මුන්ක්ලර්-වොච් ආරක්ෂා කිරීමේ හම්බෝල්ට් විශ්වවිද්‍යාල සිසුන්ගේ වාර්තාව පලකිරීම ජර්මානු මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කලේ ඇයි

Why the German media refuses to report Humboldt University students’ defense of Münkler-Watch

ජොහැන්නස් ස්ටර්න් විසිනි , 2015 ජූනි 20

මුන්ක්ලර්-වොච් ශිෂ්‍ය අන්තර්ජාල බ්ලොගය ආරක්ෂා කරමින් ජූනි 11 බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කල යෝජනාවට ජර්මානු මාධ්‍ය විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ එම ප්‍රවෘත්තිය මුළුමනින් ම නො තකා හැරීම මගිනි. යෝජනාව සම්මත වී සතියකට වැඩි කාලයක් ගත වී ඇතත් සිද්ධිය වාර්තා කරන එක ම ලිපියක්වත් පල කෙරී නැත.

මෙය තොරතුරුවල අඩුපාඩුවක් නිසා සිදු වූවක් නොවේ. "මුන්ක්ලර්-වොච් කන්ඩායමට එරෙහි ප්‍රහාර හෙලා දකිමින් සසජාතශි විසින් ඉදිරිපත් කල යෝජනාව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අතිබහුතරයක් විසින්.... සම්මත කල" බව සඳහන් මාධ්‍ය ප්‍රකාශයක් සතිය ආරම්භයේ දී ම සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝසහ ශිෂ්‍යයෝ විසින් ප්‍රවෘත්ති පත්‍ර, ගුවන්විදුලි සහ රූපවාහිනි ආයතන සහ ප්‍රවෘත්ති ආයතන වෙත යවන ලදී. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ රැස්වීම පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජූනි 13 වෙනි සෙනසුරාදා පල වූ සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රවෘත්ති නිවේදනය සමග සසජාතශි මාධ්‍යවලට සම්පාදනය කෙරුනි.

එමෙන් ම සම්මත කල යෝජනාව ජූනි 17 වෙනිදා සම්පුර්නයෙන් ම ප්‍රසිද්ධ කල බව රෙෆ්රැට් -විශ්වවිද්‍යාල පරිපාලනය- හොඳින් ම දන්නේ ය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව යෝජනාවට චන්දය දීමට පෙරාතුව කෙරුන මාධ්‍ය ආවරනය හෙවත් දඩයමේ පරිමාවේ ආලෝකයෙන් බලන විට යෝජනාව සම්බන්ධයෙන් ජර්මානු මාධ්‍ය පෙන්නුම් කර ඇත්තේ සිත්කාවදින සාමූහික නිහඬතාවයකි. මුන්ක්ලර්-වොච් සහ සසජාතශි ට පහර දෙමින් හා හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරුන් වන හර්ෆ්රීඩ් මුන්ක්ලර් සහ ජෝජ් බබරෝස්කිගේ මිලිටරිවාදී සහ දක්ෂිනාංශික ආස්ථානයන් පිලිබඳ ව විශ්වවිද්‍යාල සිසුන්ගේ විවේචනවලින් ඔවුන් ව ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් අඩුම තරමින් එක ලිපියක්වත් ප්‍රධාන මාධ්‍යවල පල නොකෙරුන එක දිනයක් වත් පසුගිය සති කිහිපය තුල නොවූ තරම් ය.

කෝපයෙන් සිසුන්ට පහර දෙමින් සහ 1968 ශිෂ්‍ය කැරලිවල ට එරෙහිව ස්ප්රින්ගර් පත්‍රයේ පල කෙරුන අවලාද වලින් පසුව දකින්ට ලැබුන හාස්‍යජනක විකාරයන් ඔවුන්ගේ යතුරු පුවරු මත සටහන් කල මේ කමකට නැති කුලී ලියන්නෝ කොහේ ගිහිල්ල ද?

උදාහරන වසයෙන් ෆ්‍රැන්ක්ෆර්ට අල්ජමයින් සොන්ටාග් ට්සේටුන්ග් පත්‍රය ට ලිවූ ලිපියක ශිෂ්‍යයන් ගේ විවේචන "බෝම්බ තර්ජන සහ මිනී මැරීම සඳහා කරන ආයාචනා" වලට සමාන කල ෆ්‍රෙඩ්රික් හොප්ට් කොහේ ද ? සුඩොයිට්සේ ට්සේටුන්ග් සඟරාවට විවේචනාත්මක සටහනක දී මුන්ක්ලර්-වොච් වර්ගවාදී පෙගිඩා ව්‍යාපාරයට සමාන කල වාම පක්ෂයේ හිටපු සභාපති ලොතාර් බිස්කි ගේ පුත් ජෙන්ස් බිස්කි කොහේ ද ඔහුගේ විවේචකයන් නාසි නිවහන්වල අධීක්ෂන නිලධාරීන්ට හා යුදෙව් විරෝධීන්ට සමාන කිරීම සඳහා මුන්ක්ලර්ට වේදිකාවක් සකසා දුන් ජර්මානු ලිබරල්වාදය සඳහා අට්ටාලයක් වූ ඩි ට්සයිට් කොහේ ද? "එවැනි උන්මන්තකයින් ට එහි විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කරන ලෙස හා ඔවුන්ට එරෙහිව නෛතික පියවර ගන්න යැයි බබරෝස්කි කල ඉල්ලීම සටහනකින් තොර ව වාර්තා කල ටාග්එෂ්පීගල් කොහේ ද? භාෂනයේ නිදහසට තර්ජනය එල්ලවන්නේ සිසුන්ගෙන් මිස අධිපතිවාදී රාජ්‍යයෙන් නොවන බවට බැරෑරුම් ව තර්ක කරමින් හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සභාපති ජාන් හෙන්ඩ්‍රික් ඔල්බේට් විසින් ලියන ලද තීරු ලිපියක් මුද්‍රනය කල බර්ලිනර් ට්සේටුන්ග් දිනපතා පත්‍රය කොහේ ද? එමෙන් ම සසජාතශි යේ මව් සංවිධානය වන ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය (සසප) ට රුදුරු ප්‍රහාරයක් සමග 2014 අග දී මාධ්‍ය උද්ඝෝෂනයක් ආරම්භ කල දැන් ෆ්‍රැන්ක්ෆර්ට අල්ජමයින් ට්සේටුන්ග් හි සහකාර කතුවරයෙක් වන යෝගන් කෝබේ ට සිදු වූයේ කුමක් ද?

ජුනි 11 වෙනි අඟහරුවාදා සිද්ධීන් කෝබේ සහ සමාගම විසින් සමීප ව අධ්‍යයනය කල බවට සැකයක් නැත. ෆ්‍රැන්ක්ෆර්ටර් රුන්ඩ්ෂො හි 'කොහාටවත් නැති ප්‍රහාරය' යන සිරස්තලය යටතේ අවසන් ප්‍රචාරක ලිපිය පල වූයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ චන්දයට හරියට ම දිනකට පෙරාතු ව ය. සාමාන්‍යයෙන් මංගල උත්සව සැලසුම්, මනාලිය වීමට සිටින තැනැත්තියට තෑගි දෙන උත්සව සහ ආදරය හා විවාහය ගැන ලිපි ලියන මුන්ක්ලර්-වොච් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරය අතර ගැටුම ගැන කීමට කිසිම් දෙයක් නැති එලේනා මුලර් නමැත්තියක් සුපුරුදු ලෙස කරුනු විකෘති කල, සාවද්‍ය චෝදනා සහිත ලිපියක් ලියුවේ ය. නමුත් ඇය පැහැදිලි ව ම එක දෙයක් ගැන පරිස්සමෙන් පර්යේෂන කර තිබුනි. "ධනවාදයට එරෙහිව සටන් වැදීමට උවමනා කරන සංවිධානයක් වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ මුන්ක්ලර්-වොච් ආරක්ෂා කිරීමට හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට මෑත දී යෝජනාවක් ඉදිරිපත් කලේ ය" යැයි ඇය ලිවීය.

එතැන් පටන් වචනයක් වත් දොඩා නැත. මෙය විස්තර කරන්නේ කෙසේ ද?

මාධ්‍ය උද්ඝෝෂනයේ අරමුන වූයේ, මුන්ක්ලර් සහ බබරෝස්කි දරා සිටි ආස්ථානයන් ගැන කෙරෙන යම් වැදගත් විවේචනයන් මර්දනය සහ සාපරාධිකරනය කිරීම සඳහා ත්‍රස්තයේ වටපිටාවක් නිර්මානය කිරීමය. සැලැස්ම ආපසු කැරකුනි.

හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනා විශ්වවිද්‍යාල පාලනාධිකාරයේ සහයෝගය ඇති ව, පලමු සහ දෙවන ලෝක යුද්ධ වල දී ජර්මානු අධිරාජ්‍යවාදය සිදුකල ඓතිහාසික අපරාධ වලට යලි පන දීමට සහ ප්‍රහාරාත්මක විදේශ පිලිවෙතකට ජර්මනියේ වර්තමාන හැරීම යුක්තිසහගත කිරීමේ කාරනාව සසජාතශි විසින් ලේඛනගත කොට එලිදරව් කර තිබේ.

මිලිටරිවාදයට විරුද්ධව සසජාතශියේ උද්ඝෝෂනයට පුළුල් සහ හිතවා දී ප්‍රතිචාරයක් කුළුගැන් වී තිබී ම ගැන මාධ්‍ය කම්පනයට පත් වී ඇත. විවේචනශීලී සිසුන් ත්‍රස්ත කිරීමේ සහ ඔවුන්ට අවලාද නැගීමේ උත්සාහයට ජර්මනියේ සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයේ 33,000 වඩා සිසුන් ගේ නියෝජිතයෝ විරුද්ධ වී ඇත.

“අනුමත කල යෝජනාව මුන්ක්ලර්-වොච් සහ සසජාතශි ට විරුද්ධව කෙරෙන උද්ඝෝෂනය පමනක් නොව, එය ඓතිහාසික සංශෝධනවාදය සහ මහාචාර්යවරුන් දෙදෙනා ගේ මිලිටරිවාදී ආස්ථානයන් ද ප්‍රතික්ෂේප කරයි. "දේශපාලනික ව තමන් ව ම ප්‍රකාශයට පත් කර ගැනීමට, පාලනයේ රූපාකාරයන් ගැන ප්‍රශ්න කිරීමට සහ ජර්මනියේ අමානුෂික ඉතිහාසය සුළු කොට තැකීමේ, විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ඉගැන්වීම් වල අන්තර්ගතයට සම්බන්ධිත ප්‍රවනතාවලට, විරුද්ධ වන්න" යැයි ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශිෂ්‍යයන් ට කැඳවුම් කරයි.

මාධ්‍ය වල නිශ්ශබ්දතාවය ඉස්මතු කෙරෙන්නේ රාජ්‍යපිලිවෙතේ වර්ධනයත් සමග එහි ඇති ඍජු සම්බන්ධතාවය විසින්ය. කතෘ මංඩලවල පිලිවෙත ඉදිරිපත් කරන ප්‍රධාන ලේඛකයන් ට සහ අටුවා කාරයන් ට ආන්ඩුව, මිලිටරිය, බුද්ධි අංශ සේවාවන් සහ බබරෝස්කි සහ මුන්ක්ලර් වැනි විදේශ පිලිවෙත සකසන බුද්ධි ජීවීන් සමග සමීප සම්බන්ධකම් ඇත. යෝජනාව හුදෙක් මුන්ක්ලර් ට සහ බබරෝස්කිට අභියෝග කිරීම පමනක් නොව, සමස්ත පාලක ප්‍රභුවට ම සහ විදේශ පිලිවෙත් මහ බලයක් ලෙස ජර්මනිය යලි තහවුරු කිරීමේ එහි භූමිකාවට සහ මිලිටරිවාදයට හා යුද්ධයට මහජනතාව ගේ විරුද්ධත්වය බිඳීමේ තැතට අත් වූ පරාජයක් බව ඔව්හු තේරුම් ගත් හ.

මෙහි දී ආරම්භයේ සිට ම මාධ්‍ය ප්‍රධාන භූමිකාවක් ඉටුකලේය. 2014 මියුනිච් ආරක්ෂක සමුළුවේ දී ජනාධිපති ගෝක් සහ ජර්මන් ආන්ඩුව විසින් නිවේදනය කල හා දැන් ක්‍රියාවට දමා ඇති විදේශ පිලිවෙතේ මාරුව සඳහා සැලැස්මක් සම්පාදනය කල "නව බලය, නව වගකීම්" යනුවෙන් නම් කල මූලෝපායාත්මක ලියවිල්ල වර්ධනය කිරීමේ දී මාධ්‍යවේදීන් සහ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ඊට සම්බන්ධ වූ හ.

විදේශ පිලිවෙත සම්බන්ධ ප්‍රශ්නවල දී ඒවාට මැදිහත් වීමෙන් "වැලකී සිටීමේ" ජර්මනියේ පස්චාත් දෙවන ලෝක යුද්ධ මවා පෑමේ අවසානය නිවේදනය කරමින් ගෝක්, විදේශ ඇමති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටෙයින්මයර් සහ ආරක්ෂක ඇමති උර්සුලා වොන් ඩර් ලෙයන් පැවැත්වූ කතාවල පදනම වුයේ 2013 සරත් සෘතුවේ ප්‍රසිද්ධ කල මෙම ලියවිල්ල යි. ජර්මනිය "අනාගතයේ දී වඩා විවෘත ව සහ වඩා තීරනාත්මකව" පෙරමුන ගත යුතු බව ඉල්ලා සිටින ලියවිල්ල "වෙලඳ සහ අපනයන" රටක් ලෙස ජර්මනිය එහි ආර්ථික හා භූ-මූලෝපායාත්මක උත්සුකතාවයන් ආරක්ෂා කලයුතු බව ද ප්‍රකාශ කරයි. "මිල අධික සහ දිගුකාලීන මිලිටරි වර්ධනයන්" ... "ප්‍රයෝගික ජර්මන් ආරක්ෂක පිලිවෙතේ" කොටසක් විය යුතු බව එය වැඩි දුරටත් අවධාරනය කරයි.

මෙම නිර්දේශයන් ක්‍රියාවට දැමීමේ දී ජර්මානු මාධ්‍ය ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සුඩොයිට්ෂේ ට්සේටුන්ග්, ද ෆ්‍රෑන්ක්ෆර්ට් අල්ජමයින් සහ ඩර් ෂ්පීගල් හා ඩි ට්සයිට් ඇතුළු ප්‍රධාන මාධ්‍ය යුද්ධයේ සහ මිලිටරිවාදයේ ප්‍රචාරක උපකරන බවට පරිවර්තනය වී තිබීම ගැන පසුගිය වසරේ ලිපි පෙලක් ම ලිවීය. මාධ්‍ය දෛනික පදනමක එහි පාඨකයන්ට හමුදාව ප්‍රසාරනය කිරීමට, රුසියාවට එරෙහි ප්‍රහාරාත්මක ප්‍රවිෂ්ටයක් සඳහා උද්ඝෝෂනය කිරීමට කැඳවුම් කල අතර ජර්මනිය යුරෝපය තුල සහ ලෝක පරිමානව නිර්භය නායකත්වයක් බවට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය අවධාරනය කරන ප්‍රකාශයන් නිකුත් කලේ ය.

ඒ සමග ම පලමුවන ලෝක යුද්ධය පුපුරායාම සම්බන්ධයෙන් ජර්මනියේ වගකීම අඩුලන්සුවට දැමීමට සහ ඌනනය කිරීමට ද පලමුවන හා දෙවන ලෝක යුද්ධ දෙක අතර ජර්මනියේ යුද අරමුනු වල අඛන්ඩතාව ප්‍රතික්ෂේප කිරීම ඉලක්ක කර ගත්තා වූ ද මුන්කලර් සහ බබරෝස්කිගේ දෘෂ්ටිවාදාත්මක ප්‍රහාර මෙම මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කලේ ය. වසර ආරම්භයේ දී සුඩොයිට්ෂේ ට්සේටුන්ග් හි පල කල සම්මුඛ සාකච්චාවක දී ඔහුගේ ඓතිහාසික සංශෝධනවාදයේ ප්‍රතිගාමී දේශපාලන එල්ලයන් මුන්ක්ලර් ම පැහැදිලි කලේ ය.

“හර්ෆරීඩ් මුන්ක්ලර් වරද ගැන" යන සිරස්තලය යටතේ ලියන ලද ලිපියක දී “අපි විදේශ පිලිවෙත හුදු භාෂිතයක් දිසාවට තල්ලු කරන්නෙමු. මක් නිසාද යත් අපි ඓතිහාසිකව වැරදිය. විදේශ පිලිවෙත සම්බන්ධ ව මැදිහත් වීමට කිසිදු තැනක දී අපට අවසර නොදුන්" බව මහාචාර්යවරයා විස්තර කරයි.

පලමුවන ලෝක යුද්ධය ගැන සඳහන් කිරීමේ දී ජර්මනියේ වරද "පුරා වෘත්තයක්" බව මුන්ක්ලර් කියයි. නේටෝව 2011 ලිබියාවට එරෙහිව දියත් කල යුද්ධයට ජර්මනිය සම්බන්ධ නොවීම "විදේශ පිලිවෙත් ව්‍යසනයක්" ලෙස ඔහු ලේබල් ගසයි.

ඉන් යන්තම් මසකට පසු දැන් කුප්‍රකට එකක් බවට පත් ව ඇති මහාචාර්ය බබරෝස්කි විසින් තමන් නාසි හිතවාදී ඉතිහාසඥ අර්නස්ට් නොල්ට් ගේ අනුගාමිකයෙකු බව ප්‍රකාශ කල "අතීතය වෙනස් කිරීම" නමැති ලිපිය ඩර් ෂ්පීගල් හි පල කලේ ය. "නොල්ට් ට අසාධාරනයක් සිදු විය. ඓතිහාසිකව කතාකලොත් ඔහු නිවැරිදියි." බව කියමින්1980 ගනන්වල ඔහුගේ අදහස් ගැන ඉතිහාසඥයන් අතර විවාදයක් ඇවිල වූ සහ අද නව නාසි කව තුලට වැදී හිට්ලර් විමුක්තිදායකයෙකු ලෙස සඳහන් කරන තැනැත්තා බබරෝස්කි විසින් ආරක්ෂා කලේ ය. නොල්ට් මෙන් ම බබරෝස්කි ද “හිට්ලර් මානසික උන්මන්තකයෙකු නො වී ය. ඔහු දුෂ්ට නො වී ය. ඔහුගේ මේසය මත තබා යුදෙව්වන් ඝාතනය කිරීම ගැන මිනිසුන් කතා කිරීම ඔහුට අවශ්‍ය වූයේ නැත." යනුවෙන් හිට්ලර් ගේ අපරාධ ලඝු කරයි.

ජර්මානු මාධ්‍ය මාස ගනනාවක් ජර්මන් අධිරාජ්‍යවාදයේ අපරාධ අවතක්සේරු කිරීමට විරුද්ධ වූවන් වී ඇත. මෙම ප්‍රහාරවලට හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ විරුද්ධත්වය ගැන මාධ්‍ය නිහඬතාවය මිලිටරිවාදයට සේවය කිරීමේ දී ඓතිහාසික සංශෝධනවාදයේ උපකරනයක් ලෙස එහි භූමිකාව තවදුරටත් එලිදරව් වන්නේ ය.

Share this article: