තාකර්ෂනීය ය, එමෙන් ම නිශ්චිත ලෙස එයට දීර්ග කාලයක් තිස්සේ පුලුල් බලපෑමක් තිබුනි. මෙම කාව්‍යයේ නැවත සොයාගැනීම මත, පුනුරුදය, ප‍්‍රතිසංස්කරනය හා බුද්ධිප‍්‍රබෝධය මුලුමනින් ම වටහා ගත නොහැක.

පොගි ඕ දේවල ස්වභාවය නැවත සොයා ගත් කාලය වන විට යුරෝපය තුල විඥානයේ ප‍්‍රධාන වෙනසක් සඳහා ද්‍රව්‍යමය තත්වයන් පරිනත වීමේ සන්තතියක් ඇරඹී තිබුනි. නිෂ්පාදනයේ වැඩවසම් සම්බන්ධතාවන් මගින්, එනම් වැඩවසම් ප‍්‍රභූවට අයිති ඉඩම්වලට බැඳුනු ගොවීන් සූරා කෑම මගින් උපලක්ෂිත වුනු දීර්ග ඓතිහාසික කාලපරිච්ඡේදය පුරා, මධ්‍යතන පල්ලියේ දේශනා එහි ප‍්‍රමුඛ දෘෂ්ටිවාදය ලෙස සේවය කර තිබුනි. මුල් ධනේශ්වර සම්බන්ධතාවන් විදහා දැක් වූ හා නූතන ධනේශ්වර පන්තිය බවට වර්ධනය වූ පන්තිය විසින් වඩ වඩා පාලනය කරන ලද නගරවල වර්ධනය චින්තනයේ වෙනසක් සංඥා කලේ ය.

වෙනස්වන ද්‍රව්‍යමය කොන්දේසි මගින් විඥානයේ පැරනි රූපාකාරයන් යටපත් කෙරෙමින් පැවතුනි. මෙවැනි වාතාවරනයක් තුල කාව්‍යය නැවත සොයා ගැනීම අහඹුවකි. වෙනත් වචනවලින් කිවහොත්, ලුකේ‍්‍රටියස්ගේ කාව්‍ය නැවත සොයා ගෙන නොතිබුනේ නම්, හා ඒ වෙනුවට එය සදාකාලයට ම නැති වී තිබුනා නම්, පුනරුදය, ප‍්‍රතිසංස්කරන හා බුද්ධිප‍්‍රබෝධයට මෙහෙය වුනු ඓතිහාසික ක‍්‍රියාදාමයේ රූපාකාරයට ඉන් බලපැමක් සිදුවිය හැකිව තිබුනි. එහෙත් සන්තතියේ අවසාන ගමන් පථයට එය බල පා තිබීමට ඉඩ නො තිබුනි.

සැබවින් ම සිදුවුනේ කෙසේ දැ යි යන්න පිලිබඳ ඉතිහාසයක් ලෙස ද, යලි නැවත සොයා ගැනීමට සුදුසු ලෝක සාහිත්‍යයේ අගග‍්‍රන්‍යයේ නිර්මානයකට හැඳින්වීමක් ලෙස ද ග‍්‍රීන්බ්ලාට්ගේ පොත කියවීම වැදගත් ය.

Share this article: