ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති වැටුප් අරගලය යටපත් කරයි

Sri Lanka: Plantation unions suppress struggle for wage rise

එම්. දේවරාජා සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 පෙබරවාරි 06

වැටුප් වැඩිවීමක් දීමට නොහැකි යැයි වතු සමාගම් විසින් යලි යලිත් අවධාරනය කරද්දී ත් සාධාරන වැටුප් වැඩි වීමක් සඳහා කම්කරුවන් විසින් කවර හෝ අරගලයක් කරනු ලැබීම වැලක්වීමට වතු වෘත්තීය සමිති හැම උත්සාහයක් ම දරමින් සිටිති.

වතු සමාගම් සමග අත්සන් කරනු ලබන නව සාමුහික ගිවිසුමේ කොටසක් ලෙස මාසයකට රුපියල් 2,500 වැටුප් වැඩි වීමක් දෙන ලෙස සමාගම් වලට නියෝග කිරීමට ආන්ඩුව මැදිහත් වන බවට ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) සහ කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලූ වෘත්තීය සමිති විසින් මිත්‍යාවක් පතුරවනු ලබයි.

මෙම වැටුප් වැඩිවීම ලැබුනත් මාසයකට ඔවුන් වැඩකරන දින 25 සඳහා කම්කරුවන් ට දිනකට ලැඛෙන්නේ රුපියල් සියයක වැටුප් වැඩිවීමක් පමනි. ඒ අනුව කම්කරුවෙකුගේ දෛනික වැටුප උපරිම වසයෙන් ඉහල යන්නේ රුපියල් 620 සිට 720 දක්වා ය. එය වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති ඉදිරිපත් කල ඉල්ලීමට ත් වඩා ඛෙහෙවින් අඩු මුදලකි.

රුපියල් 2,500 න් මාසික වැටුප වැඩි කිරීම ආන්ඩුව අමු අමුවේ මැතිවරන පොරොන්දු කඩ කිරීමකි. රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සියලුම කම්කරුවන්ගේ වැටුප් රුපියල් 10,000 වැඩි කරන බවට මෛත්‍රීපාල සිරිසේන සහ එකල විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය (එජාප) පොරොන්දු වුහ.

දීර්ග ප්‍රමාදයකින් පසුව වැඩ වර්ජනයක තර්ජනය යටතේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මාසික වැටුප අදියර තුනක දී රුපියල් 10,000 වැඩි කරන බව ආන්ඩුව අවසානයේ ප්‍රකාශ කලේ ය. පුද්ගලික අංශයේ මාසික වැටුප රුපියල් 2,500 වැඩි කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවට පොරොන්දු වූ නමුත් තවමත් එය කර නැත. ආන්ඩුව එවැනි පනතක් සම්මත කලත් වතු හෝ සෙසු පුද්ගලික සමාගම් යෝජිත වැටුප් වැඩිවීම ක්‍රියාවට දමන බවට කිසිදු සහතිකයක් ද නැත.

සාධාරන වැටුප් වැඩි වීමක් සඳහා කවර හෝ අරගලයක් පැන නැගීම වැලක්වීම සඳහා ආන්ඩුව සහ වෘත්තීය සමිති හිස් මවා පෑම් සහ අමු බොරු ප්‍රචාරය කරති. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම සඳහා මහ භාන්ඩාගාරය මුදල් ගෙවන බව ඩීඩබ්ලිව්සී නායක සහ ආන්ඩුවේ ඇමතිවරයෙකු වන මනෝ ගනේෂන් ජනවාරි 15 ප්‍රකාශ කලේ ය. ඇත්ත වසයෙන් ම සිදුවෙමින් තිඛෙන්නේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අරමුදල් සැපයීම නොව; ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් යෝජිත කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ කොටසක් ලෙස රාජ්‍ය වියදම් කපා හැරීම ය.

සමාගම් වැටුප් වැඩි කිරීමට පියවර නොගත්තොත් වතු යලි රජයට පවරා ගන්නා බවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල දෙසැම්බර් මාසයේ ප්‍රකාශ කලේ ය. මෙම එජාප දේශපාලනඥයා ගේ ප්‍රකාශය කිසිවෙකුත් බැරෑරුම් ව නොසලකනු ඇත. දක්ෂිනාංශික හා මහ ව්‍යාපාරික ගැති පක්ෂයක් වන එජාපය 1992 වතු පුද්ගලීකරනයට වගකිව යුතු ය.

කිරිඇල්ලගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් රුපියල් 100කින් වැටුප් වැඩි කිරීමෙන් වාර්ෂික ව රුපියල් බිලියන 6 දැරිය නොහැකි අතිරේක මුදලක් සමාගම්වලට ගෙවීමට සිදුවන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කලේ ය.

වැවිලි කර්මාන්තය එහි “අඳුරුත ම පැයට” මුහුන දෙමින් සිටින බවත් “එවැනි තත්වයක් තුල ඉටුකල නොහැකි ඉල්ලීම් වලට දරදඬු ලෙස ඇලී ගැලී සිටීම ‘බිජු සියල්ල ම එකවර ලබා ගැනීම සඳහා කිකිලිය මැරීම’ වැනි අදුර දර්ශී පිලිවෙතක් අනුගමනය කිරීමක්” බව රාජදුරෙයි අවධාරනය කලේ ය. වැටුප් වැඩි කලොත් කර්මාන්තය “බිඳ වැටෙන” බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

වතු සමාගම් අවධාරනය කරන්නේ ලෝක තේ වෙලඳ පොලේ වැඩෙන අර්බුදයට කම්කරුවන් කර ගැසිය යුතු බව ය. අපනයන පහත වැටීමේ සහ තේ සහ රබර් නිපදවන කෙන්යාව, චීනය සහ ඉන්දියාව වැනි සෙසු රටවල් සමග තීව්‍ර වන තරඟයක ට ශ්‍රී ලංකාව මුහුන දී සිටී. වැවිලි සමාගම් 2014දී රුපියල් මිලියන 4,000 අලාභයක් ලැබූ බව රාජදුරෙයි සඳහන් කලේ ය.

දෛනික වැටුප් ක්‍රමය අහෝසි කර කම්කරුවන් දුක්ඛිත අඳ ගොවීන් බවට පරිවර්තනය කරන හා වතු සමාගම් වල අවශ්‍යතාවයන් ට යටත් කෙරුන ආදායම හෙවත් නිෂ්පාදන පලදායිතාවය පාදක කරගත් වැටුප් ක්‍රමයක් වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කර ඇත. මෙම ක්‍රමයට අනුව නඩත්තුව සහ අස්වනු නෙලීම සඳහා කම්කරුවෙකුට තේ පඳුරු 1,000 පමන සංඛ්‍යාවක් පවරනු ලබන අතර වියදම අඩු කිරීමෙන් පසු කම්කරුවාට ලැඛෙන්නේ තමන් නිෂ්පාදනය කල ආදායමෙන් සොච්චමකි.

වතු පුද්ගලීකරනයෙන් පසු වැවිලිකරුවන්ගේ සංගමය 13 ගුනයකින් වැටුප් වැඩි කර “බොහෝ පහසුකම්” සපයා ඇති බව රාජදුරෙයි ගේ ප්‍රකාශයේ සඳහන් කර ඇත. කෙසේ නමුත් කම්කරුවන්ට ලැඛෙන්නේ ඉහල යන ජීවන වියදමට නොසරිලන දරිද්‍රතා මට්ටමේ වැටුපකි. වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම දුප්පත් කොටස් වලින් එකකි.

වැඩ කරන දින ගනනින් සියයට 75 වැඩ කලොත් පමනක් කම්කරුවන්ගේ වර්තමාන දෛනික වැටුප වන රුපියල් 620 ගෙවනු ලබයි. එසේ නැතිනම් ඔවුන්ට ලැඛෙන්නේ රුපියල් 450 පමනි. අඩු කිරීම් වලින් පසුව ඔවුන්ගේ මාසික සාමාන්‍ය ආදායම රුපියල් 10,000 අඩු ය. නිදහස් දිනය, සිංහල-හින්දු අලුත් අවුරුදු දිනය සහ මැයි දිනය හැරුන විට ඔවුන් ට පඩි සහිත වාර්ෂික නිවාඩු හෝ අසනීප නිවාඩු නැත.

වතු හා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානමූර්ති මෑත දී ඉදිරිපත් කල වාර්තාවකට අනුව වතු කම්කරුවෝ “ඉතාමත් ම අඩු ආදායමක් සහිතව, ප්‍රමානවත් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබසාදන පහසුකම් වලින් තොරව හා නවීකරනය නොකල තදබද වූ නිවාසවල” ජීවත් වෙති.

“වතු අංශයේ ජනගහන දරිද්‍රතා අනුපාතය ජාතික සාමාන්‍යය වන සියයට 6.7 ඉක්මවා යමින් සියයට 10.9 අනතුරු අඟවන මට්ටමක පවතී. වයස අවුරුදු පහට අඩු බර අඩු ලමයින්ගේ ප්‍රතිශතය සියයට 30 වන අතර ලදරු මරන ප්‍රතිශතය උපත් 1000 ට 29 තරම් ඉහල ය. පිරිසිදු පානීය ජලය හා ආරක්ෂිත වැසිකිලි පහසුකම් ඇත්තේ පිලිවෙලින් සියයට 52 ට හා සියයට 73 ට පමනක්.” බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මෑත දී අපනයන ආදායම පහත වැටෙන තුරු තේ සමාගම් විශාල ලාබයක් ලැබූ අතර දැනුදු තවමත් සැලකිය යුතු ලාබයක් උපයයි. උදාහරන වසයෙන් වටවල, ඇල්පිටිය හා හේලීස් වතු සමාගම් 2014 සහ 2015 වසර වල පිලිවෙලින් රුපියල් මිලියන 888, 811 සහ 219 ක් ලාබ ඉපැයී ය.

වතු සමාගම් කිසිදු වැටුප් වැඩිවීමක් දීම ගැන සලකා බැලීම පවා ප්‍රතික්ෂේප කිරීම ඇඟවුම් කරන්නේ ලාබ පද්ධතියේ අඛන්ඩ පැවැත්ම සමග කම්කරු පන්තියේ අතිමූලික උවමනාවන් නො පෑහෙන බවය. සාධාරන වැටුපක් සහ යහපත් වැඩ කොන්දේසි සඳහා කම්කරුවන්ගේ අරගලය වතු සමාගම් වලට පමනක් නොව, ඔවුන්ගේ සේවකයන් ලෙස ක්‍රියාත්මක වන ආන්ඩුවට සහ වෘත්තීය සමිති වලට ද එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් කල යුතු ය.

Share this article: