බි‍්‍රතාන්‍ය මහ මැතිවරනය හා පන්ති ප‍්‍රතිවිරෝධයන්ගේ වර්ධනය

The UK general election and the growth of class antagonisms

ක‍්‍රිස් මාස්ඩන් විසිනි, 2015 මැයි 07

බි‍්‍රතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක‍්‍රිස් මාස්ඩන් විසින් මෙම කථාව පවත්වන ලද්දේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංවිධානය කල මැයි 03දා අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය වෙනුවෙනි.

සහෝදරවරුනි සහ මිත‍්‍රවරුනි,

අපේ‍්‍රල් 30දා පැවති මහ මැතිවරනයට දින 12කට පෙර, සන්ඩේ ටයිම්ස් පත‍්‍රයේ වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව, ජනගහනයට අනුපාතිකව බි‍්‍රතාන්‍යය තුල, දැන් වෙනත් කිසිදු රටකට වඩා බිලියනපතියන් සිටින බව හෙලිදරව් කලේය.

පුද්ගලයන් දහසක් අත එක්සත් ජනපද ඩොලර් බිලියන 856ක ඒකාබද්ධ ආදායමක් එක් රැුස්ව තිබේ. ධනවත්ම පුද්ගලයන් 117 සතු ආදායම ඩොලර් බිලියන 503කි. ඔවුන්ගේ ධනය එක්සත් රාජධානියේ සමස්ත ජනගහනයේ පහලම සියයට 40කගේ පංගුවට වඩා වැඩිය.

යන්තම් වසරක් ඇතුලත ඔවුන්ගේ ධනය ඩොලර් බිලියන 43කින් වැඩි වී ඇත. දැන් මේ ගැන සිතන්න. මෙම වර්ධනය ලබා ගැනීමට නම් අවම වැටුප් උපයන මිලියන දෙකකට වැඩි කම්කරුවන්ට සම්පූර්න වසරක් ගත වේ.

ධනපතියන් සියයකට වැඩි දෙනා සතු පංගුව අත්කර ගැනීමට මිලියන 23කගේ ආදායම එකතු කල යුතුය.

2008-2009 වසරේ මහා කඩාවැටීමෙන් පසුව සුපිරි ධනවතුන් ඔවුන්ගේ ධනය දෙගුන කරගෙන ඇත. ඔවුන් එය ලබාගෙන ඇත්තේ, අසීමිත සමපේක්ෂනය කරා හැරීමෙනි. එනම්, ආන්ඩු විසින් ලබා දෙන ලාභ මුදල් නැතිනම් වැටුප් කප්පාදු, වැඩ වේගවත් කිරීම් හා සේවා කප්පාදු හරහා වැඩ කරන ජනතාව වෙතින් සූරා ගැනෙන මුදල් යොදා ගැනීම මගිනි.

යුරෝපයේ දෙවන ධනවත්ම ආර්ථිකය සහිත මේ රට තුල, ජනගනයේ දුප්පත්ම සියයට 20 ඔවුන් 2009 දී සිටි තත්වයට වඩා සියයට 57කින් නරක තත්වයට ඇද දමා තිබේ. ආදායම් කඩා වැටේ. ජනගහනයේ දුප්පත්ම සියයට 10 සතියකට උපයන්නේ යන්තම් පවුම් 160ක් බැගිනි. මිලියන 13කට වඩා ජනකායක් දුප්පත්කමේ ගිලී සිටී. ලමුන්ගෙන් තුනෙන් පංගුවක් ම වාගේ මෙයට ඇතුලත්ය.

සිය A Tale of Two Cities (දෙනුවර අන්දරය) කෘතියේ දී චාල්ස් ඩිකන්ස් ප‍්‍රන්ස විප්ලවයට පෙරාතු වසර ගනනාව ගැන කතා කරන්නේ, “ආලෝකයේ සෘතුව අන්ධකාරයේ සෘතුව” ලෙස ය. “කඩදාසි මුදල් උපයමින් හා ඒවා වැය කරමින්, අතිශය සුමට ලෙස පල්ලම් බසිමින්” සිටි පාලක ප‍්‍රභූව සඳහා ආලෝකයයි. පැරනි තන්ත‍්‍රයට එරෙහිව නැගී සිටීමට සූදානම්ව සිටි සූරාකැවෙන මහජනතාව සඳහා අන්ධකාරයයි.

යුගයේ සමාජ ගැටලු පිලිබඳ විශිෂ්ඨ වාර්තාකරුවා ලෙස ඔහුගේ පූර්ව-විප්ලවවාදී ප‍්‍රන්සය පිලිබඳ චිත‍්‍රය, සමකාලීන බි‍්‍රතාන්‍යය තුල බොහෝ දේ ප‍්‍රතිරාවය කරන බව හඳුනා ගනියි. පුලුල් හා වැඩෙන සමාජ පරතරය එක්සත් රාජධානිය තුල ජීවිතය අර්ථවත් කරන ලක්ෂනයයි. මෙවර මැතිවරනය මත්තේ ලඹ දෙන අර්බුදය පිලිබඳ ගැඹුරු හැඟීම සඳහා හේතුව මෙයයි.

දෙපක්ෂයම කප්පාදු වැඩපිලිවෙලට කැප වී ඇති බැවින් ටෝරි හා ලේබර් පක්ෂ අපකීර්තියට පත්ව ඇත. මිලියන සංඛ්‍යාත ජනයා විකල්පයක් සොයමින් සිටී. ස්කොට්ලන්ත ජාතික පක්ෂය, ප්ලේඩ් සිම්රු නැතහොත් හරිත පක්ෂය නිමක් නැති සමාජ වේදනාවන්ගෙන් යම් සහනයක් ලබා දෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

එම පක්ෂ එසේ නොකරනු ඇත. ඒ වෙනුවට, ඔවුන්ට අවශ්‍ය ලේබර් පක්ෂයට මුක්කු ගැසීමටයි. ඒ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා සෙසු පක්ෂ සමග සභාගයක් අටවා ගැනීමට ටෝරින් අසමත් වුව හොත් ලේබර් පක්ෂයට බලයට පත්වීමට හැකි වනු පිනිසය.

එක්කෝ ලේබර් නැති නම් කොන්සර්වෙටිව් පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන මෙම අනෙකුත් පක්ෂවල මොන යම් හෝ සංයෝජනයකින් තැනෙන ආන්ඩුවක් අතිශයින්ම අස්ථාවර වනු ඇත. එය යුරෝපා සංගමය තුල රැඳී සිටිනවාද නැද්ද නැතිනම් එක්සත් රාජධානිය ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යනවාද නැද්ද යන වග පවා සම්බන්ධයෙන් වන ගැඹුරු විභේද රේඛාවන්ගෙන් ඉරිතලා යනු ඇත.

වඩාත්ම වැදගත් කාරනාව නම්. එයට වැඩ කරන ජනතාවගේ ඇස් ඉදිරියේ කිසිදු යුක්තියුක්ත භාවයක් නොපවතිනු ඇත යන්නයි. අසාමාන්‍ය ලෙස ධනවත් හා පරපුටු සුලුතරයක් තව දුරටත් ධනවත් කරනු පිනිස අතිමහත් බහුතරය මත නිමක් නැති ප‍්‍රහාර එල්ල කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනවරමක් සහතික කර ගත නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය අපගේ මැතිවරන ප‍්‍රකාශය තුල මෙසේ අවධාරනය කරයි. “වැඩ කරන ජනතාව මුහුන දෙන දැවැන්ත ගැටලු එකක් වත් මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වය අවසන් කිරීමෙන් තොරව විසඳාලිය නොහැක. එය සමාජය මත වැඞී ඇති, ඉවත් කොට දැමිය යුතු, පිලිකාවකි.”

මෙය ඔප්පු කරනු පිනිස එක උදාහරනයක් සඳහන් කිරීමට මට ඉඩ දෙන්න, එනම් නිවාස අර්බුදය. සුපිරි ධනවතුන් දේපොල මත සමපේක්ෂනය කරමින් බිලියන ගනන් ධනය ගොඩගසා ගැනීමේ යෙදී සිටී. එහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් රාජධානියේ නිවසක සාමාන්‍ය මිල ඩොලර් 419,000 කරා ලඟා වී තිබේ. එනම් සාමාන්‍ය වාර්ෂික වැටුප මෙන් දහ ගුනයකට අධික මුදලකි. ලන්ඩනයේ මෙය ඩොලර් 806,000කි. එය සෑම වසරකම සාමාන්‍ය වැටුපට වඩා වැඩි අගයකින් ඉහල නගී.

ගෙවල් කුලී කෙතරම් නම් ඉහල ද කියතොත්, සහනාධාර යටතේ ලබා දෙන රජයේ නිවාසවල ජීවත්වන අයගෙන් අඩක් සිය බිල් ගෙවාගැනීමේ නිරන්තර අරගලයක යෙදී සිටී. ඔවුන්ගෙන් තුනෙන් එකකට වැඩි ප‍්‍රමානයක් සිය වියදම් පියවා ගනු පිනිස සමහර ආහාර වේල් මගහරී.

මේ සතියේ දි ඉන්ඩිපෙන්ඩන්ට් පත‍්‍රය පසුගිය වසර තුන තුල දී ලන්ඩනයේ අවට පවුල් 50,000කට වැඩි ප‍්‍රමානයක් ඉවත් කල බව සඳහන් කරයි. මෙය විවෘතවම සමාජමය ශුද්ධ කිරීමේ ව්‍යාපාරයකි. කුලී ඉහල යාම හා සුභසාධන කප්පාදු යන්නෙහි තේරුම නම්, තමන්ට තව දුරටත් එම වියදම් දැරිය නොහැකි දුගී ජනයාට නිවාස අතහැර යාමට බල කෙරෙන බවයි. ඒ සතියකට පවුල් 500ක අනුපාතයකිනි. මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වන ඉහලම නගර සභා 10න් 7ක් ම ලේබර් පක්ෂය විසින් ආන්ඩු කරන ඒවාය.

බි‍්‍රතාන්‍ය ධනවාදය සිය පාලනයේ අතිමූලික අර්බුදයකට මුහුන දී සිටී. එය පුපුරනසුලු පන්ති ගැටුම් ජනනය කරනු ඇත.

ඊලඟ ආන්ඩුව, අපරාධයේ දී ඇමරිකාවේ ප‍්‍රධාන හවුල්කරු ලෙස සිය තත්වය යලි සහතික කරගනු පිනිස, මැද පෙරදිග මෙන්ම රුසියාවට හා චීනයට එරෙහි සිය මිලිටරි ප‍්‍රකෝපකරනයන් ගැඹුරු කල යුතු බැවින්

මෙය වඩාත් අනිවාර්ය බවට පත්ව ඇත.

මහජන යුද විරෝධී මනෝගතියට වර්තමානයේ දී කිසිදු දේශපාලන ප‍්‍රකාශනයක් අත්පත්කර ගත නොහැකිවී ඇත්තේ, කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමන පක්ෂ මිලිටරිවාදයේ හා යුද්ධයේ පක්ෂ ද වන බැවිනි. මෙය වෙනස් විය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය ම පමනක් පවත්නා සමාජ හා දේශපාලන පර්යායට අව්‍යාජ දේශපාලන විරුද්ධත්වයක් නියෝජනය කරයි.

බි‍්‍රතාන්‍යයේ හා ජාත්‍යන්තරව සිදු වන්නේ කුමක් ද යන වග පිලිබඳව කම්කරුවන් හා තරුනයන් දැනුවත් කිරීමටත් අන් සියල්ලටමත් වඩා යුක්රේනයේ, ඉරාකයේ හා සිරියාවේ වැඩෙන යුද තර්ජනය ගැන පවත්වාගෙන යන නිශ්ශබ්දතාවයේ කුමන්ත‍්‍රනය පරාජය කිරීමටත් අපි සටන් වැද ඇත්තෙමු. කම්කරු පන්තියට ස්වකීය අවශ්‍යතා තිරසරව ප‍්‍රකාශයට පත් කරගැනීමටත් ධනවාදයට අවසන් තිත තැබීමටත් අවශ්‍ය පදනම ලෙස අපි සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමු.

අප අවධාරනය කර ඇති කේ‍්‍රන්ද්‍රීය කාරනාව නම්, කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ අවශ්‍යතාවයි.

අප ඬේවිඞ් ඕ සලිවන් අපගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති හොල්බර්න් හා සෙන්ට් පැන්ක‍්‍රාස් වනාහි කාල් මාක්ස් Das Kapital (ප‍්‍රාග්ධනය) ලියූ ස්ථානය මෙන් ම 1864 දී පලමු වන ජාත්‍යන්තරය පිහිටුවූ ස්ථානය ද වේ. එමෙන්ම එය ව්ලැඩිමිර් ලෙනින් ලියොන් ට්‍රොට්ස්කි ප‍්‍රථම වතාවට 1902 දී මුන ගැසුනු ස්ථානයයි.

අප කෙටී රෝඩ්ස් ඉදිරිපත් කර ඇති ග්ලාස්ගෝ සෙන්ට‍්‍රල් හි දී ජෝන් මැක්ලීන් පලමු වන ලෝක යුද්ධයේ භයංකර ක‍්‍රියාවන්ට එරෙහිව විරෝදාර ව්‍යාපාරයක් මෙහෙයවා ඇත.

1918 දී ඔහු නඩු විභාගයකට ලක් කොට රාජ්‍ය ද්‍රෝහිත්වය සම්බන්ධයෙන් වරදකරු කරන ලදි.

ඔහු විත්ති කූඩුවේ සිට කතාවක් කරමින් සිය වධකයන්ට පෙරලා චෝදනා කරමින් මෙසේ පැවසීය.

“මම මෙහි සිටින්නේ චුදිතයකු ලෙස නොවේ. මම මෙහි සිටින්නේ හිසේ සිට දෙපතුලටම ලේ නාගෙන සිටින ධනවාදයට එරෙහි චෝදකයකු ලෙසයි.”

“මට එරෙහි ඔබලාගේ චෝදනා කුමක් වුවත් මට කම් නැත. මාගේ ආයාචනය කම්කරු පන්තියටයි.”

“මම සුවිශේෂවම ඔවුන්ට ම ආයාචනා කරමි. ඒ මක් නිසාද කියතොත් ඔවුන්ම, ඔවුන් පමනක්ම, සමස්ත ලෝකයම ස්ථිර ආර්ථික පදනමක් මත එකම සහෝදරත්වයකට ගෙන ඒමට සමත් වන බැවිනි. එයම, එය පමනක්ම, සමාජය ප‍්‍රතිසංවිධානය කිරීමේ මාධ්‍යය විය හැකිය. එය සාක්ෂාත් කරගත හැකි වන්නේ, ලෝකයේ ජනතාව ලෝකය අත්පත් කරගෙන එහි අයිතිය තහවුරු කරගත් විට පමනි.”

මේ වනාහි වරක් කම්කරු පන්තිය තුල පුලුල්ව පැවති ප‍්‍රගාඪ ඒත්තුගැනීම් පිලිබිඹු කරන මනා වදන් මාලාවකි.

එලඹෙන කාල පරිච්ඡේදයේ දී, බි‍්‍රතාන්‍යයේ කම්කරුවෝ සසප සහ ජාත්‍යන්තර කමිටුව තුල, මෙම අදහස්වලට, එනම් ලේබර්වාදයේ, වෘත්තීය සමිතිවාදයේ හා ස්ටැලින්වාදයේ ඊයම් බරුව යටතේ දශක ගනනාවක් තිස්සේ වැලලී තිබූ ඔවුන්ගේ අව්‍යාජ සමාජවාදී සම්ප‍්‍රදායන්ට, යලි මාවත සොයා ගනු ඇත.

ඔවුහු පන්ති සූරාකෑමේ හා මිලිටරි ගැටුමේ නිවුන් විපත්තිවලට අවසන් තිත තැබීමට අවසානයේ සමත් වනු ඇත.

Share this article: