ඇමරිකාවේ වර්ගය, පන්තිය හා පොලිස් ප‍්‍රචන්ඩත්වය

Race, class and police violence in America

2014 දෙසැම්බර් 9

මීට මාස 5 කට පමන පෙර මයිකල් බ‍්‍රවුන් නමැති නිරායුධ යෞවනයෙකු ඇමරිකාවේ මිසුරි ප‍්‍රාන්තයේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉන්පසු ගත වූ සති හා මාස කීපය තුලදී, එක්සත් ජනපදය තුල තවත් පොලිස් ඝාතනයක් පිලිබඳ ජනතා කෝපය ඇවිලී ගියේ, තදින්ම හසුරවනු ලබන ජූරි සභාවක් විසින්, බ‍්‍රවුන් මරා දැමූ පොලිස් නිලධාරියාට හෝ පසුගිය ජූලි මස (නිව්යෝර්ක් හි) ස්ටැටන් දූපතේ දී එරික් ගානර් මරාදැමූ පොලිස් නිලධාරියාට හෝ චෝදනා ඉදිරිපත් කිරීමෙන් වැලකීමට තීන්දු කිරීමත් සමග ය.

මෙම සිද්ධීන් කෙරේ පාලක පන්තියේ ප‍්‍රතිචාරය අන්තර් සම්බන්ධිත දහරාවන් දෙකක් ඔස්සේ ගලා යයි. එක් අතකින් නොවැම්බර් මාසයේ දී ෆර්ගියුසන් හි පූර්වභංග හදිසි තත්වයක් ප‍්‍රකාශ කිරීම හා විරෝධතාවන්ට එරෙහිව ජාතික ආරක්ෂක භටකාය යෙදීම වැනි මර්දනකාරී යාන්ත‍්‍රන වැඩි දියුනු කරගැනීම සඳහා අවස්ථාව කර ගනී.

ඒ හා සමගම පාලක ප‍්‍රභූව, බ‍්‍රවුන් හා ගානර් මරාදැමීම සහ ඔවුන් මරාදැමූ පොලිස් නිලධාරීන් නිදොස් කිරීම, තනිකරම වර්ගවාදයේ ප‍්‍රතිඵල සේ තදින්ම කියා පාන අනන්‍යතා දේශපාලනයේ නිරත කොටස් බලමුලු ගන්වා ගැනීමේ වෑයමකි. මෙහි අරමුන රටපුරා මර්දනයේ සහ ප‍්‍රචන්ඩත්වයේ හේතු කාරකවූ රාජ්‍ය යන්ත‍්‍රයේ ම, දේශපාලන අධිකාරය පවත්වා ගනිමින්, යථා වශයෙන් සම්බන්ධකම් දරන පන්ති ප‍්‍රයුක්තීන් බොඳ කිරීමය.

බ්ලැක් එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නම් රූපවාහිනී නාලිකාවකට දෙසැම්බර් 8 වනදා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔබාමා ම මෙහි මූලිකත්වය ගත්තේ ය. විරෝධතාකරුවන් කෙරේ ව්‍යාජ සහානුකම්පාවක් දක්වමින්, ඔහු "ඉවසීම” හා "නොපසුබස්නා ස්වභාවය” දිරිමත් කලේය. "වර්ගවාදය අප සමාජයේ මුල් බැස තිබේ. එය අපගේ ඉතිහාසයේ ගැඹුරින් මුල් බැස තිබේ” යයි ඔහු පැවසීය.

පලමු අප‍්‍රිකානු ඇමරිකානු ජනාධිපති ලෙස තම තත්වයෙන් වාසි සලසා ගැනීම සඳහා ඔබාමා පැවසුවේ, මෙහි ප‍්‍රස්තුත කාරනය හෙවත් ප‍්‍රයුක්තිය, "මා පුද්ගලිකව සලකන්නේ, මා කවරෙක් නිසා ද සහ මිෂෙල් (බිරිඳ) කවරෙක් නිසා ද සහ අප පවුලේ සාමාජිකයන් කවුරු කියා ද සහ අපගේ අත්දැකීම් මොනවා ද කියා පමනක් නොව, මා ජනාධිපති ලෙස මෙය අප විසින් මුහුන දෙන ඉතාම වැදගත් ප‍්‍රයුක්තීන්ගෙන් එකක් ලෙස සලකන බැවිනි.” අනතුරුව ඔහු "සියලු දෙනාම තමන්ට සාධාරන ලෙස සලකනු ලබන්නේ යැයි සිතීම, ඇමරිකාව (නිසි ලෙස) කි‍්‍රයාත්මක වීම සඳහා අවශ්‍ය” බව පැවසීය.

තවදුරටත්, විශේෂයෙන් ගානර් පිලිබඳ සිද්ධියේ ප‍්‍රතිඵලය, බොහෝ කල් පසුවී ඇති (වාර්ගිකත්වය ගැන) සංවාදය සඳහා අවස්ථාවන් සම්පාදනය කරනා බැව් ඔබාමා පැවසීය.

සුපුරුදු ලෙසම ජනාධිපති දෙසා බෑ පාඨ, වංචාවෙන් සහ කුහකත්වයෙන් පිරී තිබිනි. සෑම දෙනාට "සාධාරන ලෙස සැලකීම” පිලිබඳ වැදිබන පවසනුයේ, වෝල් වීදියේ බිඳ වැටීමට හේතු කාරක වූ මූල්‍ය වංචා කරුවන්ට හෝ වධ හිංසා පැමිනවීමේ හා සීඅයිඒ සුපරීක්ෂනය කිරීමේ යෙදුනු බුෂ් පාලනාධිකාරයේ නිලධාරීන්ට හෝ දඬුවම් පැමිනවීම සිදු නොවන බවට වග බලාගත් ජනාධිපති වරයෙකි.

පොලිස් මෘගත්වය ගැන ඔබාමා මවා පෙන්වන උත්සුකය ගැන පවසන්නේ නම් රට පුරා පොලීසි වලට ඩොලර් බිලියන ගනන් වටිනා මිලිටරි උපකරන ලබාදෙන වැඩ සටහන් කිසිදු ලෙසකින් අඩ පන නොකරන බවට දෙසැම්බර් මුල් සතියේ ධවල මන්දිරය කල ප‍්‍රකාශය මගින්, ඔබාමා ඔහුගේ ස්ථාවරය සුපැහැදිලිව දක්වා ඇති බවයි.

පොලිස් ප‍්‍රචන්ඩත්වයට එරෙහිව විරෝධය පලකරන්නන්ගේ ආධාරකරුවෙකු ලෙස තමාව පෙරට දමා ගැනීමේදී ඔබාමා ඔහුගේ වාර්ගික පසුබිම යොදා ගැනීමට උත්සාහ දරන අතර, පොලිස් මෘගත්වයට එරෙහිව මතුවෙන සෑම විරෝධතාවකම මුදුනත නායකයා ලෙස නොවරදවා තමන්වම අභිෂේක කරගන්නා, කෝටිපතියකු හා හිටපු එෆ්බීඅයි ඔත්තු කරුවෙකු වන ඇල් ෂාප්ටන් බඳු, යහමින් මුදල් ගෙවා නඩත්තු කෙරෙන දේශපාලන තක්කඩීන් ජාලයකගේ මුක්කුව ලබා ගනී. දෙසැම්බර් මුල් සතියේ ජනාධිපති සමග කල සාකච්ඡාවෙන් පසු, ඇල් ෂාප්ටන්, ඔබාමා පාලනාධිකාරය සහ කොන්ග‍්‍රසයට ආයාචනා කිරීමේ අහිංසක මාර්ග ඔස්සේ පොලිස් මෘගත්වයට එරෙහි ජනතා කෝපය හරවා යැවීමට, දෙසැම්බර් දෙවන සති අග වොෂින්ටනයේ පාගමනක් සඳහා කැඳවුම් කලේ ය.

රට්ගර්ස්, විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බි‍්‍රට්නි කූපර් විසින් ලියා සැලොන් කොම් හි පලවූ ලිපිය, මේ අතරින් වඩාත් දූෂිත එකකි. "සුදු ඇමෙරිකාවේ බියකරු මායාව, කලු ජාතික මානව සංහතිය ගැන එහි හැඟීම් මෙතරම් පාර්ශ්වීය මන්ද?” යන්නෙහි "සුදු ජාතිකත්වය නැමැති දෘෂ්ටිවාදයේ අරටුවේ ඇති ප‍්‍රචන්ඩත්වයෙන්” වාසි ලබාගන්නා "සුදු මිනිසුන්ගේ” "මුග්ධත්වය සහ සහානුභූතියකින් තොරවීම” කූපර් හෙලා දකී.

මෙම මෙහෙයුම් හා සමගාමීව ‘වාම’ මාධ්‍යවල පලවූ ලිපි වලින්, දෘඩතරව කියා සිටියේ, ගානර් සහ බ‍්‍රවුන් ඝාතන වල මූලික ප‍්‍රයුක්තිය, ( රෝලින්ග් ස්ටෝන් ලිපියක වූ වදන් අනුව) "සුදු ආධිපත්‍යය”,"සුදු වරප‍්‍රසාදිත්වය” සහ වාර්ගික පීඩනය බවයි.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ මූලික තේමාව ද මෙයමය "වර්ගවාදය පදක්කමක් පැලඳි කල” නම් ලිපියේ කිංගා-යමාටා ටේලර් "කලු සහ දුඹුරු වර්න ප‍්‍රජාවන් වසා සිසාරා ගිය ත‍්‍රස්තවාදයක්” සහ "අප‍්‍රිකානු ඇමරිකානුවන් දුගී භාවයට ද, සාපරාධී යයි හංවඩු ගැසීමට ද” ලක් කල වර්ගවාදී ක‍්‍රමයක් ගැන ද ලියයි. ටේලර් "කලු” සහ "අපි‍්‍රකානු ඇමරිකානු” යන පද 30 වරකට වඩා සඳහන් කල ද, ‘පන්තිය’ යන වචනය ගැන සඳහනක් ඇත්තේම නැත. ඔබාමා ගැන කියන්නේ නම්, ඔහු ගැන සඳහන් කර ඇත්තේ වාර්ගිකත්වය පිලිබඳ ප‍්‍රශ්න වලදී ඇති තරම් සංකේන්ද්‍රිතව අවධානය යොමු නොකිරීම පිලිබඳ විවේචනය කිරීමට පමනකි.

මේ මිනිසුන්ට න්‍යාය පත‍්‍රයක් තිබේ. ඒ වනාහි කම්කරු පන්තිය තුල වාර්ගික රේඛා ඔස්සේ බෙදීම් දිරිමත් කිරීමයි. ඔවුන්ට අනුව මූලික ප‍්‍රශ්නය වාර්ගික කොන්කිරීම එක් ප‍්‍රකාශනයක් පමනක් වන්නාවූ පන්ති සූරා කෑම සහ පීඩනය මත පදනම් වූ පද්ධතියක් වන ධනවාදය නොව, සුදු ජනයාගේ ජාන කේතයට කුමන හෝ අයුරකින් ඇතුලත් ව ඇති කලු ජනයා පිලිබඳ ද්වේශයයි. මුලු දේශපාලන සංස්ථාපිතයටම එරෙහි කම්කරු පන්තියේ එක්සත් හා ස්වාධීන ව්‍යාපාරයකට විරුද්ධ වීම සහ කලු ඩිමොක‍්‍රටිකයන්ට (සෙනේට් සහ මහජන මන්ත‍්‍රී මන්ඩලයේ සාම ඩිමොක‍්‍රටික් මන්ත‍්‍රී වරුන්ට) සහ ඔවුන්ගේ ධනපති සහචරයින්ට සහයෝගය දීම, මෙවැනි පදනමක ස්වාභාවික සහ අනිවාරනීය වර්ධන දිශානතියයි.

පොලිසියට බඳවා ගන්නා පසුගාමී ස්ථර අතර වැඩි වර්ධනය දිරිගන්වන වර්ගවාදයක් නොපවතින බවක් මෙයින් අදහස් නොකෙරේ. එහෙත්, බ‍්‍රවුන්, ගානර් සහ ගිනිය නොහැකි පමන වෙනත් කම්කරුවන් සහ තරුනයන් කෙරේ එල්ල කරන ප‍්‍රචන්ඩත්වය, වාර්ගිකත්වයට වඩා සමාජ ආර්ථික තත්වය පිලිබඳ කරුනක් වේ. අනුපාතිකව බැලූ කල අප‍්‍රිකානු-ඇමරිකානුවන් වැඩි ප‍්‍රමානයක් පොලිස් ඝාතන වලට ගොදුරු වූවත්, තවමත්, එම ඉරනමට ගොදුරුවන සුදු කම්කරුවන් සහ තරුනයන් සංඛ්‍යාත්මකව බහුතරය වේ. සුලුතර තරුනයන් පීඩාවට පත් කෙරෙනුයේ, බොහෝවිට, කලු පොලිස් කොමසාරිස්වරුන්ගේ, කලු නගරාධිපතිවරුන්ගේ-කලු ජනාධිපතිවරුන්ගේ පවා අධීක්ෂනය යටතේය.

ඔබාමා පරිපාලනය පිලිබඳ අත්දැකීම මගින් සුවිශේෂව සිදුකෙරෙන පරිදි, එම වර්ගයේ දේශපාලනය අවමානයට පත්වීම, ඩිමොක‍්‍රටික් පක්ෂය වටා සිටිනා දේශපාලන බලයන් ඇමරිකාවේ මූලික සමාජ ප‍්‍රවර්ගය වාර්ගිකත්වය බවට දිව්රන ප‍්‍රකාශන වලට සාමානුපාතිකව සිදුවේ.

"පරිවර්තනයේ අපේක්ෂකයා” ලෙස නේෂන් සහ අයිඑස් ඕ සංවිධානවල අය මින් හයවසරකට කලින් ප‍්‍රවර්ධනය කලාවූ ඔබාමා, සියලු වාර්ගික කම්කරුවන්ගේම ජීවන කොන්දේසි ඓතිහාසිකව ආපසු කැරකැවීම අධීක්ෂනය කලේය. එය සංවිධානය කර වෝල් වීදිය කරා මාරු කල අති විශාල ධනස්කන්ධයට ස්තුති වන්නට, ඔබාමා පාලනාධිකාරයේ (ආර්ථික) "ප‍්‍රකෘතිමත් වීම” පටන්ගෙන කාලයකට පසුව ද එක්සත් ජනපදයේ සමාජ අසමානතාවය, 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු වෙන කවර කලකටත් වඩා ඉහලය.

රැකියාවන්හි සම අවස්ථා සඳහා පැනවූ නීති වැනි වැඩසටහන් හරහා සහ දේශපාලන සහ සංගත සංස්ථාපිතයන්ට ඒකාග‍්‍ර වීම හරහා කුඩා ප‍්‍රභූවක් ධනවත් වුව ද විශාල බහුතරයක ගේ ජීවන කොන්දේසි ඛාදනය වී ද අප‍්‍රිකානු-ඇමරිකානු සහ අනෙකුත් වාර්ගික සුලුතරයන් අතර සමාජ ධ‍්‍රැවීකරනය වර්ධනය වී ද ඇත. ඇත්ත වශයෙන්ම ඔබාමා මෙකී දූෂිත හා ප‍්‍රතිගාමී සමාජ ස්ථරයේ ප‍්‍රතිමුර්තියකි.

නගරයේ වර්තමාන හා විශ‍්‍රාමික කම්කරුවන්ගේ විශ‍්‍රාම හා සෞඛ්‍ය පහසුකම් විශාල පරිමානයෙන් කපා දමමින්, මූල්‍ය වංශාධිපතීන්ගේ උත්සුකයන් උදෙසා ඔබාමා පරිපාලනය සමග කිට්ටුවෙන් කි‍්‍රයාකරමින්, නගරය කොල්ල කෑම සුපරීක්ෂනයේ යෙදෙනුයේ, අප‍්‍රිකානු-ඇමෙරිකානුවන් විශාල බහුතරයකින් සමන්විත ඩිට්‍රොයිට් නගරයේ අපි‍්‍රකානු-ඇමෙරිකානු හදිසි ආපදා කලමනාකරුවෙක් කි‍්‍රයාත්මක වේ. සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ද විශේෂයෙන් ම කාර්මික කම්කරුවන්ගේ ද වැටුප් කැටි කර තිබේ. පොදු පාසැල්වලට හා සමාජ යටිතල ව්‍යූහයට අනවරතව පහර දෙයි.

ආන්ඩුවේ ප‍්‍රතිපත්ති තීරන කරනුයේ පන්තිය මිස වාර්ගිකත්වය නොවන බව තේරුම් ගැනීම දිරිමත් කරමින්, මේ සියලු දේ මහජන විඤ්ඤානය මත බලපෑමක් ඇති කරයි. පසුගිය දශක 4 තිස්සේ එක්සත් ජනපද ධනපති පාලනයේ ප‍්‍රධාන මුක්කුව වූ අනන්‍යතා දේශපාලනයට තදින් පහරක් වැදී ඇත. ජෙසී ජැක්සන්, ඇල් ෂාර්ප්ටන් වැන්නන් ද අනන්‍යතා දේශපාලනය තුල මුල් බැස ඇති වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තිය පදනම් කොටගත් විවිධාකාර දේශපාලන සංවිධාන ද වඩ වඩාත් පිලිකුලට භාජනය වේ.

ඇමරිකා එක්සත් ජනපදය තුල පොලිස් ප‍්‍රචන්ඩත්වය පුපුරා යෑමේ ගාමක බලය පන්ති පීඩනය වේ. විදේශීයව අධිරාජ්‍යවාදී යුද්ධයේ සහ දේශීයව සමාජ ප‍්‍රතිවිප්ලවයේ සංයෝජනය, වඩ වඩාත් නග්න ආකාරයෙන් එක්සත් ජනපදය තුල සමාජ හා දේශපාලන විපාර්ශ්වයට එරෙහිව යෙදවෙන්නාවූ පොලිස් රාජ්‍ය යන්ත‍්‍රයක් ඉදි කිරීම ලෙස දේශපාලන ප‍්‍රකාශය අත්කර ගනී.

මූල්‍ය වංශාධිපතිත්වය හා කම්කරු පන්තිය අතර ගැටුම, රාජ්‍යයේ මෘගත්වය හා ප‍්‍රචන්ඩත්වයේ අති මූලික මූලාශ‍්‍රය වේ. මෙම මෘගත්වය අවසාන කිරීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම ද මෙම ගැටුම විසින් ම නිර්මානය කරයි: ධනවාදයට සහ එහි සෑම දේශපාලන ආරක්ෂකයින්ට ම එරෙහි මුලු මහත් කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක්.

ජෝසප් කිෂෝර්

Share this article: