හම්බෝල්ට් විශ්වවිද්‍යාල සිසුහු නිදහස් භාෂනය ආරක්ෂා කරමින් යෝජනාවක් සම්මත කරති

Students at Humbodlt University pass resolution defending free speech

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 ජූනි 12

ජර්මනියේ බර්ලින්හි හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ඉතිහාසඥයින් වන හර්ෆ්‍රීඩ් මුන්ක්ලර් හා ජොර්ග් බාබරොව්ස්කි ද ඇතුලු මහාචාර්ය වරුන් විවේචනය කිරීමේ මූලික අයිතිය ආරක්ෂා කරමින් හා සිසුන්ට එරෙහි ප්‍රහාර හෙලා දකිමින් 11දා යෝජනාවක් සම්මත කලේය. යෝජනාව, හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් ගෙන ආ මෝසමට කල හිතවත් සංශෝධනයකි.

“දේශපාලනිකව කථාකිරීම හා බලධාරීන් ප්‍රශ්නයට බඳුන් කිරීම” සඳහා යෝජනාව සිසුන් දිරිමත් කරයි. එසේම එය, “අමානුෂික ජර්මානු ඉතිහාසය වසං කරන විශ්වවිද්‍යාල ප්‍රවනතාවට විරුද්ධ වන” ලෙස ද සිසුන්ගෙන් ඉල්ලා සිටියි. යෝජනාව අති මහත් බහුතර ඡන්දයකින් සම්මත විය. ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසි වාරය හා එය ගත් තීරනයේ දේශපාලන වැදගත්කම පිලිබඳ සවිස්තර වාර්තාවක් හෙට දිනයේ පලකෙරෙනු ඇත.

Share this article: