75 වසරකට පෙර: ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය සඳහා ප‍්‍රථම උත්සාහය දරයි

75 years ago: GPU makes first attempt on life of Trotsky

2015 මැයි 18

ඩේවිඩ් සික්විරෝස්

1940 මැයි 24දා උදෑසන ස්ටැලින්වාදී ජීපීයූව, තමන්ගේ පරම මාක්ස්වාදී සතුරා වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය බිලි ගැනීමේ පලමු අසාර්ථක උත්සාහය දැරීය. වාසනාවකට මෙන් ට්‍රොට්ස්කිගේ පවුලේ කිසිවෙකුත් මිය ගියේ නැත. හතරවන ජාත්‍යන්තරයේ නායකයා, ඔහුගේ බිරිඳ හා මුනුබුරා වූ සෙවාට, ඔවුන් විසූ මෙක්සිකෝ නගරයේ කොයෝවාකාන්හි නිවසේදී සුලු තුවාල පමනක් සිදු විය.

එන්කේවීඩී යන ස්ටැලින්ගේ රහස් පොලිසිය තමන්ට පහර දීමට සූදානම්ව සිටින බව ට්‍රොට්ස්කි දැන සිටියේය. එම වසරේ මුල, මොස්කෝවේ නියෝග මත මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය පහකර ඒ වෙනුවට ස්ටැලින්වාදී එන්කේවීඩී අලුගෝසුවන් පත්කරන ලදී. ඔවුන්ගෙන් එකෙකු වූයේ, තමන්ගේ ගරු බල මන්ඩලයේ සාමාජිකයෙක් ලෙස සිටි කාලෝස් කොන්ටි‍්‍රරාස් ලෙස නම වෙනස්කල ඉතාලියානු විටෝරියො විඩාලි ය. (කොන්ටි‍්‍රරාස් විඩාලි , 1936-39 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කාලයේ ස්ටැලින්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව සමූහ ඝාතන සිදු කරමින් ස්පාඤ්ඤ පූමයේ නායක අන්ද්‍රේ නින් මරා දැමීමට සම්බන්ධවූ නඩයේ එක් පුද්ගලයෙකි. ට්‍රොට්ස්කිට සමීප ජාත්‍යන්තර හිතවතුන් වසන්ත කාලයේ ස්ටැලින්වාදී ඝාතකයින් නඩයක් මෙක්සිකෝ නගරයට පැමින තිබෙන බව දැනුම්දී තිබුනි. ඔවුන් ඊට පෙර ස්පාඤ්ඤයේදී හොඳින් පුහුනුව ලැබූ අයයි.

සිය සමුලුව පැවැත්වූ 1940 මාර්තුවේ මෙක්සිකානු ස්ටැලින්වාදියෝ, “ට්‍රොට්ස්කිට මරනය” යන සටන් පාඨය සම්මත කලහ. එම වසරේ මැයි දිනය නිමිතිකරගෙන මෙක්සිකෝවේ කොමියුනිස්ට් පක්ෂය, මෙක්සිකෝ නගරය ඔස්සේ පා ගමනක් සංවිධානය කල අතර ඊට සහභාගී වූවෝ, ප‍්‍රාදේශීය ස්ටැලින්වාදීන්ගේ මග ගනිමින් අතිශයින්ම දුෂ්ඨ හා භයානක ද්‍රෝහියා, “ට්‍රොට්ස්කි නෙරපා හරිනු” යනුවෙන් සටන් පාඨ හඬ නැගූහ. ඩේවිඩ් ඇල්ෆරෝ සික්විරෝස් යන ස්ටැලින්වාදී සිත්තරා පොලිස් භටයෙකු ලෙස වෙස්වලාගෙන දල වශයෙන් තවත් මිනිසුන් 20දෙනෙකුගේ කන්ඩායමක් කැටුව හිමිදිරියේ 4ට පමන ට්‍රොට්ස්කිගේ නිවස අසලට පැමිනියේය. මුරකරුවන් මෙල්ල කර ගැනීමෙන් පසුව ඔවුහු, ට්‍රොට්ස්කිගේ නිවසෙහි සිටි ස්ටැලින්වාදී ඒජන්තයෙකුගේ ද උදව් ඇතිව ගෘහාංගනයට ඇතුලුවූහ. ට්‍රොට්ස්කිගේ ලේඛනාගාරය විනාශ කිරීමට සැලසුම් කල ගිනි බෝම්බ ද යොදාගෙන උන්ඩ 300ක් පමන වෙඩි තබමින් එල්ල කල ප‍්‍රහාරය විනාඩි 15ක් පමන කාලයක් පැවතුන නමුත් නිවසේ කිසිවෙකුටත් බරපතල හානි සිදු නොවීය.

ට්‍රොට්ස්කිගේ ජීවිතය විනාශ කිරීමට දැරූ උත්සාහයෙන් පසුව ගතවූ දිනවල ඔහු, කිසිදු මාරක අනතුරක් සිදු නොවීමේ අර්ථය එම කඩාපැනීම ස්ටැලින් හා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය ඊට පැටලවීම සඳහා සිදුකරන ලද්දක්ය යන ප‍්‍රාදේශීය ස්ටැලින්වාදී පුවත්පත්වල පලවූ දුෂ් ප‍්‍රචාරයට එරෙහිව සටන් වැදුනි. ‘ත‍්‍රස්තවාදී ක‍්‍රියාවේ සදාචාරමය සූදානම’ ලෙස ස්ටැලින්වාදී සංවිධානවල පුවත්පත් වූ එල් පොපියුලර් හා ෆියුටුරෝ කතෘ මන්ඩල වලට ට්‍රොට්ස්කි දොස් පැවරීය. මෙම විසකුරු ව්‍යාපාරයේ නායකයා ලෙස මෙක්සිකානු කම්කරු සම්මේලනයේ සභාපති වින්සන්ට් ලොම්බාඩි ටොලිඩානිගේ සෘජු සම්බන්ධකම් ගෙනැහැර දැක්වීමෙන් පසුව ට්‍රොට්ස්කි මෙසේ ද පැවසීය. “ක‍්‍රියාකාරී ස්ටැලින්වාදියෙකු ලෙස ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තුල මැදිහත්වූ ඩේවිඩ් ඇල්ෆරෝ සික්විරෝස්, විශේෂයෙන්ම පැරිසිය හරහා මෙක්සිකෝවට විටින් විට පැමිනි ස්පාඤ්ඤ, මෙක්සිකානු හා අනෙකුත් ජාතික, වඩාත් වැදගත් හා ක‍්‍රියාකාරී ජීපීයූ සාමාජිකයන් කවුරුන්දැයි දැනසිටි බව පැවසීමට මට ඉඩ දෙන්න.”

සිය “කොමින්ටර්නය හා ජීපීයූව මැයි 24දා ඝාතන වෑයම හා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය” යන ලේඛනය තුල ට්‍රොට්ස්කි, සමස්ත සිද්ධිදාමය ද ස්ටැලින් ඉටුකල මූලික ක‍්‍රියාකලාපය ද විස්තර සහිතව විමසා බලයි.

Share this article: