මැද පෙරදිග යුද්ධය, අධිරාජ්‍ය වාදය සහ ඊජිප්තු විප්ලවයේ පාඩම්

War in the Middle East, imperialism and the lessons of the Egyptian Revolution

ජොහැන්නස් ස්ටර්න් විසිනි, 2015 මැයි 9

මෙම දේශනය ජර්මනියේ පාර්ටි ෆුඅර් සෝසියාල් ග්ලයිශෙඉට් (සමාජවාදී සමානතා පක්ෂය) ප‍්‍රධාන සාමාජිකයෙකු වන ජෝහැන්නස් ස්ටර්න් විසින් මැයි 3 දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියට ඉදිරිපත් කරන ලදී.

මෙම ජාත්‍යන්තර මැයි දින රැලියේ කේන්ද්‍රීය තේමාව නම් යුද්ධයේ නැගඑන රල පහර ද තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය ද වේ. මැද පෙරදිගට වඩා, මෙය පැහැදිලිව පෙනී යන ලෝකයේ වෙනත් ප‍්‍රදේශයක් ඇත්තේ නැති තරම් ය. මෙය අපගේ සිහියට ගෙන එන්නේ ප‍්‍රථම ලෝක යුද්ධයට පෙර බෝල්කන් ප‍්‍රදේශවල වෙඩිබෙහෙත් පීප්පයයි, එහෙත් අද දින ප‍්‍රචන්ඩයට සහ විනාශයට මෙහි පවත්නා විභවය බෙහෙවින් වැඩි ය.

සෝවියට් සංගමය විසුරුවා හැරි තැන් පටන් මෙම ප‍්‍රදේශය ඇදවැටී පවතින්නේ නිරන්තර යුද්ධ තත්වයකට ය. මුලු මහත් රටවල් විනාශභාග්ව ඇත. මිලියන සංඛ්‍යාත ජනකායක් මරනයට පත්කොට එසේත් නැතහොත් සරනාගතයින් බවට පත්කොට තිබේ.

මේ වනාහි ජ්‍යෙෂ්ඨ බුෂ්, පාරම්බාපු “නව ලෝක පර්යාය” හෙවත් “ඇමරිකානු සාමයේ” ප‍්‍රතිපලයයි. එය හුදෙක් “මහෝන්මාදයක්” වූ යේ නැත. “සාමය සහ පර්යාය” වෙනුවට මෙහිදී රජකරන්නේ කලිකලහය, යුද්ධය සහ විනාශයයි.

2011 දී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සන්ධිස්ථානයක් වුයේ ය. මෙම සිද්ධීන්ගේ පසුබිම කවර කලෙකවත් පැහැදිලි කරන ලද්දේ නැත. කෙසේ වෙතත්, වොෂිංටනය ඒවා පාවිච්චි කලේ බොහෝ කලකට පෙර සකස් කරන ලද සැලසුම් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන කඩතුරාව යටතේ ක‍්‍රියාත්මක කිරීම ට ය. 2001 දි, ඇෆ්ඝනිස්තානයට පහර දී අල්ලා ගන්නා ලදී. ඉක්බිතිව 2003දී ඉරාකය ආක‍්‍රමනය කලේය. ගුවන්තනාමෝ, අබු ඝ‍්‍රයිබ්, “උග‍්‍රිත විමර්ශන,” “වෝටර්බෝර්ඩින්” සහ “මිනීමරු ඩ්‍රෝන් යානා” අද දින අධිරාජ්‍යවාදයේ ඝාතක තාක්ෂනය සමග සම්පාතවී තිබේ.

ජොහැන්නස් ස්ටර්න් 2015 මැයි දිනයේ කල කථාව :මැද පෙරදිග යුද්ධය, අධිරාජ්‍ය වාදය සහ ඊජිප්තු විප්ලවයේ පාඩම්

“ත‍්‍රස්තවදයට එරෙහි යුද්ධය” යුරෝපයේ පාලක ප‍්‍රභුවට ද සැතපුම් කනුවක් විය. බොහෝ යුරෝපීය රාජ්‍යයන් මුලදී ඉරාකයේ ඇමරිකානු ආක‍්‍රමනය කෙරෙහි දැරුවේ ප‍්‍රවේසම් සහගත ආකල්පයකි. එහෙත් ඔවුහු ඇෆ්ඝනිස්ථානයට එරෙහි යුද්ධයට අසීමිත සහයෝගයක් දුන්නෝය. ලිබියාව තුල කල නැටෝ යුද්ධයට ද සිරියාවට කල කැත ඇඟිලි ගැසීමට ද ඔවුහු කේන්ද්‍රීය සහයක් දුන්න හ. අද දින සියලුම අධිරාජ්‍ය බලවත්තු මෙම ප‍්‍රදේශයේ කැසිනෝව මත දැවැන්ත ධනයක් පරදුවට තැබීමට ඉදිරිපත්ව සිටිති.

ඔවුහු ප‍්‍රාදේශීය හෙන්චයියන් ට කෙලින්ම හෝ වක‍්‍රව අවි සපයමින් මැදිහත් වෙති. එසේම ඊයේ මිතුරන් අද දින සතුරන් විය හැකිය. එහි අනෙක් පැත්ත ද සිදු විය හැකිය. “මාෆියාවට ‘සම්මාන රීතියක්’ තිබුනි අධිරාජ්‍යවාදීන්ට ඇත්තේ ‘කැලෑවේ නීතිය’ පමනි. ඔවුහු තම හැම අත පෙවීමකින්ම ඊලඟ යුද්ධයට ව්‍යාජ හේතුව තනා ගනිති. ඔවුහු සිය පරභක්ෂක ආසක්තයන් බලෙන් පැටවීම සඳහා එන්න එන්න ම නරුම සහ මෘග මාර්ග යොදා ගනිමින් සිටිති.

සි.අයි.ඒ සංවිධානය හා අනෙකුත් බරහිර චර-බුද්ධිඅංශ ලිබියාවේ සහ සිරියාවේ විවිධ කන්ඩායම් අතර යුද ගැටුම් අවුලුවා මුවම්මර් ගඩාෆි ගේ පාලනය සහ බෂිර් අල් -අසාඩ් ගේ පාලනයන් පෙරලා දැමීමට ක‍්‍රියා කලෝ ය. එසේ කිරීමේ දී ඔවුහු, අල් කයිඩා සහ වෙනත් රැඩිකල් ඉස්ලාමික කන්ඩායම් සමග සමීපව කටයුතු කලෝය. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය (අයි.එස්. අයි.එස්.) පැන නැග්ගේ මේවායිනි. දැන් අධිරාජ්‍යවාදීහු අයිඑස්අයිඑස් හි අපරාධ වඩාත් ඍජු යුදමය අත පෙවීම් සඳහා යොදාගනිති. ඔවුන් මෙසේ කරන්නේ, සිරියාවේ ඉස්ලාමික බෙලි කපන්නන් කරන මුර්ගක‍්‍රියා, බටහිර මාධ්‍යයන් විසින් අසාද්ගේ පාලනය ට එරෙහි විමුක්ති අරගලක් ලෙස මෑතක් වනතුරු උත්කර්ෂනය කල හැටි කම්කරුවන් ට අමතක වී ගොස් ඇතැයි සිතාගෙන මෙනි.

මෙම යුද්ධ වලින් එකිනෙකක් යුක්ති සහගත යයි මවාපෙන්වීමට මුසාකරනයන් ද ඝෝර බොරු ද යොදාගනු ලැබිනි. යුද්ධ දිග්ගැසුනු තරමට, දුෂ්ප‍්‍රචාරය ද වැඩි වැඩියෙන් උග‍්‍ර වෙයි. එය පටන් ගත්තේ ඉරාකයේ ජනඝාතක අවි වලිනි, ඇෆ්ඝනිස්ථානයේ කාන්තා විමුක්තියෙනි: එය ලිබියාවේ සහ සිරියාවේ “මානව හිතවාදී” අතපෙවීම් ලෙස ඉදිරියට ගෙනයන ලදී අලුත්ම එක වන යේමන යුද්ධයේ දි බටහිර රටවලට කුමන ව්‍යාජයක් හෝ සොයාගැනීමට බැරි වී තිබෙන පාටය. ප‍්‍රදේශයේ ඉන්නා ඔවුන්ගේ ප‍්‍රතිගාමී හවුල්කරයින්ගේ- විශේෂයෙන් ම සෞදි රාජාන්ඩුවේ හා ඊජිප්තූවේ අල්-සිසි තන්ත‍්‍රයේ සහය ඇතිව- ඔවුහු දිලිඳු රටක් අලු- දූවිලි ගොඩක් බවට පත් කරමින් සිටිති.

දැන් යේමනය ට කරන විනාශය සිහියට නංවන්නේ ඇමරිකානු සහය ලත් ඉස්රායලය පසුගිය ගිම්හානයේ ගාසා තීරයේ සිදු කල මහා සංහාරයයි. ලෝකයේ යෝධ තම විවෘත සිර කඳවුර ලෙස සැලකෙන ගාසා තීරයේ සම්පුර්න පොදු කාර්ය පිරිවැය ම පාහේ කුඩුපට්ටම් කරනු ලැබ 500 ක් දරුවන් ද ඇතුලුව පලස්තීන ජාතිකයන් 2,200 ක් මරාදමනු ලැබූ හ. අධිරාජ්‍යවාදීන්ගේ ‘මානවහිතවාදය’ පිලිබඳ කයි කතන්දර හෙලිදරව් කිරීම අත්‍යවශ්‍ය ය. යුද්ධයේ වෛෂයික කරුනු ද ගොරතර විනාශය ද දැනටම එය සිදු කර තිබේ. එහෙත් පහත සඳහන් ප‍්‍රශ්නය ට පිලිතුරු දියයුතුව ඇත: අවුරුදු විසි පහක් තිස්සේ නොනවතින යුද්ධයක් මැදපෙරදිග වෙලාගෙන තිබෙන්නේ මන්ද? උත්තරය පැහැදිලිය: ස්වාභාවික සම්පත් වලින් ආඪ්‍ය වූ ද මූලෝපායික වශයෙන් වැදගත් වූ ද මෙම ප‍්‍රදේශය කුමන වියදමක් දරා හෝ සිය පාලනයට නතු කොට සූරාකෑමට ඇමරිකා එක්සත් ජනපදයටත් යුරෝපයේ ප‍්‍රධාන යටත් විජිත පාලකයන්ටත් උවමනා ය. උන්ගේ ප‍්‍රධාන උත්සුකය තෙල් ය!

ඔවුන්ගේ උත්සුකයන් අතර අන් සියල්ලටම නො දෙවෙනි වන්නේ කම්කරු පන්තිය පාගා ගැනීම ය. ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විප්ලවයන් තුල දි මෙය අන් සියල්ලටත් වඩා පැහැදිලි විය. 2011 මුලදී කම්කරු පන්තිය සිය හිස ඔසොවා ඉදිරියට පැමින බෙන් අලි සහ මුබාරක් ගේ පාලනයන් හෙලූ පසු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අත පෙවීම තව තවත් උග‍්‍ර වූයේ ය.

කම්කරු පන්තියේ මැදිහත්වීම අධිරාජ්‍යවාදී බලවතුන් විශ්මයට පත් කලේ ය: එසේම භ‍්‍රාන්න්තියට ද පත් කලේ ය. භූගෝලීයව ටියුනීසියාව ඉජිප්තුව අතර පිහිටි ලිබියාවේ යුද්ධය තුල ඔවුහු බටහිර ගැති රූකඩ රාජ්‍යයක් පිහිටුවා කම්කරු පන්තිය වාර්ගික හා ආගමික නිකායික රේඛා උඩ බෙදාලීමට අවස්ථාවක් දැක ගත්තෝ ය. ඔවුහු සිරියාව තුල ද එම අරමුන ම සෙවූ හ.

පුලුල් පරාසයක ධනේශ්වර සහ සුලු ධනේශ්වර පක්ෂ සහ සංවිධාන උතුරු අප‍්‍රිකාව සහ මැද පෙරදිග යලි යටත් විජිත බවට පත් කිරීමේ අධිරාජ්‍යවාදී ප‍්‍රයත්නයට සහය දීම සඳහා ව්‍යාජ වාම පිටකවරයක් සැපයූහ. ඔවුහු ලිබියාවේ දි නැටෝ ගුවන් යානා විසින් රට මත බෝම්බ පැදුරක් එලීමට කල සැහැසිකම “මානව හිතවාදී“ සේවාවක් ලෙස හුවාදැක්වූහ. ඔවුහු සිරියාවේදී ඉස්ලාමික භට කන්ඩායම් වල භීෂනය “විප්ලවවාදී අරගලය” යයි හුවා දැක්වුහ.

මීට අවුරුදු සියයකට ද පෙර, අධිරාජ්‍යවාදය පිලිබඳ සිය කෘතියේ දි ලෙනින් මෙසේ ලියා දැක්විය, “අපගේ යුගයේ ලක්ෂනය නම්, අධිරාජ්‍යවාදයේ ඉදිරි දර්ශන පිලිබඳ පොදු උත්සුකය, එය උග‍්‍ර ලෙස ආරක්ෂා කිරීම සහ එය දීප්තිමත්ව වර්න ගැන්වීම ද යන මේ වාය.” වර්තමානයේ සමස්ත ලිබරල් සහ ව්‍යාජ වාම පදාසයම ඊජිප්තු විප්ලවයට දැක්වූ ප‍්‍රතිචාරය මෙයට වඩා හොඳින් සාරංශ කල නොහැකි ය.

2011 දිලිඳු කම , අසමානතාව, අධ්‍යාපන , නිවාස, සහ සෞඛ්‍ය සේවාකප්පාදුවට එරෙහිව දසලක්ෂ ගනනින් මහාපෙලපාලි වලට අවතීර්න වූ - ඉස්රායෙලයේ කම්කරු පන්තිය ද ඇතුලුව - ඉජිප්තුවේ මහජන අරගලය කෙරේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ප‍්‍රතිචාර දැක්වුයේ අතිමහත් උනන්දුවකි.

එහෙත්, සශ‍්‍රීක මධ්‍යම පන්තිය සහ එහි දේශපාලන සංවිධාන ඉජිප්තුවේ විප්ලවීය වර්ධනයන් පිලිබඳව බලවත්සේ කම්පනයට පත් වූ හ. ඔවුන් මුලදී මුබාරක් ට එරෙහි පෙලපාලිවලට සහාය දැක්වූ නමුත්, කම්කරු පන්තියේ අරගලය ධනේශ්වර රාජ්‍යයට ද අධිරාජ්‍යවාදයේ ආධිපාත්‍යයට ද තර්ජනයක් බව වටහාගත් වහාම භීතියෙන් මුසපත් විය.

ඔවුන් විප්ලවයේ සෑම අවධියකදී ම යත්න දැරුවේ කම්කරු පන්තිය ඊජිප්තියානු ධනේශ්වරයේ ඒ හෝ මේ කොටසට යටත් කිරීමට ය. මෙය කුටප‍්‍රාප්ත වූයේ 2013 ජුනි මාසයේ දි හමුදා කුමන්ත‍්‍රනය වනාහි “දෙවන විප්ලවය” යි ජය කෙහෙලි නැංවූ ඔවුන්ගේ ප‍්‍රතිවිප්ලවවාදී ව්‍යයාමය තුල ය.

මොන තරම් කපාටයක් ද!

අල්-සිසි තන්ත‍්‍රය විප්ලවයේ මූර්තිය නොවේ: ලේ නාගත් ප‍්‍රති විප්ලවයයි. එය අඩුවශයෙන් 3,000ක් ජනයා මරාදමා තිබේ. දසදහස් ගනනක් සිරගතකොට දේශපාලන විරුද්ධ වාදීන් 1,000කට මරන දඬුවම නියම කොට ඇත.

ඊජිප්තු විප්ලවයේ නාටකාකාර අත්දැකීම පෙන්නුම් කරන්නේ විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක අර්ථභාරයයි. එකක්හැර ඉජිප්තුවේ, විප්ලවය සඳහා අවශ්‍ය සියලු සාධක පැවතිනි: නොතිබුනේ ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂයක් පමනි.

මහාජන නැගිටීම ඒකාධිපතියන් පෙරලාදමා දේශපාලන ප‍්‍රභූව අස්ථාවර කිරීමට සමත් විය. එහෙත් යුද හමුදා බලය අහෝසි කිරීමට ද, ධනේශ්වර සුරා කෑම ඉවර කිරීමට ද අධිරාජ්‍යවාදය පරාජය කිරීමට ද එය අසමත් විය.

ඉජිප්තුවේ ද මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාවේ ද කම්කරුවන් මෙම පාඩම් උගත යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩ නගා ඒවා යටතේ සියලු කම්කරුවන් එකරාශි කල යුතු වේ. අරාබි මෙන්ම යුදෙව් කම්කරුවන් ද- මුලු ප‍්‍රදේශයේ ද ජාත්‍යන්තරව ම ද අධිරාජ්‍යවාදය, සියොන්වාදය සහ අරාබි ධනේශ්වරය යන මේ සියල්ලටම එරෙහිව පොදු පන්ති අරගලයකින් මෙහෙයවිය යුතුය. මෙම ඉදිරිදර්ශනය මත පදනම්වූ කල්හි ඉජිප්තුවේ මහා ජනයා විප්ලවය යලි දල්වමින් ප‍්‍රදේශයේ ඒකාධිපති පාලනයන් පෙරලා දමමින් යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව ද සමාජවාදය සඳහා ද අරගලයට සාර්ථක නායකත්වයක් සම්පාදනය කිරීමට සමත් වනු ඇත.

Share this article: