වැඩ වර්ජනය මාසයක් ඉක්මවද්දී

තෙල් කර්මාන්තයේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත

As strike passes one-month mark way forward for oil workers

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2015 මාර්තු 3

ව්‍යාපාරික ජනමාධ්‍ය වසං කිරීමට උත්සාහ කරන නමුත්, රට පුරා ද ලෝකය පුරා ද තෙල් කම්කරුවන්ට දැවැන්ත සහයෝගයක් පවතී. කෝටි ගනන් කම්කරුවෝ - වරාය, අධ්‍යාපන, සන්නිවේදන ක්ෂේත‍්‍ර, මෝටර් රථ, තැපැල්, සෞඛ්‍ය සේවා සහ කම්කරු පන්තියේ වෙනත් කන්ඩායම් මුහුන දී සිටින්නේ - අවුරුදු ගනනාවක් තිස්සේ වඩ වඩාත් පිරිහෙන වැටුප් සහ සේවා තත්වයන් ට ය.

කම්කරු පන්තියේ මුලු ශක්තිය එක්රැස්කිරීම ට පවත්නා ලොකුම බාධාව නම් යුනයිටඩ් ස්ටීල් වර්කරස් (යූඑස්ඩබ්ලිව්- එක්සත් වානේ කම්කරු සංගමය) යි. එය වානේ කර්මාන්තයේ ඉන්නා තම සාමාජිකයන් 30,000න් ඉතා සුලු කොටසකට පමනක් වර්ජනය සීමා කොට තිබේ. මුලුමහත් කම්කරු සංඛ්‍යාව වැඩවර්ජනයට මෙහෙයවිය යුතුයයි සාමාන්‍ය සාමාජිකත්වය කරන ඉල්ලීම මෙම සමිතිය විසින් නොතකාහැර ඇති අතර, සමිතිය අත ඇති ඩොලර් මිලියන 350ක වැඩවර්ජන අරමුදලෙන් වර්ජනයේ යෙදී සිටින කම්කරුවන්ට ලබාදී ඇත්තේ පිච්චියකි.

මේ අතර, ඒඑෆ්එල් - සීඅයි ඕ (ඇමරිකානු කම්කරු සම්මේලනය), පසුගිය මස ඇට්ලන්ටා නගරයේ දී පැවැත්වූ තම වාර්ෂික රැස්වීමේ දී, වර්ජක තෙල් කම්කරුවන් ආරක්ෂා කිරීම ට කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් ඔවුන් සිදුකරන නොතැකීම අපට සිහි කරන්නේ, 1981 දී රේගන් පාලනය විසින් දොට්ට දමනු ලැබූ පැට්කෝ ගුවන් ගමන් පාලක කම්කරුවන්ට ඒඑෆ්එල් - සීඅයි ඕ සංවිධානය පිටු පස්සේ සිට පිහියෙන් ඇනීමෙන් අවුරුදු දහයක් තිස්සේ සමිති බිඳීම, මහාපරිමාන රැකියා කප්පාදු, වැටුප් කප්පාදු සහ සහන කප්පාදු පැටවීමට මග පෑදූ සැටිය යි.

වෘත්තීය සමිතිවල මෙම ක‍්‍රියාකලාපය කම්කරුවන්ගේ ඉල්ලීම් වලට එරෙහිව දැඩි පිලිවෙත් පවත්වාගෙන යාමට යෝධ තෙල් කොම්පැනි දිරිගන්වා ඇත. ඉහල විධායක නිලධාරීන්ගේ සහ ආයෝජකයන්ගේ සාක්කු වලට ඩොලර් මිලියන ගනන් ගොඩගසන මහ තෙල් කොම්පැනි කාරයන් කියන්නේ, වැඩපල ආරක්ෂාව සඳහා හෝ පූර්නකාලීන කම්කරුවන් බඳවා ගැනීම සඳහා හෝ ගෙවන්නට සිදුවී තිබෙන වැටුපට ඔරොත්තු නො දෙන, දරුනු සුව සේවා වියදම් වලින් කම්කරුවන් ගලවා ගැනීමට හෝ මුදල් නැතිය කියා ය. නිෂ්පාදනය වැඩ වර්ජනය ට පෙර තිබුනු තත්වයේම මෙන් පවත්වා ගෙන යන තතු තුල මහ කොම්පැනි කාරයෝ, අඩුගනනේ බරපතල සාකච්චාවකට හෝ ඒම වත් ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් බලාසිටින්නේ යූඑස්ඩබ්ලිව් වෘත්තීය සමිතිය කම්කරුවන් හතිවට්ටා ඔවුන් තවත් පාවාදෙන ගිවිසුමකට යටකරගන්නා තුරු ය. කොම්පැනි කාරයන්ගේ මෙම දඩබ්බර කමට කම්කරුවන් පිලිතුරු දියයුත්තේ බලගතු අධිෂ්ඨානයකින් ය. එහෙත් ඒ සඳහා, නව මූලෝපායක් අවශ්‍යය වේ.

සමාජවාදී සමානතා පක්ෂය මෙසේ කියාසිටී:

වර්ජනය පතුරුවාලීම සඳහා සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු ගොඩනගනු!

මෙම අරගලය තනි කොට, ගෙල මිරිකා පරාජයට ඇද දැමීමට ඉඩ නොදීමට නම්, තෙල් කම්කරුවන් ප‍්‍රශ්නය සිය අතට ගත යුතු ය. කම්කරුවන් කල යුතුව ඇත්තේ නිලධාරීන් නොවන, වඩාත් සටන්කාමී සහ පන්ති හැඟීමකින් යුතු සිය සහෝදරයින් ගෙන් සමන්විත සාමන්‍ය කම්කරු ක‍්‍රියාකාරී කමිටුවක් පත්කර ගැනීම ය. එම කමිටුව ස්ට‍්‍රයිකය පවත්වාගෙන යාම සියතට ගෙන හුදෙක් තෙල් කම්කරුවන් පමනක් නොව මුලුමහත් කම්කරු පන්තියම බලමුලුගන්වා ගැනීමට සටන් කල යුතු ය.

මෙම කමිටු වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම නිදහස්, වෘත්තීය සමිතිවලට විරුද්ධව සංවිධානය විය යුතු ය. කොම්පැනිය සහ රාජ්‍යය සමග හවුල්ව වසර දුසිම් ගනනක් ගත කර ඇති වෘත්තීය සමිති විසින් සිදු කර ඇත්තේ, හාම්පුතුන්ට සහන සපයන ලෙස කම්කරුවන්ට බල කිරීම ද සම්පූර්න කර්මාන්ත අංශ වසාදැමීම ද වේ. ඒවා කම්කරු පන්ති සංවිධාන නොවේ. ඒවා වනාහි මහ සංගතවල අත යට වැඩකරන ආයතනයන්ය: කම්කරුවන් සපයන කොන්ත‍්‍රාත් කරුවන් සහ පොලිස්කාරයන් ලෙස පාලකයන්ට වැඩ කරන සංවිධානයන් ය.

මුලුමහත් තෙල් කර්මාන්තය වසා දමනු! කම්කරු පන්තිය වැඩවර්ජක කම්කරුවන් වටා බලමුලුගන්වනු!

කලයුතු ප‍්‍රථම කටයුත්ත නම් වැඩ වරා නැති පිරිපහදු වල, රසායනික කම්හල් වල සහ තෙල් නිකුත්කරන ස්ථාන වල සියලුම කම්කරුවන් වර්ජනයට එක්කරගෙන සමස්ත කර්මාන්තය ම ඇන හිටුවන තත්වයක් උද්ගත කර ගැනීම සඳහා පිකට්කරුවන් එම ස්ථානවලට පිටත්කර යැවීම ය. වානේ කම්හල්, වෙනත් කම්හල්, වරාය, රෝහල්, පොදු පාසල් සහ වෙනත් වැඩපලවලට කම්කරු නියෝජිතයන් යවා මහා පෙලපාලි, සහයෝගී වර්ජන වැනි තෙල් කම්කරුවන්ට සහාය දෙන ක‍්‍රියා සංවිධානය කල යුතු ය.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත් භාවය උදෙසා!

ලොව පුරා මෙම බහු ජාතික සංගත වලටම එරෙහිව අරගලයක යෙදී සිටින කම්කරුවන්ට ආයාචානයක් කල යුතු ය. කම්කරුවන් සංඛ්‍යාව සියයට විස්සකින් කපා දමා, ඉතුරු කම්කරුවන් වැටුප් වැඩි කිරීමක් නොලබාම අවුරුද්දකට අමතර දවස් 28 ක් වැඩ කල යුතු යයි බලකර සිටින බීපී (බි‍්‍රටිෂ් පෙට්රොලියම්), මැරතන් සහ තවත් යෝධ තෙල් සංගතයන්ට එරෙහිව, සටන් වැද සිටින උතුරු මුහුදේ, 20,000 ක් ගොඩනැගිලි සහ තෙල් අටුලුවල වැඩකරන කම්කරුවන් ද මෙයට ඇතුලත් වේ. එක්සත් ජනපදය පදනම් කරගත් බහු ජාතික මහ සංගත වල ලාභ අපේක්ෂාවන්ට කම්කරුවන් යටත් කරන යූඑස් ඩබ්ලිව් වෘත්තීය සමිතියේ ජාතික වාදය ප‍්‍රතික්ෂේප කල යුතුය, ජනවර්ග සහ ජාතිභේද නොතකා සියලූ කම්කරුවන් එක්සත් කිරීමට අරගලයක් කලයුතු ය.

ඉරාකයේ ද, වෙනත් මැද පෙරදිග රටවල් වල ද ගෙන යන යුද්ධ වලට අමතරව, මුලූ මිනිස් සංහතියම න්‍යෂ්ටික විනාශයකට ඇද දමන තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය ඉස්මතු කරමින් රුසියාව ට සහ චීනයට එරෙහිව කරගෙන යන වත්මන් ආක‍්‍රමනයට ද ප‍්‍රධාන හේතුවක් ලෙස ඇමරිකා එසත් ජනපදය විසින් ලෝකයේ තෙල් සම්පත් පාලනය කිරීම සඳහා කරනු ලබන උත්සාහය පැවතීම අහම්බයක් නොවේ. මහ ධනපතියන් ලෝකය යටත් කර ගැනීමට කරන යුද්ධවලදී පමනක් නොව ඔවුන් එක්සත් ජනපදය තුල කම්කරු පන්තියට එරෙහිව ගෙන යන යුද්ධයේ දී ද, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකම ක‍්‍රියාකරන්නේ වෝල් විදියේ ද, තෙල් ඒකාධිකාරයේ ද, අතකොලු ලෙසය.

ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් සඳහා!

කම්කරුවන් ජයග‍්‍රහනය අත්කර ගන්නට නම්, සිය අරගලය පතුරුවා තෙල් කොම්පැනි පමනක් නොව, මුලු මහත් මූල්‍ය ප‍්‍රභූව සහ එය අරක්ෂා කරන මහ ධනපතියන්ගේ රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂ දෙකටම ද එරෙහි අරගලයක් බවට එය වර්ධනය කල යුතු ය.

යුඑස්ඩබ්ලිව් වෘත්තීය සමිතිය ද, ඒඑෆ්එල්-සීඅයි ඕ සම්මේලනය ද දේශපාලන වශයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂය සමග බැඳී පවත්නා අතර ධනපති පද්ධතියේ චිරකාලීන ආරක්ෂකයන් ය. තම වෘත්තීය සමිතිය කම්කරුවන් වඩාත් පුලුල් ලෙස බලමුලුගැන්වීමට විරුද්ධවන්නේ, “ආන්ඩුව මෙම කම්කරු ආරවුලට අත දැමීම වලක්වාලීම ට” යයි කී ජිම් සැවෙජ් ගේ කටින් රහස එලිවිය: “වෘත්තීය සමිතියට උවමනාවී ඇත්තේ අරගලය ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ඔබාමා පාලනාධිකාරය සමග ඝට්ටනයක් කරා වර්ධනය වීම කොහොම හරි වලක්වා ගැනීමට ය.”

ඇත්තවශයෙන්ම අවශ්‍ය වී පවතින්නේ එයයි. ඇමරිකානු ඉතිහාසයේ, පහල තට්ටුවේ සිට ඉහල තට්ටුව කරා ධනය වැඩියෙන් ම පවරා දීම සිදු කල ජනාධිපතිවරයා නම් මුල්‍ය වංශාධිපතිත්වයේ නියෝජක ඔබාමා ය. බැංකු ඇප දී බේරාගැනීමෙන් ඉක්බිතිව, ඔහු ජෙනරල් මොටර්ස් සහ ක‍්‍රයිස්ලර් සමාගම බලෙන් බංකොලොත් ගස්සා ‘ප‍්‍රතිව්‍යුහකරනය’ කිරීමේ දී අලූතින් බැඳුනු මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් හරි අඩක්ම කප්පාදු කර දැමුවේ ය: ඔබමා කෙයාර් සහ විශ‍්‍රාම “ප‍්‍රතිසංස්කරනයේ” මුවාවෙන් සුව සේවා වියදම් සහ විශ‍්‍රාම සහනවල වියදම් මහ කොම්පැනි වලින් කම්කරුවන්ගේ කර මතට පැටවීය.

සාපරාධි ක‍්‍රියා මගින් කම්කරුවන්ගේ රැකියා, ජීවිත සහ ප‍්‍රජාවන් විනාශ කල ජේ.පී. මෝර්ගන්, බී.පී. ටෙසොරෝ, ජීඑම් සහ තවත් මහා සමාගම් වලට - ධවල මන්දිරය නිදහස් වරම් දී තීබේ. එහෙත් කම්කරුවන් ඊට විරුද්ධව නැගී සිටියොත්, ඔවුන් පරාජය කිරීම සඳහා ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් නොපැකිල ම වැඩවර්ජන බිඳින නීති ද, යුද-අවි ගත් පොලිස් බලය ද ගෙන ඒමට නොපැකිලෙනු ඇත.

අමරිකා එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රයක් නොවේ: ධන ප‍්‍රභූ අත්තනෝමතික තන්ත‍්‍රයකි. එහි දේශපාලන පර්යාය ද ආන්ඩුව ද පාලනය කරන්නේ මහා ධන කුවෙරයන් විසිනි. එය සමාජය මත පවත්වාගෙන යන ඒකාධිපති ග‍්‍රහනය බිඳීමට ඇති එකම මග නම් කම්කරු පන්තිය, - එනම්, කම්හල්, පිරිපහදු, කාර්යාල, පාසල්, සහ රෝහල් වල වැඩෙහි යෙදී සමාජයේ ධනය නිර්මානය කර්න්නා වූ, වැඩ කරන ජනගහනයේ අතිමහත් බහුතරය - අතට දේශපාලන බලය අල්ලාගැනීම ඉලක්ක කරගත් බලගතු විප්ලවීය ව්‍යාපාරයක් තුල බලමුලුගන්වා ගැනීමය.

ආර්ථිකය තර්කාන්විත සහ සමානාත්මතා ආකාරයකට, එනම් සමාජවාදී පදනමක සංවිධාන කල හැක්කේ මේ ආකාරයට පමනි. පොදු අයිතිය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රිකව පාලනය වන්නා වු ද පුද්ගලික ලාභය සඳහා නොව, මානව අවශ්‍යතාවන් අත්කර ගැනීමේ යෙදුනාවූ ද, ගෝලීය බලශක්ති නිෂ්පාදනයේ විද්‍යාත්මක සැලසුමක කොටසක් ලෙස බහු ජාතික තෙල් කුවේර සංගත පොදු ජනතාවට ඵලදායි ආයතන බවට පරිවර්තනය කිරීම මෙයට ඇතුලත් ය.

තෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනයේ ඉරනම බැඳී පවත්නේ එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ පුලුල්ම කොටස් බල මුලු ගැන්වීම සමග ය. මෙය ඉටුකරගත හැක්කේ සාමාන්‍ය සාමාජිකත්වයේ කම්කරුවන්ගේ මුල පිරීම යටතේ පමනි. තෙල් කම්කරුවන්ට ද ඔවුන්ගේ ආධාරකරුවන්ට ද අප කියා සිටින්නේ මෙම අරගලය සංවිධානය කිරීම සඳහා ද එය ඉදිරියට ගෙන යාම සඳහා ද අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීමට ලෝක සමජවාදී වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ලෙස ය.

Share this article: