අධිරාජ්‍යවාදය, දේශපාලන කුනුවීම සහ ධනවාදයේ නියම මුහුනුවර - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

අධිරාජ්‍යවාදය, දේශපාලන කුනුවීම සහ ධනවාදයේ නියම මුහුනුවර

Imperialism, political corruption and the real face of capitalism

2016 අපේ‍්‍රල් 6

දහස් ගනනක් ජනතාව රටේ අගනුවර දී විරෝධතා පැවැත්වීම නිසා අයිස්ලන්ත අගමැති සිග්මුන්ඩු ඩාවිඩ් ගුන්ලුසන් ට ඉල්ලා අස්වීමට බල කෙරුන විට “පැනමා ලියවිලි” එහි ප්‍රථම ගොදුර අඟහරුවාදා ප්‍රකාශයට පත් කලේ ය.

ගවේශනාත්මක මධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (අයිසීඅයිජේ) විසින් ඉරිදා නිකුත් කල ලියවිලි මගින් 2008 මුල්‍ය අර්බුදයෙන් පසුව අයිස්ලන්ත බැංකු වලට දුන් මුල්‍ය ආධාර මගින් ඔහුගේ පවුලේ අයට ලාබ උපයා ගැනීමට ඉඩසැලසු විදේශ ෂෙල් සමාගමක තිබෙන ඔහුගේ කොටස් මුදල් ගැන තොරතුරු එලිදරව් කිරීමට ගුන්ලුසන් අසමත් වූ බව අනාවරනය කලේ ය.

පෘථුල වන ගෝලීය සෝලිය එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ගිල ගැනීමට තර්ජනය කරයි. ඔහුගේ පියා ඉයන් කැමරොන් විදේශ සමාගමක කොටස් හිමිකර ගෙන තිබු බවට “පැනමා ලියවිලි” මත පදනම් වෙමින් ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර විසින් වාර්තා කිරීමෙන් පසු ඔහුගේ බදු වාර්තා ප්‍රසිද්ධ කල යුතු බවට ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් වලට කැමරොන් මුහුන දී සිටියි.

සෝලියේ හැරිමැද සිටින පැනමාවේ නීතිඥ සාමගමක් වන මොසැක් ෆොන්සෙකා දේශපාලනඥයන් ට සහ සුපිරි ධනවතුන් ට ඔවුන්ගේ මුදල් ආරක්‍ෂිත ව තැබීමට සහ ඒ සඳහා වන බදු මග හැරීමට උදව් කිරීමෙන් ඩොලර් මිලියන ගනනක් උපයාගෙන ඇත. එහි මෙහෙයුම් ලෝකයේ ප්‍රධාන “ප්‍රජාතන්ත්‍රවාදී රටවල” නායකයන්ගේ එදි’නෙදා ආර්ථික හා දේශපාලන ජීවිතයේ දී කරනු ලබන බදු පැහැර හැරීමේ, හොරෙන් මුදල් ඉපයීමේ ව්‍යාපෘති, දේශපාලන අල්ලස් වශයෙන් මුදල් ගැනීම, අයුතු ලාබ වලින් කරන මුදල් ඉපයීම් සම්බන්ධ පෘතුල භූමිකාව පිලිබඳ තෙස්තමෙන්තුවකි.

වර්තමානයේ බලයේ සිටින සහ හිටපු රාජ්‍ය නායකයන් 12 සහ ෆෝර්බස් සඟරාව විසින් නම් කල ලොව ධනවත් ම බිලියනපතියන් 500 අයත් 29 ද ඇතුලුව ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයන් 140 ගැන අයිසීඅයිජේ වාර්තාව ඉඟි කර ඇත.

ලියවිලි වලට අදාලව, සාපේක්ෂව ඇමරිකානුවන් කිහිපදෙනෙකු නම්කර ඇතත් මොසැක් ෆොන්සෙකා නීතිඥ සමාගම විසින් සම්පාදනය කල සේවාන් පිලිබඳව තොරතුරු ඩෙලවෙයාර් බඳු ස්වදේශීය බදු ක්ෂේමභුමි වලින් ලබා ගත හැකි බව විශේසඥයෝ මධ්‍ය වලට ප්‍රකාශ කලහ. එරට එක්තරා කුඩා ගොඩනැගිල්ලක් ෆොර්චුන් 500 සමාගම්වලට අයත් ඇපල් කොම්පියුටර්, කොකා-කෝලා, සහ ජේපීමෝර්ගන් ඇතුලු විවිධ ව්‍යාපාර 285,000 ක මෙන් ම වංචනික මුදල් උපයන්නන්ගේ, හොර බඩු ජාවාරම්කරුවන්ගේ හා මුල්‍ය අපරාධකරුවන්ගේ නාමික නිවහන වේ.

බදු පැහැර හැරීමට සහ හොරෙන් මුදල් ඉපයීමේ දසක ගනනාවක මෙහෙයුම් වලට පහසුකම් සපයා ඇති ප්‍රධාන මූල්‍ය ආයතන ගැන පෙන්නුම් කරන සුවිශාල ලියකියවිලි සහිත මූල්‍ය නියාමකයන්ට අයිසීඅයිජේ එලිදරව් කිරීම් එකකවත් පුදුමයක් නොවනු ඇත.

මෙක්සිකානු ඖෂද සමාගම් වෙනුවෙන් වංචනිකව ඉපයූ මුදල් ගැනීම සම්බන්ධව බ්‍රිතාන්‍යයේ එච්එස්බීසි බැංකුවට 2012 දී ඩොලර් බිලියන 1.9 දඩ ගැසුවේ ය. එහෙත් අයිසීඅයිජේ විසින් 2015 කල එලිදරව්වකට අනුව බැංකුව, ඒ හා සමාන මෙහෙයුම් බාධාවකින් තොර ව දිගටම කරගෙන ගිය බව සඳහන් වේ. මුඛ්‍ය වසයෙන් ම එහි ස්විස් පුද්ගලික බැංකුව පවත්වාගෙන ගියේ සිය ධනවත් සේවාදායකයන් ට බදු පැහැර හැරීමට උපකාර පිනිස විදේශ නම් වලින් ඩොලර් ලක්ෂ ගනන් “ඇතිරීමට” අතදෙන බදු පැහැර හැරීමේ රහසිගත සේවාවක් ලෙස ය.

අයිසීඅයිජේ එලිදරව් කිරීම් ඉස්මත්තට එන්නේ සෝලිය තුල ඉඟි කර ඇති කැමරොන් ඇතුලු දේශපාලනඥයන් අත්‍යාවශය සමාජ සේවාවන් සඳහා වියදම් කිරීමට මුදල් නැතයි අවධාරනය කරන තතු තුල ය. වඩාත් නරක අතට හැරෙන දරිද්‍රතාවය සහ සමාජ අයිතීන් අහිමි කිරීම පිලිගත යුතු යැයි කම්කරු පන්තියට කියන අතර ජාත්‍යන්තර මුල්‍ය ප්‍රභුව සහ අල්ලසට ගත් ඔවුන්ගේ දේශපාලන හෙන්චයියන් ට මුල්‍ය නියාමකයන්ගේ අනුදැනුම ඇතිව විදේශ ක්ෂේමභුමිවල ඔවුන්ගේ ධනය රහසිගතව සැඟවීමට අවසර දී ඇත.

අධිරාජ්‍යවාදී යුගය “ මහා පරිමාන දුෂනය, අල්ලස සහ සියලු වර්ගවල වංචාවන් ගෙන් ගුනාංගීකරනය කෙරුන “නව මුල්‍ය කතිපයාධිපත්‍යයක” ට මඟ සලසන මුල්‍ය ප්‍රාග්ධනය විසින් ආධිපත්‍යය දරන යුගයක් ලෙස” රුසියානු විප්ලවවාදි ව්ලෑදිමීර් ලෙනින් විසින් විස්තර කරනු ලැබ දැන් සියවසක් ගත වී ඇත.

ලෙනින් විසින් විස්තර කරන ලද සංතතීන් එකල පැවතුනේ ලදරු අවස්ථාවේ ය. පසු කාලයේ දී ඒවා දැවැන්තව පරිනත වී හා ව්‍යාප්ත වී ඇත. සාපරාධී මුල්‍ය ප්‍රභුවක් සමපෙක්ෂනයෙන්, පරපුටුකමින් සහ කවර හෝ නෛතික බාධාවකින් තොර ව හිතාගත නොහැකි තරම් ධනය සොරකම් කරමින් ලෝක ආර්ථිකය බංකොලොත් කර ඇත.

දේශපාලන බලය, දැවැන්ත පුද්ගලික ධන ඒකරාශියට සහ මුල්‍ය ප්‍රභුවට ඇතුල් වීමට මාවතක් වන බව සමකාලීන ධනවාදය තුල සුලභ සත්‍යයක් බවට පත්ව තිබේ. මෙම මූලධර්මය ප්‍රයෝගිකව දැකීමට යමෙකු කල යුත්තේ 2016 එක්සත් ජනපද මැතිවරන දෙස යන්තම් බැල්මක් හෙලීම පමනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා තරඟ වදින හිලරි ක්ලින්ටන් සහ හිටපු ජනාධිපති ඇගේ සැමියා එකාබද්ධව 2008 මුල්‍ය බිඳ වැටීමෙන් පසුව ඩොලර් මිලියන 140 උපයාගෙන ඇත. මෙම ධනයෙන් සැලකිය යුතු කොටසක් ඇය උපයා ගත්තේ කථක ගාස්තු ලෙස ප්‍රධාන සංගත සහ බැංකු වලිනි. ඉහල ම ආදායම් ලාභීන් 0.1 ඇතුලත් වෙමින් රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්ව ගත වූ මාස 15 තුල පමනක් කථන ගාස්තු ලෙස ඇය ඩොලර් මිලියන 5 උපයා ගත්තා ය. ඇමරිකානු දේශපාලන ලෝකය තුල එවැනි ගෙවීම් නීත්‍යානුකුල අල්ලස් දීමක ට වැඩි යමක් නො වේ.

ක්ලින්ටන් පවුල විසින් ඩොලර් මිලියන 140 සාක්කුවේ දමා ගැනීම සහ තවත් මිලියන ගනනක් ඔවුන්ගේ ක්ලින්ටන් පදනමට වැක්කිරීම මුල්‍ය ප්‍රභුවට සැලසු සේවාට කල ගෙවීමකි.

මෙය අයිස් තට්ටුවේ තුඩ පමනි. හිලරි ක්ලින්ටන් සහ ඇගේ පවුල “එච්එස්බීසී ය ට සම්බන්ධ විවාදයට තුඩු දී ඇති ස්විස් බැංකුවේ සේවාදායකයන් වූ ධනවත් ආධාරකරුවන් ගෙන් ඩොලර් මිලියන 81 ක්” ලබා ගත් බව අයිඑස්අයිසි වාර්තා මත පාදක වෙමින් ගාර්ඩියන් 2015 පෙබරවාරි මාසයේ දී වාර්තා කලා ය.

අඟහරුවාදා සවස පල කල කතුවැකියක දී “මෙම දේශපාලනඥයන්, ඒකාධිපතියන්, අපරාධකරුවන්, බිලියනපතියන් සහ සුප්‍රකට පුද්ගලයන් දැවැන්ත ධනයක් ගොඩගසා ගත්තේ සහ ඉක්බිතිව ඔවුන්ගේ අනන්‍යතාව හා වත්කම් සැඟවීම පිනිස ෂෙල් සමාගම් ජාලයක් නිර්මානය කර ගත්තේ කෙසේ ද? යැයි නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය වාචාල ලෙස අසයි.

පුවත් පත “සොරකම් කල ජාතික ධනය මහජනයාට නොපෙනී සඟවන දුෂිත දේශපාලකයන්ට තැනක් තිබෙන විට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ කලාපීය ස්ථාවරත්වයට අනතුරුදායක...හානියක් වීම” ගැන වැලපෙයි. “මෙම එලිදරව් කිරීම් වලින් පසුව වෙනසක් වනු ඇති ද” යැයි එය අසයි.

එහි වාචාල ප්‍රශ්නයට පිලිතුරු ටයිම්ස් පත්‍රය හොඳින් ම දනී. “පැනමා ලියවිලි” සඳහන් අපරාධ සිදුවී ඇත්තේ මුල්‍ය ප්‍රභුවේ පාලනයට නැතුව සිටින ආන්ඩු සහ මුල්‍ය නියාමකයන් සම කුමන්ත්‍රනකරුවන් ලෙස සේවය කරනවා මිස ගෝලීය මුල්‍ය කතිපයාධිපතියේ සාපරාධි ක්‍රියාකාරකම් වැලක් වීමට කටයුතු කරන්නේ නැත. මෙම තොරතුරු ධනපති ආන්ඩු අතට යනතාක් දුරට කිසිවක් වෙනස් නොවනු ඇත. අයිසීඅයිජේ නවතම වාර්තා එහි කලින් ඒවා මෙන් ම එයාකාරයට ම නිශ්චිත ව ම වල දමනු ඇත.

ධනවාදයේ බිලියනපති කතිපයාධිපතියන්ගේ, දුෂිත දේශපාලකයන්ගේ සහ අපරාධකාරී විධායක නිලධාරීන්ගේ අශ්ව ඉස්තාලය සුද්ධ කිරීමේ කර්තව්‍ය සඳහා වර්තමාන සමාජ පර්යායට එරෙහිව කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම ඉල්ලා සිටියි. “පැනමා ලියවිලි” මූලික යතාර්ථයක් ප්‍රදර්ශනය කරයි: පරපුටුකම . සපරාධිකම සහ දුෂිතකම ධනවාදයේ මුහුන මත සිටින ඉන්නන් නො වේ; ඒවා ධනවාදයේම මුහුනුවර වන්නේ ය.

ඇන්ඩ්‍රී ඩේමෝන්

Share this article: