2016 තුති පලකිරීම සහ ඇමරිකා‍වේ සමාජ අර්බුදය

Thanksgiving 2016 and the social crisis in America

2016 නොවැම්බර් 24

1863 ඔක්තෝබර් 03 වනදා සිවිල් යුද්ධය මධ්‍ය යේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්, නොවැම්බර් මාස‍යේ අවසාන බ්‍රස්පතින්දා “තුති පල කිරී‍මේ දිනය” බව ප්‍රකාශ කෙරෙන රාජ්‍ය ලේකම් විලියම් එච්. සෙවාර්ඩ් විසින් සකස් කරන ලද ප්‍රකාශනයකට අත්සන් තැබුවේය.

“අසහාය වැදගත්කමක් සහ බරපතලකමක් ඇති සිවිල් යුද්ධයක්” පැවතිය ද ගැටුම “තසරය ‍හෝ නැව විසින් නගුල පසුබස්වා නැති” අතර “වටිනා ලෝහ වන ගල් අඟුරු සහ යකඩ පතල් වල ‍‍‍‍පෙරට වඩා අධික ලෙස නිශ්පාදනය ඉහල ‍ගොස් ඇති බව” නිවේදනය ප්‍රකාශ ක‍ලේය. “වැඩිකරන ලද ශක්ති‍ය සහ ප්‍රානවත් බ‍ව පිලිබඳ සවිඥානිකත්වය තුල රට ප්‍රමුදිතවී ඇති අතර වසර බොහෝ ගනනක් යන තුරු නිදහස විශාල වශයෙන් පුලුල් වනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීමට එමඟින් රටට අවකාශ සැලසෙයි." ප්‍රකාශනය තීන්දු ක‍ලේය.

සිවිල් යුද්ධයේ විනාශය තවත් වසර එකහමාරක් පැවතියේය. එ‍තෙකුදු වුවත් ‍කෝච්චි පාරවල්, වාෂ්ප බෝට්ටු සහ විදුලි පනිවිඩ නිසා සමාජය පරිවර්තනය කෙරුනු බව සැබෑවකි. දෙවන ඇමරිකානු විප්ලවය මගින් දිරිගැන්වූ වේගවත් කාර්මීකරනයත් සමග නිශ්පාදන ධාරිතාව‍යේ ඉක්මන් නැගීමක් හා ප්‍රසාරනයක් සිදු වෙමින් තිබුනි. සිවිල් යුද්ධය වහල් භාවය අහෝසි කරමින් ධනවාදී අභිවෘද්ධිය සඳහා සහ පන්ති අරගල‍යේ පුපුරන සුලු වර්ධනයක් සඳහා මාවත හෙලි කලේය.

එක්සත් ජනපදය පුරා පවුල් ‍මේ තුති පල කිරීමේ භෝජනයට සහභාගී වුවද "නිදහසේ දැවැන්ත ඉහල යාමක් සහිත වසර ගනනක් රටට අපේක්ෂා කල හැකිය" යන සිවාර්ඩ් ගේ තක්සේරුව සමග සා‍පේක්ෂ වශයෙන් එකඟ වනු ඇත්තේ කිහිප ‍දෙනෙකු පමනකි. ඊට වඩා, තුති පල කිරීම ඉටු කරනු ඇත්තේ, ඔවුන් මුහුන දෙන ආර්ථික පීඩාව සහ මර්දනය හුවා දැක්වීම පමනකි.

නොවැම්බර් 24දාට පෙර වසරේ කුටුම්භ අටකින් එකකට වඩා ආහාර මේසය ඇරියේ අසීරු‍වෙනි. මිලියන ගනනක් දෙනා තුති පලකිරීමේ කෑම වේල ගනු ඇත්තේ, ආහාර සහන සුප් කුස්සියේ ‍පෝලිමේ සිට ගෙනය .

පෙර වසරේ හිසට වහලක් නැති අයගේ සංඛ්‍යාව මිලියන එකහමාරකටත් වැඩිය. ඒ අතර ලමුන් 300,000 ක් සහ ආබාධිතයන් 450,000 ද විය. තවත් මිලියන ගනනක් අනෙක් පවුල් සමග ‍බෙදා හදා ගත් නි‍වෙස් වල හෝ නවාතැන් පොලවල් වල ජීවත් ‍වේ.එබදු කොන්දේසි සෘජුවම බලපෑ හැක්කේ ඇමරිකානු පවුල් වලින් සුලු කොටසකට පමනක්විය හැකි නමුත් ජනගහනයේ අතිමහත් බහුතරයක් ආර්ථික වශයෙන් අනාරක්ෂිතය.

‍‍

ෆෙඩරල් රිසර්ව් මහ බැංකුව ‍මේ වසරේ නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව, වැඩිහිටි ජනගහනයෙන් සියයට හතලිස් හයකට "හදිසි වියදම් (සෞඛ්‍ය පහසුකම් සඳහා) ලෙස ගෙවීමට වන ඩොලර් 400ක වියදම ‍‍ආවරනය කර ගැනීමට වත් නොහැකි වන අතර යමක් විකිනී‍මෙන් හෝ මුදල් නයට ගැනීමෙන් එය ආවරනය කර ගනු ඇත."

මේ තත්ත්වය මත අඩු ආදායම් ලාබී මිනිසුන් රක්ෂනය කිරීමට සැලසුම් කොට ඇති බව කියන දැරිය හැකි පහසුකම් (ඔබාමා කෙයා) පනත යටතේ, දල වාරිකය ලබන වසරේ සියයට 25 කින් ඉහල යන බවට පලවූ නිවේදනයට අනුව, මිලියන ගනනකට ඔවුන්ගේ සෞඛ්‍ය ආවරනය අහිමි වනු හෝ අමතර ඩොලර් සිය ගනන් හෝ දහස් ගනන් වියදම් වලට මුහුන දෙනු ඇත.

වැඩිහිටියන් වෛද්‍ය වියදම් ඉහල යාමට සහ විශ්‍රාමික සහන අඩුවීමට මුහුන දෙන අතර නය වලින් බැඳ ඇති තරුනයින් මුහුන දෙන්නේ අනාගතය පිලිබඳ බලාපොරොත්තු සුං වන තත්වයකටය. ඔවුන්ට පටු අනාගත අභිලාශයන්ට මුහුන දීමට සිදුවන මූල්‍ය විනාශයෙන් එහා ගිය එක් හදිසි සිදුවීමක් හෝ අසනීපයක් පවුලක් තුල ජීවත්වීම මගින් ඇති කල භයංකර ආතතිය සමාජ ‍නොසන්සුන්තාවයේ බො‍හෝ නිමිති ඇතිකරයි. මේවා සමාජ කාලකන්නි කමේ ඇඟවුම්ය.

මිලිටරි වාදය සහ ‍පොලිස් ප්‍රචන්ඩත්ව‍යෙන් සනිටුහන් කෙරෙන ‍මේ සමාජ‍යේ කෲරත්වය දරුනු‍ ලෙසම තරුනයන් වෙත යොමුව තිබේ. නව යෞවනයන් අතර ආතති‍යේ පැතිරී යාම 2005 සහ 2014 අතර සියයට 37 කින් ඉහල ‍ගොස් ඇති බව එක් අධ්‍යයනයක් මගින් ‍සොයා ‍ගෙන තිබේ. තවත් අධ්‍යයනයක් අවුරුදු 10 සිට 14 දක්වා දරුවන් රිය අනතුරකින් මිය යනවාට වඩා සිය දිවි හානිකරගැනීම් වලින් මිය යන බව වාර්තා ‍කොට ඇත.

ඇතැම් විට සමාජ ව්‍යාධි‍යේ වඩාත්ම පරිහානිගත ප්‍රකාශනය, මත්ද්‍රව්‍ය වසංගතයයි. මේ වස‍ර තුල වැඩිපුර ඔපියම් මත්ද්‍රව්‍ය ගැනීම නිසා මිය යනු ඇති බවට ගනන් බලා ඇති සංඛ්‍යාව 28,000කි. එය රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට වඩා ‍බොහෝ අධිකය. දස දහස් ගනන් පවුල් සඳහා තුති පල කිරීමේ දිනය, හෙරොයින්,‍ ෆෙන්ටනිල් හෝ ‍ඖෂධමය ‍වේදනානාශක ගැනීම නිසා ජීවිත අහිමි වූවන් වෙනුවෙන් වැලපී‍මේ කාලයක් වනු ඇත.

මත්ද්‍රව්‍ය ‍වසංගත‍යෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රාන්ත වලින් බො‍හොමයක් විරැකියාව සහ පහත් කාර්මීකරනය මගින් දරුනු ‍ලෙස පීඩාවට පත් ඒවාය. 2008 සහ 2012 දී බැරක් ඔබාමාට සහය දුන් නමුත් 2016 මැතිවරනයේදී ‍ඩොනල්ඩ් ට්‍රම්ප් පසුපස පැද්දුනු මිචිගන්, ඔහියෝ සහ ‍පෙනිසිල්වේනියා බඳු “මලකඩ” ප්‍රාන්ත සියල්ල 2013 සහ 2014 අතර සියයට 10 කට වඩා ඔපියම් ප්‍රමානය ඉක්මවා ගැනීමෙන් සිදුවූ ජීවිත හානි වාර්තා කලේය.

මැතිවරනය තුල මූලික ප්‍රකාශනය පමනක් අත්කරගත් එක්සත් ජනපද සමාජ අර්බුදය, පන්ති අරගල‍යේ නව ප්‍රානවත් වීමක් සහ ‍දේශපාලන රැඩිකලීකරනයේ වැදගත් සංඥා ද ඇතුලුව විරෝධාභාෂයේ මනෝගති‍යක් වර්ධනය සඳහා කොන්දේසි සකසයි.‍ මෙය මුලින්ම ප්‍රකාශයට පත් වූයේ, තමා සමාජවාදි‍යෙක් ලෙස ප්‍රකාශ කොටගත් සහ “බිලියනපති පන්තිය” සහ සමාජ අසමානතාව ප්‍රතික්ෂේප කල වර්මන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, ඩි‍මොක්‍රටික් පක්ෂ‍යේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ මූලික වටය තුල පලල් මහජන සහයෝගයක් ලැබීම තුලය.

සැන්ඩර්ස්‍‍ගේ “‍දේශපාලන විප්ලවය” ජනාධිපති ඔබාමාගේ වචන වලින් කිවහොත් ඇමරිකාව “ඉතා හොදින් පිලිසකර” වෙමින් සිටී යන හිලරි ක්ලින්ටන්‍‍ගේ ප්‍රකාශය මගින් නීච ලෙස හමාර ක‍ලේය. මෙකී මිත්‍යා ප්‍රලාපයන්හි ඇඟවුම, එම ප්‍රකාශයන්ට සතුරුවූ ද සමාජ අතෘප්තිය ගසාකෑම පිනිස රිපබ්ලිකන් අ‍පේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වාචාල ආයාචනයන්ට නැඹුරුවක් පැවතීමයි. ‍නොඑකඟවූවන් කලු සහ ‍වෙනත් සුලුතරයන්ට එරෙහි සිය “වරප්‍රසාදිත” තත්ත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන “සුදු වර්ගවාදී කම්කරු පන්ති‍යේ‍” කොටසක් ලෙස හඳුන්වා ඇත. අනන්‍යතා දේශපාලනයේ විවිධ ආකෘති මත පදනම් ‍වෙමින් සිය මැතිවරන ව්‍යාපාරය ගෙන ගිය ක්ලින්ටන්, වරප්‍රසාදිත සහ ධනවත් සමාජ ස්ථරයන් වෙත ඇය‍ගේ ආයාචනාවන් ඉදිරිපත් කලාය. ප්‍රතිපලය වූ‍යේ‍ කම්කරු පන්ති‍යේ සියලු කොටස් අතර ඩි‍මොක්‍රටික් අපේක්ෂිකාව සඳහා ඡන්ද තියුනු ලෙස පහත වැටීමයි.

ඉවත්ව යන ජනාධිපතිගේ සහ පක්ෂ දෙකෙහිම ආශිර්වාදය ඇතුව ධවල මන්දිර‍යේ ලැගුම් ගැනීමට නියමිත ට්‍රම්ප්, “ඇමරිකාව නැවත වරක් ශ්‍රේෂ්ඨ” ‍නොකරනු ඇත. ඇමරිකාව දැඩිව අලලා ගෙන ඇති සමාජ අර්බුදයට ඔහුට හෝ පාලක පන්තියේ කිසිවෙකුට විසඳුමක් ඇත්තේ නැත. ඔහුගේ “පලමුව ඇමරිකාව ” යන ආර්ථික ජාතිකවාදය ගෝලීය ධනවාදී අර්බුදය උත්සන්න කරනු ඇති අතර එක්සත් ජනපදය තුලම කම්කරුවන් මත එල්ල කෙරෙන ප්‍රහාර දැඩි කෙරෙනු ඇත. ධනවතුන් සඳහා බදු කපා හැරීම, සංගත සඳහා වූ සීමා ඉවත් කිරීම, සමාජ වැඩසටහන් කප්පාදු කිරීම සහ යුද වියදම් දැවැන්ත ලෙස ඉහල දැමීම යන ඔහුගේ වැඩ පිලිවෙල සමාජ අතෘප්තියට සහ කෝපයට ඉන්ධන වනු ඇත.

ට්‍රම්ප්ගේ පත්වීම ඔහු නියෝජනය කරන මූල්‍ය පරපුට්ටන් සහ ජනගහනයේ අති මහත් බහුතරයක් වන වැඩකරන ජනතාව අතර ලඟ එන ගැටුමක් පිලිබඳ හැරවුම් ලක්ෂ්‍යයක් සංකේතවත් කරයි.

ඇන්ඩ්‍රෙ ඩේමන් විසිනි

Share this article: