බි‍්‍රතාන්‍ය මිලිටරිය, ජෙරමි කෝබින් හා ආඥාදායකත්වයේ තර්ජනය

The UK military, Jeremy Corbyn and the threat of dictatorship

2015 නොවැම්බර් 11

බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක හමුදා ප‍්‍රධානියා ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ට ප‍්‍රසිද්ධියේ විරෝධය පල කිරීම, බි‍්‍රතාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳී යාමේ ඉහල ලක්ෂ්‍යයක් සලකුනු කරයි.

තමන් කිසිදු අවස්ථාවක න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අවසර නොදෙන බවට කෝබින් කල ප‍්‍රකාශය ගැන බීබීසී සේවයේ ඇන්ඩ‍්‍රැ මාර් විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ආරක්ෂක මාන්ඩලික ප‍්‍රධානී මහාමාන්‍ය නිකොලස් හවුටන්, “එම සිතුවිල්ල බලයක් බවට පත්වුවහොත් එය මාගේ කනස්සල්ලට හේතුවකි.” හවුටන් කලින් මාධ්‍ය වෙත පවසා තිබුනේ, සිරියාවේ බෝම්බ හෙලීම් වලට සහභාගී නොවුනහොත් බි‍්‍රතාන්‍ය, එහි සහචරයින්ගේ “නොතැකීමට” ලක්වනු ඇති බවයි.

කෝබින්ගේ කාර්යාලය ලිපියක් මගින් ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් වෙත දැනුම් දී ඇත්තේ, “මිලිටරිය සෑම කල්හිම දේශපාලනිකව අපක්ෂපාතී වීම අත්‍යවශ්‍ය බවත්, වත්මන් දේශපාලන වාද විවාද තුල ප‍්‍රසිද්ධියේ පැති ගැනීම මගින් මහාමාන්‍ය නිකොලස් හවුටන් පැහැදිලිවම එම ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කර ඇති” බවත්ය.

එහෙත් හවුටන්ට වාරනයක් දැමීම වෙනුවට ආන්ඩුව වහාම ඔහුට සහාය දීමට ඉදිරිපත් විය. ඬේවිඩ් කැමරන්ගේ ප‍්‍රකාශිකාවකට අනුව “ආන්ඩුවේ ප‍්‍රමුඛ මිලිටරි උපදේශකයා ලෙස හවුටන්, අපගේ අවි ගබඩාවේ වඩාත්ම වැදගත් අවි වලින් එකක් පිලිබඳ විශ්වාසනීය භාවය පවත්වාගන්නේ කෙසේදැයි කථා කිරීම සාධාරනය.”

හවුටන්ගේ ආරක්ෂාවට ලේබර් පක්ෂයේ ප‍්‍රමුඛ පුද්ගලයින් ද ඉදිරිපත්ව සිටී. ඡායා කැබිනට් මන්ඩලයේ ආරක්ෂක ලේකම් මාරියා ඊගල් හා හිටපු නාවික ලොක්කෙකු වන ලෝඩ් වෙස්ට් කියා සිටින්නේ, බි‍්‍රතාන්‍යයේ ට‍්‍රයිඩන්ට් න්‍යෂ්ටික අවි පද්ධතියට කෝබින්ගේ විරුද්ධත්වය, පක්ෂ පිලිවෙත බවට පත්වුවහොත්, තමන් ඉල්ලා අස්වන බවය. ලේබර් පක්ෂයේ හිටපු ආරක්ෂක ලේකම් ෆර්නස්හි ලෝඩ් හ්‍යුටන්, රූපට් මර්ඩොක්ගේ ටයිම්ස් පත‍්‍රයට ලියා ඇත්තේ, “ආරක්ෂක මාන්ඩලික ප‍්‍රධානියා නිහඬ කිරීම හෝ ඔහුට මුකවාඩම් දැමීම නොකල යුත්තකි” යනුවෙනි.

කෝබින්ගේ ආස්ථානය ගැන බීබීසී හමුවේදී ප‍්‍රශ්න නගන බව හවුටන් දැන සිටි අතර ඔහු ඊට සහභාගී වූයේ, ප‍්‍රසිද්ධියේ පහරදීමට ඇති ඔහුගේ අභිමතය පෙන්නුම් කිරීමට ය. එවන් ප‍්‍රකාශ නිකුත් කල පලමු අවස්ථාව ද මෙය නොවේ.

සන්ඬේ ටයිම්ස් පත‍්‍රය සැප්තැම්බරයේ, “ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකුගේ” ප‍්‍රකාශ උපුටා දක්වමින් සඳහන් කරනු ලැබුවේ, කෝබින් අගමැති වූ අවස්ථාවකදී “කැරැල්ලක් ඇතිවීමේ සැබෑ හැකියාවක්” පවතින බවයි. මිලිටරියේ කොටස් “හොඳින් හෝ නරකින්, යොදාගත හැකි මාධ්‍ය” පාවිච්චි කිරීමට සූදානම් විය යුතුය. නිලධාරියා පවසා තිබුනි.

තවදුරටත් ඔහු: “ට‍්‍රයිඩන්ට්, නේටෝවෙන් ඉවත්වීම හා සන්නද්ධ හමුදාවේ ප‍්‍රමානය හකුලුවා දුබල කිරීමේ කුමන හෝ සැලසුමක් පිලිබඳ වැදගත් ප‍්‍රතිපත්ති තීරන මත, කෝබින්ට ප‍්‍රසිද්ධියේ හා කෙලින්ම අභියෝගකරන ජ්‍යෙෂ්ඨ ජෙනරාල් වරුන් සමග, එකඟතාවයේ ප‍්‍රධාන බෙදීමක් ඔබට දැකගත හැකිවනු ඇත” (අවධාරනය ඈඳුනි)

හවුටන්ගේ ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ, ක‍්‍රියාවේ මෙම මාවත දැනටමත් අනුගමනය කරන බවයි.

හවුටන්ට සහාය දක්වන හෝ ඔහු වෙනුවෙන් ක්ෂමාලාපයේ යෙදෙන නිමක් නැති ලේඛන, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සමහර කොටස් වලට, සන්නද්ධ හමුදා තුල කැරැල්ලක් පිලිබඳ බරපතල අන්තරායක් ඔහුගේ ප‍්‍රකාශ තුලින් සලකුනු කරන්නේදැයි විවෘතව සාකච්ඡා කිරීමට බල කෙරී ඇත. විශේෂිත වාර්තාවක් 9දා ගාඩියන් පුවත්පතෙහි පල විය. එය මෙසේ කියයි: “මේ රටේ නූතන ප‍්‍රජාතන්ත‍්‍ර ඉතිහාසය තුල, මිලිටරි කුමන්ත‍්‍රනයක්, මිලිටරි කැරැල්ලක ප‍්‍රතිවිපාක පිලිබඳ කිසිදු ඇඟවුමක්, තිබී නැත. ජෙරමි කෝබින් පිලිබඳ ආරක්ෂක මාන්ඩලික ප‍්‍රධානී මහාමාන්‍ය නිකොලස් හවුටන්ගේ ප‍්‍රකාශ ගැන කනස්සල්ලට හේතුව මෙයයි.”

“කීකරු විය යුත්තේ කුමන අනකටදැයි තෝරා ගැනීමට” මිලිටරිය තීන්දු ගත් විවිධ සිදුවීම් ගාඩියන් පත‍්‍රය ලැයිස්තුගත කරයි. 1972 හා 74 පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනලින් පසුව 1970 ගනන් වලදී, ”හිටපු නේටෝ ආඥාපති මහාමාන්‍ය වෝල්ටර් වෝකර්” ඇතිවිය හැකි මහා වැඩවර්ජනයක් තලා දැමීමට සූදානම් වෙමින්, හැරල්ඩ් විල්සන්ගේ ලේබර් ආන්ඩුවට එරෙහිව ෆැසිස්ට් ව්‍යාපාරයක් පෙලගැස්වීමට කැපවීම ද ඊට ඇතුලත් විය.

පාලක පන්තිය වෙත යොමු කල පුවත්පතේ අනතුරු ඇඟවීම, ධනවාදය සුරැකීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තීරනාත්මක වන බවට පවතින මිත්‍යාවට, මිලිටරියේ විවෘත දේශපාලන මැදිහත්වීම මගින් වල කපා ඇතැයි ඇඟවුම් කරයි.

”එවන් සිදුවීම්, වාමාංශික ආන්ඩුවක් සිය වරපත‍්‍රය ක‍්‍රියාවට නැගීම වැලැක්වීම පිනිස‘සංස්ථාපිතය’ හැමවිටම, ස්පාඤ්ඤ වර්ගයේ අනුකරනයක් දියත් කරනු ඇතැයි යන සමපේක්ෂනයට පොහොර දමයි. ලේබර් පාලනයක් විසින් ‘මිලිටරිය හෑල්ලු කිරීමට’ උත්සාහ කලහොත්, ඔවුන් එය අදහස් කලා හෝ නැතා හෝ කැරැල්ලක් පිලිබඳ තර්ජනය එල්ල කල ජෙනරාල් හවුටන් හා නම සඳහන් නොකල ජෙනරාල් කර ඇත්තේ, එම ගිනි දලු වලට පවන් සැලීමයි.” කතුවැකිය නිගමනය කරයි.

කප්පාදුවට හා මිලිටරිවාදයට විරුද්ධ වනු ඇති ලේබර් ආන්ඩුවක් බලයට පත්කිරීමේ කෝබින්ගේ ප‍්‍රකාශිත අරමුන සාර්ථක වීමට සැබවින්ම ඉඩක් හෝ හේතුවක් ඇත්තේ නැත. හවුටන්ගේ ප‍්‍රකාශයන්ට ලේබර් නායකත්වයේ බහුතරයක් දක්වා ඇති ප‍්‍රතිචාරය පෙන්නුම් කරන්නේ, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ මෙම දිගුකාලීන පක්ෂයේ, අන්ත දක්ෂිනාංශික හා කම්කරු පන්ති විරෝධී ස්වභාවයයි.

සැප්තැම්බරයේ පක්ෂයේ නායකයා බවට පත්වූ තැන් පටන් කෝබින්, ටෝරි පක්ෂයේ ද ඔහුගේම ඡුායා කැබිනට්ටුව ද ඇතුලු පාර්ලිමේන්තුවාදී ලේබර් පක්ෂයේ ද මාධ්‍යයේ හා දැන් සන්නද්ධ හමුදා නායකත්වයේ ද අනවරත ප‍්‍රහාරයකට මුහුනදී සිටියි. තමා ඉවත් කල යුතු යයි හඬ නගන අයගේ ඉල්ලීම් වලට ඉඩ දිය යුතුව ඇත්නම්, ට‍්‍රයිඩන්ට් න්‍යෂ්ටික ‘සම්මුතියේ’ අලුත් කිරීමකට හා සිරියානු මැදිහත්වීම යන දෙකම සඳහා නිදහස් ඡන්දයක් තිබිය යුතු බව පැහැදිලි කිරීම ද ඇතුලු, සිය විරුද්ධවාදීන් සමනය කිරීමට කෝබින් කිසිදු ප‍්‍රයත්නයක් දරා නැත.

හවුටන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන ද කැරැල්ලක් පිලිබඳ නිර්නාමික තර්ජන ද කම්කරු පන්තිය මුහුනපා සිටින වැඩෙන තර්ජන පිලිබඳ අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. “සමපේක්ෂන” ලෙස ගාඩියන් පත‍්‍රය විස්තර කරන්නේ, ධනවාදය යටතේ පවතින දේශපාලන හා සමාජ සම්බන්ධතා පිලිබඳ යථාර්තයයි.

රැකගත යුතු යයි කෝබින් අවධාරනය කරන සන්නද්ධ හමුදාවන්ගේ “අපක්ෂපාතිත්වය” හැම විටම පැවතියේ ප‍්‍රබන්ධයක් ලෙසිනි. ෆෙඩි‍්‍රක් එංගල්ස් විසින් සඳහන් කර ඇති, “සන්නද්ධ පුද්ගලයින්ගේ විශේෂිත සංස්ථා” ධනවාදය සුරැකීම පිනිස ක‍්‍රියාත්මක වන මෙවලමක් වන අතර ඒවා, බාහිර තර්ජනයන්ට එරෙහිව පමනක් නොව, කම්කරු පන්තිය තුලින් මතුවිය හැකි කුමන හෝ බරපතල සමාජ හා දේශපාලන විරුද්ධත්වයකින් පැන නැගෙන අභ්‍යන්තර තර්ජනයට එරෙහිව ද යෙදෙන්නේය.

වර්තමානයේ පවතින කොන්දේසි යටතේ මෙම ප‍්‍රබන්ධය තවදුරටත් පවත්වාගෙන යා නොහේ.

බොස්නියාවේ, කොසෝවෝහි, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ලිබියාවේ හා දැන් සිරියාවේ පැවති හා පවතින, යටත්විජිත ජයගැනීමේ නිමක් නැති යුද්ධ මාලාව ප‍්‍රධාන බලවතුන් විසින් දශක ගනනාවක් තිස්සේ ගෙන ගොස් තිබේ. වොෂින්ටනය විසින් සංවිධානය කරන ලද යුකේ‍්‍රන කුමන්ත‍්‍රනයෙන් පටන්ගෙන නේටෝව, රුසියාව සමග ගැටුමක මාවතට පිවිස සිටින අතර නැගෙනහිරදී ඇමරිකාව උත්සාහ කරමින් සිටින්නේ, චීනයට එරෙහිව ජපානය හා ඕස්ටේ‍්‍රලියාව ඇතුලත් මිලිටරි සන්ධානයක් අටවා ගැනීමටය.

අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ මෙම පිපිරීම, ලෝකය පුරා සෑම මිනිසෙකුම, ගැහැනියකම හා ලමයෙකුම පිලිබඳ තියුනු නිරීක්ෂනයක් හා සිවිල් අයිතීන්ට වල කපන “ත‍්‍රස්ත විරෝධී” නීති රෙගුලාසිවල රූපාකාරයෙන් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව ප‍්‍රහාරයක් ඉල්ලා සිටියි. සෑම ප‍්‍රධාන ධනපති රටක් තුලම මිලිටරියේ බලය හා දේශපාලන අනුහස පිම්මේ ඉහල යමින් තිබේ.

මෙම වර්ධනයන් ඉදිරියට තල්ලු කරන්නේ, 2008න් මෙපිට ගැඹුරුවී ඇති ලාභ ගැරීමේ ක‍්‍රමයෙහි පද්ධතිමය අර්බුදයෙනි. එසේම තව තවත් පොහොසත් වීමේ සිය කෑදරකම සඳහා අර්බුදය ගසාකෑමට ගෝලීය මූල්‍ය කතිපයාධිකාරය දරන වෑයමෙනි. මේ අන්තයේදී සෑම ආන්ඩුවක්ම, තමන්ගේ නිල මතය කුමක් වුවත්, සිය හාම්පුතුන්ගේ බලපෑම යටතේ, වැඩකරන ජනතාවගේ රැකියා, ජීවන තත්වයන් හා සමාජ අයිතීන්ට දරුනු ලෙස ප‍්‍රහාර එල්ල කිරීම කරා ඇදී යති.

සමාජ ප‍්‍රතිරෝධය වැඩී යද්දී, බලයේ සිටින නිලධාරීන්ගේ හෝ මාධ්‍යවල කිසිදු සැලකිය යුතු විරුද්ධත්වයකින් තොරව, මිලිටරි හා ඔත්තු අංශවල පුද්ගලයින්ගේ ආඥාදායක පියවර සඳහා වන සූදානම ද ඉහල නගියි.

ප‍්‍රජාතන්ත‍්‍රය සුරැකීම සමග කප්පාදු, මිලිටරිවාදය හා යුද්ධය පෑහෙන්නේ නැත. කම්කරු පන්තියට ආඥාදායකත්වයේ තර්ජනයට පිලිතුරු දිය හැක්කේ, දේශපාලන බලය සඳහා අරගලයට කැපවූ නව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වයක් ගොඩනැගීම තුලින් පමනි.

ක‍්‍රිස් මාස්ඩන්

Share this article: