ජනවර්ගය, පන්තිය සහ ට‍්‍රම්ප් බලයට පත්වීම

Race, class and the election of Trump

2016 නොවැම්බර් 10

මාධ්‍ය පන්ඩිතයින් සහ ඩිමොක‍්‍රටික් පක්ෂ ක්‍රියාකාරීහු, ක්ලින්ටන් පරාජයට පත්කරමින්, ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපති තරඟය ජය ගැනීම, “සුදුජාතික කම්කරු පන්තිය” අතර පැතිර පවතින වර්ගවාදයේ සහ ලිංගභේදවාදයේ ප‍්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරති.

වර්ගය කේන්ද්‍රීමය ප‍්‍රශ්නය බවට පත්කිරීමට දරන පශ්චාත් මැතිවරන උත්සුකයන් අතර වන “මෙය වෙනස්වන රටකට සහ කලුජාතික ජනාධිපතිවරයෙකුට එරෙහිව සුදු මිනිසුන්ගේ කස පහරක්” විය යනුවෙන් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ගැන සීඑන්එන් අටුවාකරුවා සහ හිටපු ඔබාමාගේ සහචරයෙකු වන වෑන් ජෝන්ස් ගේ ප‍්‍රකාශ වැනි දේ සුලභය.

නිව්යෝර්ක් ටයිම්ස් හි එඩුවාඩෝ පෝටර් බදාදා පැවසුවේ, ක්ලින්ටන්ගේ සහ ඩිමොක‍්‍රටිකයන්ගේ වැටීම “ඇමරිකානු සමාජයේ අර්බුද ග‍්‍රස්ත ප‍්‍රතිමූර්තිය චිත‍්‍රනය කරන” බවය. “එය වෙනත් ඕනෑම කාරනයකට වඩා ඉහලින් ජනවාර්ගික සතුරුකම අධිකාරවත් කරන්නක්” යයි ඔහු ප‍්‍රකාශ කලේය.

වර්ගයේ, ඊට වඩා අඩු පරිමාවකින් ලිංගිකත්වයේ ප්‍රිස්මය හරහා 2016 මැතිවරනය පිලිබඳව කෙරෙන අර්ථවිවරන, පැහැදිලිව පෙනෙන පරස්පරයන් තුලින් සත්‍යයට එරෙහිව නැගී සිටී. පවත්නා දේශපාලන වාතාවරනයේ බහු මිලියන පුද්ගලාරෝපනයක් වන ක්ලින්ටන් පරාජයට පත් වූ මැතිවරන බල ප‍්‍රදේශවල ජනතාව, ඔබාමා ධවල මන්දිරය තුල තැබීමට දෙවරක් ජන්දය ප‍්‍රකාශ කොට තිබුනි.

විද්‍යාබල අධ්‍යාපනයක් නොලත්, අවුරුදු 45 ත් 64 ත් අතර සුදු ජාතිකයින්ගේ, විශේෂයෙන්ම පිරිමි ඡන්ද, ඉහල මට්ටමක තිබීම, බෙහෝකොටම ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට හේතු විය. ඡන්දය දීමේදී මෙම ජන කොට්ඨාශය රිපබ්ලිකන් බිලියනපතියා වෙත දැඩි සේ නැඹුරු වූහ.

මේ මිනිස්සු, 1952 සහ 1971 අතර කාලය තුල ඉපදී, 1970 සහ 1989 අතර ශ්‍රම බලකායට ඇතුලු වූවන්ය. එහෙයින් ඔවුන් තම මුලු ජීවිත කාලය පුරාම අත්විඳ තිබෙන්නේ, දැවැන්ත සහන කප්පාදු, වැටුප් කැපීම් සහ දරුනු අතට හැරෙමින් පවතින සේවා කොන්දේසිය.

එ.ජ. මධ්‍යනය නේවාසික ආදායම

1970 දශකයේ අග සහ 1980 ගනන් පුරා වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව කටුක අරගලයන්ට වඩාත්ම සම්බන්ධ වූ කම්කරුවන් ඔවුන් වේ. හෝර්මල්, ෆෙල්ප්ස් ඩොජ්, ග්‍රෙ හවුන්ඩ්, පැට්කෝ, ඒටී මැසී, පිට්ස්ටන් සහ කාර්මික මධ්‍යම බටහිර පුරා වාහන සහ වානේ වැඩ බිම්වල, මුරපේලි යෙදවූ තරුන සටන්කාමී කම්කරුවන් ඔවුන් විය. වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ අරගල ක‍්‍රමානුකූලව හුදකලා කොට පාවා දෙනු ලැබීය.

2012 දී ඔබාමා විසින් ජයග‍්‍රනය කල ප‍්‍රතිශතය හා සැසඳීමේදී මේ කම්කරුවන්ගේ ඡන්ද වල ක්ලින්ටන්ගේ පංගුව තියුනු ලෙස පහත වැටුනි. මිචිගන්, විස්කොන්සින්, සහ පෙනිසිල්වේනියා යන ප්‍රාන්ත කාර්මික යුද පිටිය තුල ඇයගේ ඡන්ද පිලිවෙලින් සියයට 13, 10 හා 9 ලෙස පහත වැටී ඇත.

දැවැන්ත අවපාතනය නිල වශයෙන් අවසාන බව පැවසූදා සිට අවුරුදු 8 ක් ගතවූ තැන, මධ්‍යස්ථාන වෙත පැමිනි තෝරාගත් ඡන්දදායකයන් ගෙන් සියයට 62 ක ප‍්‍රතිශතයක්, ට‍්‍රම්ප්ගේ ඡන්ද දායක ප‍්‍රතිශතය සියයට 85 ක් දක්වා ඉහල දමමින්, ආර්ථික තත්ත්වය නිශේධනීය බවට තක්සේරු කොට ඇත යන සාධකය පෙන්වන එම ආර්ථික ප‍්‍රශ්න, කම්කරු පන්තික ඡන්දදායකයන්ගේ කේන්ද්‍රීය තැකීම විය.

විද්‍යා අධ්‍යාපනයක් නොලත් සුදු කම්කරුවන් ගෙන් හතරෙන් තුනක්, ආර්ථිකය “හොඳ නැත” හෝ “දුර්වලයි” යනුවෙන් ප‍්‍රකාශ කල අතර ආසන්න වශයෙන් 10ට 8 දෙනෙක් පමන ඔවුන්ගේ පුද්ගලික මූල්‍ය තත්ත්වය අවුරදු 4 කට පෙර තිබූ තත්ත්වයම හෝ ඊටත් වඩා නරක අතට හැරී ඇති බවට ප‍්‍රකාශ කලේය.

කම්කරු පන්තියේ මෙම පලල් ස්ථරය, පසුගිය දශක හතර පුරාම මුහුනදී ඇත්තේ, ජීවන තත්ත්වයේ අඛන්ඩ සෝදාපාලුවකටය. අය වැය සහ ප‍්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානය විසින් විශ්ලේශනය කරන ලද සංඛ්‍යා දත්ත වලට අනුව විද්‍යාල උපාධියකින් තොර සුදු පිරිමි කම්කරුවන් 1975 සහ 2014 අතර කාලය තුල උද්ධමනයට හිලව් කිරීමෙන් පසුව ඔවුන්ගේ මධ්‍යම මට්ටමේ ආදායම සියයට 20 කටත් වඩා පහල වැටුනු බව දැකගෙන ඇත.

2003 සිට 2013 දක්වා මූර්ත වැටුප් සංසන්දනය

2007 සහ 2014 අතර කාලය තුල ඔබාමා යටතේ ඔවුන්ගේ ආදායම සියයට 14 කින් පහත වැටී ඇත.

08දා පැවති මැතිවරනයේ තීරනාත්මක සාධකය වූයේ කුමක්ද? කම්හල් වසා දැමීම සහ හොඳ වැටුප් සහිත රැකියා විනාශ කිරීම මගින් ආර්ථික පරිහානියකට මුහුනපෑ, 2012 දී ඔබාමාට ඡන්දය දුන් විශාල කාර්මික ප‍්‍රාන්ත, රිපබ්ලිකන් පෙරමුනට මාරුවී ට‍්‍රම්ප් තෝරා ගත්තේය. මෙය විශාල වශයෙන්ම කම්කරු පන්තිය, ඔවුන්ගෙන් බහුතරයක් සුදු මිනිසුන් විය හැකි නමුත්, ඔබාමා විසින් අඛන්ඩව කරගෙන යන ලද සහ පුලුල් කරන ලද සංගත ගැති සහ කම්කරු පන්තියට හතුරු ප‍්‍රතිපත්ති වලට එරෙහිව ලබා දුන් ඡන්දයකි.

මෙම ප‍්‍රයත්නයන්ට මිචිගන්, පෙනිසිල්වේනියා, විස්කොන්සින්, ඔහායෝ සහ අයෝවා ඇතුලත් වේ. සාමාන්‍යයෙන් දැඩිවම ඩිමොක‍්‍රටිකයන්ට අයත්ව තිබූ, නමුත් මෑත වසර කිහිපය තුල රිපබ්ලිකන් බවට පත්වූ බටහිර වර්ජීනියා, සහ කෙන්ටුකි බඳු අනෙකුත් කාර්මික ජනපද ට‍්‍රම්ප් ජයග‍්‍රහනයේ සීමාවට ඇතුලු විය.

ට‍්‍රම්ප් වෙතට හැරුනු කාර්මික ප‍්‍රාන්ත සහ ඔබාමා පරිපාලනය 2009 දී ජීඑම්-ක‍්‍රයිස්ලර් (මෝටර් රථ සමාගම්) ඇපදීම යටතේ වසා දමන ලද වාහන නිශ්පාදන වැඩබිම් අතර සම්බන්ධයක් පවතී. සියලුම අලුත් කම්කරුවන්ගේ වැටුප සියයට 50 න් කප්පාදු කිරීමට අමතරව මෙම ප‍්‍රතිව්‍යූහකරනයට, කර්මාන්තශාලා 14 ක් වසා දැමීම සහ 35,000ක් රැකියා අතුගා දැමීම ඇතුලත් විය. වසා දැමූ කම්හල් වලින් හතක් මිචිගන් වල ද තුනක් ඔහියෝ වල ද විය. විස්කොන්සින් ජේන්ස්විලේ ජීඑම් වැඩබිම වසාදමනු ලැබුනි.

ට‍්‍රම්ප්ට ඡන්දය දීමෙන් පලවූ ගැඹුරු කේන්තියේ තවත් ප‍්‍රකාශනයක් වනුයේ, ඩිමොක‍්‍රටික් ප‍්‍රාථමික වටයේදී වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ට ඡන්දය දී ඇති මිචිගන්, විස්කොන්සින්, බටහිර වර්ජීනියා, ඉන්ඩියානා සහ අයිඩහෝ ඇතුලු ප‍්‍රාන්ත රිපබ්ලිකන් අපේක්ෂකයාට ඡන්දය දී තිබීමය. නිර්ලජ්ජිත ලෙස සැන්ඩර්ස් ක්ලින්ටන්ට යටත් වීම හා ඔහු විසින් ඩිමොක‍්‍රටික් පක්ෂය වර්නනා කරනු ලැබමේ කාරනා ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය සඳහා මූලික භූමිකාවක් ඉටු කලේය.

මිචිගන්, විස්කොන්සින් සහ ඔහායෝ බඳු ප‍්‍රාන්තවල ඩිමොක‍්‍රටික් ඡන්ද පාවිච්චිය කඩාවැටුනි. 2012 දී ඔබාමාට හිමිවූ කුඩා කාර්මික නගර නාගරිකයන්, රිපබ්ලිකන් කඳවුර වෙත ඇලවෙමින් 8දා ට‍්‍රම්ප්ට ඡන්දය දුන් බව පැහැදිලිය.

2009 ජීඑම් ප‍්‍රතිව්‍යූහකරනය අතර තුර වාහන කම්හල් වසා දැමුනු ප‍්‍රාන්ත

පිටුවේ අනික් පැත්තේ ඇති වර්ගවාදී අර්ථ කථන, ඩෙට්‍රොයිට්, ක්ලීව්ලන්ඩ්, සහ මිල්වෝකී වැනි විශාල වශයෙන් අප්‍රිකානු-ඇමරිකානු සම්භවය සහිත ජනතාව වාසය කරන නාගරිකයන්හි තියුනු ලෙස ඡන්ද මාරුවීම මගින් බොරු කරයි. එම ප‍්‍රතිපල ක්ලින්ටන්ගේ පරාජය සහතික කලේය.

ඩෙට්‍රොයිට්ද ඇතුලත් වන මිචිගන්හි වේන් කොට්ඨාශය තුල, 2008 සිට ඡන්දය පාවිච්චි කල සංඛ්‍යාව 78,000න් පහල ගියේය. ඩෙට්‍රොයිට් වල පමනක් ක්ලින්ටන්ට ලැබී තිබුනේ, 2012 දී ඔබාමාට ලැබුනු ප‍්‍රමානයට වඩා ඡන්ද 48,000 ක් අඩුවෙන් ය. ෆ්ලින්ට් ද ඇතුලත් වන මිචිගන්හි ජෙනිසී කොට්ඨාශයේ ඇගේ ඡන්දදායක සහභාගිත්වය 27,000 කින් පහල වැටුනි.

ක්ලීව්ලන්ඩ් ද ඇතුලත් වන ඔහායෝ ප‍්‍රාන්තයේ කුයාහෝගා කොට්ඨාශය තුල ක්ලින්ටන්ගේ ඡන්ද 50,000 ත් වැඩියෙන් පහල ගියේය. ක්ලීව්ලන්ඩ් තුල එය තියුනුම ලෙස ප‍්‍රකාශයට පත් විය. මිල්වෝකී හි ඇගේ ඡන්දදායක සහභාගිත්වය 58,000න් වැටුනි. ෆිලඩෙල්ෆියාහි ඇයට ලැබුනේ, ඔබාමාට වඩා ඡන්ද 18,000 ක් අඩුවෙනි.

ක්ලින්ටන් කෙරෙහි උද්යෝගය අඩුවීම කිසිදු ජනවර්ගයකට සීමා වී නැත. මිලිටරිවාදයේ සහ දූෂනයේ වාර්තාවක් සහිත වෝල් වීදියේ ගජ මිතුරෙකු කෙරෙහි පලවූ මූලික පන්ති ප‍්‍රතිචාරයකි ඒ. ජාතික වශයෙන් ක්ලින්ටන් ලබා ගත්තේ, 2012 දී ඔබාමාට වඩා මිලියන 6 කටත් අඩු ඡන්ද ප‍්‍රමානයකි. එමෙන්ම 2012 දී ඔබාමාගේ සමස්ථ ඡන්ද ප‍්‍රමානය 2008 දී ඔහු ලබා ගත් ඡන්ද ප‍්‍රමානයට වඩා අඩුවිය.

ඒ වසර හතරකට පෙර ආර්ථිකය බිඳ දැමීමට මුල්වූ, වෝල් විදියේ සමපේක්ෂකයින්ගේ ප‍්‍රතිමූර්තිය වූ, පුද්ගලික සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරී වූ මිට් රොම්නි ට එරෙහිව ඡන්ද ව්‍යාපාරය ගෙන යාමෙන් පසුව වීම ද වැදගත්ය.

ක්ලින්ටන් සිය විද්‍යුත් තැපෑල අවභාවිතා කිරීම ගැන එෆ්බීඅයි කල මැදිහත්වීමට වඩා, ඔබාමාකෙයා සෞඛ්‍ය වාරිකය 2017 දී දල වශයෙන් සියයට 25 කින් ඉහල නගිනු ඇති බව මැතිවරන දිනට සති දෙකකට පෙර ප‍්‍රකාශ කිරීම, ප‍්‍රථිපලය කෙරේ බලපෑ බව, 2016 මැතිවරනය පිලිබඳ අනාගත පශ්චාත් මරන පරීක්ෂන වලදී නිගමනය කරනු ඇති බවට ඇත්තේ සුලු සැකයක් පමනි. වැඩකරන ජනතාවගේ පවුල්වල ආදායමට මෙසේ පටවනු ලබන අලුත් මර්දනකාරී බර සලකුනු කරන්නේ, ඔබාමාගේ අනුමැතිය සහිත දේශීය වැඩසටහන, කම්කරුවන්ගේ පසුම්බියට විදින වැඩ මත පදනම් වූ රක්ෂන සමාගම් සහ සංගත සඳහා ලාභ ඉපැයීමේ මගක්ව ඇති බවයි.

පෙනිසිල්වේනියාවේ සියයට 32.5 ක රුදුරු වැඩිවීම ද ඇතුලුව, ඉලක්කම් දෙකේ ප‍්‍රතිශත වලින් වාරික වැඩිකිරීමට ඉලක්කවූ සියලු මධ්‍ය බටහිර කාර්මික ජනපදවල ඡන්ද ඩිමොක‍්‍රටිකයන්ගෙන් රිපබ්ලිකානුවන් වෙත හැරී ඇත.

මෙකී සාධක තියුනු ලෙස පැහැදිලි කරන්නේ, ක්ලින්ටන් සහ ඩිමොක‍්‍රටිකයන්ගේ පරාජය යටින් පැවතියේ, වර්ගය හෝ ලිංගිකත්වය පිලිබඳ ප‍්‍රශ්න නොව, ආර්ථික හා පන්ති ප‍්‍රශ්න වූ බවය.

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ඩිමොක‍්‍රටික් පක්ෂයට පමනක් නොව වෘත්තීය සමිති නිලධරයට ද දැවැන්ත ආවෘත අන්තයකි. රිපබ්ලිකානුවන් ඉදිරියට ඒමේදී තීරනාත්මක වූ කාර්මික ජනපද, එක්සත් වාහන කම්කරු සමිතිය, එක්සත් වානේ කම්කරු සමිතිය, එක්සත් ආකර කම්කරු සමිතිය, සහ ඒඑෆ්එල්-සීඅයි ඕ විසින් සිදු කරන ලද පාවාදීම් මගින් වඩාත්ම විනාශයට පත්වූ ඒවාය. ඩිමොක‍්‍රටික් පක්ෂය සමග ඒවායේ දශක ගනන් දිගු සන්ධානය සහ පන්ති අරගල මර්දනය කිරීම, කලින් පැවති වාහන, වානේ සහ ගල් අඟුරු මධ්‍යස්ථාන ආර්ථික මුඩුබිම් බවට පත් කලේය.

වර්ගවාදී සහ ඊනියා කෙලතොලු විප්ලවවාදියා වූ ජෝර්ජ් වොලස්, 1972 දී මිචිගන් ප‍්‍රාන්තයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රාථමික වටයේ ඡන්දයෙන් ජයග‍්‍රහනය කල අවස්ථාවේ, සමාජවාදී සමානතා පක්ෂයේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පූර්වගාමීන් වූ වර්කර්ස් ලීගය සහ බුලටීනය, මේ අන්තරාදායක වර්ධනය, යූඒඩබ්ලිව් සමිතිය ඩිමොක‍්‍රටික් පක්ෂය සමග තිබූ දේශපාලන සංධානයේ ප‍්‍රථිපලය ලෙස පැහැදිලි කලේය. කම්කරු පන්තිය මත මේ දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ පක්ෂයෙහි දෘඩ ග‍්‍රහනය පවත්වාගෙන යාමේදී වෘත්තීය සමිති විසින් ඉටුකරන ලද භූමිකාව අපි අවධාරනය කලෙමු. එම තත්වය, ආර්ථික ජාතිකවාදයේ පදනම මත, පාලක පන්තියේ වඩාත්ම ප‍්‍රතිගාමී නියෝජිතයන් පිටුපස, තමන්ගේ රැකියාවන්ට සහ ජීවන තත්ත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට මුහුන දෙන කම්කරුවන් පෙල ගැස්විය හැකි කොන්දේසි නිර්මානය කරන බව අපි අවධාරනය කලෙමු.

ආසන්න වශයෙන් වසර 45 කට පසු, ඊටත් එහාට වර්ධනය වූ ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය සහ ඊටත් වඩා දැවැන්ත පරිමානයෙන් කම්කරුවන් මත ප‍්‍රහාර එල්ල කරන කොන්දේසි යටතේ මේ අන්තරාය, අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට පත්වීම තුල දුෂ්ඨ ප‍්‍රකාශනයක් අත්කරගනිමින් තිබේ.

ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් දෙපිරිසම විසින් සහාය දෙන යුද්ධය සහ ආඥාදායකත්වය කරා ධාවනය පරාජය කල හැකි එකම සමාජ බලවේගය, කම්කරු පන්තියයි. තීරනාත්මක ප‍්‍රශ්නය වනුයේ සියලු ආකාරයේ වර්ගවාදී සහ අනන්‍යතා දේශපාලනයන් ප‍්‍රතික්ෂේප කිරීමයි. ප‍්‍රාධාන කාර්යය වනුයේ ධනවාදයට එරෙහි අරගලය තුල, ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමයි.

බැරී ග්‍රේ

Share this article: