එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි යුද ධාවනය

The US “pivot to Asia” and the drive to war against China

ටොම් පීටර්ස් විසිනි, 2015 මැයි 8

නවසීලන්තයේ සමාජවාදී සමානතා පක්ෂ කන්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයා වන ටොම් පීටර්ස් විසින් මෙම කථාව පැවැත්වූවේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03දා සංවිධානය කල අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය වෙනුවෙනි.

ඇමරිකානු පාලක පන්තිය සචේතනික ලෙස චීනයට එරෙහිව යුද සූදානමක යෙදී සිටින බව පසුගිය වසරේ මෙම දිනයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනතුරු අඟවන ලදී. පසුගිය දොලොස් මස තුල වර්ධනයන් පෙන්නුම් කරන්නේ මෙම සූදානම් කිරීම් වේගයෙන් සිදුවන ආකාරයයි.

2015 මැයි දිනයේ ටොම් පීටර්ස් කල කථාව : එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි යුද ධාවනය

තම ප‍්‍රගාඨ ආර්ථික අර්බුදයට පිලිතුරු ලෙස චීන කම්කරු පන්තියෙන් මිරිකා ගන්නා ලාභ මත ද සමස්ත ආසියානු මහාද්වීපයේ සම්පත් මත ද කුමන වියදමක් දරා හෝ තම අධිකාරය පිහිටුවා ගැනීමට එක්සත් ජනපද පාලක ප‍්‍රභූව තීන්දු කර තිබේ.

දැනට වසර හතරකට පමන පෙර 2011 නොවැම්බරයේදී “ආසියාවට හැරීම” ඔබාමා පරිපාලනය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම විස්තීර්න මූලෝපායේ එල්ලය නම් චීනය මිලිටරිමය ලෙස වටලා කලාපය තුල එහි බලපෑම කෙමෙන් දුබල කොට වොෂින්ටනයේ විධානයන්ට බීජිනයට අවනත වන ලෙස බල කිරීමයි. මෙම හැරීම විසින් කලාපය ආතතීන්ගේ හා එදිරිවාදිකම්වල බුබුලු දමන කටාරමක් බවට පත්කර තිබේ.

එක්සත් ජනපදයේ හා එහි සහචරයින්ගේ ඉව බව නැති මිලිටරි තරකිරීම්, දකුනු හා නැගෙනහිර චීන මුහුදේ මතභේදයට ලක්ව තිබෙන ප‍්‍රදේශ වල චීන “ප‍්‍රචන්ඩත්වය” හා “බලාත්කාරය” පිලිබඳ නිමක් නැති හෙලා දැකීම් සමග අත්වැල් බැඳගෙන ඇත. චීනය රටේ විශාලත්වය යොදා ගනිමින් “කලාපයේ අනෙක් රටවල් වලට බලහත්කාරය යොදමින් අපට අවාසි වන නීති ඉදිරිපත්කොට” තිබෙන බවට ඔබාමා මෑතදී චීනයට චෝදනා කලේය.

මෙම කුහකත්වය කියා නිමකල නොහැකිය. ඒවා යථාර්තය ඔලුවෙන් සිටුවයි.

යන්තම් පසුගිය මාසයේ එක්සත් ජනපදය, දකුනු කොරියාව හා පිලිපීනය සමග එක්ව උතුරු කොරියාවට හා චීනයට තර්ජනයක් වන මහා පරිමානයේ යුද අභ්‍යාසයක් පටන් ගත්තේය. එලඹෙන වසර පහ තුල ආසියා ශාන්තිකර රටවල් දුසිමක් තුල මිලිටරි අභ්‍යාස 29ක් පැවැත්වීමට වොෂින්ටනය සැලසුම් කරඇත. එම කාලය තුල එක්සත් ජනපද නාවික හමුදාවෙන් සියයට 60ක් කලාපයට යොදවනවා ඇත.

එක්සත් ජනපදය දහස් ගනන් යුද සෙබලුන් පිලිපීනයේ හා ඔස්ටේ‍්‍රලියාවේ කඳවුරු වලට යවා ඇත. චීනයට එරෙහි න්‍යාෂ්ටික යුද්ධයක් ජය ගැනීමේ පෙන්ටගන් මූලෝපායේ අංගයක් ලෙස එක්සත් ජනපදය, ජපානය හා කොරියාව සමග එක්ව සූක්ෂම මිසයිල ආරක්ෂක පද්ධතියක් ගොඩ නගමින් සිටිනවා.

මිලිටරි තර කිරීම් පසෙකින්, එක්සත් ජනපදය නායකත්වය දෙනඅන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය, චීන විරෝධී “හැරීමේ” ආර්ථික පෙරමුන නියෝජනය කරන රටවල් 11ක් සමග දැන් කතිකා කරමින් සිටියි. එහි කර්තව්‍යය වන්නේ එක්සත් ජනපද සමාගම් වලට වාසිදායක වන අයුරින් වෙලඳ හා ආයෝජන නීතී යලි ලිවීමයි. ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් “අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය, මට තවත් එක් ගුවන්යානා හාරක නෞකාවක්සේම වැදගත් වන්නේ” එය ඇමරිකානු අවශ්‍යතාවන්ට සේවය කරන “ලෝක පර්යායක්” ප‍්‍රවර්ධනය කරන නිසා බව එහි ප‍්‍රචන්ඩ ස්වාභාවය මතු කරමින් කියා සිටියේය.

චීනයෙන් උපුටා ගන්නා ලාභ බෙදා ගැනීම මත අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් ආරම්භ වී ඇත. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රන්සය ඇතුලු යුරෝපීය බලවතුන් ගනනාවක් වොෂින්ටනයේ විරෝධය නොතකාම චීනයේ ආසියානු පොදුකාර්ය ව්‍යූහ ආයෝජන බැංකුවට සම්බන්ධ වී තිබේ. දැනට ලොව වටා එක්සත් ජනපද යුද්ධයන්හි හා කඩාපැනීම්වල සහචරයින් ලෙස මෙම රටවල් ක‍්‍රියාත්මක වුවත්, ඔවුන්ට තමන්ගේම අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටු කර ගැනීමට පවතින අවශ්‍යතාව මගින් එක්සත් ජනපදය සමග ගැටුම් කරා වේගයෙන් ඇදී යයි.

වොෂින්ටනය ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ආසියාවේ ආධිපත්‍ය සඳහා වඩ වඩාත් මිලිටරි සුපිරි බලය මත සිය ව්‍යායාමය පදනම් කිරීමයි.

චීනයේදී දයෝයු ලෙසත් ජපානයේදී සෙන්කාකු ලෙසත් හැඳින්වෙන නැගෙනහිර චීන මුහුදේ ගල්පර දූපත් පිලිබඳ බීජිනය සමග ගැටුම, එක්සත් ජනපදයේ උසි ගැන්වීම මත ජපානය විසින් ප‍්‍රචන්ඩකාරී ලෙස ඉදිරියට ගෙන යයි. මෙම මනුෂ්‍ය වාසයෙන් තොර දූපත් පිලිබඳ ගැටුම චීනය සමග යුද්ධයකට ජපානය මෙහෙයවුවහොත් එක්සත් ජනපදය ජපානය සමග පෙල ගැසෙන බවට ඔබාමා පසුගිය වසරේදී සහතික විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ බිහි වූ වඩාත්ම දක්ෂිනාංශික හා යුදවාදී ආන්ඩුව වන ෂින්සෝ අබේ ගේ ආන්ඩුව යලි සන්නද්ධ වෙමින් යුද්ධයට සූදානම් වෙයි. ජපාන මිලිටරියට පවතින අවහිරතා ඉවත් කිරීමට ව්‍යවස්ථාව “යලි අර්ථගන්වා”, ජපානයෙන් පිටත ඒකාබද්ධ මිලිටරි මෙහෙයුම් සඳහා අවකාශය පුලුල් කරමින් හා ගැටුමක අන්තරාය අතිශය තියුනු ලෙස ඉහල දමමින් පසුගිය සතියේ ඔබාමා සමග නව ආරක්ෂක විධි විධානයන්ට අබේ අත්සන් තැබීය.

දැන් ටෝකියෝව එක්සත් ජනපදයේ සගයෙක් වුවත් සිය දිගුකාලීන අධිරාජ්‍යවාදී එල්ලයන් වොෂින්ටනයට යටත් කිරීමට ජපාන පාලක ප‍්‍රභූව සූදානම් නොවනු ඇත. චීනය හා ආසියාවේ ඉතිරි කොටස පාලනය කරන්නේ කුමන අධිරාජ්‍යවාදී බලවතා ද යන්න මත ජපානය හා ඇමරිකාව 1941-45 ශාන්තිකර සාගරයේ යුද්ධයකට පැටලුනි.

කලාපය පුරා සිදුවන යුද ධාවනය, ගැඹුරු වන සමාජ අර්බුදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් සමග එක්ව ගමන් කරයි. වියට්නාමයේ පිලිපීනයේ හා අනෙක් තැන්වල මා ඕවාදී හා ස්ටැලින්වාදී පක්ෂ ද ඇතුලු දේශපාලන සංස්ථාපිතය, චීන විරෝධී ස්වෝත්තමවාදය අවුස්සමින් කම්කරුවන්ගේ කෝපය වෙනත් අතකට යොමු කිරීමට උත්සාහ දරයි.

අන් සියල්ලටත් වඩා පාලක ප‍්‍රභූව බිය වන්නේ, තමන්ගේම ජනතාවන්ටයි. සෑම රටකම කම්කරුවන් හා තරුනයින් තුල යුද්ධයට හා යටත්විජිතවාදයට එරෙහිව ගැඹුරින් කා වැදුනු වෛරයක් පවතියි. බොහෝ රටවල් ජපන්, ඇමරිකානු හා යුරෝපීය ආක‍්‍රමනයන්ගේ උරුමයෙන් දිගටම පීඩා විඳියි.

පසුගිය දශක දෙක තුල ජීවිතය නිෂ්ඵල ලෙස ගතවී නැත. ඇෆ්ගනිස්තාන හා ඉරාක ආක‍්‍රමන පදනම් වූයේ ජන සංහාරක අවි හා ත‍්‍රස්තවාදය වැලැක්වීම ආදී බොරු මත බව දශ ලක්ෂ ගනන් ජනතාවට රහසක් නොවේ.

එබැවින් අධිරාජ්‍යවාදයේ අපරාධයන්ට සුදු හුනු ගෑම සඳහා ඒකාග‍්‍ර වැඩ පිලිවෙලක් දියත් කර තිබේ. දක්ෂිනාංශික ජර්මානු ශාස්ත‍්‍රාලිකයන් නාසි අපරාධ සාපේක්ෂ දේ බව පෙන්වීමට උත්සාහ දරන අතර අබේ ආන්ඩුවට ජපන් කෲරකම් පිලිබඳ ඉතිහාසය යටපත් කිරීමට අවශ්‍ය වී ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේදී කොරියාවෙන්, චීනයෙන්, පිලිපීනයෙන් හා වෙනත් රටවලින් අල්ලාගෙන ලිංගික වහලුන් ලෙස යොදාගත් ජපන් හමුදාවේ “සතුට සපයන ගැහැනු” පිලිබඳව එක්සත් ජනපද ඉතිහාස පොත් ප‍්‍රකාශකයෙකු කල සඳහනක් පිලිබඳව මෙම වසර මුලදී අබේ පුද්ගලිකව නැගී සිටියේය. ශාස්ත‍්‍රාලිකයන් අතර අබේගේ දෘෂ්ටිමය සහචරයින් සමහරෙක් 1937හි නැන්කින් දූෂනය ප‍්‍රතික්ෂේප කරනවා.

පලමු ලෝක යුද්ධයේ ඝාතන පිටිවල සිය මැදිහත් වීම උත්කර්ෂයට නැංවීම සඳහා ඔස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ ආන්ඩු දෙකම දශ ලක්ෂ සිය ගනන් වියදම් කරමින් සිටිති. මෙම දෘෂ්ටිමය සූදානම තියුනුම අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. තෙවන ලෝක යුද්ධයකට නව පරපුර සූදානම් කිරීම සඳහා පලමු හා දෙවන ලෝක යුද්ධ වඩාත් පිලිගතහැකි තත්වයට පත් කර උත්කර්ෂයට නැංවීම දැන් කරගෙන යනු ලැබේ.

කම්කරු පන්තිය තමන්ගේම සූදානම ඇති කර ගත යුතුයි. ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය තුල සමාජවාදී සමානතා පක්ෂය විසින් මෑතදී පවත්වනු ලැබූ ඇන්සැක් දින රැස්වීම්, කිසිම රටක දේශපාලන සංස්ථාපිතය තුල ප‍්‍රකාශනයක් අත් කර නොගන්නා වූ, කම්කරු පන්තිය තුල යුද්ධයට එරෙහිව පුලුල්ව පැතිර පවත්නා පිලිකුල හා කෝපයට හඬක් ලබා දුන්නේය. රුසියානු විප්ලවයේ පාඩම් හා ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම මත පදනම්ව නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැංවීමට සසපය කැඳවුම් කෙලේය.

අප ව්‍යාපාරය තනිවම නැගී සිටිනවා. ඉරාක ආක‍්‍රමනයට එරෙහිව 2003දී මහජන විරෝධතා අවෘත අන්තරයක් කරා මෙහෙය වූ මධ්‍යම පන්තික ව්‍යාජ වම්මු හා ලිබරල්ලු අධිරාජ්‍යවාදී කඳවුරට එක්වී සිටිති. චීන හා රුසියානු “අධිරාජ්‍යවාදය” හා “ව්‍යාප්තවාදය” පිලිබඳ “වොෂින්ටනයේ කුහක හෙලා දැකීම් දෝංකාර නංවමින් ඔවුහු දැන් යුද ව්‍යාපාරයට සහය දෙති.

මෙම රැලියේදී අප ඔබෙන් ඉල්ලා සිටින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳෙන ලෙසත් ආසියාව හා ශාන්තිකර කලාපය පුරා නව ශාඛා ගොඩනැගීමේ සටනට එක්වන ලෙසත්ය. අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනපති ක‍්‍රමයට එරෙහිව සියලු දේශ සීමාවන්ට ඔබ්බෙන් කම්කරු පන්තිය ඒකාබද්ධ කල හැකි එකම මග මෙයයි.

Share this article: