ආර්ථික කාකොටාගැනීම් ගෝලීය වෙලඳ යුද්ධයේ තර්ජනය මතු කරයි

Economic conflicts threaten global trade war

නික් බීම්ස් විසිනි , 2016 ජූනි 03

පහත වැටෙන ආයෝජන හා මූලික කර්මාන්තයන්හි මතුව තිබෙන අධි නිෂ්පාදනය මගින් සලකුනු කරන, ගෝලීය ආර්ථිකයේ සිදුවෙමින් පවත්නා පල්වීම, ඇමරිකාව පෙරමුනේම සිටිමින් ප්‍රධාන බලවතුන් විසින් ගනු ලබන වෙලඳ යුද්ධයේ ආරක්ෂනවාදී පියවර වේගවත් කරයි.

පසුගිය සතියේදී ඇමරිකානු ජාත්‍යන්තර වෙලඳ කොමිසම, චීන වානේ කම්හල් රහස් සොරාගන්නා බවටත්, මිල ගනන් තීන්දු කිරීමේ කුමන්ත්‍රනයක යෙදී සිටින බවටත්, එරට වානේ කොමිසම විසින් එල්ල කර ඇති චෝදනා පිලිබඳව පරීක්ෂනයක් දියත් කලේය.

එලඹෙන සතියේදී බීජිනයේදී ඇමරිකාව හා චීනය අතර පැවැත්වීමට නියමිත “මූලෝපායික හා ආර්ථික” සාකච්ඡා වටයේ න්‍යායපත්‍රයට චීන කාර්මික අධි ධාරිතාව, විශේෂයෙන්ම වානේ කර්මාන්තයේ, පිලිබඳ ගැටලුව ඇතුලුවනු ඇත. ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ඇමරිකානු භන්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් නතන් ෂීට්ස් මෑතකදී, “සිය කර්මාන්ත වලට ගෝලීය පරිමාව හා ඉල්ලුම් තත්වයන් පිලිබිඹු කිරීමට ඉඩ සලසන” ලෙස චීනයට කියා සිටියේය. වෙනත් වචන වලින් කිවහොත්, චීනය නිෂ්පාදනය කපා හැරිය යුතුය.

චීන වානේ කර්මාන්තයේ අධි නිෂ්පාදනය, යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ද රැකියා අහෝසි වීමට හා කම්හල් වසා දැමීමට තුඩු දෙමින්, ලාභ නිර්යාත ඉහල නංවා ඇති බවට චෝදනා එල්ල විය.

වානේ ආනයන මත මෑතකදී පැනවූ බදු නිසා ඇමරිකානු මිල ගනන් ඉහල ගොස් ඇතත්, බලධාරීහු තවත් පියවර ගැනීමට බලාපොරොත්තු වෙති.

“අධි ධාරිතාව, ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත්ය. අපි මේ පිලිබඳ තවත් ප්‍රගතියක් බීජිනයේදී ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන්නෙමු” යයි ෂීට්ස් වොෂින්ටනයේ බෲකිංන්ස් ආයතනයේ පැවති රැස්වීමකදී පැවසීය.

කෙසේ වෙතත් ප්‍රශ්නය ගැටලු සහගතය, මක්නිසා ද යත් ඇමරිකාවේ බොහෝ කාර්මික සමාගම් සිය ව්‍යාපාරික මොඩලයන් සඳහා ලාභ වානේ ආනයන මත විශ්වාසය තැබීම වැනි ප්‍රතිවිරෝධයන් නිසාය. නිෂ්පාදකයින් බොහෝ දෙනෙකුට වානේ සපයන චිකාගෝහි බාර්ස්ටීල් කෝපරේෂන්හි සභාපති ස්ටුවට් බානෙට් පැවසුවේ “ලාභ වානේ ආනයන වලට වැට බැඳීම මගින් ආන්ඩුව වැදගත් පියවරක් ගෙන ඇති” බවයි.

“එහෙත් දැන් අපට ඇති මහම බිය, ලාභ වානේ තමන් වෙතම තබාගෙන චීනය, අනෙකුත් කර්මාන්තවලට වල කපන නිෂ්පාදනයේ යෙදෙනු ඇතැයි” යන්නය.

වෙනත් වචන වලින් කිවහොත්, කාර්මික ආර්ථිකයේ එක් කලාපයක වෙලඳපොලවල් හා ලාභ සඳහා වන එන්ට එන්ටම උග්‍රවන තරගය මැඩීම, වෙනත් තැනකින් එය යලි මතුව ඒමට කොන්දේසි නිර්මානය කරන බවයි.

නිෂ්පාදනය හා අපනයන කපා හරින ලෙසට ඇමරිකාව චීනයට යොදන පීඩනය, චීන ආන්ඩුවේ දැඩි ප්‍රතිචාරයකට හේතුවී ඇත.

02දා බීජිනයේදී කරන ලද සමාලෝචනයකදී චීන නියෝජ්‍ය මුදල් ඇමති පැවසුවේ, චීනය හා ඇමරිකාව අතර පැනනැගී තිබෙන වෙලඳ ගැටලු ලෝක වෙලඳ සංවිධානයේ මූලධර්ම වලට අනුකූලව විසඳාගත යුතුය. අපි ප්‍රකෝපකාරී වෙලඳ නිවාරන පියවරයන්ට විරුද්ධ වන්නෙමු.”

ඊටත් වඩා දැඩි ප්‍රතික්‍රියාවක් එල්ල වුනේ, චීනයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන එරට හෙබේ යකඩ හා වානේ සමූහයෙනි. 02දා එහි වෙබ් අඩවිය තුල පල කල ලිපියකින්, ඇමරිකාවේ ජාත්‍යන්තර වෙලඳ කවුන්සලයේ පරීක්ෂනය හෙලා දැක තිබුනි.

“එක්සත් ජනපද වානේ ක්ෂේත්‍රය එල්ල කර ඇති කිසිදු පදනමකින් තොර චෝදනා මත එරට අනුගමනය කරන ආරක්ෂනවාදී හැසිරීම, ලෝවෙසං මූලධර්ම මුලුමනින්ම උල්ලංඝනය කරයි. ලෝකයේ සාමාන්‍ය වානේ වෙලඳාම විකෘති කර, චීන වානේ කම්හල්වල හා එක්සත් ජනපදයේම වානේ පාරිභෝගිකයින්ගේ මූලික අවශ්‍යතා වලට හානි පමුනුවා ඇත. ”

එක්සත් ජනපද වානේ සංගතය තමන් 2011 චීන පරිගනක කඩාවැදීමෙහි ගොදුරක් වූ බව පවසමින් පැමිනිල්ලක් කර ඇත්තේ මාසයකට පමන පෙරය. දැන් ඇමරිකානු ජාත්‍යන්තර වෙලඳ කවුන්සිලය චීනයේ වානේ නිෂ්පාදකයන් හා බෙදාහරින්න් 40ක් හඳුනාගෙන පරීක්ෂන පැවැත්වීමට සූදානම් වෙයි.

ජාවෙක පරීක්ෂනයේ ඉලක්කයක් බවට පත්ව ඇති, ලෝකයේ හතරවන විශාලම හා චීනයේ දෙවන විශාලම වානේ නිෂ්පාදකයා වන බවෝස්ටීල්, ඇමරිකාව ලෝවෙසං නීති උල්ලංඝනය කරන බව පවසමින් චීන ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ, රටේ වානේ කර්මාන්තයට යුක්තිය ඉෂ්ටවන බවට වගබලාගැනීම පිනිස අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසය.

ආරක්ෂනවාදී පියවර නිරීක්ෂනය කිරීම බාරව කටයුතු කරන ස්විට්සර්ලන්තයේ සේන්ට් ගැලන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙලඳාම පිලිබඳ මහාචාර්ය සයිමන් ඉවනෙට්ට අනුව, ජාවෙක ප්‍රශ්නය, වඩාත් පුලුල් වැටලීමක ආරම්භය විය හැකි බවට කනස්සල්ල පල වන අතර චීනයේ මුලු වානේ ආනයනයන්ම තහනම් කිරීමේ හැකියාව ද මතු කරයි.

“අපට පෙනුනේ, එක් අතකින් මෙම ප්‍රශ්නයේ විභව පරිමාව හා පසුගිය මාස නවයක කාලය තුල මුදා හැරුනු කෙනිත්තීම් අනෙක් පසෙනුත් තිබීම සැබවින්ම ලොකුම දෙය ලෙසයි.” ඔහු ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට පැවසීය. “මේ අනතුරු ඇඟවීමේ සීනු හඬවල්ය. එය සැබවින්ම න්‍යෂ්ටික විකල්පයකි.”

ගැටුම් වානේ ක්ෂේත්‍රයෙන් ඔබ්බට, ගෝලීය වෙලඳ ක්‍රමය නියාමනය කිරීම බාරව සිටින ජාත්‍යන්තර සංවිධානය වන, ලෝවෙසං සමස්ත ක්‍රියාකාරිත්වය කරාම පැතිර යනු ඇත. මේවා ඇමරිකාව පෙරමුනු දෙකකින් කරන ආක්‍රමනකාරී තල්ලුවෙන් ගිනියම් වෙයි.

පසුගිය සතියේදී ඇමරිකාව අනෙකුත් ලෝවෙසං සාමාජිකයින්ට පැවසුවේ සෙවුන් වා චෑන් යලි පත්කිරීමට එරෙහිව තමන් නිශේධ බලය යොදන බවයි. ජාත්‍යන්තර වෙලඳ නීති පිලිබඳ විශේෂඥයෙක් ලෙස කීර්තියක් උසුලන දකුනු කොරියානුවෙකු වන ඔහු, ලෝවෙසං ජාත්‍යන්තර වෙලඳ ආරවුල් පිලිබඳ බේරුම්කාර අභියාචන මන්ඩලයට දෙවන වරට ද පත්කිරීමට නියමිතව තිබුනි. දෙවන වාරයට ද යලි පත්කිරීම අතීතයේ පිලිගත් ක්‍රියාවලියකි.

එක්සත් ජනපදයට එරෙහිව ගිය “වැඩි හපන්කම නිසා වැරදී ගිය” යනුවෙන් හැඳින්වූ රටාවාදී තීන්දු ගනනාවක් සඳහන් කරමින් වොෂින්ටනය, මන්ඩලය “අභූත” තීන්දු කරා පැමිනි බව කියා සිටියි.

“අභියාචන මන්ඩලය ශාස්ත්‍රාලික සභාවක් නොවේ. එය තමන්ගේ හා නිශ්චිත නිර්නාමික සාමාජිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන ප්‍රශ්න ඉදිරියට ගෙන ගොස් ඇත.” ඇමරිකාව පවසයි. “අනියමිත සාකච්ඡාවන්හි යෙදී ගැනීම අභියාචන මන්ඩලයක කාර්යභාරය නොවේ.”

බ්‍රසීලය, ජපානය හා යුරෝපීය සංගමය ඇතුලු අනෙකුත් ලෝවෙසං සමාජිකයෝ, ඇමරිකානු නිශේධ බලය යෙදීමේ අවදානම, අභියාචන මන්ඩලයේ ද සමස්ත පද්ධතියේ ද ස්වාධීනත්වයට වලකපනු ඇති බව පැවසූහ. යුරෝ සංගමය තවදුරටත් පැවසුවේ ඇමරිකාවේ කටයුතු, පෙර නොවූ විරූ දේ බවත් ඒවා, “වත්මන් හා අනාගත අභියාචන මන්ඩල සාමාජිකයින්ගේ අපක්ෂපාතිත්වය හා ස්වාධීනත්වයට බරපතලම අවදානමක් වන බවත් ය.”

ඇමරිකාවේ ක්‍රියාව, 01දා ෆිනෑන්ෂල් ටයිම්ස්හි දැඩි විවේචනාත්මක කතුවැකියක් පලකිරීමට තුඩු දුන්නේය. බොහෝකොටම ඇමරිකාව තවදුරටත් සාකච්ඡාවන්ට සහභාගී නොවන්නට ගත් තීරනයේ ප්‍රතිපල වශයෙන්, පසුගිය වසරේ බහු පාර්ශවික වානිජ්‍ය සාකච්ඡාවන්හි ඩෝහා වටය බිඳවැටීම හමුවේ, ලෝවෙසං අවශ්‍ය නොවනදේ නම්, එහි අධිකාරයට එල්ල කෙරෙන තවත් ප්‍රහාරයක් යයි එය සඳහන් කලේය.

ගෝලීය වෙලඳ ගිවිසුම් සහතික කර ගැනීමේ ලෝවෙසං ක්‍රියාකලාපය අවසන්වීමත් සමග ඉතිරිවන එකම සැබෑ කර්තව්‍ය වන්නේ, ආන්ඩු අතර පවත්නා වෙලඳ නීති හා පිලිගැනීම් මත විනිශ්චය පවත්වාගෙන යාමය.

“ ඇමරිකානු දෘෂ්ටි ආස්ථානය සමග එකඟ නොවන්නාවූ විනිශ්චයකරුවෙක් ඉවත් කිරීම මගින්, එක්සත් ජනපදය දැන් එය ගිල්වා දැමීමට උත්සාහ කරන්නේය යන කාරනය අතිශයින්ම කනස්සල්ල දනවයි.” එය පැවසීය.

අඩුම තරමින් මේ අවස්ථාවේදීවත් සිද්ධිය සනාථවී ඇතැයි එය වැඩිදුරටත් පවසයි. “වොෂින්ටනය ගෝලීය සහයෝගිතාවට මනාප වන්නේ, එය පෙරට ගෙන යන ජාත්‍යන්තර ආයතන තම අනසක යටතේ තිබෙනතාක් දුරට පමනක් යයි එක්සත් ජනපදයේ විවේචකයෝ කියා සිටිති. මෙය වනාහි එක්සත් ජනපදය නිරාවරනය වී ඇති බරපතල චෝදනාවකි.”

අභියාචන මන්ඩලය පිලිබඳ ප්‍රශ්නය, ලෝවෙසං තුල පැසවමින් තිබෙන තවත් ගැටුමකට බැඳී තිබේ. 2001 වසරේදී ලෝවෙසං සාමාජිකත්වය ලබාගත් තැනට පැමිනීමෙන් පසුව චීනය, මේ වසර තුල “වෙලඳපොල ආර්ථික තත්වය” හිමිකර ගැනීම පිලිබඳව බලාපොරොත්තු රඳවා සිටියි. එසේ වූ කල, කෘතීමව පහත් මිල ගනන් වලට භාන්ඩ අලෙවි කිරීම ලෙස හඳුන්වන (dumping) බැහැර කිරීමේ චෝදනාව මත චීන සමාගම් වලට නඩු පැවරීම වඩාත් දුෂ්කර වන්නේය.

මෙම වඩා උසස් තත්වය චීනයට ලබා නොදීම පිනිස ඇමරිකාව දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ. ඒ බ්‍රිතාන්‍යයේ ද සමහර යුරෝපීය බලවතුන්ගේ ද විරෝධය නොතකාය. ලන්ඩන් නගරයේ අවශ්‍යතා පරිදි, ප්‍රසාරනය වන චීන ආයෝජන හා මූල්‍ය කටයුතු වලින් ලාභ ලැබීමේ අපේක්ෂාව මත බ්‍රිතාන්‍ය ආන්ඩුව, බටහිර සිටින චීනයේ “හොඳම මිතුරා” ලෙස පෙනී සිටියි. බ්‍රිතාන්‍ය පවසා ඇත්තේ, චීනයට පූර්න වෙලඳපොල තත්වය පිරිනමා තිබියදී වුවත්, ලෝවෙසං නීති රීති වලට අනුව බැහැර කිරීමේ චෝදනා ගෙන ආ හැකි බවයි. එහෙත් චීනයේ තත්වය උසස් කිරීම වැලැක්වීමට ඇමරිකාව දරන උත්සාහයට ඉන් කිසිදු බලපෑමක් සිදුව නැත.

ගෝලීය අධි ධාරිතාවේ, ඉල්ලුම අමතරෙන් යටපත් කිරීමේ හා ප්‍රධාන කාර්මික ආර්ථිකයන්හි පලදායිතාව පහත වැටීමේ අනතුරු ඇඟවීම් පිලිබඳ කොන්දේසි යටතේ, වෙලඳාම මත ගෝලීය ගැටුම් ගැඹුරු වෙමින් තිබේ. ආර්ථික ජාතිකවාදයේ නිමක් නැති ප්‍රචාරයන් සමග 1930 ගනන්වල පැන නැගි ගෝලීය වෙලඳ යුද්ධයට සමාන ඒවායේ තර්ජනය යලි මතු වෙමින් තිබේ. ඒ අවධියේදී ආරක්ෂනවාදයේ වර්ධනය සේවය කලේ ලෝක යුද්ධයේ පිනුම් පිත්ත ලෙසය.

අද දිනයේ තවත් දිග්ගැස්සෙන ලෝක ආර්ථික පසුබෑමක කොන්දේසි යටතේ ආර්ථික ජාතිකවාදයේ වැඩීම, ඒ ආකාරයටම තුඩු දෙන්නේ, තවත් ගෝලීය ගිනි ජාලාවක් තුලට ඇදී යාමේ තර්ජනය මතු කරන ගැටුම් වලටය.

Share this article: