ධනවාදය, යුද්ධය හා ප්‍රජාතන්ත්‍රවාදයේ බිද වැටීම

Capitalism, war and the collapse of democracy

ටොම් කාටර් විසිනි, 2015 අ‌ප්‍රේල් 22

21වැනි සියවසේ පලමු දශක එක හමාර තහවුරු කරන්නේ, මිලිටරිවාදය හා යුදගිනි ඇවිලවීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර හා පොලිස් රාජ්‍ය පියවර සමග අත්වැල් බැඳගන්නා බව යි. මෙම එකම කාලපරිච්ඡේදය අත්දැක ඇත්තේ චිත්තාකර්ෂනීය මුදල් සම්භාරයන් සමග ලෝකයේ සුපිරි පොහොසතුන්ගේ තුනී තට්ටුවක් පොහොසත් කරන කම්කරු පන්තියට එරෙහි කුරිරු ප්‍රහාරයකි.

මෙම කාලපරිච්ඡේදයේ අත්දැකීම් අවධාරනය කරන්නේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ද්‍රව්‍යමය හා සමාජ කොන්දේසි වර්ධනය කිරීමේ අරගලය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය හා වෙන් කල නො හැකි සේ බැඳී පවතින බව යි.

අධිරාජ්‍යවාදයේ කේන්‍ද්‍රය වන එක්සත් ජනපදයේ තරම් මෙය වෙන කිසිම තැනක මෙතරම් පැහදිලි නැත. එහි ප්‍රජාතන්ත්‍රවාදී බොරු ඔපය විනාස වීමත් එහි ආර්ථික හා සමාජ පොදුකාර්ය දැඩි පරිහානිගත තත්වයක පැවතීමත් සමග එක්සත් ජනපදය වඩ වඩා සමාන වන්නේ, දැවන්ත සිරගත කිරීම්, දේශීය පොලිස් ම්ලේච්ඡත්වය, ලෝක පරිමාන සෝදිසි කිරීම් හා කවර දා වත් නො වූ දැවන්ත හා බලවත් මිලිටරි-ඔත්තු සේවා සංවිධාන මගින් සලකුනු කෙරුනු මුරකොටුවක තත්වයකට ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම

21වැනි සියවස ආරම්භ වුනේ එහි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ගේ යමක් ඉතිරිව පැවතුනා නම් ඇමරිකානු පාලක පන්තිය එයින් තීරනාත්මක ලෙස බිඳී යාමෙනි. 2000දී, ශ්‍රේෂ්ඨාධිකරනය ෆ්ලෙරීඩා ප්‍රාන්තයට ඡන්ද ගනන් කිරීම නැවත්වීමට නියෝග දුන් අතර ජෝජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා වසයෙන් පත්කලේ ය. ඡන්දය දීමේ අයිතිය හා පොදු වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ මෙම නග්න නිෂේධනයට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් හෝ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ වෙන කිසිම කොටසකගෙන් අභියෝගයක් එල්ල නො වීය. 2000 මැතිවරන කොල්ලය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යාමේ සැතපුම් කනුවක් වූ අතර එය පෙන්නුම් කලේ, ඇමරිකානු පාලක පන්තිය එහි නව ආන්ඩුවේ කාර්ය මන්ඩලයට තෝරා ගත් පුද්ගලයන්, එනම් ඩික් චේනි, පෝල් වොල්ෆොවිට්ස්, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හා ජෝන් බෝල්ටන් මගිනි.

ඊ ලඟ වසරේ දී, බුෂ් පාලනාධිකාරය ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”ආරම්භ කලේ අද දක්වා ම පවතින දේශපාලන රාමුවක් වන “හදිසි නීතිය” ස්ථාපිත කරමිනි. පටන් ගැන්මේ සිට ම, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශීය න්‍යායපත්‍රය හා මිලිටිරි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාජ කඩතුරාවක් මිස වෙන යමක් නොවීය. ආරම්භයේ සිට ම, එයට ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම සහාය ලැබී ඇත.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දියත් කිරීම පසුපසින් දේශප්‍රේමී පනත ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති වැලක් පැමිනියේය. මේ අතර, බුෂ් පාලනාධිකාරය ජීනිවා සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති ප්‍රතික්ෂේප කල අතර පැහැර ගෙන යාම්, චෝදනා හෝ නඩු විමසීමකින් තොරව ඉලක්ක කෙරුනු පුද්ගලයන් රඳවා ගැනීම හා වද බන්ධනයට ලක්කිරීම රහසේ අනුමත කලේ ය. අනෙක්වා අතර “දෘශ්‍යමය නිරූපනය”, “වැඩි දියුනු කල ප්‍රශ්න කිරීම”, “ගුවන්තනාමෝ”, “අබු ග්‍රායිබ්”, “වෝටබෝර්ඩිං” වැනි වචන හා වැකි කඩ නිල ශබ්දකෝෂයට ඇතුල් විය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ඇමරිකාව තුල ආන්ඩුවේ මර්දනකාරී සංවිධානවල දැවන්ත වැඩි වීම සමග සම්පාත විය. 2002දී දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරුනු අතර එතැන් සිට එය සේවය කර ඇත්තේ, ඒවා මිලිටරි ආයුධවලින් සන්නද්ධ පැරාමිලිටරි වාඩිලාගැනීමේ හමුදා බවට හරවමින් ද එය හරහා ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන ගනන් පොම්ප කරන මාධ්‍යයක් ලෙස ය.

2013 බොස්ටන් මැරතන් තරඟයට බෝම්බ ගැසීමෙන් පසු, මෙම පැරාමිලිටරි හමුදා සම්පූර්න නගරය ම පොලිස් රාජ්‍ය “වැටලීමක” නිරතවූ අතර නීතියේ ආධිපත්‍යය අත්හිටවුනු හා දැඩි ලෙස සන්නද්ධ පොලීසිය අසල ප්‍රදේශ සිසාරා නිවාස බලහත්කාරී පරීක්ෂාවන්ට යටත් කලේ ය.

පොලිස් මිලිටරීකරනය පොලිස් ඝාතන වසංගතය තුල පිලිබිඹුවේ. වර්තමානයේ දී පොලීසිය දිනකට සාමාන්‍ය වසයෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝතනය කරන අතර මරන සංඛ්‍යාව නො නැවතී වැඩිවෙයි. වසරේ මේ දක්වා පොලීසිය පුද්ගලයන් 300කට වඩා ඝාතනය කර ඇත. වර්තමාන රේට්ටුවට අනුව වසර අවසාන වන විට මුළු සංඛ්‍යාව 1,100ක් වනු ඇත.

ඇමරිකානු ආන්ඩුව - ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීම තුල - ඓතිහාසිකව පෙර නො වූ විරූ සෝදිසි ආන්ඩුවක් (තත්වයක්) ගොඩනගා ඇත. ඇමරිකාවේ දේශීය ඔත්තුසේවා මෙහෙයුම්වල අසීමිත පරාසය කැටි කොට දක්වන ලද්දේ, ජාතික ආරක්ෂක ඒජන්සියේ අකටයුතු හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන් විසින් අනාවරනය කරන ලද එක් අභ්‍යන්තර රූප පටයකිනි. ස්ලයිඩයේ ශීර්ෂපාඨය වූයේ: “සියල්ල එකතු කරනු, ඒ සියල්ල සකසනු, එය සම්පූර්නයෙන් ප්‍රයෝජනයට ගනු, එහි සියල්ලට කොටස් කරුවෙකු වනු, එහි සියල්ල ඉව කරනු, එය සම්පූර්නයෙන් දැන ගනු” යන්න යි.

ඇමරිකාව තුල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ වැටීම 2008දී බරක් ඔබාමාගේ පදවිප්‍රාප්තියේ සිට වේගවත් කෙරුනි. සමහර විට එහි ලජ්ජා නැති “ඉලක්ක කෙරුනු ඝාතන” වැඩසටහනට අදාලව ඔබාමා පාලනාධිකාරය හොඳින් මතකයට නැගෙනු ඇත.

“ත්‍රස්ත අඟහරුදාවන්” ලෙස ප්‍රකට රහස් නඩු ඇසීම්වල දී රහස් චෝදනා හා සාක්ෂි මත පදනම් ව, චෝදනා හා නඩුවිභාග නොමැතිව නීත්‍යානුකූල නො වූ ඩ්‍රෝන් ඝාතන ජනාධිපති විසින්ම නියෝග කර යි. අඩු වසයෙන් පුද්ගලයන් හතරදෙනෙකු මේ වන විට මෙම වැඩසටහන යටතේ ඝාතනය කෙරී ඇත.

ඔබාමා පාලනාධිකාරියේ නීතිඥයින්ට අනුව, නැවත සලකා බැලිය නො හැකි සේ ජනාධිපති විසින් ම එ සේ යැයි කීම මත ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම පුද්ගලයෙකුගේ මරන වරෙන්තුව අත්සන් කිරීමට ජනාධිපතිට බලය ඇත. අයිතිවාසිකම් පනතේ පස්වැනි සංශෝධනය තුල ප්‍රතිපදානය කරන “නියමිත පටිපාටියෙන් තොර ව පුද්ගලයෙකුගේ ජීවිතය තුරන් කල නො හැක” යන්නෙහි සාරය හා අත්‍යර්ථය මීට වඩා පැහදිලි ලෙස උල්ලංඝනය කිරීමක් යමෙකුට සිතා ගත නො හැකි වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, නියමිත ක්‍රියාසන්තතිය, අයිතිවාසිකම් පනත, නීතියේ ආධිපත්‍යය වැනි වැකි 21වැනි සියවස සම්බන්ධයෙන් ගත් විට සිනහවකින් තොර ව උච්චාරනය කල නො හැක.

සෑම වසරකම එජ ඩොලර් බිලියන 60කට වඩා වියදමක් දරමින් ඇමරිකාවේ හිරගෙවල්වල මිලියන 2.3ට වඩා පුද්ගලයන් සිරගතකොට ඇත. මේ අතර, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය දූෂන හා අපරාධකාරිත්වය සමගින් වෙලී ඇත. යුද අපරාධකරුවන් හා ඔවුන්ගේ හෙංචයියන්, වධකයින්, ඝාතකයින්, වෝල් වීදියේ අපරාධකරුවන් හා නිල ඇඳුම් ලා ගත්, ලාංඡන පලඳින මිනීමරුවන් නීතියෙන් පිට ක්‍රියාත්මක වන්නේ දන්ඩමුක්තිය ඇතිව ය.

යුද්ධය

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම ඇමරිකානු මිලිටරිවාදයේ සමාන්තර පිපිරීමක් සමග ඉදිරියට ගොස් ඇත.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දියත් කිරීම, 2001දී ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කිරීම සමගින් සම්පාත විය. දසදහස් ගනකගේ මරනවලට හේතු වී ඇති එම වාඩිලාගැනීම අද දක්වා පවතී. 2003 මාර්තුවේ දී ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමනය කරනු ලැබුවේ, “ජනඝාතක අවි” පිලිබඳ බොරු මත පදනම්ව ය. වාඩිලාගැනීමෙන් වසර දොලහකට පසු, මරන සංඛ්‍යාව මිලියනය ඉක්මවා යමින් එරට සහමුලින් ම විනාස කෙරී ඇත.

2008දී ඔබාමා පදවි ප්‍රාප්ත වීමත් සමග “ආසියාවට හැරීම” පැමිනියේ ය, මිලිටරි කඳවුරු හා සන්ධාන සමග චීනය වට කිරීමට උත්සාහ ගන්නා ආක්‍රමනකාරි රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ප්‍රතිපත්තියක් වන මෙය කලාපීය ආතතීන් අවුළුවන අතර අවාසනයේ දී ලෝක යුද්ධයක වාතාවරනය නිර්මානය කරනු ඇත.

අනුක්‍රමයෙන් අඩුවෙමින් ඇති මහජන සාකච්ඡා මධ්‍යයේ, ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු ව්‍යාපාරය ලිබියාව, සිරියාව, පකිස්තානය, සෝමාලියාව, යේමනය හා ඕනෑ ම තැනක මිලිටරි මැදිහත්වීම් ඇතුලත් කර ගන්නා පරිදි ව්‍යාප්ත කර ඇත. එක් තක්සේරුවකට අනුව, ගිය වසරේ දී රටවල් 133ක, එනම් ලෝකයේ රටවල් වලින් සියයට 70ක ඇමරිකානු හමුදා රඳවන ලදී.

ඇමරිකාව නිත්‍ය ලෙසම සිටින්නේ යුද්ධය තුල ය. සමස්තයක් හෝ කොටසක් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදයට අසම්බන්ධිත ගැටුමක් ලෝකයේ කිසි තැනක දැකිය නො හැක.

2014 පෙබරවාරියේ දී, ඇමරිකාව හා යුරෝපය අනුග්‍රහ දක්වන ලද යුක්‍රේනය තුල කුමන්ත්‍රනයක් මගින් ජාත්‍යන්තර ආතතීන් තවදුරටත් අවුළුවන ලදී. අන්ත දක්ෂිනාංශක හා ෆැසිස්ට් නඩ විසින් එයට නායකත්වය දෙන ලද අතර රට සිවිල් යුද්ධයකට ඇද දැමුනි. කුමන්ත්‍රනය සමග අත්වැල් බැඳ ගෙන රුසියාවට එරෙහිව යොමු කල ඇමරිකානු හා යුරෝපීය මාධ්‍යයන්ගේ යුද භිය ගැන්වීම් දැඩි කෙරුනි.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය “නිදහස” හා “ප්‍රජාතන්ත්‍රවාදය” ගැන වාගාලාප දොඩවන නමුත්, ඇමරිකාව සැබවින් ම සිටින්නේ කොහි දැ යි යමෙකුට දැන ගැනීමට අවශ්‍ය නම් කල යුත්තේ යුක්‍රේනයේ නාසි පක්ෂ ප්‍රවනතාවකට විවෘතව සහාය දැක්වීම මෙන් ම ඊජිප්තුවේ මිලිටරි ආඥාදායකත්වයට හා සෞදි අරාබියේ පරමාධිපතිවාදී රාජාන්ඩුවට දක්වන අනුග්‍රහය විභාග කිරීම ය.

ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකාවේ තල්ලුව මගින් එරට රුසියාව හා චීනය වැනි තරඟකරුවන් සමග අනිවාර්යය යුද ගැටුමකට ඇද දමන අතර න්‍යෂ්ටිකව-සන්නද්ධ රාජ්‍යයන් පැටලීගත් තුන්වැනි ලෝක යුද්ධයක පැහදිලි අනතුර ඇති කර යි. ඇමරිකාව රුසියානු දේශ සීමාවන් හි යුද අභ්‍යාස පවත්වන අතර රුසියාව සමග මිලිටරි ගැටුමක දී නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ට සහාය දීමට සහතික වී ඇත. දෙවැනි ලෝක යුද්ධය අද්දර දී ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීමක් සඳහන් කරන්නේ නම්, “මනුෂ්‍ය වර්ගයාගේ සමස්ත සංස්කෘතියටම තර්ජනය කරන විනාසයක” තර්ජනයකි එය.

ධනවාදය

යුද්ධය හා පොලිස් රාජ්‍ය දෙසට වන තල්ලුව ඇමරිකාව හා ලෝකය පුරා සමාජ අසමානතාවේ නාටකාකාර වැඩිවීමක් සමග සම්පාත වන්නේ ය. ඔක්ස්ෆම් චැරිටි නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ ජනවාරි වාර්තාවට අනුව ලෝක ජනගහනයේ පොහොසත් ම පුද්ගලයන් සියයට 1ට ගෝලීය ධනයෙන් සියයට 48ක් හිමි වන අතර ලෝක ජනගහනයේ සෙසු සියයට 99 අතර බෙදී යාමට ඉතුරු වන්නේ යන්තම් සියයට 52ක් පමනි. පොහොසත් ම සියයට 1කේ පංගුව ලබන වසරේ දී සියයට 50කට වඩා වැඩි වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ලෝකයේ පොහාසත් ම පුද්ගලයන් 80දෙනාගේ ධනය ලෝක ජනගහනයේ දුප්පත් ම අර්ධයේ, නැතිනම් පුද්ගලයන් බිලියන 3.5කගේ ධනයට සමාන වේ. මෙම පොහොසත් ම පුද්ගලයන් 2009 සිට 2014 දක්වා කාලය අතරතුර දී ඔවුන්ගේ ධනය දෙගුනයක් කර ගත් අතර, 2014දී දුප්පත් ම අර්ධයේ ධනය 2009 තිබුනාට වඩා පහල වැටී ඇත.

ඇමරිකාව තුල, ජනගහනයේ ඉහල සියයට එක, 2009ට පසු සියළුම ආදායම් ඉපයීම්වල සියයට 95ක් මඩිගසාගෙන ඇත.

අසමානතාවේ එවැනි මට්ටම් සමග ප්‍රජාතන්ත්‍රවාදය නො පෑහේ. දේශපාලන පක්ෂ දෙක හා මාධ්‍යය ද ඇතුළු සුපිරි පොහොසතුන්ගේ උත්සුකතා එක්සත් ජනපදය තුල සියළු නිල ජීවිතයේ ආධිපත්‍යය දරයි. ජනගහනයේ අතිමහත් බහුතරයේ උත්සුකතා ක්‍රමානුකූලව බැහැර කෙරේ.

පසු ගිය පහලොස් වසරේ ඉතිහාසය අහම්බ අනතුරු නො වේ. යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම, හා ව්‍යාප්තවන සමාජ අසමානතාව අතර සහසම්බන්ධය හුදෙක් අහම්බ නො වේ. ඒ වෙනුවට, මෙම අන්තර්සම්බන්ධිත ප්‍රපංචයන්ගේ මුල් ඇත්තේ, වෛෂයික කොන්දේසි තුල වන අතර එකිනෙකට වෙනස් සමාජ පන්තීන් හා අධිරාජ්‍යවාදී තරඟකරුවන් අතර විවිධ උත්සුකයන්ට සම්බන්ධ කර දැක්විය හැක.

මිලිටරිවාදය, යුද බෙර වැයුම සහ දේශපාලන හා සමාජ ප්‍රතිගාමිත්වය ධනේශ්වර පන්තියේ ප්‍රතිපත්ති වේ, එම පන්තිය විදේශවල ප්‍රචන්ඩතා හා රට තුල එහි කුප්‍රසිද්ධ ප්‍රතිපත්තිවලට වන විරුද්ධත්වය බෙදීම හා මර්දනය කිරීම හරහා ආරක්ෂාවීමට හා තරවීමට උත්සාහ ගන්නේ ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික උත්සුකතා එහි ප්‍රතිවිරුද්ධය යි: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා ව්‍යාප්ත කිරීම, සාමය, ප්‍රගතිය, ජාතික දේශසීමා තුරන් කිරීම හා සමාජය සමාජවාදී ලෙස නැවත ප්‍රතිසංවිධානය කිරීම ඒවාය.

ස්ථීර විසඳුමක් පදනමේ ඇති ගැටළුව විසඳනු ඇත. යුද්ධයට එරෙහි සටන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, සමාජ සමානතාව සඳහා සමාජවාදය මගින් ධනවාදය විස්ථාපනය කිරීමේ අරගලයක් අවශ්‍ය ය, එනම්, ඉතා සුළු කොටසකගේ ලාභ හා අවශ්‍යතා මත පදනම් වූ සමාජයක් සියළු දෙනාගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් මත පදනම් වූ සමාජයකින් විස්ථාපනය කල යුතු ය. අනෙක් අතට, මෙම අරගලය, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුළු ගැන්වීම හා එහි දැනුවත් සහභාගිත්වය මෙන් ම කම්කරු ව්‍යාපාරයේ පසු ගිය සියවස් එක හමාරේ සම්ප්‍රදායන් හා අත්දැකීම් උකහා ගත් නායකත්වයක් ඉල්ලා සිටියි.

මෙම සිද්ධිදාමය පෙන්නුම් කරන්නේ, 2008 හටගත් මූල්‍ය අර්බුදය හුදෙක් වාරික පසුබැස්මක් නොව, පශ්චාත් යුද්ධ ලෝක පර්යායේම ගැඹුරට මුල් බැසගත් අර්බුදයක ප‍්‍රකාශනය බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල තක්සේරුවේ නිරවද්‍ය භාවයයි.

2009න් පසුව ලෝක ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් නරකම වසර 2015 බවට අනාවැකි පල කරන, සිය ලෝක ආර්ථික දැක්ම පිලිබඳ අලූත්ම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබ ඇත්තේ මෙවන් පසුබිමකය.

වසරක් වසරක් පාසා ජාමූඅ හා අනෙකුත් විශ්ලේෂකයින් පවසා ඇත්තේ, ගෝලීය ආර්ථියේ සැලකිය යුතු වර්ධනයක් නොවරදවාම පැමිනෙනු ඇති බවය. එහි පලපුරුදු අව තක්සේරුවේ භාෂාවෙන් යලි වතාවක් මේ වසරේ ද එම සංවිධානයට පිලිගැනීමට සිදුව ඇත්තේ, “සැලසුම් කල ගෝලීය වර්ධනයේ එම ප‍්‍රකෘතිය තවමත් සිදුව නැති” බවයි.

ජාමූඅ පවසන්නේ, මේ වසර තුල ලෝක ආර්ථිකය සියයට 3.3න් වර්ධනය වනු ඇති බවය. එය අපේ‍්‍රල් මාසයේ ඔවුන් පැවසූ අනුපාතයට වඩා සියයට 0.2 ද පසුගිය වසරේ සඳහන් කල සියයට 3.4ට වඩා 1.1 ද අඩුය.

අලුත්ම තක්සේරුවෙන් ඔවුන් සංවර්ධනය වන රටවල වර්ධනය පිලිබඳ දැක්ම, අපේ‍්‍රල් මාසයේ පැවසූ සියයට 2.4 සිට 2.1 දක්වා පහත හෙලා ඇත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජපානය යන දියුනු ආර්ථිකයන්හි වර්ධන පුරෝකථනයන් ද සැලකිය යුතු තරමින් පහත හෙලා ඇත.

වර්ධන පුරෝකථන පහත වැටීමට බලපා ඇති ප‍්‍රධාන සාධකය, ඇමරිකාවේ තියුනු පසුබෑම ද සහිත උතුරු ඇමරිකාවේ දුබල ආර්ථික තත්වය බව ජාමූඅ පවසයි. එය බලාපොරොත්තු වන්නේ, ඇමරිකාවේ කලින් සඳහන් කල සියයට 3.1ක වර්ධන අනුපාතය මේ වසර තුල සිට 2.5 දක්වා පසු බසිනු ඇති බවය.

ඇමරිකාවේ පලමු කාර්තුවෙහි ආර්ථික නිමැවුම වාර්ෂික අනුපාතයකට අනුව සියයට 0.2න් පහත ගිය අතර දෙවැනි කාර්තුවේ දත්ත පෙන්නුම් කරන්නේ ඉතා සුලු ප‍්‍රගතියක් පමනි.

අරමුදල ඇමරිකානු ආර්ථික නිමැවුමේ පිරිහීම සාධක ගනනාවකින් “එකක්” බව කියනු ලැබුව ද එරට ආර්ථිකය අපේක්ෂා කලාට වඩා අඩු මට්ටමක් සලකුනු කල දෙවන වසර 2015ය යන කාරනය වෙනස්වී නැත.

මේ වසරේ පලමු කාර්තුවෙහි ඇමරිකානු ආර්ථිකය මුහුනපෑ අර්බුදයට හේතුව, එරට සමාගම් ඩොලර් ටි‍්‍රලියන 4ක දැවැන්ත මුදල් කන්දක් මත වාඩිවී සිටියදී පවා යටිතල ව්‍යුහයේ ආයෝජන සියයට 2.8න් පහත වැටීමය. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මෑතකදී වාර්තා කලේ, ඇමරිකානු සමාගම් මේ වසරේදී කම්හල් හා ආම්පන්න වෙනුවෙන් වැයකරනවාට වඩා කොටස් යලි මිලට ගැනීමට වියදම් කරනු ඇති බවයි.

නැගී එන ආර්ථිකයන් පිලිබඳ අපේක්ෂා ගැන සලකද්දී ජාමූඅ, විශේෂයෙන්ම කනස්සලූ සහගත හඬක් නගයි. එය සඳහන් කරන්නේ, “වර්ධනය අඛන්ඩව පසුබැසීම, සාධක ගනනාවක් පිලිබිඹු කරයි. ඊට, පහත් පාරිභෝගික මිල ගනන්, බාහිර මූල්‍ය තත්වයේ දැඩි කම, ව්‍යුහාත්මක ගෙල සිරකිරීම්...හා භූ දේශපාලනික සාධක වලට සම්බන්ධිත ආර්ථික ආතතිය.” සම්බන්ධ බවයි.

මෙම අවසන් කාරනය විශේෂ වැදගත් කමක් දරයි. එක් අධ්‍යයනයකට අනුව පසුගිය වසරේදී ගෝලීය ආර්ථිකයට යුද්ධ හා ප‍්‍රචන්ඩත්වයෙන් සිදුව ඇති හානිය ඩොලර් ටි‍්‍රලියන 14.3ක් නැත්නම් සමස්ත ආර්ථික නිමැවුමෙන් සියයට 13.4කි. මෙය නැගෙනහිර යුරෝපයේ, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ ගැටුම් ඉහල යෑමේ ප‍්‍රතිපලයයි. යුකේ‍්‍රන ගැටුමට බැඳුනු සම්බාධකවල හා තියුනු ලෙස පහත වැටුනු තෙල් මිලගනන්වල බරෙන් රුසියානු ආර්ථිකය මේ වසර තුල සියයට 4.8න් හැකිලෙනු ඇති බවට ගනන් බලා තිබේ.

අනෙකුත් නැගී එන ආර්ථිකයන් ද එවැනිම දුෂ්කරතාවන්ට මුහුනපා ඇත. බ‍්‍රසීලයේ ආර්ථිකය මේ වසර තුල සියයට 1.5න් හැකිලෙනු ඇති බවට ගනන් බලා තිබෙන අතර එය, අරමුදල අපේ‍්‍රල් මාසයේ පුරෝකථනය කලාට වඩා සියයට 0.5න් ඉහලය. නැගී එන ආර්ථිකයන් කරා ගලා ආ ප‍්‍රාග්ධනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී තියුනු ලෙස පහත වැටෙනු ඇති බවට ජාමූඅ අනතුරු අඟවයි.

දැනට වෙලඳපොලවල් මත දැඩිම බරක් පැටවෙන්නේ, පසුගිය මාසය පුරා කොටස් අගය සියයට 30න් හැකිලී ගිය තතු හමුවේ කඩාවැටීම වලක්වාගැනීමට චීන බලධාරීන් වෙර දරද්දී, චීන කොටස් වෙලඳපොල තුල සිදුවන විනාශකාරී කොටස් විකිනීම මගින්ය.

මේ වසර තුල දැනටමත් සිදුව ඇති ආර්ථික නිමැවුමේ පසුබෑමෙහි වැදගත්කම පිලිගන්නා අතර පවා මූල්‍ය අරමුදල පවසන්නේ, “මූල්‍ය වෙලඳපොලවල ඉහල පහල යෑම වැනි ගෝලීය ආර්ථික කටයුතු වලට ඇතිකරන අවදානම් තවමත් ඇත්තේ සුලු වශයෙන් බවයි.” එය ගෝලීය කොටස් වෙලඳපොලවල කලබැගෑනි හඳුන්වන පොදු වචනයයි.

ගෝලීය ආර්ථිකයේ පවතින ව්‍යසනකාරී තත්වයට ජාමූඅ දෙන ප‍්‍රතිකර්මය කුමක් ද? තව තවත් කප්පාදු සමග එකට බැඳුනු ගෝලීය මූල්‍ය ක‍්‍රමයට මහ බැංකු විසින් දිගටම මුදල් පොම්ප කිරීමේ විසඳුම ම මිස අනෙකක් නොවේ.

“දියුනු ආර්ථිකයන්හි පවතින මූල්‍ය පිලිවෙත අඛන්ඩව ඉදිරියට ගෙන යමින් ආර්ථික කටයුතු වලට සහාය දිය යුතුවන අතර උද්ධමනය ඉලක්කය වෙත ගෙන යා යුතුය.” යි එය සඳහන් කරයි. මේ තක්සේරුව අනුව යමින් එය මේ සතිය මුල කියා සිටියේ, සය වසරක් බිංදුවට ආසන්නව පවත්වාගෙන යන ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතය අඩුම තරමින් 2016 දක්වා හෝ වැඩි නොකරන ලෙසය.

වාර්තාව පවසන පරිදි මූල්‍ය ක‍්‍රමයට පහසු නය සම්පාදනය සමග අත්වැල් බැඳගත් ව්‍යාපාර ගැති ප‍්‍රතිසංස්කරන අවශ්‍ය කෙරේ. “පලදායිතාවය නංවන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන හා නිෂ්පාදනයේ ගෙල සිරකිරීම් අවසන් කිරීම බොහෝ ආර්ථිකයන් තුල ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය කෙරේ.” මෙය වනාහි ග‍්‍රීසිය තුල ක‍්‍රියාත්මක කරන විනාශකාරී සමාජ ප‍්‍රතිපල සහිත කප්පාදුව වර්ගයේ වැඩසටහනක් ගෝලීය ආර්ථිකයටම අවශ්‍ය කෙරෙන බව වහෙන් ඔරෝ භාෂාවෙන් පැවසීමයි.

2008 මූල්‍ය අර්බුදයෙන් වසර හතකට පමන පසුව ද බැංකු කරුවන්ට මුදල් සැපයීම මගින් ලෝක මූල්‍ය බුබුල තවත් පිම්බීම ද කම්කරු පන්තිය ඉලක්ක කරගත් කප්පාදු ද හැරෙන්නට, ධනේශ්වර ආයතන සතුව ලෝක ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ඇත්තේ නැත. මහා ජන සමූහයන්ගේ වියදමෙන් මූල්‍ය වංශාධිපතියන් තව තවත් ධනවත් කිරීමේ මූලික අරමුන සහිත මෙම පිලිවෙත ගමන් කරන්නේ, තවත් මූල්‍ය හා ආර්ථික බිඳවැටීමක් කරාය.

Share this article: