එඩ්වඩ් ස්නෝඩන් අල්ලා ගැනීමට සීඅයිඒ සංවිධානය පිටුවහල් කිරීමේ මෙහෙයුමක් සැලැසුම් කර යි

CIA planned rendition operation to kidnap Edward Snowden

තෝමස් ගේට්ස් විසිනි , 2016 ජනවාරි 30

ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ)නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී මහජන ඔත්තු බැලීම හෙලි කල, එඩ්වඩ් ස්නෝඩන් පැහර ගැනීමට, එක්සත් ජනපද මධ්‍යම ඔත්තුසේවා ඒජන්සිය (සීඅයිඒ) සූදානම් බව, ඩෙන්මාර්ක් මාධ්‍ය ජාලයක් වන ඩෙන්ෆ්‍රි විසින් ලබා ගත් ලියවිලි වලින් පෙන්වා දෙයි.

යුරෝපීය රටවල් කීපයක් හරහා යන විට ස්නෝඩන් ඇල්ලීමට නියෝග බලාපොරොත්තුවෙන්, ඇමරිකානු ඔත්තුසේවාව, කෝපන්හේගන් හී ගුවන් යානයක් හා පැරා මිලිටරි කන්ඩායමක් රඳවා තිබෙන බව ඉන් කියැවේ. ඩෙන්ෆ්‍රි විසින් ඒවා ලබා ගෙන ඇත්තේ, 2015 අගොස්තුවේ තොරතුරු දැනගැනීමේ නිදහස පිලිබඳ පනතට අදාල නඩුවක මාර්ගයෙනි.

සීඅයිඒ යානයක් තීබීම 2014දී පලමු වරට වාර්තා කරන ලද්දේ ද රෙජිස්ටර් වෙබ් අඩවිය විසිනි. අංක එන් 977ජීඒ යටතේ ලියාපදිංචි කෙරුනු ගල්ෆ්ස්ට්‍රීම් වී ලෙස ගුවන් යානය හඳුනා ගැනුනි. ඊට පෙර ගුවන් යානය යෙදා ගෙන තිබුනේ යුරෝපය පුරා වද කඳවරුවලට සීඑයිඒ සිරකරුවන් ප්‍රවාහනය කිරීමට ය, 9/11 සිට මෙම කඳවරු ගොඩනගන ල්දේ රහසිගත සීඅයිඒ බන්ධනාගාර ව්‍යාප්ත කිරීමේ ජාලයේ කොටසක් ලෙස ය.

ඩෙන්මාර්ක් ආන්ඩුව හා පොලිස් නිලධාරීන් විශේෂයෙන් සඳහන් නො කෙරුනු “රාජ්‍ය අරමුනු සඳහා”කෝපන්හේගන් හි සීඅයිඒ යානය රැඳවීම අනුමත කල බව පෙන්වන මෙම අලුත් ම ලියවිලි, එම වාර්තාව ස්ථිරවම තහවුරු කරන බව පෙනේ. කාන්දුවුනු ආන්ඩු ලිපි වලින් එකක, ඇමරිකානු විමර්ශන නියෝජිතයින්ගේ ෆෙඩරල් බියුරෝව නෝර්වේ ආන්ඩුවෙන් ද සහයෝගය බලාපොරොත්තු වූයේ, නෝර්වේ, ෆින්ලන්ත ,ස්වීඩන් හෝ ඩෙන්මාර්කයට ස්නෝඩන් සංචාරය කරන බව දැනගත් වහා ම ඇමරිකානු ඒජන්සිවලට දැනුම් දිය යුතු යයි ඉල්ලමිනි.

යානයට නවාතැන් සැපයීමේ ඩෙන්මාර්ක් තීරනය, වොෂින්ටනයේ නීතිවිරෝධී පැහැරගැනීම් හා නඩු ඇසීම සඳහා චූදියන් වෙනත් රටවලට යැවීමේ ජාලය සමග කෝපන්හේගනය පවත්වා ගෙන යන වඩා පුලුල් සහයෝගයේ කොටසකි. ඩෙන්මාක් ආන්ඩුව උත්සාහ දරා ඇත්තේ, එහි භූමියේ සීඅයිඒ යානය රැඳවීම සම්බන්ධ සම්පූර්න රහස්‍යතාව රැකීමට ය.

“තොරතුරු ප්‍රසිද්ධ වුවහොත් ඇමරිකාව සමග ඩෙන්මාර්ක් සම්බන්ධතාවන්ට හානි විය හැකි” බව ඩෙන්මාක් අභ්‍යන්තර ඇමතිවරයා ඩෙන්ෆ්‍රි වෙබ් අඩවියට පැවසී ය.

ස්නෝඩන් අල්ලා ගැනීමට ඍජු කඩාපැනීමක් හා ඔහු බලහත්කාරයෙන් ඇමරිකානු අත්අඩංගුවට ගැනීම වොෂින්ටනය සැසුම් කලේ ය යන්න තතහවුරු වීම සිදුවන්නේ පුදුමයක් ලෙස නො වේ.

ඇමරිකානු පාලක පන්තියේ දෘෂ්ටියට අනුව ස්නෝඩන් පලමු පෙලේ මහජන හතුරෙකු වී ඇත්තේ , 2013 ගිම්හානයේ දී ඔහු ජාආඒ හා ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ඔත්තුසේවා වැඩසටහන් පිලිබඳ රහස් දත්ත නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමග ය. 2014 මැයි මස ජාආඒ අධ්‍යක්ෂගේ අදහස් දැක්වීමකට අනුව ස්නෝඩන් ආන්ඩුවේ රහස් ලියවිලි මිලියන 1ට වඩා බා ගෙන ගෙන ඇත.

ඇමරිකානු ආන්ඩුව පවත්වා ගෙන යන දැවන්ත සාපරාධී සෝදිසි ව්‍යාපාර හෙලිදරව් කිරීමේ “අපරාධය” වෙනුවෙන්, ස්නෝඩන් අප්‍රමාන මරන තර්ජන හා මඩගැසීම්වලට යටත් කරනු ලැබ ඇත්තේ ඇමරිකානු මාධ්‍යය හා දේශපාලන සංස්ථාපිතය විසිනි.

ස්නෝඩන් මූර්තිමත් කරන්නේ පවතින්නා වූ සමාජ පර්යායට වඩ වඩා හතුරු උගත් හා තාක්ෂනිකව පුහුනුව ලත් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නව පරම්පරාවකි. ලෝකය පුරා ආන්ඩු ඔහු ලුහු බැඳ ගොස් හා පලවා හැර ඇත්තේත්, දැන් සැබවින් ම ඔහු මොස්කව් හි පිටුවහල්ව ජීවත්වන්නෙත් ඒ නිසා ය, එහි ඔහුට තාවතාලික වීසා ලැබී ඇත්තේ, ඇමරිකාව ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමෙන් පසු, ඔහු දේශපාලන රැකවරනය පැතූ ඉක්වඩෝරයට යාමේ උත්සාහය නිෂ්ඵල වීමෙන් පසු, මොස්කව් ජාත්‍යන්තර ගුවන් පර්යන්තයේ සති ගනනාවක් ජීවත්වීමට බල කෙරී සිටීමෙන් පසු ය.

පෙනෙන විදියට යුරෝපයේ යම් කිසි තැනක අභිරහස් වද කඳවුරකට අකටයුතු හෙලි කරන්නා මාරු කර යැවීම අරමුනු කර ගත්, හදිසියේ අල්ලා කුදලා ගන්නා මෙහෙයුමක් ආකාරයෙන්, ස්නෝඩන්ට එරෙහි තර්ජනය සාර්ථක ලෙස නිම කිරීමට ඇමරිකානු පාලක ප්‍රභූව උත්සාහ දරන බවට දැන් ස්ථීර සාක්ෂි ඇත.

Share this article: