ඔබාමාගේ ඩ්‍රෝන් නියෝගය: රාජ්‍ය ඝාතන මෙහෙයුම ආයතනගත කිරීම

Obama’s drone order: Institutionalizing a state murder operation

2016 ජූලි 2

“ක්‍රියාකාරී සතුරු කටයුතු වලින් පිටස්තර” රටවල සිදු කරන ලද නීති විරෝධී ඩ්‍රෝන් මිසයිල ප්‍රහාර මඟින් සංහාරයට ලක් කරන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව පිලිබඳ “තක්සේරුවක් ඉදිරි සති කිහිපය තුල” ලබා දෙන්නේ යයි පොරොන්දු වීමෙන් මාස තුන හමාරකට පසුව ජූලි 1දා ඔබාමා පරිපාලනය නිකුත් කල සංඛ්‍යාව, විවිධාකාර ස්වාධීන විමර්ශන මඟින් ලේඛනගත කරන ලද සංඛ්‍යාවන්ගෙන් කුඩා කොටසක් පමනි.

ජාතික රහස් තොරතුරු සේවා අධ්‍යක්ෂ (ඩීඑන්අයි) කාර්යාලය විසින් කෙටුම්පත් කරන ලද මෙම වාර්තාව සමඟින් නිකුත් කරන ලද විධායක නියෝගය මගින් “සිවිල් මරන ඇතිවීමේ හැකියාව අඩු කිරීමට අනුගමනය කල හැකි හොඳ ම ක්‍රම” ක්‍රියාවේ යෙදීමට පොරොන්දු වීමට අමතර ව, ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙකු මරා දැමීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඇති අනුල්ලංඝනීය අයිතිය යලි සහතික කරයි.

සංගත කලමනාකාරීත්වයේ වියලි වචන ලැයිස්තුවෙන් උපුටාගෙන ඇත්තා වූ මෙන් ම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විධායක නියෝගය තුල තෙවරක් යොදා ඇත්තා වූ “හොඳ ම ක්‍රම” යන වචන අවධාරනය කරන්නේ, මිනීමරු සමාගම යොදා ගන්නා විධික්‍රම, ඇමරිකානු ධනපති රාජ්‍යය තුල පටිපාටිගත කෙරී ඇති හා ආයතනගත වී ඇති ආකාරය යි.

සීඅයිඒ හා පෙන්ටගන් ශිල්පීන්, වීඩියෝ තිර හරහා තමන් දැකගන්නා, සැතපුම් දහස් ගනන් ඈතක සිට විදින හෙල්ෆයර් මිසයිල ප්‍රහාරවලින් ඝාතනය වන සිවිල් වැසියන් ගනන අඩු කිරීමට කැප වන බව නරුම ලෙස කියාපාන නියෝගයක් සමඟින් ධවල මන්දිරය සිය ව්‍යාජ ගනන් හිලවු නිකුත් කලේ, මෙම සන්තතිය දිග දුර ගෙන යාමට යි.

ධවල මන්දිරය නිකුත් කල වාර්තාවට අනුව නව පිලිවෙත සැලසුම් කරනු ලැබ ඇත්තේ, “ත්‍රස්ත විරෝධී කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කල් පවත්නා නෛතික හා ප්‍රතිපත්තිමය නිර්මාපක වර්ධනය කිරීමට සහ එක්සත් ජනපද ත්‍රස්ත විරෝධී මෙහෙයුම් හා බලය භාවිතා කිරීම අවශ්‍ය වන අනෙකුත් මෙහෙයුම් ආයතනගත කිරීමට ත් වැඩි දියුනු කිරීමට ත්” ය.....

වෙනත් වචනවලින් කියතොත්, බලයේ සිටීමට තවත් යන්තම් මාස හයකටත් අඩු කාලයක් ඇති බැරැක් ඔබාමා, තම කුරිරු දේශපාලනික උරුමයේ මූලිකාංගයක් වන, විදේශිකයන් මෙන් ම එක්සත් ජනපද වැසියන් ද එක හා සමාන ලෙස දේශපාලනික ව ඝාතනයට ලක්කිරීම හෙවත් “ඝාතන ලැයිස්තු” සකසන හා “ඉලක්කගත ඝාතන” සංවිධානය කරන මූලස්ථානය බවට, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලය පරිවර්තනය කිරීම ගැන වගබලා ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටියි.

ඝාතක ප්‍රහාර දියත් කිරීමේදී මිලිටරියේ හැකියාව, සියයට 50කින් ඉහල දමන්නා වූ ඩ්‍රෝන් ප්‍රසාරන වැඩපිලිවෙලක් ක්‍රියාවේ යොදවා ඇති ඔබාමාගේ ධවල මන්දිරය, සීඅයිඒහි රහසිගත ඩ්‍රෝන් වැඩපිලිවෙල දිගට ම පවත්වා ගැනීමට අපේක්ෂා කරයි. ඔබාමාගෙන් පසුව ජනාධිපති තනතුරට පත්වීමට ඉදිරිපත් ව ඇති සියල්ලන් ඩ්‍රෝන් ඝාතන අනුමත කොට තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් සලකන කල ඇය, ඔබාමාගේ රාජ්‍ය ලේකම් වරිය ලෙස එම ඝාතනවලට අත්සන් කලාය.

හිතාමතා ඉලක්ක නො කල එහෙත් කුඩුපට්ටම්වී මිය යන මිනිසුන්, ගැහැනුන් හා ලමුන් නිසා මෙම ක්‍රියාදාමයට සිදුවන “අතිරේක හානිය” කෙරෙහි පල කරන ව්‍යාජ කනස්සල්ල වනාහි, කුරිරු මිනීමැරුම් ආවරනය කිරීමට යොදා ගන්නා ව්‍යාජ-මානවවාදී කවරයක් පමනි.

අතීතයේ ඔබාමාගේ ඩ්‍රෝන් ඝාතන ආරක්ෂා කර ඇති නිව් යෝක් ටයිම්ස් පත්‍රයට පවා, ඩීඑන්අයි කාර්යාලය 1දා දවල් විධායක නියෝගය හා මරන ගනන් හිලවු නිකුත් කරන ලද්දේ දීර්ඝ සති අන්ත නිවාඩු කාලයක බව සඳහන් කිරීමට බල කෙරුනි. සමීප මහජන නිරීක්ෂනයෙන් ගිලිහී යන්නේ යයි ආන්ඩුව අපේක්ෂා කරන මෙවැනි නිවාඩු කාලයන් වනාහි, නිවේදන නිකුත් කිරීමට සාම්ප්‍රදායික ව යොදා ගන්නා කාලයන් ය.

මෙම අවස්ථාවේ මෙය කරන ලද්දේ හොඳින් හිතා බලා ය. ඩීඑන්අයි කාර්යාලයෙන් නිකුත් කල තක්සේරුවට අනුව, “සක්‍රීය සතුරුකම් වලින් පිටස්තර”, එනම්, ඇෆ්ගනිස්තානය, ඉරාකය හා සිරියාව තුල කරන මහා පරිමාන ඝාතනවලින් පිටස්තර ව, ඔබාමා බලයට පත් වූ 2009 ජනවාරි සිට 2015 අවසානය දක්වා ඝාතනය කල සිවිල් වැසියන්ගේ මුලු එකතුව 64 හා 116 අතර වේ. එක්සත් ජනපද රහස් තොරතුරු කාර්යාංශයෙන් තක්සේරු කොට ඇති 2,372 හා 2,581 අතර වන “සටන්කාමීන්ගේ” මරන සමඟ මෙය සන්සන්දනය කෙරුනි.

දුරස්ථ පාලක ඝාතක යන්ත්‍රනයේ “සුවිශේෂී නිපුනතාව හා නිරවද්‍ය භාවය නිසා” ඊට කලින් වසරේ “කිසිදු අනවශ්‍ය මරනයක් සිදුව නැතැයි” ඩ්‍රෝන් ඝාතන වැඩපිලිවෙලේ නිර්මාපකයා වන දැනට සීඅයිඒ අධ්‍යක්ෂ ධුරය දරන ජෝන් බ්‍රෙනන් 2011 දී කල ප්‍රකාශයෙන් කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරයි. එසමයේ, පාකිස්තානය තුල මරා දැමුනු සිවිල් වැසියන් ගනන දහස් ගනනක් නො වේ නම් සිය ගනනක් වූ අතර එහිදී එම වසරේ මාර්තු මාසයේ බහු විධ එක්සත් ජනපද ඩ්‍රෝන් යානා මඟින් විදින ලද හෙල්ෆයර් මිසයිල හතරක් මඟින් සුන්කර දැමුනවුන් අතර ආන්ඩුවෙන් අවසර ගෙන රැස්වීමකට සහභාගීව සිටි ගෝත්‍ර නායකයන් 41ක් දෙනෙකු ද අයත් ය.

එහෙත් ඩීඑන්අයි කාර්යාලය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ඇදහිය නොහැකි තරම් අඩු තක්සේරුවකි. මෙම කරුන අරබයා, නිතර උපුටා දක්වනු ලැබෙන විමර්ශනීය ජනමාධ්‍ය කාර්යාංශය මඟින් නිකුත් කර ඇති තත්වාරක්ෂක තක්සේරුවකට අනුව පවා සිවිල් වැසියන් 1,138ක් ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරවලින් ඝාතනයට ලක්ව ඇති අතර එය වොෂින්ටනය කියන ගනනට වඩා දසගුනයකින් වැඩි තක්සේරුවක් පෙන්නුම් කරමිනි.

මෙය පවා ඔබාමාගේ “ඉලක්කගත ඝාතන” වැඩපිලිවෙලේ මරන සංඛ්‍යාව පිලිබඳ සැබෑ තත්වය ගැඹුරු ලෙස අඩු තක්සේරු කිරීමකි. 2014 දී රිප්රීව් නමැති මානව හිමිකම් කන්ඩායම විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ඇමරිකානු ආක්‍රමනයට හෝ එහි පිලිවෙතට විරුද්ධ වන ඕනෑම අයෙක් ඇතුලත් කරගන්නා හැඳින්වීමක් වන, ධවල මන්දිරය විසින් “ත්‍රස්තවාදීන්” යයි සලකන ලද 41 දෙනෙකු ඝාතනය කිරීමට එල්ල කල ඩ්‍රෝන් ප්‍රහාරවලින් 1,147ක් මිනිසුන් මරා දැමුනි.

2009 හා 2013 අතර යේමනය තුල සිදු කල එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාර මඟින් ඝාතනය කල අවම වසයෙන් 57ක් වන සිවිල් වැසියන්ගේ මරන පිලිබඳ ව ඥාතීන්, සාක්ෂිකරුවන් හා නිලධාරීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා තුලින් ලේඛනගත කල හියුමන් රයිට්ස් වොච් පර්යේෂක ලෙටා ටේලර් ද 1දා මාධ්‍ය නිවේදනයට ප්‍රතික්‍රියා දැක්වූවන් අතරට අයත් වේ. “එක්සත් ජනපදය පිලිගන්නා මුලු සංඛ්‍යාවෙන් අඩකට සමාන ගනනක්, මා දැන සිටින ඩ්‍රෝන් ප්‍රහාර හතකදී පමනක් මිය ගොස් ඇතැයි විශ්වාස කිරීම අසීරු ය” යයි ටේලර්, වොෂින්ටන් පෝස්ට් පුවත්පතට කීවේ ය.

එක්සත් ජනපද ආන්ඩුවේ සංඛ්‍යා හා අනෙකුත් සියලුම මූලාශ්‍රවල ගනන් හිලවු අතර පවතින යෝධ විෂමතාවට එක් හේතුවක් වන්නේ, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාර මඟින් ඝාතනයට ලක්වන සෑම අයෙකු ම වැරදිකරුවන් යයි පූර්ව නිගමනයක් පෙන්ටගනයට හා සීඅයිඒ සංවිධානයට තිබීම යි. වයස 18 හා 80 අතර සෑම පිරිමියෙක් ම ඉබේම වාගේ “සටන්කරුවන්" යයි සලකනු ලැබෙන අතර බොහෝ අවස්ථාවල දී ගැහැනුන් හා ලමුන් ද එම ගනයට වැටේ.

ජාතික රහස් තොරතුරු අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර්, මරන තක්සේරු අතර පවතින නො ගැලපීම පිලිබඳව වඩා සරල හා ඇඟ කිලිපොලන විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඉහල සංඛ්‍යා, “ත්‍රස්තවාදී සංවිධාන ද ඇතුලත් සමහර අය විසින් හිතාමතා පතුරුවන ලද වැරදි තොරතුරුවල” ප්‍රතිඵලයකි. මෙහි අර්ථය පැහැදිලි ය: “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් කරගෙන යන ගෝලීය ඝාතන වැඩපිලිවෙල ප්‍රශ්නයට භාජනය කරන අයම ද ත්‍රස්තවාදීන් සමඟ සන්ධානගත ව වැඩ කරන හා එනිසා ම වියහැකි ඉලක්ක ලෙස සලකනු ලැබේ.

බැරැක් ඔබාමාගේ ජනාධිපතිත්වයේ කැපී පෙනෙන මෙම පිලිවෙත, ඩ්‍රෝන් ඝාතන ක්‍රියාමාර්ගය හුදෙක් ඔහුගේ පමනක් නො ව, ඔහු සේවය කරන පරපුටු මූල්‍ය කතිපයාධිකාරයේ හා යෝධ මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතයේ අපරාධකාරීත්වය කැටිකොට දක්වයි. ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දී රටින් පිටත යුද්ධය අවශ්‍යයෙන් ම රටතුල මර්දනය සමඟ අත්වැල් බැඳගනී.

මෙම ඝාතක වැඩපිලිවෙල ඇමරිකානු රාජ්‍යයේ ස්ථීර අංගයක මට්ටමට එසවීම සඳහා ඔබාමා පරිපාලනය ගන්නා පියවර, කම්කරු පන්තියට ගැඹුරු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

බිල් වෑන් ඕකන්

එමෙන් ම මාටීන් පුද්ගලික චිත්තාවේගයන්ගේ එකතුවක් හා ගැටලු සහගත ලිංගික අනන්‍යතාව ඇතුලුව, බොහෝසෙයින් රට තුල වර්ධනය වී ඇති දක්ෂිනාංශික හා සුදු අධිපතිවාදී කන්ඩායම් වලට පොදු පසුගාමීත්වය, ප‍්‍රතිගාමීත්වය හා වර්ගවාදී අදහස්වල මනෝවිකාරයන් විසින් පොලඹවනු ලැබූ බව ද එලිදරව් වී ඇත.

මෙම එලිදරව් වීම්, ප‍්‍රහාරයට ගොදුරු වූ 49 දෙනාගේ මරන, තුවාලවීම්, තවත් 53 දෙනෙකුගේ ජීවිත අවදානම සහ පවුල්වල සාමාජිකයන් හා හිතවතුන් දසදහස් ගනනකගේ සෝසුසුම් ගසාකෑම දිගටම කරගෙන යමින් විදේශ යුද්ධය සහ එක්සත් ජනපදය තුල මර්දනයේ පූර්ව න්‍යාය පත‍්‍රයක් පෙරට දැමීමෙන් එක්සත් ජනපදයේ ජනාධිපති, ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන් ලෙස අනුමාන කරන්නන් සහ ධනපති සංගත විසින් පාලිත මාධ්‍ය වලක්වන්නේ නැත.

ඒ අනුව ඝාතකයා සහ ඔහුගේ අපරාධ පිලිබඳව බොහෝ දුරට එලිදරව්වී ඇති කරුනු සමග ඔවුන්ගේ වට්ටෝරු ගලපා බැලීමේ කිසිදු බැරෑරුම් උත්සාහයකින් තොරව ම මෙම වර්ගයේ බිහිසුනු සිද්ධීන් හටගන්වන සමාජ වටපිටාවක් නිර්මානය කිරීම පිනිස පිලිකුල් සහගත භූමිකාවක් ඉටු කල ඊනියා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ට තල්ලුව සපයනු සඳහා ඇමරිකාව තුල මෑතභාගයේ සිදුවූ නිමක් නැති සමූහ ඝාතන මාලාව යොදා ගැනීමට ඔවුහු දිගට ම කටයුතු කරති.

පල්ස් සමාජ ශාලාවට නිතර යාම හා සමලිංගිකයන් විසින් පාවිච්චි කරන සමාජ මාධ්‍යවල ක‍්‍රියාශීලී පෙනී සිටීමක් සමග මාටීන්ගේ හොමොෆෝබියාව ට (සමලිංගිකයන් හා සමලිංගිකත්වය කෙරෙහි පවතින වෛරය) සම්බන්ධයක් පැවතුන බව දැන් නිරාවරනය වී තිබේ. ඝාතකයාගේ අති-දක්ෂිනාංශික සහ වර්ගවාදී අදහස් පිලිබඳව විස්තර කිරීමට ඔහු සමග එකට වැඩකල අය ඉදිරිපත් වී සිටිති. 2014 මාර්තු සහ 2015 මාර්තු අතර කාලය තුල මාටීන් සමග වැඩකල ඩැනියල් ගිල්රෝයි නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ පල කල ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක දී අනාගත සමූල ගාතකයා සමග ඇති වූ ගැටුම විස්තර කරනු දැකිය හැකිය.

ඔර්ලන්ඩෝ සමුහ ඝාතනය මාටින් විසින් කල බව ඇසු විට ඔහු “පුදුමයට පත් නොවුන” බව ගිල්රෝයි ප‍්‍රකාශ කලේ ය. “අතිශයින් ම වර්ගවාදියෙක්, හරිම ලිංගිකවාදියෙක්, යුදෙව් විරෝධියෙක්, සමලිංගික විරෝධියෙක් වූ ඔහු හැකිතරම් අපහාසාත්මක ප‍්‍රකාශ මගින් එය ප‍්‍රකාශයට පත් කලා” මාටීන් සම්බන්ධ පැමිනිල්ලට ඔහුගේ සේවායෝජකයා ඇහුම්කන් නොදුන් හෙයින් ගිල්රෝයි වැඩපොලෙන් ඉවත් විය.

ඔමාර් මාටීන් ගේ මනුෂ්‍ය ඝාතනය නූතන ඇමරිකානු ඉතිහාසයේ නරක ම සමුහ වෙඩි තැබීම වන නමුදු එය හුදෙක් නොමග යාමක් නම් නො වේ. අවි ප‍්‍රචන්ඩත්වය ලේඛනාගාර වෙබ් අඩවියට අනුව ජුනි මාසය දක්වා එක්සත් ජනපදය තුල සමුහ වෙඩි තැබීම් 18 සිදු වී තිබේ. ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේසන් දත්තවලට අනුව 2014 සමස්ත මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 8,124 කි.

ඇමරිකාව තුල කාර් අනතුරු වලින් මරනයට පත් වන සංඛ්‍යාව තරම් ම ප‍්‍රමානයක් වෙඩි තැබීම් වලින් මරනයට පත් වෙයි. ඒවා දර්ශක වශයෙන් අනෙකුත් සියලු ම සංවර්ධිත කාර්මීකරනය වූ රට වලට වඩා ඉහල රේට්ටුවකින් සිදු වේ. මිනිසුන් මිලියනයකට 31 දෙනෙක් එක්සත් ජනපදය තුල වසරකට වෙඩි තැබීම් වලින් මිය යති. ජර්මනියේ එම රේට්ටුව මිලියනයකට 2 කි. එංගලන්තයේ එක් අයෙකු පමනයි. ජපානයේ වෙඩි තැබීමකින් මිය යා හැකි සංඛ්‍යාව දල වශයෙන් ඇමරිකානුවෙකු අකුනු වැදීම් වලින් මියයාමට ඇති ඉඩ ප‍්‍රස්තාවට සමාන වේ; එනම් මිලියනයකට එක් අයෙකි.

එබඳු කරුනු වලින් අනුල්ලංගනීය ව මතු කරනු ලබන ප‍්‍රශ්නය වන්නේ: හැමවිට ම සියදිවි නසා ගැනීම් සහිත ව මානසිකව අස්ථාවර පුද්ගලයින් නිරන්තර ව ම සමූහ ඝාතනයන් ට මෙහෙයවනු ලබන ඇමරිකානු සමාජය ගැන එයින් කියවෙන්නේ කුමක් ද? යන්නයි; දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය අවධානය යොමු නොකරන හෝ ආමන්ත‍්‍රනය කිරීමට නිර්භීත නොවන ප‍්‍රශ්නය මෙයයි. හේතුව, එය ඇමරිකානු ධනවාදී සමාජයේ දුස්සාධ්‍ය තත්වය එලිදරව් කිරීමකට ඉක්මනින් ම යොමුවන බැවිනි.

ඒ වෙනුවට ඉදිරිපත් කරන්නේ සමාජ විෂමතාවයේ හා ප‍්‍රචන්ඩත්වයේ එබඳු මට්ටම් උත්පාදනය කල ක‍්‍රමය සඳහා අතීත ආවරනය කිරීම් වල නරුම සහ වංචනික යලි සැකසීමකි. සෑම නව සමූල ඝාතන සිද්ධියකට ම නිල ප‍්‍රතිචාරය වන්නේ; යුද ඝෝසාවේ සහ තදුරටත් ජනතාව ගැන ඔත්තු බැලීම හා අනෙකුත් පොලිස් රාජ්‍ය පියවරයන් සඳහා කෙරෙන ඉල්ලීම්වල ආකෘතික එකතුවකි. ඝාතන ප‍්‍රචන්ඩත්වය මර්දනය කිරීමේ ඩිමොක‍්‍රටිකයන්ගේ ඉල්ලීම් වට්ටෝරුවට තුවක්කු පාලනය කිරීමක් ද ඇතුලත් කර ඇත්තේ රෝග ලක්ෂනයකට වඩා තුවක්කු තිබීම ඊට හේතුවෙනවාක් මෙනි.

රිපබ්ලිකයන්, විශේෂයෙන් ම ඔවුන්ගේ වර්තමාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඉඩ ඇති ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ; පොදුවේ සංක‍්‍රමනිකයන් ට සහ සුවිශේෂ ව මුස්ලිම් වරුන් ට විරුද්ධව නව සහ වඩාත් මෘග ප‍්‍රහාරයන් ඉල්ලා සිටීම ය.

අඟහරුවාදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමෙන් ඉක්බිතිව ජනාධිපති ඔබාමා කල කතාවෙන් මෙය මැනවින් ප‍්‍රදර්ශනය කෙරුනි. ඔරලන්ඩො සමූහ ඝාතනයෙන් මතු කෙරෙන මූලිකත්වය දිය යුතු කේන්ද්‍රීය කාරනාව වන්නේ අයිඑස්අයිඑස් “විනාශ කිරීමේ” යුද්ධය තීව‍්‍ර කිරීම බව ඔහුගේ ආරක්ෂක ලේකම්, ඒකාබද්ධ කාර්යමන්ඩල ප‍්‍රධානීන්ගේ සභාපති, දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා, ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ සහ සෙසු ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ඔබාමා ප‍්‍රකාශ කලේ ය.

අතිරේක විශේෂ බලකායන් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් වැනි අතිරේක උපකරන යැවීම ඇතුලුව ඉරාකය හා සිරියාව තුල එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩත්වයන් වැඩිදියුනු කිරීමේ ඔහුගේ මෑත ක‍්‍රියාවන් ඔහු උජාරුවෙන් හුවා දැක්වුවේ ය. අයිඑස්අයිඑස් නායකයන් 120 ට වඩා “ජීවිතක්ෂයට පත්කිරීම” ගැන පුරසාරම් දෙඩු ඔහු ලිබියාව තුල මිලිටරි මැදිහත්වීම උත්සන්න කිරීම ගැන ඉඟි කලේ ය.

ඉක්බිතිව ඔහු ගිනි අවි අයිතිය සීමා කිරීම සම්බන්ධව කොන්ග‍්‍රසය, එනම් රිපබ්ලිකයන් සම්මතත කල යෝජනා දෙසට හැරුනි. මුස්ලිම් සංක‍්‍රමනය තහනම් කිරීමේ ට‍්‍රම්ප් ගේ ඉල්ලීම හා සංක‍්‍රමනිකයන් ට එරෙහි සෙසු මර්දනකාරී පියවරයන් හෙලා දුටුවේ මූලිකව “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා මුස්ලිම් රටවල් තුල එක්සත් ජනපදයේ නව යටත්විජිත මෙහෙයුම් අත්‍යාවශ්‍ය දේවල් ලෙස සැලකීමේ ආස්ථානයෙනි.

සත්තකින් ම, හැමවිට ම වාගේ ඔහුගේ ම පිලිවෙත් හා මධ්‍යම ආසියාවේ සහ මැදපෙරදිග පසුගිය සියවස් කාර්තුව තුල ගෙනගිය යුද්ධ සම්බන්ධව ඔහුගේ ඍජු වගකීම, එක්සත් ජනපද සමුල ඝාතන විසින් මුදාහල විනාශය හා වොෂින්ටනය උවමනාවෙන් ම අවුලුවන ලද නිකායවාදී කා කෙටවීම් යන දෙයාකාරයෙන් ම අයිඑස් අයිඑස් ඉස්මතුවීමේ මූලයන් ගැන හෝ ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන් අයිඑස්අයිඑස් සංවිධානයට සහ එහි මුතුන් මිත්තන්ට ලැබූන පිටුබලය සම්බන්ධව හෝ වොෂින්ටනයේ ආඥාදායක කලාපීය සගයන් විසින් ඔවුන් ව සන්නද්ධ කිරීම සහ මුල්‍ය සම්පාදනය කිරීම ගැන ද ඔහු කතා නොකලේ ය.

මේ සියල්ල ම, ඇමරිකානු ධනවාදයේ පිරිහීම හා දුස්සාධ්‍ය අර්බුදය තුල පවතින ඇමරිකාවේ දැවැන්ත ප‍්‍රචන්ඩත්වයේ සැබෑ හේතුන් සඟවාලීමේ ප‍්‍රයත්නයකි. ඔබාමා විසින් පාලනය කරනු ලබන්නේ 1991 ආරම්භ කෙරුන ප‍්‍රථම පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පටන් ගෙන 25 වසරක විදේශ යුද්ධයේ හා රට තුල ඩිමොක‍්‍රටික් හා රිපබ්ලික් ආන්ඩු විසින් එකසමානව ගෙන ගිය කම්කරු පන්තියේ සමාජ කොන්දේසි වලට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට අතොරක් නැතිව එල්ල කල ප‍්‍රහාරවල නවතම පරිච්ඡේද යයි.

යුද්ධය දිගටම පවත්වාගෙන යනු ලබන්නේ එක්සත් ජනපදය තුල සමාජ ජීවිතය හා දේශපාලනය මිලිටරීකරනය කිරීම මගිනි. එක්සත් ජනපදයේ දේශසීමාව තුල, විශේෂයෙන් ම වඩාත් අස්ථාවර සමාජ මූලයන් තුල මෙම දෛනික යාථාර්ථයේ බලපෑම අතිශයෝක්තියට නැංවීම කල නොහැකිය. අධිරාජ්‍යවාදී යුද්ධයේ හා කම්කරු පන්තිය දුගීභාවයට පත් කිරීමේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීම පිනිස දේශපාලන ප‍්‍රතිගාමීත්වය, ජාතික ස්වෝත්තමවාදය, සංක‍්‍රමන විරෝධී වර්ගවාදය ඇතුලුව අතිශයින් ම පසුගාමී මනෝගතීන් ක‍්‍රමානුකුලව වගා දිගා කරනු ලැබ ඇත.

සමාජ ප‍්‍රතිරෝධයේ අනිවාර්ය වර්ධනයට සුදානම්වීමට ත‍්‍රස්තය, මෘගත්වය හා අනක්ගුනක් නැති ඝාතනය යොදා ගනිමින් කම්කරු පන්තික ජනයා ජීවත්වන ප‍්‍රදේශවල මිලිටරිකරනය වූ වාඩිලා ගැනීමේ බලකායක් බවට පොලීසිය පරිවර්තනය කර ඇත.

වෘත්තීය සමිතිවල පාවාදීම හා බිඳවැටීම, කම්කරු පන්තියට විරුද්ධව පාලක ප‍්‍රභූව සමග ඔවුන්ගේ සන්ධානගතවීම සහ පන්ති අරගල මර්දනය කිරීම සමාජ අසහනය තවදුරටත් තීව‍්‍ර කර තිබේ.

කෙසේ නමුත්, සමාජ අසමානතාවයේ දැවැන්ත පුලුල්වීම සහ පාලක ප‍්‍රභූවේ දුෂ්ට සාපරාධිත්වය කෙරෙහි පවත්නා බලගතු කෝපය විසින් තල්ලුව සපයනු ලබන පන්ති අරගලයේ නව නැගීමක ආරම්භය එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් දැන් අපි අත් දකිමින් සිටිමු. මෙය සමාජ විප්ලවයේ අනිවාර්ය පුනර්ජීවනය පූර්වසංකේතවත් කරයි.

මතුවී ඇති අභ්‍යන්තර සමාජ ආතතීන් අපගමනය කිරීමට ජාතිකවාදය හා යුද්ධය යොදා ගැනීමට ඇමරිකානු පාලක පන්තියට උචිත හේතු තිබේ.

ඇමරිකාව තුල අප‍්‍රසන්න ලෙස රටාවකට අනුව මනුෂ්‍ය ඝාතන ප‍්‍රචන්ඩත්වයේ ඉස්මතුවීමට කම්කරු පන්තියට ඇත්තේ එකම පිලිතුරක් පමනි: එනම් එවන් සංත‍්‍රාසයන් නිෂ්පාදනය කරන පර්යාය අහෝසි කිරීමේ සමාජවාදී විප්ලවයේ මාවත ය.

බැරී ගේ‍්‍ර

Share this article: