චීනයට එරෙහිව වැඩෙන එක්සත් ජනපදයේ යුද්ධයක තර්ජනය

The growing danger of a US war against China

2015 මැයි 15

ඔබාමා පාලනාධිකාරය, දකුනු චීන මුහුදේ චීනය සමග මිලිටරි ගැටුමක මාවතට එක්සත් ජනපදය හරවා ඇත. වොෂින්ටනය අදූරදර්ශී ලෙස, කලාපය ගිල ගන්නා හා මිලියන ගනනාවකගේ ජීවිතවලට තර්ජනය කරන, කුරිරු ප‍්‍රකෝපකාරී හා අවදානම් සහගත ක‍්‍රියා පිලිවෙතක් අනුගමනය කිරීම අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය හිතනවාට වඩා එය බොහෝ දුර ගොස් ඇති බව යි.

චීනය ඉදිකිරීම් සිදු කරන භූමිභාගයට නාවුක සැතපුම් 12ක් බැහර කලාපය ඇතුලත “යාත‍්‍රා කිරීමේ නිදහස” සහතික කිරීමට ඇමරිකානු නාවුක හා/හෝ ගුවන් භටයින් රැඳවීම සඳහා සැලැසුම් සකස් කරන ලෙස ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ඉල්ලා ඇති බව ඔබාමා පාලනාධිකාරය අඟහරුවාදා හෙලි කලේ ය. එවැනි රැඳවීමක එක ම අරමුන වනු ඇත්තේ නෞකා තටාක හා ගුවන්පථ ඉදිකරමින් සිටින දූපත් හා ගල්පර මත ස්වාධිපත්‍යය සඳහා අයිතිවාසිකම් කීම් ප‍්‍රතික්ෂේප කිරීම පිනිස චීනයට බලපෑම් කිරීම ය.

චීනය එහි “ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව” සහතික කරනු ඇතැ යි අනතුරු අඟවමින් චීන විදේශ අමාත්‍යංශය බදාදා ඊට ප‍්‍රතිචාර දැක් වූ අතර “අවදානම් හා ප‍්‍රකෝපකාරී පියවර” ගැනීමෙන් වැලකී සිටින මෙන් අදාල රටවලට අනතුරු ඇඟවී ය. ආන්ඩුව ඉංග‍්‍රීසි බසින් පලකරන ග්ලෝබල් ටයිම්ස් බදාදා කතුවැකියක මෙසේ පැවසී ය, “... යුද්ධය ඔවුන්ට දැකීමට අවශ්‍ය අවසාන දෙය වුව ද, ජාතීන් දෙක ම සැබවින් ම එහි හැකියාව සලකා බලමින් සිටිති.”

“ඇමරිකාවේ මුහුදු ප‍්‍රකෝපකිරීමට මුහුන දීමට දැඩි ප‍්‍රතිචාරයක්” නම් ශීර්ෂ පාඨයෙන් යුත් ග්ලෝබල් ටයිම්ස් දෙවැනි කතුවැකිය මෙසේ ප‍්‍රකාශ කලේ ය: “න්‍යෂ්ටික ආයුධ සහිත චීනය ප‍්‍රමුඛ බලවතෙකු බව හා ඇමරිකානු හමුදාවන්ට දකුනු චීන මුහුදේ ඉවබව නැති පියවර ගැනීමට ඉඩක් නැති බව එය (වොෂින්ටනය) සිතේ තබා ගත යුතු ය.”

සහකාර ආරක්ෂක ලේකම් ඩේවිඩ් ෂියර් එයට ප‍්‍රතිචාර දැක්වූයේ, ඇමරිකාව “ඵලදායි හා යතා යෝග්‍ය පියවර ගැනීමට බැඳී සිටින” බව සෙනේට් විමර්ශන කමිටුවකට පවසමිනි. සෝදිසි ගුවන් යානයක් හා බී-1 බෝම්බ දමන යානා ― න්‍යෂ්ටික හෝ න්‍යෂ්ටික නො වන ප‍්‍රවාහනය සඳහා යොදාගත හැකි දිගුදුර ඇමරිකානු බෝම්බ දැමීමේ යානා ― උතුරු ඕස්ටේ‍්‍රලියාවේ රඳවනු ඇත්තේ දකුනු චීන මුහුදේ චීන අයිතියට අභියෝග කිරීම සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස බව ඔහු නිවේදනය කලේ ය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සෙනසුරාදා බීජීනයට පැමිනීමට නියමිතව ඇත. පෙනෙන හැටියට නම් ඒ සැප්තැම්බරයේ දී චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් ගේ සැලැසුම් ගත වොෂින්ටන් චාරිකාව ගැන සාකච්ඡා කිරීමට ය. කෙසේ නමුත්, කෙරීගේ න්‍යායපත‍්‍රයේ ප‍්‍රමුඛත්වය ගනු ඇත්තේ විවෘත ගැටුමක හැකියාව අන්තර්ගතවන සාකච්ඡා ය.

දැනට මතභේදයට තුඩුදී ඇති ප‍්‍රදේශයට නැව් හෝ ගුවන් යානා යැවීම අත්හිටවීමට වොෂින්ටනයට මං සලසන යම් ආකාරයක රාජ්‍යතාන්ත‍්‍රික වචන කෙරී හා චීන නිලධාරීන් විසින් සොයා ගනු ඇත. කෙසේ නමුත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය නියලී සිටින්නේ හිස් මාවපෑමක නො වේ. එය යුද්ධයට සූදානම් වෙමින් සිටී.

සෝවියට් සංගමය බිඳවැටීමේ සිට, දශක දෙකකට වැඩි කාලයක දී එක්සත් ජනපදය උත්සාහ ගෙන ඇත්තේ එහි දීර්ගකාලීන ගෝලීය පරිහානිය වැලක්වීම සඳහා සිය දැවන්ත මිලිටරි ආධිපත්‍යය යොදා ගැනීමට ය. ප‍්‍රධාන වෙලඳපොල හා සම්පත් මත එහි ආධිපත්‍යය තහවුරු කිරීමට මැද පෙරදිග, අප‍්‍රිකාව හා මධ්‍යම ආසියාව තුල එය නිමක් නැති ප‍්‍රචන්ඩ මැදිහත්වීම් වල නිමග්නව සිටියි.

ගෝලීය නිෂ්පාදනයේ කේන්ද්‍රය ලෙස මතු වී ඇති චීනය දැන් වොෂින්ටන් මිලිටරි න්‍යායපත‍්‍රයේ ප‍්‍රධාන ඉලක්කය යි. විදේශ සම්බන්ධතා පිලිබඳ ඇමරිකානු කවුන්සිලයට ඉදිරිපත් කල මෑත වාර්තාවක පැහදිලි කෙරුනු පරිදි එහි වැඩෙන ආර්ථික බර හා බලපෑම ඇමරිකානු අධිරාජ්‍යවාදී උත්සුකයන්ට පිලිගත නො හැකි තර්ජනයක් ලෙස දැක ගනියි. චීනය ඇමරිකාවට අභියෝග කිරීමට උත්සාහ ගන්නවා ද නැත් ද යන්න නො සලකා එය සිදුවේ. පසු ගිය වසර පුරා යුකේ‍්‍රනය මත රුසියාවට යොදන මිලිටරි පීඩනය ඍජුව එල්ල කෙරී ඇත්තේ බීජීනයේ විභව මිතුරෙකු දුර්වල කිරීමට සහ ගැටුමකට හා අර්ධ - යටත් විජිත තත්වයකට චීනය ඇද දැමීම සඳහා කොන්දේසි සූදානම් කිරීමට ය.

ප‍්‍රමුඛ යුරෝපීය බලවතුන් වොෂින්ටනය පිටු දැක නව ආසියානු පොදුකාර්ය බැංකුව ස්ථාපිත කිරීමට බීජනය සමග පෙලගැසුනු මාර්තුවේ දී ඔබාමා පාලනාධිකාරය අත්විඳි නින්දාව වොෂින්ටනය තුල අර්ථ නිරූපනය කෙරුනේ පසුවට තබනවාට වඩා වහා ම චීනය දමනය කල යුතු ය යන්න තහවුරු කිරීමක් ලෙස ය.

කලාපයේ සෑම රටක් ම, එක් හෝ තවත් මට්ටමකින් මෙම නැගී එන ආතතීන් හා යුද සූදානම සමග පැටලී ඇත. ඕස්ටේ‍්‍රලියානු දේශපාලන සංස්ථාපිතය මිලිටරි සම්බන්ධකම් හා කඳවුරු පිහිටුවීම් හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග දැඩිව ඒකාබද්ධ කෙරී ඇත. ඇමරිකානු නිලධාරී ෂියර් බී-1 බෝම්බ ප‍්‍රහාරක යානා රැඳවීම ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව විමසීමකින් පවා තොරව නිවේදනය කර ඇති බව පෙනී යයි. යන්තම් සති දෙකකට පෙර, ජපාන අගමැති ෂින්සෝ අබේ ඇමරිකානු කොංග‍්‍රසය ඇමතූ අතර, එහි දී ඔහු වොෂින්ටනය සමග ඔහුගේ “ඒකාබද්ධ ස්වයං ආරක්ෂක” ගිවිසුම හුවා දැක්වීය. මෙ මගින් ඇමරිකානු හමුදා සමග එක පෙලට සටන් කිරීමට ජපාන මිලිටරියට බල කෙරෙනු ඇත.

ඉන්දු-ෆැසිපික් කලාපය පුරා ඇමරිකාව, සිය මිලිටරි ස්ථානගත කිරීම් වැඩිකරමින් ද නව කඳවුරු තර කරමින් ද ක‍්‍රමානුකූලව සන්ධාන හා මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් සිටියි. බටහිර යුරෝපයේ මෙන් ම, ආසියාවේ සියලු ආන්ඩු හා මිලිටරි ආඥා මධ්‍යස්ථාන දකුනු චීන මුහුදේ ඇමරිකානු-චීන ගැටුමක ගම්‍යයන් සලකා බැලීම පිනිස විශේෂඥයින් රඳවා ඇත. රාජතාන්ත‍්‍රික සලකා බැලීම් වල ප‍්‍රමුඛ ප‍්‍රශ්නය වන්නේ., විවෘත ගැටුමක් අවස්ථාවේ දී සෑම ආන්ඩුවක ම පාලක පන්තීන් පෙල ගැසෙනු ඇත්තේ කොහි ද යන්න යි.

වොෂින්ටනයේ තර්ජනයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ප‍්‍රතිචාරය මුලුමනින් ම ප‍්‍රතිගාමී ය. චීන “ශක්තිය” ගැන එහි ජාතිකවාදී දෙඩවීම් ද න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීමට හා ඇමරිකානුවන් මිලියන ගනනාවක් මරා දැමීමට සූදානම් බවට පලකෙරෙන අදහස් වල ද ඉලක්කය වන්නේ, වොෂින්ටනයෙන් සහන ලබා ගැනීමට උත්සාහ දැරීම පමනි. සීසීපීයේ එකම උත්සුකය වන්නේ එය නියෝජනය කරන දූෂිත ධනේශ්වර කතිපයාධිකාරය ආරක්ෂා කිරීම යි. ඔවුන්ගේ ලාභ හා වරප‍්‍රසාද රඳා පවතින්නේ චීන කම්කරු පන්තිය කුරිරු ලෙස මර්දනය කිරීම හා සූරාකෑම මත ය. සීසීපීයේ ප‍්‍රතිපත්ති ගමන් කරනු ඇත්තේ ව්‍යසනයක් කරා ය.

යුද්ධයට වන තල්ලුව වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ යුද අනතුරේ මූලය, එනම් ධනේශ්වර ලාභ පද්ධතිය අවසන් කිරීමේ විප්ලවවාදී ඉදිරිදර්ශනය මත එක්සත් කල ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ක‍්‍රියා, ගෝලීයව අන්තර්-සම්බන්ධිත ආර්ථිකය හා නිෂ්පාදනයේ පුද්ගලික අයිතිය මුල් බැස තිබෙන එදිරිවාදී ජාතික රාජ්‍යයන්ට එය බෙදී තිබීම අතර ආවේනික ප‍්‍රතිඝතිතාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝක ධනවාදයේ බිඳවැටීමේ ඉතාමත් පිපිරෙන සුලු ප‍්‍රකාශනයක් පමනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය බලගතු ලෙස ප‍්‍රකාශයට පත් කලේ, කම්කරු පන්තියේ එක්සත්කම හා දැවන්ත ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය සඳහා පදනම සපයන ඓතිහාසිකව උකහා ගැනුනු සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගය යි.

දවසේ මූලෝපායාත්මක කර්තව්‍යය වන්නේ, එහි දැනට පවතින ශාඛාවල වර්ධනය හා චීනය, ජපානය සහ කලාපය පුරා හා ලොව වටා නව ශාඛා ස්ථාපිත කිරීම හරහා හාජාජාක ගොඩනැගීම යි.

ජේම්ස් කෝගන්

Share this article: