ට්‍රම්ප්ට විරුද්ධ ලේඛකයින්ගේ පෙත්සමට, කතුවර ස්ටීවන් බ්‍රස්ට් පිලිතුරු දෙයි

Author Steven Brust replies to petition of writers against Trump

2016 මැයි 30

ඇමරිකානු ජනාධිපති තනතුර සඳහා ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට විරුද්ධ වන ලේඛකයින් අතර බෙදා හැරෙමින් පවතින පෙත්සමකට අත්සන් කරන ලෙස ඉල්ලා එහි පිටපතක්, විද්‍යා ප්‍රබන්ධ හා අත්භූත කතා රචක ස්ටීවන් බ්‍රස්ට්වෙත ද යොමු කර ඇත. බ්‍රස්ට් ලියූ පහත සඳහන් පිලිතුර ඔහුගේ අනුමැතිය සහිතව අපි මෙහි පල කරමු.

ට්‍රම්ප්ට එරෙහිව ලේඛකයන්ගේ පෙත්සමට අත්සන් කිරීමේ ආරාධනාව මට ලැබුනි. ට්‍රම්ප් හා ඔහු පෙනී සිටින දේවල්, එනම් අඥානකමට හා අගතියට ඔහු කරන කන්නලව්ව, යුද අපරාධ ක්‍රියාත්මක කරන බවට ඔහු කරන තර්ජනය, සංක්‍රමනිකයන් සම්බන්ධයෙන් වෛරය වපුරන ප්‍රකාශ හා ඔහුගේ විවෘත දේශානුරාගය පිලිබඳ ව මගේ විරුද්ධත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැත. ම‍ගේ ජීවිත කාලය තුල දී, ෆැසිස්ට්වාදියෙකු නො වේ නම් ෆැසිස්ට්වාදී යැයි නිවැරදිව විස්තර කල හැකි පලමු ප්‍රධාන දේශපාලඥයා ට්‍රම්ප් යැයි පවසන තරම් දුරට මම යන්නෙමි; ඔහුට විරුද්ධවන්නන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීමට ඔහු සිය ආධාරකරුවන් උසිගැන්වීම අප අත්දකින විට වඩාත් පැහදිලි වන්නේ මෙය යි.

එසේ නමුත්, කුමන ආකාරයකින් හෝ මට මෙම පෙත්සමට අත්සන් කල නො හැක. “දැනුම, අත්දැකීම්, නම්‍යතාව, හා ඓතිහාසික අවබෝධය නායකයෙකු තුල තිබිය යුතු යයි අප විශ්වාස කරන නිසා,” යන්න මා කියවන විට, මට මෙසේ ඇසීමට බල කෙරේ: කුමක නායකයෙකු ද, නායකත්වය ‍දෙන්නේ කුමන අරමුනකට ද, කාගේ අවශ්‍යතාවයට ද, කුමන දිසාවට ද? මෙය මට අඟවන්නේ පෙත්සම හුදෙක් ට්‍රම්ප්ට එරෙහිව පමනක් නොව, “එක්සත් ජනපදය වෙනුවෙන් කතා කිරීමට, එහි මිලිටරිය මෙහෙයවීමට, එහි සම්බන්ධතා පවත්වා ගැනීමට, හෝ එහි ජනතාව නියෝජනය කිරීමට” මෙම පෙත්සම ප්‍රයෝජනයට ගන්නන්ට, වඩා හොඳ තේරීමක් විය හැකි යමෙකුට සහාය දීමට ද යොදා ගත හැකි හැකි අතර එසේ යොදා ගන්නවා ද ඇති බව යි.

එමෙන් ම ප්‍රශ්නය ඇත්තේ මෙහි ය. “එහි මිලිටරිය මෙහෙයවීමට... ජනතාව නියෝජනය කිරීමට” යැයි ඔබ කියන විට, දෙක ම කල හැකි බව පිලිබඳ ගම්‍යයන් මෙහි අන්තර්ගත වේ. වෙනත් වචනවලින් පවසතොත්, රටේ යුද අපරාධ හා සිවිල් වැසියන් ඝාතනය (සෑන්ඩර්ස් විසින් විවෘතව හා ප්‍රසිද්ධියේ සහාය දෙන, එමෙන් ම (රාජ්‍ය) ලේකම් හිලරි ක්ලින්ටන් කෙලින්ම පැටලී ඇති දේ) සමග බුෂ්-ඔබාමා යුද්ධ ඇමරිකානු මහජනතාවගේ කැමත්ත වේ යන්න යි, මට මෙය සමග එකඟ නොවිය හැකි අතර එකඟ වන්නේ ද නැත. ඊට අමතරව, එය අඟවන්නේ යුද්ධය ගැටලුවක් නොවන නමුත්, ගැටලුව වන්නේ එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය බව යි.

මට ඇත්තේ ට්‍රම්ප් හා ඔහු නියෝජනය කරන දෙයින් බියට පත්ව සිටින මගේ සගයන් සඳහා වන ගෞරවය පමනී - අප එසේ නොවන්නේ කෙසේ ද?. තවදුරටත්, අපේ අනාගතයට එතරම් ගැඹුරින් වැදගත් වන දේශපාලන ප්‍රශ්න පිලිබඳව ලේඛකයින් වසයෙන් අප දැනුවත් මෙන් ම එය හා සම්බන්ධ ය යන සංඥාවන්ගෙන් හැමවිටම මම දිරිමත් වන්නෙමි. “ට්‍රම්ප් විරෝධී” වීම හැම අතින් ම ඉතා යහපත් ය. නමුත් ට්‍රම්ප් විරෝධීව සිටීමේ අර්ථය වන්නේ ඉතිහාසයේ වෙනත් කිසිම පාලනාධිකාරයකට වඩා, පසුගිය අට වසර තුල දී, බොහෝ පිටුවහල් කිරීම් (විශේෂයෙන් ම ලමුන්) අධීක්ෂනය කර ඇති, පොලීසිය විසින් දුප්පතුන් හා සුලු ජාතිකයන් ඝාතනය කිරීම දිරිමත් කර හා යුක්තිසහගත කර ඇති, ඉතිහාසයේ විශාල ම අදායම් අසමානතා නිර්මානය කර ඇති, විදේශික සැකකරුවන් ප්‍රශ්න කිරීමට වෙනත් රටකට යැවීම හා වදහිංසා දිගටම කර ඇති, බුෂ් සිහින දුටුවාට වඩා සිවිල් වැසියන්ට බෝම්බ දමා ඇති, සෑම අවස්ථාවක ම නිදහස මත ආගමික අයිතීන්ගේ නාමයෙන් කෙරෙන ප්‍රහාරයන් ඉදිරියේ පසු බා ඇති, ඩෙමොක්‍රටික් පක්ෂයට සහාය වීම නම්, යමෙකු ඇසිය යුත්තේ මෙය යි : අප මෙය කල යුත්තේ ඇයි?

ධනේශ්වරයේ ආරක්ෂකයින් දෙදෙනෙකු වන ක්ලින්ටන් හෝ සෑන්ඩර්ස් සඳහා සහාය ගොනු කර ගැනීමට යොදා ගැනීම වලක්වන කිසිවක් මෙහි ඇත්තේ නැත. ධනවාදය ම ද එහි විසඳිය නො හැකි අර්බුදය ද ගෙඩියක් ඇති කිරීමට ඉඩ ඇති බැක්ටීරියා ආසාදනයක් ලෙස ට්‍රම්ප් බිහිකර කර ඇත. කෙසේ නමුත්, ගෙඩිය කෙතරම් වේදනාකාරී හා අසුන්දර වුව ද ගැටලුව ආසාදනය යි. පෙනෙන විදියට මෙම පෙත්සම වැඩෙන “ට්‍රම්ප් විරෝධී” ව්‍යාපාරයක කොටසක් වන අතර, සැබවින් ම මෙම ව්‍යාපාරය පිටුපස පවතින ආවේශය ප්‍රශංසනීය මෙන් ම යහපත් ය. නමුත් එය ඩෙමොක්‍රටික් පක්ෂයේ, හා විශේෂයෙන් ම එහි නාමයෝජනා ලැබීමට ආසන්න හිලිරි ක්ලින්ටන්ගේ ආධාරය පිනිස වන ව්‍යාපාරයක් වුවහොත්, එවිට එය කමකට නැතිවාක් මෙන් ම ට්‍රම්ප්ගේ නරකම තත්වයේ “සංස්ථාපිත විරෝධී” කතාන්තරයට රැවටෙනු ද ඇත.

ඔබ මගෙන් ඉල්ලන්නේ ලේඛකයෙකු ලෙසට ය. නමුත් ලේඛකයන් වසයෙන් අපගේ ඉහල ම පරමාර්ථය දෛනික ජීවිතයේ සම්බන්ධතා තුල සැඟවෙන ප්‍රතිඝතිතාවන් අනාවරනය කිරීම නො වේද? ධනේශ්වර පක්ෂවල― මේවා ආක්‍රමනකාරී යුද්ධ, දේශීය ඔත්තුබැලීම, අකටයුතු හෙලිකරන්නන්ට හිංසා කිරීම, වදහිංසා හා යුද අපරාධවලට සහාය දුන් පක්ෂ වන අතර මේ සියල්ල ක්‍රියාක්මක කෙරී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක විසිනි, ඉන් කිසිවකට කිසිම ප්‍රධාන අපේකෂකයෙකු විරෝධය දක්වා නැත. අනෙකුත් අපේක්ෂකයින් ද ප්‍රතික්ෂේප නො කර ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීම සත්‍ය හෙලි කිරීම ට නො ව එය වසන් කිරීමට පමනක් උදව් කෙරේ.

ඇතැම් ඩෙමොක්‍රටික් දේශපාලඥයින් “අඩු නපුර” යැයි අවධාරනය කරන අය, ( පුද්ගලයන් නිතර කරන ලෙස) හිට්ලර් හා නාසිවාදය ගැන කියන අය, ඕනෑ ම අයෙකු හිට්ලර්ට වඩා යහපත් යැයි සිතූ අය විසින් සංවිධානය කරන ලද සභාගයක් විසින් 1932 මැතිවරනයේ දී හිට්ලර් පරාජය කරන ලද බව මතක් කර ගැනීම වටී. වෙනත් වචනවලින් කියතොත්, නාසීහු බලයට පත්වන තෙක් මුලුමනින් ම “අඩු නපුර විය.” යමෙකු ට්‍රම්ප් කියන්නේ නම් ඔබට ඇසන්නේ හිට්ලර් කියා ය, යමෙකු ක්ලින්ටන් කියන්නේ නම් ඔබ බලාපොරොත්තු විය යුත්තේ හින්ඩෙන්බර්ග් ය. (1933දී හිට්ලර් චාන්ස්ලර් පදවියට පත්කරන ලද ජර්මානු ජනාධිපති - පරි).

නැත, මම ට්‍රම්ප්ට සහාය නො දෙමි. අධිරාජ්‍යවාදී යුද්ධ, මිලිටරීකරනය කෙරුනු පොලීසිය, දේශීය ඔත්තු බැලීම, රුසියාවට එරෙහිව යුද ව්‍යාපාර, චීනයට එරෙහිව ප්‍රකෝපකිරීම්, ප්‍රජනන අයිතීන්ට සීමා පැනවීම්, ජල සැපයුම්වලට විෂ කැවීම, ඩෙමොක්‍රටික් පක්ෂයේ මෙන් ම රිපබ්ලිකානු පක්ෂයේ ද උරුමයක් වන මූලික අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට මම සහාය නොදෙමි. පක්ෂ දෙක එකිනෙකට වෙනස් ද? නිශ්චිතව ම, පාලක පන්තියේ එකිනෙකට වෙනස් කන්ඩායම්, මෙන් ම ධනවාදය හොඳින් සංරක්ෂනය හා ආරක්ෂා කිරීම සඳහා එකිනෙකට වෙනස් ප්‍රවේශයන් ඔවුහු නියෝජනය කරති. එමෙන් ම ඔවුන් අතර ගැටුමේ දැඩි කටුක බව අඟවන්නේ අර්බුදය කොතරම් ගැඹුරට දුවනවා ද යන්න මෙන් ම ගැටලු කොතරම් විසඳිය නො හැකි ඒවා ද යන්න යි. මගේ සොහොයුරු සොහෙයුරියන් මර්දනය කරන හා ඝාතනය කරන පද්ධතියක් සංරක්ෂනය කිරීමේ කාර්ය කුමන අපේක්ෂකයා හොඳට කරනු ඇත් ද යන්න තෝරා ගැනීමට මම උනන්දු නො වෙමි. එය තෝරා ගැනීමක් ලෙස ඔබ මට ප්‍රදානය කරන්නේ නම්, මම ඡන්දය දෙන්නෙ “නෑ” කියා යි.

මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙකට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් යටතේ ඍජුව සටන් කරන කම්කරුවන්, සංක්‍රමනිකයන්, රැකියා නැත්තන්, දුප්පතුන්, හා පීඩිත සියල්ලන්ගේ එක්සත්කමට පමනක් කිසියම් ආකාරයක ඉදිරි මගක් සැපයි ය හැකි යැයි මම විශ්වාස කරමි. ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය නියෝජනය කරන්නේ එහි මරලතෝනියේ පවතින ධනවාදයේ කැලිකසල, පරිහානිය හා මංමුලාව යි; ඔහුට විරුද්ධ වන ඩෙමොක්‍රටික අපේක්ෂකයින් නියෝජනය කරන්නේ එක ම පරමාර්ථය ලඟා කර ගැනීමේ වෙනස් ප්‍රතිපත්තීන් ය, යුද්ධයේ හා මර්දනයේ පද්ධතිය ඉදිරියට ගෙන යනු ලබන්නේ එම පරමාර්ථය විසින් ම ය, එයට මා විරුද්ධ ය.

නොවැම්බරයේ දී, මා ඡන්දය දෙන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජෙරී වයිට් හා නයිල් නීමුත්ට ය. ට්‍රම්ප් විසින් පමනක් නො ව, ඔහු නිපදවන ලද අපරාධකාරී හා අමානුෂික පද්ධතිය විසින් මා මෙන් ම බිය ගැන්වුනු සෑම අයගෙන් ම මා ඉල්ලන්නේ එයම කරන ලෙස යි.

ස්ටීවන් බ්‍රස්ට්

Share this article: