නෙතන්යාහු එක්සත් ජනපද කොන්ග‍්‍රසය හමුවේ ඉරානයට විරුද්ධව ඝෝෂා කරයි

Netanyahu delivers anti-Iran tirade to US Congress

බිල් වැන් ඕකන් විසිනි, 2015 මාර්තු 04

ඇමරිකානු කොන්ග‍්‍රසයේ අසාමාන්‍ය ඒකාබද්ධ සැසියක් හමුවේ ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අඟහරුවාදා කල කථාව, ඇමරිකාවේ මෙන්ම ඊස්රායලයේ ද ආරක්ෂක උත්සුකතා අමු අමුවේ පාවාදීමක් ලෙස දක්වමින්, ඔබාමා පාලනය ව්‍යංගයෙන් හෙලාදැකීමට යොමුවූ උමතු ඉරාන විරෝධී ගෝරනාඬුවක් විය.

ධවල මන්දිරයට පිටුපසින් සංවිධානය කල නෙතන්යාහුගේ රැස්වීම, බලයේ සිටින ජනාධිපතිගේ ප‍්‍රතිපත්ති වල දැමීම හා හෙලා දැකීම පිනිස, ඇමරිකාවේ දේශපාලන පක්ෂයක්, විදේශ රාජ්‍ය නායකයෙක් කොන්ග‍්‍රසය හමුවට පැමිනවීමේ ක‍්‍රියාව, ව්‍යවස්ථානුකූලව සැක සහිත හා පෙර නොවූ විරූ තත්වයක් සලකුනු කරයි.

නෙතන්යාහු සම්බන්ධයෙන් ගත් කල, “ඓතිහාසික මෙන්ම ඉරනම්ගත දූත මෙහෙවරක්” ලෙස විස්තර කල සිය වොෂින්ටන් සංචාරයේ දේශපාලන අභිලාෂයන් විනිවිද පෙනේ. යන්තම් දෙමසකට පසුව පැවැත්වෙන ඊස්රායල් මැතිවරනයේදී නෙතන්යාහුගේ සහයෝගය වියැකී යන බව පෙන්නුම් කරන මත විමසුම් පලවෙද්දී ඔහු කල කථාවේ අර්ථය, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මගින් ඇතිකරන “අනුභූතික තර්ජනය” යොදාගෙන, ඊස්රායලය තුල පිරිහෙන ආර්ථික හා සමාජ කොන්දේසි වෙතින් අවධානය වෙනතකට යොමු කිරීමයි.

එසේම එය, ඇමරිකානු කොන්ග‍්‍රසය වෙතින් විටින් විට පලවන නැගිට සිට ආචාර කිරීම් දැක්වෙන රූපවාහිනී විකාශන පලකරගැනීමට ද ඔහුට අවස්ථාව සැලසීය. සියොන්වාදී පීඩනය හමුවේ රිපබ්ලිකානුවන්ගේ මෙන්ම ඩිමොක‍්‍රටිකයන්ගේ ද එකහා සමාන නිවටකම ප‍්‍රදර්ශනය කරමින්, විනාඩි 39ක් පුරා පැවති කථාව තුල 15 වතාවක් සිය දෙපයින් නැගී සිටිමින් ඔවහු ආචාර දැක්වූහ.

දල වශයෙන් ද්විත්ව මන්ත‍්‍රන සභාවලම ඩිමොක‍්‍රටිකයින් 232 ගෙන් දල වශයෙන් 55 දෙනෙක් කථාව වර්ජනය කලහ. ඒ ඊස්රායල් ප‍්‍රතිපත්තිය ගැන නොඑකඟතාව නිසා නොව, ඔබාමා කෙරෙහි හිතපක්ෂකම නිසාය. පක්ෂයේ කොන්ග‍්‍රස් නායකත්වය ඊට සහභාගි වූහ.

කථාව පැවැත්වුනේ, ස්විට්සර්ලන්තයේ මොන්ට‍්‍රයොක්ස් නගරයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා ඉරාන විදේශ ඇමති මොහමඩ් ජාවඩ් සිරිෆ් අතර සාකච්ඡාවල තුන්වන වටය පැවැත්වෙන අතරතුරය. ඉරානය හා 5–1 කන්ඩායම ලෙස හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ ස්ථිර සාමාජිකයින් 5 හා ජර්මනිය අතර සාකච්ඡා, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මත අස්ථාවර එකඟත්වයක් ඇතිකර ගැනීමේ අවසන් දිනය මාර්තු 31 දිනට යෙදී තිබීමේ පීඩනය යටතේ පැවැත්වින.

නෙතන්යාහුගේ පැහැදිලි අරමුන වූයේ, ටෙහෙරානය සමග මොනම ගිවිසුමක් හෝ කඩාකප්පල් කිරීමය. මේ අරමුන සාක්ෂාත්කර ගැනීම පිනිස යොමුවූ සාකච්ඡාවන්හි, වර්ගකර ඇති තොරතුරු හෙලිදරව් කිරීම පිනිස ඔහු සිය කථාව යොදාගනු ඇතැයි ඇමරිකානු නිලධාරීන් බියපත්ව සිටියේය. ඒ වෙනුවට ඊස්රායල් අගමැති, මැදිහත්වී, සාකච්ඡා කඩාකප්පල් කිරීම පිනිස, කොන්ග‍්‍රසය ඒත්තුගන්වා ගැනීමේ පැහැදිලි උත්සාහයක යෙදෙමින් උග‍්‍ර භීතිකාව හා ඉස්ලාම් විරෝධී උන්මාදය මත විශ්වාසය තැබීය.

ඔහු, ඉරානය ත‍්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසත්, සිය අරමුනු මුදුන්පමුනුවා ගැනීමට න්‍යෂ්ටික යුද්ධයේ පිහිට පතන්නාවූ ව්‍යාප්තවන අධිරාජ්‍යයක් ලෙසත් පින්තාරු කලේය.

“අපගේ ලෝකය මුහුන දෙන මහත්ම තර්ජනය සටන්කාමී ඉස්ලාමය සමග න්‍යෂ්ටික අවිවල කසාදයයි. දිග්විජය කරා ද යටත්කිරීම හා ප‍්‍රචන්ඩත්වය කරා ද දිවෙන ඉරානයේ ගමන නතර කිරීමට අප සියලු දෙනාම එක්ව නැගී සිටිය යුතුය.” ඔහු පැවසීය.

ඔබාමා පාලනය විසින් ගිවිසුමක් සඳහා ගෙනයන සාකච්ඡා, “නොවරදවාම යුද්ධයට තුඩු දෙන, දඩබ්බර ආක‍්‍රමනයේ යෙදී සිටින, න්‍යෂ්ටික අවි දරන, ඉරානයක් වෙත යොමුවී ඇති” බවට ඔහු චෝදනා කලේය. නෙතන්යාහුගේ කථාව ගැබ්කරගත් කුහකත්වය පෙන්වා දීමට ව්‍යාපාරික මාධ්‍ය හෝ ප‍්‍රධාන පක්ෂ එකක හෝ අයෙකු ඉදිරිපත් වූයේ නැත. න්‍යෂ්ටික අවි සිය ගනනක් අතැතිව සිටින හා න්‍යෂ්ටික අවිහරන ගිවිසුම අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කල ඊස්රායල් ආන්ඩුවේ නායකයා, න්‍යෂ්ටික බලය අවභාවිතා කරන බවට, ගිවිසුමේ පාර්ශවකරුවෙක් වන ඉරානයට චෝදනා කරයි. පලස්තීනුවන්ට හා සිය අරාබි අසල්වැසියන්ට එරෙහිව යලි යලිත් ආක‍්‍රමනික යුද්ධ දියත්කර ඇති ඊස්රායල් ආන්ඩුව, සිය දේශසීමා පිලිබඳ මොනම සීමාවක්වත් නොඉවසන අතර කිසිවෙකුටත් එරෙහිව “ආක‍්‍රමන” මෙහෙයවා නැති ඉරානයට චෝදනා කරයි.

මෙම මුසාවාද පතුරුවා හැරීම පිනිස නෙතන්යාහු, ඉරානය, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයන්ට (අයිසිස්) පමනක් නොව, නාසි ජර්මනියට පවා සමාන කරයි.

එක් අවස්ථාවකදී ඔහු, “යලි කිසිදා” සිදු නොවන්නේයයි පුනරුච්ඡාරනය කලේ, වොෂින්ටනයේ අර්ධ නිල හොලොකෝස්ට් ප‍්‍රකාශකයෙකු වූ ද ඉන් වාසිදායක වෘත්තීය ජීවිතයකට මග සලසා ගත්තාවූ ද පේ‍්‍රක්ෂකාගාරයේ රැඳී සිටි එලී වීසෙල් වෙත කොන්ග‍්‍රසයේ අවධානය යොමුකරවමිනි. වීසෙල් අසුන්ගෙන සිටියේ, ඊස්රායලය තුලම බොහෝ දූෂන සෝලි වලට මැදිවී සිටින නෙතන්යාහුගේ බිරිඳ වන සාරා පසෙකිනි.

පීඩිත රටකට එරෙහි ආක‍්‍රමනකාරී යුද පිලිවෙත යුක්තිසහගත කිරීම පිනිස, හොලොකෝස්ටයට කෙරෙන මෙම පහත් කන්නලව්ව, ප්‍රෝඩාකාරී වනවාක් මෙන්ම සදාචාරාත්මකව අසික්ෂිත ද වන්නේය.

එම කථාවට ප‍්‍රතිචාර දක්වමින් බරක් ඔබාමා, නෙතන්යාහුගේ කථාවෙහි “අලුත් කිසිවක්” ඇත්තේ නැතැයි ද ඔහු “කිසිදු ශක්‍ය විකල්පයක්” ඉදිරිපත් කිරීමට අසමත්වී ඇතැයි ද පැවසීය.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට කථා කල, නම හෙලි නොකල “ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්” වඩාත් කෙලින් කථා කරමින්, “අගමැතිගේ කථාවේ තර්කනය පාලන තන්ත‍්‍ර වෙනසකි. එය න්‍යෂ්ටික කථාවක් නොවේ. එයට ඉරානයේ යටත්වීම හුදු ඉල්ලීමක් පිලිබඳ සැලැස්මක් නොවේ” යයි පැවසීය.

නෙතන්යාහුගේ පිලිවෙතෙහි සාරය මෙයයි. ජාත්‍යන්තර නීතිය යටතේ එරටට හිමිව ඇති න්‍යෂ්ටික බල පහසුකම් මුලුමනින්ම බිඳ දැමීම ඉරානය විසින් එකහෙලා පිලිගත යුතුය යන ඔහුගේ ඉල්ලීම, සාකච්ඡා මගින් ඉටුකර ගත නොහැකි අතර එරට මුලුමනින්ම යටත් කරන යුද්ධය තුලින් පමනක් ඉටුකරගත හැකිය යන්නයි.

වොෂින්ටනයමත් ඉරානයට එරෙහිව කඩුව ලෙලවීම දිගටම කරගෙන ගිය අතර මේ සතියේ පවා ඇමරිකානු නියෝජිතයෝ, ටෙහෙරානය න්‍යෂ්ටික ගිවිසුම පිලිපැදීමට අසමත් වුවහොත් හෝ පසුව එය උල්ලංඝනය කලහොත් මිලිටරි විකල්පය “මේසය මත තබා ඇති” බව අවධාරනය කලහ.

කෙසේ වෙතත්, සිරියාවේ ඉරාන පිටුබලය ලබන බෂීර් අල් අසාද් තන්ත‍්‍රයට එරෙහිව ගුවන් යුද්ධයක් දියත් කරන බවට කල තර්ජනය අකුලා ගැනීමට බලකෙරුනායින් පසුව, 2013 අවසානයේ පටන් ඔබාමා පාලනය, සිය ප‍්‍රතිපත්තිය ඉරානය සමග හොඳහිත වර්ධනය කර ගැනීම දෙසට මාරුකර තිබේ.

ටෙල් අවීව් පාලනය අනුභූතික තර්ජනයක් ලෙස දකින්නේ මේ ප‍්‍රතිපත්තිය මිස, න්‍යෂ්ටික ප‍්‍රහාරයක තර්ජනය නොවේ. සියොන්වාදී තන්ත‍්‍රයට සිය පාලනය පවත්වා ගැනීම පිනිස යුද්ධයේ හා ගැටුමේ තත්වයක් අඛන්ඩව අවුලුවා තැබීම අවශ්‍යව ඇත. ඉරානය සමග ගිවිසුමක්, එම පාලනයේ යුක්තිසහගත භාවය පිලිබඳ මූලික අවධාරනයේ පල්ල ගලවනු ඇත.

1979 ඉරාන විප්ලවයට පෙරාතුව ඇමරිකානු අධිරාජ්‍යවාදය, මැද පෙරදිග ස්ථාවරත්වයේ හා ප‍්‍රතිවිප්ලවයේ කුලුනක් ලෙස ෂා රජුගේ ඒකාධිපති තන්ත‍්‍රය මත රැඳී සිටියේය. ඇමරිකානු පාලක පැලැන්තියේ සමහර කොටස් එවන් සම්බන්ධයක් යලි පන ගැන්විය හැකි යයි විශ්වාස කරනු නොඅනුමානය. නෙතන්යාහුගේ මැදිහත්වීම පෙන්නුම් කර ඇත්තේ, එවන් මූලෝපායක් අනුගමනය කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව ඇමරිකානු පාලක පන්තිය තුල ගැඹුරු මතභේද පවතින බවයි.

ඉරාකයේ හා සිරියාවේ අලුත්ම මිලිටරි මැදිහත්වීම් තුල වොෂින්ටනය, සිය කටයුතු ඉරානයේ කටයුතු සමග සම්බන්ධීකරනය කර ඇති අතර ඉරානය, ඉරාකයේ ෂියාවරුන් අධිකාරය දරන පාලන තන්ත‍්‍රයට සැලකිය යුතු මිලිටරි ආධාර සපයා තිබේ. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය 03දා සඳහන් කලේ, ඉරාකයේ ටික්රිට් නගරය යලි අත්කර ගැනීම පිනිස අලුතෙන් දියත් කල මෙහෙයුමේදී ඉරානය, ඇමරිකාව පසෙකටවී සිටියදී, “ඩ්‍රෝන් යානා, බර අවි හා ගොඩබිම් හමුදා සටනට යොදවා ඇති” බවයි.

ඊස්රායලය සිරියාව තුල ඉස්ලාමීය “කැරලිකරුවන්ට” ප‍්‍රවර්ධන ආධාර සපයා තිබෙන අතර ඇමරිකානු ඉරාන සම්බන්ධයේ යම් මෘදු වීමක් මෙන්ම, සිය අරමුනු හඹා යාමේදී එරට අනුගමනය කරන ආක‍්‍රමනික පිලිවෙත් සඳහා කොන්දේසි විරහිතව වොෂින්ටනය දෙන සහාය, කලාපයේ සිය අධිකාරවත් අරමුනු වලට තර්ජනයක් බව වටහාගෙන සිටින, ගල්ෆ් ප‍්‍රදේශයේ ප‍්‍රතිගාමී සුන්නි රාජාන්ඩු සමග දැනටමත් පවතින ඉරාන විරෝධී සන්ධානය සවිමත්කර ගැනීමේ තැතක ඊස්රායලය නිරතව සිටී.

ටෙල්අවිව් පාලනය බොහෝ කොටම ඉරානයට විරුද්ධ වන්නේ, ඊස්රායලයට අනුභූතික තර්ජනයක් එල්ල නොකරන නමුත්, එරට සිරියානු ආන්ඩුවට, ලෙබනනයේ හිස්බුල්ලා වරුන්ට හා ගාසාවේ හමාස් වරුන්ට දෙන ආධාර නිසා, කලාපයේ ජනතාව මත සිය අනසක මිලිටරිමය ලෙස පැටවීමේ ඊස්රායල් හැකියාව සීමාවන නිසාය.

අනෙක් අතට වොෂින්ටනය, වඩාත් පුලුල් අරමුනු කරා ඉදිරියට යයි. ටෙහෙරානය සමග එරට පවත්වන සාකච්ඡා යොමුවී ඇත්තේ හුදෙක් න්‍යෂ්ටික වැඩසටහන අවහිර කිරීමට පමනක් නොව, රුසියාව හා චීනය යන දෙරට සමගම මිලිටරි ගැටුම් උත්සන්න කිරීම දිසාවට යොමුව ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “හැරීමට” පහසුකම් සලසනු ඇති පරිදි කලාපයේ කොන්දේසි නිර්මානය කර ගැනීමටය.

ජිනීවාහිදී කථා කරමින් කෙරී මෙම මාරුව පෙන්නුම් කලේ, “ඊස්රායලයේ ආරක්ෂාව පරම වශයෙන්ම අපගේ සිත්හි ප‍්‍රධාන තැනක් ගන්නා නමුත් අවංකවම කිවහොත්, කලාපයේ අනෙකුත් සියලු රටවල ආරක්ෂාව මෙන්ම එක්සත් ජනපදය තුල අපගේ ආරක්ෂාව ද වැදගත්ය” යනුවෙන් කියා සිටිමිනි.

ඇමරිකානු අගනුවරදී නෙතන්යාහු කල ප‍්‍රකෝපකරනය සමග අත්වැල් බැඳගෙන, බෙහෝකොටම මිලිටරි ආධාර වලින් සැදුම්ලත්, වසරකට ඩොලර් බිලියන 3ට වැඩි සහන ලෙස අර්ථගැන්වෙන සහයෝගය ඊස්රායලයට දෙන බවට ඩිමොක‍්‍රටිකයින් මෙන්ම රිපබ්ලිකානුවන් ද යලි ප‍්‍රතිඥා දීම සිදුවිය. රොයිටර් සමග 02දා පැවති හමුවකදී ඔබාමා පැවසුවේ, නෙතන්යාහුගේ කටයුතු “සදාකාලයටම විනාශකාරී” යයි සනාථ නොවන බවයි.

එසේ යලි ප‍්‍රතිඥා දී තිබුනේ වුව ද නෙතන්යාහුගේ කථාව, වොෂින්ටනය හා ටෙල් අවිව් අතර ආතතීන්ට හේතු කාරනා නොවන නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි රූකඩ රාජ්‍යය අතර මූලෝපායික අවශ්‍යතා පිලිබඳ වැඩෙන ප‍්‍රතිවිරෝධයක නිමිත්තකි.

Share this article: