ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති වතු කම්රුවන් මත අඳ ගොවි ක‍්‍රමය පැටවීමට එකඟ වෙති

Sri Lankan unions agree to impose share-cropper system on plantation workers

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 15

මෑත දී අත්සන් කල නව සාමුහික ගිවිසුම හරහා ඉදිරි දෙවසර තුල වතු කම්කරුවන් අඳ ගොවීන් හා සමාන තත්වයකට ඇද දැමීම සූදානම් කිරීමේ වගකීම වෘත්තීය සමිති විසින් බාර ගනු ලැබ ඇත.

මෙය, දසක ගනනාවක අරගල මගින් දිනා ගත් මූලික අයිතීන් උදුරා ගැනෙන 200.000 ට වැඩි ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ප‍්‍රධාන කොටසකට එල්ල කරන ප‍්‍රමුඛ ප‍්‍රහාරයකි.

දෛනික වැටුප රුපියල් 1000 දක්වා රුපියල් 380 න් වැඩිකරන ලෙස ඉල්ලා දස දහස් ගනනක් කම්කරුවන් මාසයකට ආසන්න කාලයක් ගෙන ගිය විරෝධතාවයන් නොතකා වතු වෘත්තීය සමිති ඔක්තෝබර් 18 වෙනිදා නව ගිවිසුම අත්සන් කලහ. කවර හෝ වැඩ වේගවත් කිරීමක ට ද කම්කරුවෝ විරුද්ධ වුහ.

වෘත්තීය සමිති ගිවිසුමේ විස්තර සහිත ගැසට් පත‍්‍රිකාව නොවැම්බර් අග වෙන තුරු ලබා ගත නොහැකි විය. ගිවිසුම අත්සන් කරනු ලැබුවේ පාලක එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඩබ්ලිව්යූ) ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) විසිනි.

වර්තමාන ආන්ඩුවේ පාර්ශවකරුවන් වන ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්*, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු සංගමය (ඞීඩබ්ලිව්යූ* සහ කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්* ගිවිසුම ක‍්‍රියාවට දැමීමට සහයෝගය දීමට පොරොන්දු වූහ.

ගිවිසුමට අනුව තේ සහ රබර් කම්කරුවන්ගේ දෛනික වැටුප සියලූ දීමනා සහිත වැඩි වන්නේ රුපියල් 620 සිට 730 දක්වා රුපියල් 110 ක සොච්චමකිනි.

වැඩ වේගවත් කිරීමේ කොන්දේශි ද ගිවිසුමට ඇතුලත් කර ඇත. එක ප‍්‍රධාන වගන්තියකට අනුව වර්තමාන ”වැඩ ප‍්‍රමානයන්/ඉලක්කයන් පසුගිය ක‍්‍රියාකාරකම් මත පදනම් ව වතු මට්ටමේ වෘත්තීය සමිති ක‍්‍රියාකාරී කමිටුවල උපදෙස් හා එකඟතාවය ඇතිව” ඉහල දැමිය හැකිය.

ගිවිසුම තුල එය පැහැදිලි කර නැතත් මෙම වගන්තියෙන් අදහස් කෙරෙන්නේ ඉහල වැඩ ඉලක්කයන් කම්කරුවන් මත පැටවීමට පෙරාතුව සමාගම් පරිපාලනය සමග සාකච්ඡුා කිරීම පිනිස එක් එක් වත්තේ වෘත්තීය සමිති ශාඛා විසින් නිල වශයෙන් ”ක‍්‍රියාකාරී කමිටු” පිහිටුවනු ලබයි. මෙම ඊනියා ක‍්‍රියාකාරී කමිටු කම්කරුවන් විසින් තෝරා පත්කර ගන්න ඒවා නොවේ. ඒවා ඉහල වැඩ ඉලක්කයන් බලහත්කාරයෙන් කම්කරුවන් මත පැටවීමේ කාර්මික පොලීසියක් ලෙස වැඩ කරන වතු මට්ටමේ වෘත්තීය සමිති නිලධරයේ එකතුවකි.

මෙම සැලැස්මේ ප‍්‍රධාන එල්ලය වන්නේ අඳ ගොවි ක‍්‍රමය සඳහා අවශ්‍ය පදනම සැකසීමය.

තුන්වන වගන්තිය මෙසේ කියයි ”ඊලඟ ගිවිසුම හරහා ආදායම් බෙදීම/ කොන්ත‍්‍රාත් වගාකරු මත පාදක වූ ආදී ක‍්‍රම මගින් නිෂ්පාදන පලදායිතාවට සම්බන්ධ කෙරුන වැටුප් ක‍්‍රමයකට මාරුවීමෙන් කර්මාන්තයේ සහ වතු මට්ටමින් නිශ්පාදන පලදායිත්වය වැඩි කිරීම සඳහා සහයෝගය දීමට වෘත්තීය සමිති එකඟ වෙති. මෙම අරමුන ක‍්‍රියාවට දැමීම සඳහා ඉහත සඳහන් ක‍්‍රම ක‍්‍රියාවට දැමීමේ ක‍්‍රමවේදයන් ගැන මෙම ගිවිසුම බලපවත්වන කාලය තුල රැුස්වී සාකච්ඡුා කිරීමට අදාල පාර්ශවයන් එකඟ වූහ.”

මෙම ”ආදායම් බෙදීමේ/ කොන්ත‍්‍රාත් වගාකරු ක‍්‍රමය” හාම්පුතුන් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය විසින් කලින් ගිවිසුම අවලංගු වූ 2015 මාර්තු මාසයේ සිට අවධාරනය කල යෝජනාව විය.

මාස 18 පසුව මෙම නව සූරාකෑමේ ක‍්‍රමය සඳහා වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය ලබා ගැනීමට සංගම් වලට හැකිවී ඇත. ඇත්ත වශයෙන් ම වෘත්තීය සමිති මුල සිටම සමාගම්වල යෝජනාවට සහයෝගය දුන්නෝය. ඔවුන්ගේ එකම උත්සුකය වූයේ කෙටිකාලීන සොච්චම් වැටුප් වැඩිවීමක් මගින් කම්කරුවන්ගේ විරුද්ධත්වය දුර්වල කොට අවමන්ගත කිරීමය.

නව ක‍්‍රමය යටතේ තේ පඳුරු 1000 හෝ ඊට වැඩි සංඛ්‍යාවක නඩත්තුව පවරනු ලබයි. සමාගම පොහොර සහ කෘෂිරසායන ඇතුලූ අනෙකුත් අවශ්‍ය දේවල් සපයයි. මෙම සැපයුම් වල වියදම අඩුකිරීමෙන් පසු නෙලන අස්වැන්නට අනුව කම්කරුවන්ට ඔවුන්ගේ ”ආදායම් පංගුව” ලැබෙයි. පවතින අර්ථසාදක අරමුදල හා සේවක භාරකාර අරමුදල වැනි විශ‍්‍රාමික ගෙවීම් ඔවුන්ට අහිමිවේ.

2018 දක්වා ඊලඟ වසර දෙක වෘත්තීය සමිති සහ ඔවුන්ගේ බොරු ක‍්‍රියාකාරී කමිටු විසින් ඉහල වැඩ ඉලක්කයන් ක‍්‍රියාවට දැමීමට හා වතුවල වර්තමාන කොන්දේසි පරිවර්තනය කිරීමට උත්සාහ කරන අන්තර්කාලීන කාලපරිච්චේදයක් වනු ඇත. කම්කරුවන් සමාගම් වෙනුවෙන් ඉඩම් කැබලි රැුකබලා ගන්නා පුද්ගලයින් බවට ඌනනය කර ඔවුන්ගේ සංවිධාන ශක්තිය අනුවලට කඩා විසුරවා හරිනු ඇත.

ගැඹුරු වන ලෝක ආර්ථික අවපාතයේ ප‍්‍රතිපලයක් ලෙස රබර් සහ තේවල මිල වෙලඳපොල තියුනු ලෙස කඩා වැටීමකට ආන්ඩුව සහ සමාගම් මුහුන දී සිටිති. විශේෂයෙන් ම තේ සමාගම් ඉන්දියාව, කෙන්යාව, වියට්නාමය හා චීනය ඇතුලූ සෙසු තේ නිපදවන රටවල් සමග බෙලි විකා ගන්නා තරගයක නිරතව සිටිති. ශ‍්‍රම වියදම අඩුකිරීමෙන් හා කම්කරුවන් සූරාකෑම තීව‍්‍ර කිරීමෙන් ලාබ රැුක ගැනීමේ මංමුලා සහගත ප‍්‍රයත්නයකය සමාගම් යෙදී සිටින්නේ.

සමාගම් විසින් එල්ල කරනු ලබන මෙම ප‍්‍රහාරයට ආන්ඩුව මුලූමනින් ම සහය දෙයි. ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ”නව ප‍්‍රාග්ධනය එන්නත් කිරීමෙන් හා කාර්යක්ෂම ව්‍යාපාරයන් හඳුන්වාදීමෙන් ප‍්‍රාදේශීය වතු සමාගම් ප‍්‍රතිව්‍යුහකරනය කරන” බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ සපත කලේ ය.

”පාඩු ලබන වතු” වසා දමා ඒවා වෙනත් ව්‍යාපර බවට පරිවර්තනය කිරීමට ද ආන්ඩුව උත්සාහ කරමින් සිටී. වතු දිස්ත‍්‍රික්ක වල නිදහස් වෙලඳ කලාප පිහිටුවීම ද ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයේ ඇත.

මෙම ව්‍යාපෘති සහ සැලසුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ නිර්දේශවලට අනුව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ හා මහව්‍යාපාරිකයේ උත්සුකතාවයන්ට ගැලපෙන පරිදි ”ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ” ආන්ඩුවේ ප‍්‍රයත්නයන්ගේ කොටසකි.

සහයෝගයෙන් වැඩ කිරීමට වෘත්තීය සමිති මුලූමනින් ම සුදානම්ය. සාමූහික ගිවිසුමේ 7 වන වගන්තියට අනුව ”වතුවල කාර්යක්ෂමතාවය හා නිෂ්පාදන පලදායිතවය වැඩි දියුනු කිරීමට හා වැඩ කිරීමේ දී මතුවන ගැටලූ වතු මට්ටමින් සුහදව විසඳා ගැනීමේ සාකච්චා ධෛර්යමත් කිරීමට” වෘත්තීය සමිති සහ සමාගම් එකඟ වේ.

වෘත්තීය සමිති වල කැපවීම ”වතුවල කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන පලදායිත්වය වැඩි දියුනු කිරීමට” ය. ඔවුන් ”වතු මට්ටමේ සුහදත්වයේ” නමින් කම්කරුවන් මර්දනය කිරීමට ක‍්‍රියා කරනු ඇත.

ගිවිසුම අත්සන් කල වහාම සමාගම් වැඩ ඉලක්කයන් ඉහල දැමීම ආරම්භ කලහ. දෛනික තේ දලූ නෙලීම කිලෝ දෙකකින් ඉහල දැමීමට විරුද්ධව නුවර එලිය දිස්ත‍්‍රික්කයේ ඞීසයිඞ්, බැල්මොරල්, ආගරපතන සහ ෆෝඩයිස් වතුවල කම්කරුවෝ වැඩ නතර කර විරුද්ධත්වය ප‍්‍රකාශ කලහ.

මෙම විරෝධතාවන්ට සතුරු වෙමින් හා නව වැඩ ඉලක්කයන් ක‍්‍රියාවට දැමීමට සමාගම් වලට ඉඩ සලසමින් වෘත්තීය සමිති ද නව ගැම්මකින් කාර්මික පොලිස්කාරකම පටන් ගත්තේය.

වතු කර්මාන්තයේ අර්බුදය කම්කරුවන්ගේ කර මත පැටවීමට වෘත්තීය සමිති, සමාගම් සහ ආන්ඩුව කුමන්ත‍්‍රනය කරමින් සිටින බව සමාජවාදී සමානත පක්ෂය (සසප* අරගලය තුල දිගටම කම්කරුවන්ට අනතුරු ඇඟවීය. මෙම අනතුරු ඇඟවීම සනාත වී ඇත.

වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන විරෝධය වෘත්තීය සමිතිවලට විරුද්ධ කැරැල්ලක් ඇඟවුම් කරයි. එහෙත් එය පමනක් නොසෑහෙයි.

කම්කරුවන්ගේ අයිතීන් පැහැර ගන්න හා ඔවුන්ගේ සංවිධාන ශක්තිය දියකර දමන රුදුරු ”ආදායම් බෙදීමේ/ කොන්ත‍්‍රාත් වගාකරුගේ” ක‍්‍රමයට කම්කරුවන් විරුද්ධ විය යුතු ය. මෙම ව්‍යාපෘතිය යෝජනා කිරීම මගින් ආන්ඩුව සහ සමාගම් ලාබ මිරිකා ගන්න ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදයේ ගැඹුර විදහා දක්වා ඇත.

මෙම ප‍්‍රහාරවලට විරුද්ධව සටන් කිරීමට කම්කරුවන් සුදානම් විය යුතු ය. රැුකියා සුරක්ෂිතභාවය, යහපත් මාසික වැටුපක්, විශ‍්‍රාම වැටුප් ව්‍යපෘති, පහසුකම් සහිත නිවාස, වෛද්‍ය පහසුකම් හා හොඳ අධ්‍යාපනයක් ඔවුන්ට අවශ්‍යය.

මෙම අරගලය මහාව්‍යාපාරිකයන්ගේ පොලිසීයක් බවට පත්වී සිටින වෘත්තීය සමිතිවලින් බිඳීමක් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සමාගම්වල උවමනාවන්ට සේවය කරන ”ක‍්‍රියාකාරී කමිටු” ගොඩ නැගීමට වෘත්තීය සමිති පොරොන්දු වී ඇත.

මෙම සංවිධානවලට විරුද්ධව සිය අයිතීන් සඳහා සටන් කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාපත් කර ගත් හා වෘත්තීය සමිතිවලින් මුලූමනින් ම ස්වාධීන වූ තමන්ගේම ක‍්‍රියාකාරී කමිටු කම්කරුවන් විසින් ගොඩ නගා ගත යුතු ය. හැටන් අප්කොට් හි ඞීසයිඞ් වත්තේ කම්කරු කන්ඩායමක් එවන් ක‍්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට ආරම්භකත්වය ගෙන ඇත. මෙය අනුගමනය කරන ලෙස සසප සියලූ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ආන්ඩුවේ පිටුබලය ලබන සමාගම්වල ප‍්‍රහාරයන් ට විරුද්ධව සටන් කිරීම සඳහා තමන් මෙන් ම සමාන ප‍්‍රශ්න වලට මුහුන දී සිටින සෙසු කම්කරු කොටස් වෙතට වතු කම්කරුවන්ගේ ක‍්‍රියාකාරී කමිටු හැරිය යුතු අතර ප‍්‍රධාන කර්මාන්ත සහ වතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කරන සමාජවාදී පිලිවෙත්වලට සටන් කල යුතු ය.

එවන් වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දැමිය හැක්කේ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනි. මෙම පිලිවෙත් සඳහා සටන් කිරීමට ධනපති පන්තියේ සියලූ කන්ඩායම්වලින් ස්වාධීන කම්කරු පන්තියේ හැම කොටසක් ම ඒකාබද්ධ කිරීම කම්කරු පන්තිය ඉදිරියේ ඇති හදිසි කර්තව්‍ය වේ. මෙම ක‍්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්නේ සසප පමනි.

සසප සහ ඞීසයිඞ් ක‍්‍රියාකාරී කමිටුව එකාබද්ධව සංවිධානය කරන අප්කොට් හි හින්දු සංස්කෘතික ශාලාවේ දෙසැම්බර් 18 වෙනිදා සවස 2 ට පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැුස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: