හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ සසජාතශි ප්‍රකාශය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ සසජාතශි ප්‍රකාශය

IYSSE statement on the student parliament vote at Humboldt University

ජර්මානු සසජාතශි විසිනි. 2016 ජනවාරි 22

මේ සතියේ පැවති හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නිලවරනයේදී සසජාතශි වෙත ඡන්දය ලබාදුන් සහ අපගේ වැඩවල අර්ථභාරී බව බලගතු ලෙස සථිර කල සැමට අපගේ ස්තුතිය පිරිනමන්නෙමු. මෙම ප්‍රතිඵලය, මිලිටරිවාදයට විරුද්ධව අපගේ අරගලය අඛන්ඩව ඉදිරියට ගෙනයාමට හා වඩාත් දැඩි කිරීමට දුන් පැහැදිලි වරමකි.

පසුගිය මාසවල හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ සසජාතශි කන්ඩායම සිය වැඩවල හරි මැද, ජර්මානු මිලිටරිවාදයේ නැගීමට එරෙහි අරගලය පිහිටුවා ගත්තේ ය. අපි රැස්වීම් මාලාවක් සහ ලිපි ගනනාවක් ඇසුරෙන්, නව යුද්ධයකට සැරසෙන ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධ යටගැසීමට හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ ජෝර්ග් බබරොස්කි සහ හර්ෆ්‍රිඩ් මුන්ක්ලර් වැනි මහාචාර්යවරුන් ක්‍රමානුකූලව දරන උත්සාහය පෙන්වාදී ඇත. හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලය යුද්ධයේ සහ සරනාගතයින්ට විරුද්ධ වර්ගවාදී ප්‍රකෝපකරනයන්ගේ දෘෂ්ටිවාදාත්මක කේන්ද්‍රයක් බවට පෙරලීමට අපි අධිෂ්ඨානශීලිව විරුද්ධ වූයෙමු.

මෙම වැඩකටයුතු පසුගිය සති කිහිපය තුල වඩාත් වැදගත් තැනක් අත්කරගෙන ඇත. සිරියාවට කරන සිය මැදිහත්වීම් සමඟ ජර්මානු පාලක ප්‍රභූව මොනම මිලිටරි සීමාවක් හෝ අත්හැර දමා ඇති අතර දෛනික පදනමකින් ජර්මානු හමුදාව දැවැන්තව සන්නද්ධ කිරීමක සහ වැඩිදුර මිලිටරි මැදිහත්වීම්වල යෙදී සිටියි. ජර්මනියේ පුලුල් ආර්ථික ආශක්තයන් වෙනුවෙන් ජර්මන් සොල්දාදුවන් ලොවපුරා පිටත් කර හැරීමට නියමිත ය. ඒ අතරම වර්ගවාදය, ස්වෝත්තමවාදය සහ සරනාගතයින්ට එරෙහි ඉවබව නැති ප්‍රහාර ධනේශ්වර දේශපාලනයේ නොවෙන්කල හැකි මූලය බවට පත්ව ඇත.

විශ්වවිද්‍යාල නිලධාරීන් සසජාතශිතට එල්ලකල තර්ජන තුලින් බොහොමයක් සිසුන් තැතිගැන්මට ලක් නොවීම අතිශය අර්ථභාරි ය. අපගේ ඡන්ද තුන් ගුනයකින් වැඩි වීම, අපගේ රැස්වීමවල ප්‍රකාශයට පත්වූ ඉහල සහ සක්‍රීය සහභාගිත්වය සිසුන් සහ තරුනයන් අතර පුලුල් ස්ථරයක් යුද්ධය කරා තල්ලුවට සහ වැඩෙන වර්ගවාදයට දැඩි සේ විරුද්ධ වන බව පෙන්නුම් කරයි.

දැන් කලයුතු වන්නේ මෙම ඡන්ද සක්‍රීය සහයෝගය බවට හැරවීම යි. හම්බෝල්ඩ් සහ ජර්මනියේ අනෙකුත් විශ්වවිද්‍යාල ඇතුලුව ලොවපුරා විශ්වවිද්‍යාලවල සසජාතශි ගොඩනැගීමට සහය වන මෙන් අප සිසුන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. විශ්වවිද්‍යාල යුද්ධයේ සහ මිලිටරිවාදයේ දෘෂ්ටිවාදී චින්තන පර්ෂද බවට පත්වීමෙන් වලක්වන්න! ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක් වන්න!

Share this article: