ඇමරිකානු මාධ්‍ය රුසියාවට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට තහනම් උත්තේජක පිලිබඳ වාර්තාව ඩැහැ ගනී

US media seize on doping report to deepen offensive against Russia

තෝමස් ගේස්ට් විසිනි, 2015 නොවැම්බර් 12

නීති විරෝධී තහනම් උත්තේජක ගැනීම විශාල වශයෙන් උල්ලංඝනය කර තිබීම පිලිබඳව රුසියානු ආයතන හා ක්‍රීඩකයින්ට චෝදනා කරමින්, ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA - වාඩා) බදාදා නිකුත් කල පිටු 300කට වැඩි වාර්තාවක්, බටහිර ආන්ඩු හා මාධ්‍ය විසින් ගෙනයනු ලබන රුසියානු විරෝධී ප්‍රචාරයේ තවත් උසිගැන්වීමක් සඳහා ක්ෂනික අවස්ථාවක් සලසාදී ඇත.

වාර්තාව පල කරන ලද්දේ, ජාත්‍යන්තර ඔලික්පික් කමිටු හිටපු සාමාජික රිචඩ් පවුන්ඩ් විසින් සභාපතිත්වය දරන සහ බටහිර ඔන්ටේරියෝ නීති විද්‍යාලයේ තනතුරක් දරන, කැනේඩියානු නීතිඥයෙකු මෙන් ම ශාස්ත්‍රාලිකයෙකු වන රිචඩ් මැක්ලරේන්, හා බැවේරියාවේ රාජ්‍ය අපරාධ පොලිස් කාර්යාලයේ ගන්ටර් යංගර් ද ඇතුලු වාඩාවට අනුබද්ධ, ස්වාධීන යැයි කියනු ලබන අනුමන්ඩලයක් විසිනි.

වාර්තාව ඉල්ලා සිටින්නේ රුසියාව තවදුරටත් හුදකලා කිරීම හා මේ වන විටත් ක්‍රියාත්මක වන සම්බාධක මඟින්ඇතිකර තිබෙන පීඩනය දැඩි කිරීම ඉලක්ක කෙරුනු දන්ඩන පියවරයන් ය. රියෝද ජනෙයිරෝවල පැවත්වීමට නියමිත ගිම්හාන ඔලික්පික් තරඟයට රුසියානු සහභාගිත්වය තහනම් කිරීම හා රුසියානු ක්‍රීඩකයින්ට හා කන්ඩායම්වලට එරෙහිව අනෙකුත් තහනම් ද මෙම පියවරයන්ට ඇතුලත් ය.

ප්‍රතිගාමී ජාතිකවාදී පුටින් තන්ත්‍රය හා රුසියානු මලල ක්‍රීඩා සංස්ථාපිතය වංචා කිරීමට සපුරා ම සමත් ය. කෙසේ නමුත්, වාර්තාව නිකුත් කෙරී ඇති වාතාවරනය සලකන කල, එය නිකුත් කරන අයගේ ස්වයං-ප්‍රේරිත දේශපාලන පෙලඹවීම් පැහදිලි විය යුතු අතර එහි අන්තර්ගතය සැලකිය යුත්තේ ප්‍රවේසමිනි, නැති නම් සම්පූර්න සැකයෙනි.

පසු ගිය වසර එකහමාර තිස්සේ ඇමරිකානු හා නේටෝ බලවතුන්, රුසියාව ඉලක්ක කරමින්, දැවන්ත ලෙස මිලිටරි බලය ගොඩනැඟීමේ හා මූලෝපායික පීඩනය උග්‍ර කිරීමේ උද්ඝෝෂනයක නියලී ඇති ඇතර රුසියානු ආර්ථිකය මත දන්ඩන සම්බාධක පටවමින් හා එහි දේශසීමාව ඔස්සේ හමුදා හා මිලිටරි ආම්පන්න ස්ථානගත කරමින් සිටියි.

ඇමරිකානු මාධ්‍යය 2014 වසන්තයේ දී රුසියාවට එරෙහිව ඇමරිකානු-නේටෝ යුද තල්ලුවක් සඳහා දෘෂ්ටිමය කඩතුරාවක් සැපයීම ඉලක්ක කර ගැනුනු පුලුල් ප්‍රහාරයක් ආරම්භ කලේ ය.

අතරමැදි කාලයේ දී, ඇමරිකානු පාලක ප්‍රභූව හඹායමින් සිටින ගෝලීය මිලිටරි න්‍යායපත්‍රයේ ප්‍රධාන දෘෂ්ටිමය ආවරනය ලෙස, “ඉස්ලාමීය ත්‍රස්තවාදය” වෙනුවට, “රුසියානු ආක්‍රමනිකත්වය” අදේශ කරනු ලැබින.

ඇමරිකාව හා ජර්මනිය මෙහෙය වූ සහ ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් ෆෙබරවාරි කුමන්ත්‍රනය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස ඉදිරිපත් කරමින් හා රුසියානු සමූහාන්ඩුවට ක්‍රිමියාව ඒකාබද්ධ කිරීම - ක්‍රිමියානු ජනතාවගේ පුළුල් ස්ථරයක් විසින් සහාය දෙන ලද හා කැමත්ත පල කල අවස්ථාවකි- මොස්කව් හි ඍජු ආක්‍රමනයක් හා අත්පත් කර ගැනීමක් ලෙස හංවඩු ගසන, යුක්‍රේන අර්බුදයේ මූලයන් හා වැදගත්කම වංචනික ලෙස වෙනස් කිරීමේ ක්‍රමානුකූල ව්‍යායාමයකට දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය හවුල් වී ඇත.

ඇමරිකානු මාධ්‍ය විසින් ඉදිරිපත් කරන වෘත්තාන්තය තුල, සීතල යුද්ධයට පසුව, පෙර නොවූ විරූ පරිමාවකින් බටහිර බලවතුන්ගේ මිලිටරි තල්ලුව හා සූදානම් වීම ගෙනහැර දක්වන්නේ, ජාත්‍යන්තර නීතිය හෙලා දැකීමට හා “නීති මත පාදක වන” ඇමරිකාවේ අධිකාරවත් ලෝක පර්යාය කනපිට හැරවීමට අධිෂ්ඨාන සහගත, රුසියානු ආන්ඩුවේ එකටෙක කිරීමේ හා ව්‍යාප්තවාදී න්‍යායපත්‍රයට එරෙහි, ආරක්ෂාකාරී ප්‍රතිචාරයක් ලෙස ය.

චෝදනා එල්ලවී ඇති පරිදි, රුසියාව ක්‍රීඩාවන්හිදී තහනම් උත්තේජක ගැනීම වටා ජාත්‍යන්තර සෝලියක හදිසි හා සැක කටයුතු පුපුරා යාම දැකිය යුතු ව ඇත්තේ මෙම සන්දර්භය තුල ය. පැහදිලිවම, වාඩා (WADA) වාර්තාව මොස්කෝවට එරෙහි මූල්‍ය, සංස්කෘතිමය හා ආයතනමය පීඩනය වේගවත් කිරීමේ වාහකය ලෙස සේවය කිරීමට නියමිත ය.

වොෂින්ටන් පෝස්ට් කතෘ මන්ඩලය ප්‍රකාශ කලේ, ඔලිම්පික් තහනම් කිරීම, “කුරිරු සම්බාධකයක් වන නමුත් ජාත්‍යන්තර සම්මතයන් පිලිබඳ රුසියාව අනුගමනය කල පිලිකුල් සහගත පරිභවයේ පරිමාව විසින් යුක්ති සහගත කෙරෙන එකක්”බව යි.

පහත් පෙලේ පුවත්පත්වලට ඔබින මෙම නරුම ප්‍රකාශ, රුසියානු ක්‍රීඩකයින් තහනම් උත්තේජක ගැනීම, සමකාලීන රුසියානු ආත්මයට උරුම අධිකාරීවාදී ගුනාංග වලට ආරෝපනය කෙරේ.

“ක්‍රීඩා පිලිබඳ සෝවියට් හා නැගෙනහිර යුරෝපීය කුප්‍රකට ඉතිහාසයට පසුබෑමක් විය හැකි, මෙම තත්වයට තුඩු දුන් රුසියාවේ මනෝ භාවය වනාහි, අනෙකුත් සෑම රටක් ම වංචා කරමින් සිටින බැවින් තමන් ද එසේ කිරීම යුක්ති සහගත බව සැලකීමක්” යයි පොස්ට් කතුවරු ලියති.

“සෑම රටකම ආයතන රුසියාවේ මෙන් ම දූෂිතය යන හිතුවක්කාරී දෘෂ්ටිය, ක්‍රෙම්ලින් ලෝක දෘෂ්ටියේ සුපුරුදු මුහුනත යි,” ඔවුහු තව දුරටත් පවසති.

තමන්ගේ දීර්ග වාර්තාවක් තුල නිව් යෝක් ටයිම්ස් පත්‍රය ඒ අයුරින් ම, ක්‍රියාකාරිත්වය ජවබල ගැන්වීමේ උත්තේජන යොදා ගැනීම, රටේ නායකයින්ගේ සාපරාධී ස්වභාවය පිලිගන්නාවූ, රුසියානුවන්ගේ ආවේනික සංස්කෘතිමය පූර්ව ලක්ෂනයන්ට සමාන කර යි.

“රුසියානු නිලධාරීන් වගකීමට මුහුන දෙන්නේ සුළු වශයෙනි, විශේෂයෙන් ම පුටින් මහතා උත්සාහ කර ඇත්තේ ඔහුගේ සහායකයින් ඕනෑ ම මහජන විරෝධයකට මුහුනපෑමෙන් වැලැක්වීමට ය. සූදුවේ අඳුරු ඓතිහාසික පූර්වාදර්ශ පවතී. සාර්ගේ කාලයේ සිට ඔවුන්ගේ නායකයා, ඔවුන්ගේ යහපත් උත්සුකයන් ආරක්ෂා කරනු ඇතැ යි රුසියානුවන්ට පවසා ඇති අතර දශක ගනනාවක් තිස්සේ ඔවුන් සූදානම් කර ඇත්තේ එම කාරනය කිසි දා ප්‍රශ්න නො කිරීමට ය” ටයිම්ස් තරයේ කියා සිටි යි.

“වාර්තාගත පුවත්පත” කියනු ලබන තහනම් උත්තේජන නීතිය උල්ලංගනය කිරීම, ස්ටැලින්වාදී අපරාධවලට සමාන කිරීමට උත්සාහ ගන්නේ, වාර්තාවේ හෙලිදරව් කිරීම් කෙරෙහි පොදුවේ රුසියානුවන් විසින් ප්‍රකාශ කරන ලද පුළුල් උදාසීනත්වය හා අපහාසය, සෝවියට් සංගමයේ පැවත්ම මගින්ම පෝෂනය කරන ලද නිරාචාර දෘෂ්ටීන්ගේ පිලිබිඹුවක් ලෙස හුවාදක්වමිනි.

“සදාචාරාත්මක ප්‍රශ්නවලට රුසියානු ප්‍රතිචාරය, රුසියායානු කාර්මිකකරනය හා දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහන පමනක් නො ව හිරගෙවල් තුල මිලියන ගනනාවකගේ මරන, බලහත්කාර සාමූහිකකරනය, විරේක කිරීම් හා දැවැන්ත පිටුවහල් කිරීම් අධීක්ෂනය කල ස්ටැලින්ගේ ජාතික ශ්‍රේෂ්ටත්වය සමග ඔවුන්ගේ සමීප බැඳීම් මඟින් සංකීර්නවී ඇතැයි” ටයිම්ස් පත්‍රය ලියයි.

පුටින්ට යක්ෂාවේශ ගැන්වීම සමස්තයක් වශයෙන් රුසියානු ජනතාව මතම පැටවීම සඳහා පැහදිලිව ම වර්ධනය කෙරමින් පවතින මෙම නින්දිත තර්ක, කුහකත්වයේ හා දේශපාලන ඓතිහාසික මුසාවේ ඉහල මට්ටමක් සලකුනු කර යි.

ක්‍රීඩාවේ අන්ත-වානීජකරනය හා පරිහානිය එක්සත් ජනපදයේ හැර වෙන කොතැනක වත් එතරම් ඉහලකට ලඟා වී නැත. ගිනිය නො හැකි තරම් තරුනයින් හා තරුනියන්ගේ සෞඛ්‍ය හා ජීවිත මෙම ඩොලර් බිලියන ගනන් වටිනා කර්මාන්තයේ කෑදර අභිලාෂයන් වෙනුවෙන් නිතිපතා පුද කෙරේ. ප්‍රධාන විද්‍යාල මෙන් ම, ඇතැම් ප්‍රාදේශීය උසස් විද්‍යාලවල ක්‍රීඩා පවා ලාභ ගරන්නන් විසින් දූෂනය කෙරී ඇත. තව ද මෑත කාලවල දී, මිලිටරිවාදී හා ජාතිකවාදී ආක්‍රමන සමග ක්‍රීඩාව එතරම් ඒකාබද්ධ වී ඇති වෙන තැනක් ඇත්තේ නැත.

එක්සත් ජනපදය පාපැදි ධාවක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් බිහි කල රට යි. 2013දී ලෝසවෙඅ සඳහන් කල පරිදි ඔහු, “පැහදිලිව ම පාපැදි ධාවනයේ දී කුඩා මාෆියා ආකෘතියක් ක්‍රියාවට දැමුවේය. ඇමරිකානු ක්‍රීඩාවට අන්තිම නරක කොල්ලකාරී ව්‍යවසාය හඳුන්වා දුන්නේය.” ලාභය සඳහා වන තල්ලුවෙන් නිර්මානය කෙරෙන අසාමාන්‍ය පීඩනය යටතේ ජවබල ගැන්වීමේ හා අනෙකුත් ආකාරයේ මත්ද්‍රව්‍ය ඇමරිකානු වෘත්තීය ක්‍රීඩා තුල ව්‍යාප්ත වීමට තුඩුදී ඇත.

දැන් ඇතිව තිබෙන කලබගෑනිය සමග එකතු වී ඇති පෝස්ට්, ටයිම්ස් හා බටහිර මාධ්‍ය තුල අනෙකුත් කන්ඩායම් නියැලී සිටින්නේ, තාර්කික හේතු දැක්වීමේ හෝ විවාදයේ නො ව, මොස්කෝව සමග අඛන්ඩ හා කුරිරු මිලිටරි-මූලෝපායික ගැටුම් අවුලුවන අපරීක්ෂාකාරී පාලක ප්‍රභූවේ හොරනෑ ලෙස ය.

Share this article: