සසප පැවත්වූ යුද විරෝධී සමුලුවට සහභාගී වූවෝ, යුද්ධයේ අන්තරාය හා ඇමරිකානු මැතිවරනය පිලිබඳව අදහස් දැක්වූහ

Attendees at SEP anti-war conference speak on war danger" US election

ලෝසවෙඅ වාර්තාකරුවන් කන්ඩායම විසින්, 2016 නොවැම්බර් 07

ලෝසවෙඅ වාර්තාකරුවන් කන්ඩායම විසින්, 2016 නොවැම්බර් 07ලෝසවෙඅ වාර්තාකරුවන් කන්ඩායම විසින්, 2016 නොවැම්බර් 07ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් කන්ඩායම, “ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” සමුලුවට සහභාගී වූ කම්කරුවන් හා තරුනයින් සමග කථා කලහ. නොවැ. 5දා එය පැවැත්වුනේ ඩිට්‍රොයිට්හි වේන් සරසවියේදීය. පැවැත්වූ කථාවල අන්තර්ගතයෙන් තමන් උද්‍යෝගයටත්, සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් යුද්ධයට එරෙහිව දියත් කර තිබෙන අරගලයෙන් ධෛර්යටත් පත්වූ බව පැවසූහ.

ඉසි හා එඩ්වර්ඩ්

ඉසි හා එඩ්වර්ඩ් යන කම්හල් කම්කරුවන් දෙපලක් ද බටහිර මිචිගන්හි මුස්කිගොන්හි සිට සමුලුවට පැමින සිටියහ. එඩ්වර්ඩ් මෙසේ පැවසීය: “මුස්කිගොන් බෙහෙවින් දුගී පලාතකි. එය බැර නිෂ්පාදන කර්මාන්ත මධ්‍යස්ථානයක්ව පැවතුනු නමුත් දැන් එය ඩිට්‍රොයිට් මෙන්ම පාලුවට ගොස් තිබේ.”

ඉසි පැවසුවේ මෙසේය. “මගේ පියා ලුතිනන් කර්නල්වරයෙකි. වැඩෙන කාලයේ මම නිතරම මෙම ක‍්‍රමය හරියාකාරව වැඩ කරන්නේ නැතිකම පිලිබඳව නොසතුටට පත්ව සිටියා. එය ශ්‍රේෂ්ඨ යමක් බවට පත් නොවන්නේ මන් ද? මම ආවේ කථාවේ අනෙක් පැත්ත ගැන ඇසීමටත් සමාජවාදය එවන් දැවැන්ත හා තීරනාත්මක ප‍්‍රශ්න සමග පොර බදන්නේ කෙසේදැයි දැනගැනීමටත්ය. ඔබලා නිවැරදිය, යුද්ධය පිලිබඳව කථාකරන්නේ ඔබලා පමනයි.”

තමා කලින් සෑන්ඩර්ස්ට හා පසුව හරිත පක්ෂයට සහාය දුන් බව ඉසි පැවසුවාය. “හරිත පක්ෂය සමග මට පෑහෙන්ට බැරි එය ඕනෑවට වඩා ස්වදේශීය සංවිධානයක් වීම නිසයි. අප ගෝලීය සමාජයකි, මම කැමතියි බර්නි දැන් මෙහි සිටියානම්.”

එඩ්වර්ඩ් මෙසේ ද කීය. “මම හිතනවා මෙම සමුලුව, ජනතාවට මූලිකත්වය ගත හැකි තරම්, විශාල අරගලයකට මුල පුරා ඇති බව.”

ෆ්ලින්ට්හි කම්කරුවෝ ගනනාවක්ම සමුලුවට සහභාගී වූහ. කලින් ජෙනරල් මෝටර්ස්හි වැඩ කල දැන් ෆ්ලින්ට්හි අබලන්ව ඇති බියුක් මෝටර් රථ කම්හලේ වැඩකරන ග්ලැඩිස්, ජල අර්බුදය පුරාවටම ෆ්ලින්ට්හි ගත කල ජීවිතයේ අත්දැකීම් ගෙනහැර දැක්වූවාය. මම 2000 ගනන් මුල ෆ්ලින්ට්හි නිවසක් මිලට ගත්තා, පසුව දේපොල වෙලඳපොල කඩා වැටුනා. ඉන් පසුව ඔවුන් (බලධාරීන්) හදිසි සේවා කලමනාකරුවෙකු පත් කර අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොරාගෙන එහි විස ජලය බෙදාහැරියා!

ග්ලැඩිස්, ජෙරී වයිට් හා රෂාඩ්

“දැන් මගේ නිවස තඹ දොයිතුවක්වත් වටින්නේ නෑ. මගේ ලේවල ඊයම් තිබෙනවා. මට ඇත්තේ තඹ වලින් සෑදූ ජල නලය. ඔවුන් කිසිවිටෙකත් ඒවාට වෙනත් බට යෙදුවේ නෑ. තවමත් මගේ කුස්සියේ සින්ක් එකට එන්නේ ඊයම් මුසු ජලයයි. ඔවුන් ෆ්ලින්ට්හි ගංගාවට කර ඇති දේ නිසා අපට මාස ගනනාවක් තිස්සේ ඩිට්‍රොයිට්හි ජලය මත රැඳෙන්ට සිදුවුනා. අපි තවමත් පීඩාවට පත්වෙනවා.”

යුද්ධයේ අන්තරාය පිලිබඳව කථිකයින් පැවසූ දේ ගැන විමසූ කල ඇය මෙසේ පිලිතුරු දුන්නාය, “මම හිතන්නේ ඔවුන් මුලුමනින්ම නිවැරදියි කියා. යටිතල පහසුකම්, අධ්‍යාපනය, දුප්පත්කම, ආහාර හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් නැත්තේ එබැවින්ය. මක්නිසා ද යත් සියල්ල යුද්ධයට වැය කරන බැවින්ය. ඇසිපිල්ලමක් ගහන පමාවෙන් මිලියන ගනනක් මිනිසුන් මරුමුවට පත් කරන ගෝලීය මූලෝත්පාඨනය, ලෝක යුද්ධය වැනි දේ ගැන ජාතියේ ‘නායකයින්’ කරදර වන්නේ නැත.

“ජෙරී වයිට් හා අනෙකුත් අපේක්ෂකයින් ඇතුලු කන්ඩායම, ඡන්දදායකයෙකු ලෙස මට අහන්නට අවශ්‍යම වෙලා තිබුන දේවල් හැම දෙයක්ම ගැන කථාකරනවා අහන්ට ලැබුනේ මා අද මෙහි සිටීම නිසා බව ඇත්තටම මම විශ්වාස කරනවා. යමක් වෙනස් විය යුතුයි, ඒත් ප‍්‍රධාන පක්ෂ දෙකෙන් කිසිම වෙනසක් සිදුවන බවක් පේන්ට නෑ. මම ඡන්දය කටුගානවා. ඇයි ද කිව්වොත් මම ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන් එකකටවත් මගේ ඡන්දය නොදෙන නිසයි. මම ඔවුන්ට ඡන්දය දීම ප‍්‍රතික්ෂේප කරනවා.”

ෆ්ලින්ට්හිම සිට පැමිනි රෂාඩ්, ආදේශක ගුරුවරයෙකු ලෙස වැඩ ආරම්භ කල අයෙකි. ප‍්‍රාථමික මැතිවරන වටයේදී හිලරි ක්ලින්ටන්ට සහයෝගය දීමේ කලින් අත්දැකීම් ඔහු විස්තර කලේය. “සසප වැඩපිලිවෙල ගැන තවදුරටත් ඉගෙන ගැනීමෙන් හා ධනපති ක‍්‍රමයට එරෙහිව සටන්කරන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා එහි අරමුනු ගැන වටහා ගැනීමෙන් පසුව මගේ යොමුව වෙනස්වුනා.”

“හිලරි ජයගතහොත් මිලිටරිමය වශයෙන් ඇය කිරීමට යන හා සිදුවනු ඇති දේ ගැන කථාකල අය මුලුමනින්ම නිවැරදියි. ජාතික ආරක්ෂක වැය අධ්‍යාපන වියදම් වලට වඩා වැඩිවන්නේ කොහොම ද? පාසැල් නිතිපතා වසා දමමින් තිබෙනවා, බන්ධනාගාර ගොඩනැගෙමින් තියෙනවා, එය මගේ සිතට කාවැදී ඇති දෙයක්, පොදු අධ්‍යාපනය ගැන දැඩි අවධාරනයක් නොදැක්වෙන්නේ මක් නිසා ද?

රෂාඩ්

සාකච්ඡාව තුල, කලු ජාතිකයින්ගේ ජීවිත වැදගත්ය යන ව්‍යාපාරය ගැන හා අනන්‍යතා දේශපාලනය ගැන කථාකරමින් ඔහු පැවසුවේ, “කලු ජාතිකයින්ගේ ජීවිත වැදගත්ය ව්‍යාපාරයට ෆෝර්ඩ් පදනමෙන් මුදල් ලැබෙන බව සඳහන් වුන ලිපියක් මම ලෝසවෙඅ කියෙව්වා. ඒ සංවිධානය ඩොලර් මිලියන 100න් කුමක් කරන්නට යන්නේදැයි මම මගෙන්ම අසාගත්තා. එවිට එක් දායකයෙක් ඉදිරියට පැමින, සැබවින්ම සිදුවන්නේ, ඔවුන් ඒ මුදල් රැගෙන කලු තරුනයින් බලයේ ඉහල තැන්වලට, ලාභ ලැබිය හැකි තැන්වලට, හා එවැනි දේ වලට යොමුකිරීම බව පැවසුවා. මට හැබෑවටම තේරුම් ගන්ට පුලුවන් එය කෙතරම් දූෂිත ද යන්න.”

තම අත්දැකීම් කැටිකර දක්වමින් රෂාඞ් පැවසුවේ, “පාසැල් යන අවධියේ අපට උගන්වා තිබුනේ ‘සමාජවාදය’ හා ‘කම්කරු පන්තිය’ යන වචන ඇමරිකාව තුල තහනම් වචන ලෙසයි. ධනවාදයේ සැබෑ සාරය ගැන මගේ වැටහීම වැඩි වන විට මම පුදුමයට පත්වුනා. දේශපාලන තලයේදී යහපත් ප‍්‍රාර්ථනාවන් සහිත අය පවා තෝරාගත් කල, ඔවුන්ගේ පොරොන්දු කිසිවක් ඉටු නොකරන බවත්, තත්වය පෙර පරිදිම පවතින බවත් මට වැටහුනා.

මා හිතන්නේ අපි මිනිසුන් සමග එක්ව සසපට හා සසජාතශිට බැඳී නිසැකවම මෙම ව්‍යාපාරය ගොඩනැගිය යුතු බවයි. මෙම ක‍්‍රමය සමග සටන් වදින පක්ෂයක් අපට අවශ්‍යයි. මක්නිසා ද යත්, කම්කරු පන්තියේ හඬ නිසැකවම නොතකා හැර තිබීම හා එය ඇසීමට සැලැස්විය යුතු බව මා විශ්වාස කරන නිසාය. නැගී සිට මේ රට තුලත් ලෝකය පුරාමත් වැඩ කිරීම සඳහා අප සංවිධානය වීම අවශ්‍යයි.”

ඩිට්‍රොයිට්හි හෙන්රි ෆෝර්ඩ් ප‍්‍රජා විද්‍යාලයේ සිසුවෙකු වන කාඩෙල් පැවසුවේ තමාට සසප ගැන අසන්නට ලැබුනේ, ඩිට්‍රොයිට්හි කලා ආයතනයට පැමිනි අවස්ථාවක බවයි. “මා ආයතනයෙන් පිටව යද්දී, යම් සසප නියෝජිතයෙක් මා අතට පත‍්‍රිකාවක් ලබා දුන්නා. ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකන් යන කිසිම පක්ෂයක් ගැන මා විශ්වාස කලේ නෑ. මා හැමවිටම අසා තිබුනේ සමාජවාදය ගැන නරක දේ නිසා පලමුවෙන් මා පැකිලුනා. පසුව ඒ ගැන තවදුරටත් අසා දැනගත් පසුව මට වැටහුනා, මා අසා ඇති සියලු නරක දේ වපුරවා ඇත්තේ, මා නියෝජනය නොකරන්නාවූ, ද්විපක්ෂ ක‍්‍රමයට සහාය දෙන මිනිසුන් විසින් බව.”

ෆිල්

ඩිට්‍රොයිට්හි කම්කරු පන්තික ප‍්‍රදේශයක් වන හැම්ට්රැවම්ක්හි සිට පැමිනි 25 හැවිරිදි ෆිල් පැවසුවේ, “මෙහිදී හුඟක් දේ දැනගන්නට ලැබුනා. මේ මම සසජාතශියට ඇතුලුවූ මුල් අවස්ථාවයි. එය බලපෑමෙන් අඩු වඩාත් ජනතාවාදී සංවිධානයකි. මම ලෝසවෙඅ කියවනවා, සසජාතශි ගැන ද අසා තිබුනා. සියලු නියෝජිතයින් දැක ගැනීමට ලැබීමත් ඔවුන් ඒ ගැන අප ඉදිරියේම කථාකරනු ලැබීමත් සතුටට කරුනකි.”

යුද්ධය වනාහි තව තවත් ප‍්‍රාග්ධනය ගොඩගසා ගැනීම පිනිස ධනපති යාන්ත‍්‍රනය විසින් යොදාගනු ලබන මෙවලමකි. අප කිසිදු යුක්ති යුක්ත භාවයකින් තොරව අහිංසක මිනිසුන් මරා දමන්නේය. මම බාල වයසේදීම යුද්ධය අයුක්ති සහගත බව සිතුවෙමි.”

“දේශපාලනය ගැන මම හැමවිටම කල්පනාකාරී වුනෙමි. මක්නිසා ද කිවහොත් එය බොහෝ බොරු මත පවතින දෙයක් නිසා ද මුදල් සම්බන්ධ දෙයක් ද නිසාය. ඒත් මේ වර්ෂය සියල්ලටත් වඩා අරුම පුදුමය. සියලු දෙනාම ගැලවීමේ මගක් සොයන අතර අප අතහැර ඇත්තේ, මුලුමනින්ම ශඛ්‍ය නොවූ විකල්ප දෙකක් අතරටය.”

මැට්

නැගෙනහිර මිචිගන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සේවකයෙකු ලෙස වැඩ කරන මැට්, මෙසේ පවසයි, “කථිකයින් අනන්‍යතා දේශපාලනය ගැන කල කථා පැහැදිලිය. කලින් මම සිතුවේ මිනිසුන් දැන් කථාකරන්නේ මෙලෙස බවයි.

“එහෙත් මෙහි කල කථා වලට සවන් දුන් පසුව පැහැදිලි වුනේ, මූල හේතුව අනන්‍යතාව පිලිබඳ ප‍්‍රශ්න නොව පන්ති ප‍්‍රශ්න බවයි. මට උගන්වා තිබුනේ, යුද්ධය හා අනෙකුත් ප‍්‍රශ්න, වාර්ගික හා ලිංගිකත්වය පිලිබඳ ප‍්‍රශ්න තුල මුල්බැස ඇති බවයි. එහෙත් එය සහමුලින්ම වෙනස් දෙයකි.”

Share this article: