ගෝලීය වර්ධන වේගය පිලිබඳව ජාමූඅ ජී-20 සමුලුවට අනතුරු අඟවා ඇත

IMF issues warning on global growth to G20 summit

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 2

සති අන්තයේ චීනයේදී පැවැත්වෙන නායකයින්ගේ සමුලුවට පෙරාතුව, ලෝක ආර්ථිකය පනගැන්වීමට ජී 20 රටවල “බලගතු මැදිහත්වීමක්” අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේය.

“ක‍්‍රියාශීලීත්වය බාල වීම,” වෙලඳාමේ පහත් වර්ධනය හා ඉතා අඩු වර්ධනය පිලිබඳ මෑත සංඛ්‍යා සැලකිල්ලට ගනිමින් අරමුදල පවසන්නේ, “මේ වසර තුල ගෝලීය වර්ධනය තවදුරටත් මන්දගාමී වනු ඇති” බවයි. ඔක්තෝබරයේදී නැවත හමුවන විට ගෝලීය වර්ධන වේගය පිලිබඳ එහි අනාවැකි යලි පහත දමන බවට පැහැදිලි ඇඟවුමක් සහිතව එය සඳහන් කලේ, වාර්තාගත පහත් පොලී අනුපාත පැවතියේ වුව ද “ආයෝජන එක දිගටම බලාපොරොත්තු සුන් කරන” බවයි. එය පෙන්නුම් කරන්නේ, ඉල්ලුමේ අඳුරු ස්වභාවය හා “මූල්‍ය ක්ෂේත‍්‍රයේ ( බැංකුවල) දුබල ශේෂ පත‍්‍ර ප‍්‍රකාශනය”.

“අඳුරු පලදායිතා ප‍්‍රවනතා” නිසා, දැනටමත් පහත මට්ටමක පවතින දුබල ආයෝජන, ඇති විය යුතු වර්ධනය හීන කරයි. ආදායමේ වර්ධනය අල්ප වනවා පමනක් නොව, “බොහෝ රටවල පහත් ආදායම් ලාභීන්” ඉක්මවා ගොස් ඇත.

ජාමූඅ අධ්‍යක්ෂිකා ලැගාඩි බ්ලොග් සටහනකින් කියා තිබුනේ, අඛන්ඩව පවතින පහත් වර්ධන වේගය වඩ වඩාත් ආරක්ෂනවාදයට තුඩු දිය හැකි බවය. “දේශපාලන බට්ටා, ආර්ථික විවෘත භාවයට ප‍්‍රතිවිරුද්ධව පැද්දෙන අතර බලගතු ප‍්‍රතිපත්තිමය මැදිහත්වීමක් නොමැති වුවහොත්, ලෝකය දිගු කලකට බලාපොරොත්තු සුන් කරන වර්ධන වේගය නිසා පීඩාවට පත් විය හැකි බවට” ඇය අනතුරු ඇඟවීය.

ගෝලීය ආර්ථිකය පිලිබඳ පුලුල් සමීක්ෂනයකින් පසුව ජාමූඅ පැවසුවේ, මෑත සංඛ්‍යා පෙන්නුම් කරන්නේ “මෘදු වර්ධන වේගයක්” ජී 20 දියුනු ආර්ථිකයන් තුල මුල්බැස ගනිමින් තිබෙන බවය. ඇමරිකාවේ දෙවන කාර්තුවෙහි වර්ධන වේගය වාර්ෂික අනුපාතයකට අනුව සියයට 1.1ක් වන අතර එය අනාවැකි පලකොට තිබුන මට්ටමින් හරි අඩක් අඩුය. එරට පවතින්නේ “අපේක්ෂා භංග කරන ව්‍යාපාර ආයෝජන මට්ටමකි.”

විශාල අපනයනකරුවන් වෙලඳාම් කල හැකි භාන්ඩ මිල ගනන් කෙරෙහි අවධමනාත්මක පීඩනයක් යොදන අතර ”බොහෝ දියුනු හා නැගී එන ආර්ථිකයන් පහත් උද්ධමන වේගයක් ද ”අතිරික්ත කාර්මික ධාරිතාවක් ද” සමගින් පිලිබිඹු කරන්නේ, දුබල වර්ධන වේගයකි.

මූල්‍යමය පෙරමුනේදී අරමුදලේ අගැයීම, බි‍්‍රතාන්‍ය යුරෝපීය සංගමයෙන් පිටවීම හෙවත් බි‍්‍රක්සිට්හි ක්ෂනික කලබැගෑනිය පහව ගොස් ඇත ද “ඉතාලියේ බැංකු වටා පවතින විශේෂ ආතතිය” බැංකු කෙරෙහි යොදා ඇති බලපෑම තවමත් පවතින බව පෙන්නුම් කරයි.

යුරෝපීය බැංකු අධිකාරිය විසින් මෑතකදී පවත්වන ලද ආතති පරික්ෂාව සලකුනු කලේ, අක‍්‍රිය නය “විශාල තොගයක් ගොඩගැසී තිබීම බැංකුවල මූල්‍ය සෞඛ්‍යයට අභියෝගයක්” වී ඇති බවයි. 2015 මැද වන විට යුරෝ කලාපයේ එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක් පමන වූ බවට ගනන් බලා ඇත. රක්ත හීන වර්ධන වේගය හා පහත් පොලී අනුපාතික ද අවදානමක් ගෙන එයි.

සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේ දිගු කාලීන දැක්ම “අසතුටුදායක” බව ද එය සඳහන් කරයි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ, නැගී එන ආර්ථිකයන් ප‍්‍රසාරනයට නව පදනමක් සපයනු ඇති බව කියා තිබුනි. එය සැබවින්ම හා මුලුමනින්ම අවසන්ව ඇත. මේ කලාපයන්හි වර්ධනය පසුගිය 5 වසර පුරා පිරිහෙමින් පැවති අතර පූර්වයෙන් පැවති මට්ටම් කරාම පසු බසිනු ඇතැයි බලාපොරොත්තු වේ. දියුනු ජී 20 රටවල වර්ධන වේගය මධ්‍ය කාලයේදී සියයට 1.5ක් පමනක් වේ යයි බලාපොරොත්තු වන අතර එය ඓතිහාසික සාමාන්‍යයට වඩා සියයට 1න් අඩු මට්ටමකි. දියුනු රටවල 2016 සඳහා ආයෝජනය, 1990-2007 අවධියට වඩා සියයට 2න් අඩු බවට ගනන් බලා ඇත.

තව ද දුබල ගෝලීය දැක්මේ ප‍්‍රතිපල වශයෙන් රිනාත්මක යෙදවුම්, ආයෝජනයේ ප‍්‍රතිලාභ තවදුරටත් පහත හෙලනු ඇත.“එහි සඳහන් වේ. එය සමග බැඳී මන්දගාමී වෙලඳාම “යටින් දිවෙන වර්ධන වේගය මත තවත් බර පටවනු ඇත.”

ගෝලීය ආර්ථිකයේ යටින් දිවෙන සමහර ප‍්‍රවනතා වඩාත් තියුනු ලෙස ප‍්‍රකාශිත වන්නේ, වෙලඳාම සම්බන්ධ ක්ෂේත‍්‍රය තුලය. පහත් වර්ධන වේගය හා අඩු ආයෝජනයේ ප‍්‍රතිපල වශයෙන්, මූල්‍ය අර්බුදය හටගත් තැන් පටන් කැපී පෙනෙන පරිදි පිරිහී යාම, මෑතක සිට හිස ඔසවමින් තිබෙන ආරක්ෂනවාදය මගින් උග‍්‍ර අතට හරවා තිබේ.

2012 පටන්, ගෝලීය වෙලඳාමේ වර්ධනය සියයට 3ක් පමනකි. එය අර්බුදයට පූර්වයෙන් පැවති වේගයෙන් හරි අඩකි. 1980-2000 අතර වෙලඳාම, දල දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුනයකින් ඉහල වර්ධනයක් සලකුනු කල බවත් දැන් යාන්තම් එක සමාන වර්ධනයක මට්ටම පවත්වාගෙන යන බව ජාමූඅ පවසයි. “එවන් දුබල වර්ධනයක් පිලිබඳ පූර්ව නිදසුන් ඇත්තේ අතලොස්සක් පමනි.”

පූර්ව රැස්වීම් මෙන්ම මේ සමුලුව ද ආරක්ෂනවාදී පියවර නොගන්නා බවට පොරොන්දු දෙයි. ගෝලීය ආර්ථිකය බිඳ දමා යුද්ධයට මග පෑදූ 1930 ගනන්වල, අසල්වැසියා හිඟමනට දැමුනු පිලිවෙත් සම්බන්ධ පාඩම් ඉගෙනගෙන ඇති බව පවසනු ලැබේ. එහෙත් මේ පිලිනදීම් වලට වඩා කරුනු කාරනා බලගතුය. ආරක්ෂනවාදය නැගෙමින් තිබේ.

ලෝක වෙලඳ සංවිධානය පවසන පරිදි, 2015 නොවැම්බර් සිට 2016 මැයි දක්වා ජී 20 රටවල්, මාස 7ක කාලය තුල, නව වෙලඳ සීමාවන් 145ක් පනවා ඇත. සංවිධානය එවන් පියවර නිරීක්ෂනය කිරීමට පටන්ගත් 2009 වසරේ පටන් වාර්තාවී තිබෙන ඉහලම මට්ටම එයයි.

අනෙකුත් ක්ෂේත‍්‍රයන්ට ද ආතතීන් පැතිර යයි. පූර්ව ජී 20 රැස්වීම් වලට පසුව මෙන්ම මෙවර ද ජාමූඅ, දැනටමත් පොලී අනුපාත ඓතිහාසික පහත් මට්ටමක පවතිද්දී ආර්ථිකය පනගැන්වීම පිනිස තව තවත් පොදු ආයෝජන ව්‍යාපෘතීන් ඇතුලු රාජ්‍ය මූල්‍ය පියවර වෙනුවෙන් කැඳවුම් කරයි.

“පොදු ආයෝජනයේ හඳුනාගත් අවශ්‍යතා” වෙනුවෙන් මූල්‍ය සම්පාදනය සඳහා ජර්මනියට ඇති හැකියාව එය පෙන්වා දෙයි. මෙය වනාහි, තම ආන්ඩුවේ පිරිවැය කපාහරින අතරතුර, යුරෝපීය සංගමය, විශේෂයෙන්ම ජර්මනිය, කප්පාදු පිලිවෙත් ලිහිල් කල යුතු බව දිගු කලක් තිස්සේ කියා සිටින ආස්ථානයයි. ඇමරිකානු සමාගම්වල අපනයන වෙලදඳපොලක් ලෙස යුරෝපීය ආර්ථිකය ප‍්‍රසාරනය කරන ජර්මනියේ මැදිහත්වීම ඇමරිකාවට අවශ්‍යව තිබේ. අනෙක් අතට ජර්මනිය, ඇමරිකාවට එරෙහිව තමන්ගේ මූල්‍ය තත්වය දුබල කිරීම අරමුනු කරගත් ඇමරිකානු අවශ්‍යතාවන්ට විරුද්ධය.

රාජ්‍ය මූල්‍ය පියවර ද ඇතුලු සියලු ප‍්‍රතිපත්ති අවි ප‍්‍රයෝජනයට ගත යුතුය යන ඇමරිකානු ආස්ථානයට සියලු රටවල “එකඟත්වය” ඇතිව තිබෙන බව සමුලුව ආසන්නයේ ඇමරිකානු භාන්ඩාගාර ලේකම්ගේ ප‍්‍රකාශයත් සමග ආතතීන් ඉහල නැගුනි. එම ප‍්‍රකාශයට ප‍්‍රසිද්ධියේ විරුද්ධත්වය පල නොකෙරුනු නමුදු, සතුරුකම් යටින් පැසවමින් තිබේ. වසර මුල පැවැත්වූ ජී 20 මුදල් ඇමතිවරුන්ගේ සමුලුවේදී, ජාමූඅ සම්බන්ධීකාරක කටයුතු වෙනුවෙන් කල කැඳවුමෙන් පසුව, ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑන්ග් ෂෝබල් එක එල්ලේ කියා සිටියේ, නය පදනම් කරගත් වර්ධන මොඩලය එහි සීමාවන් කරා පැමින ඇති” බවය.

කුමන ආකාරයකින් හෝ ලෝක ආර්ථිකය නගාසිටුවීමට ජී 20 දක්වන අසමත්කම, ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන්හි 2014 පැවති සමුලුවේ පොරොන්දු වල ප‍්‍රගතිය පිලිබඳ සමාලෝචනයකින් මතු කර දක්වයි. එහිදී ලෝක නායකයෝ තම සාමූහික දදේනි 2018 වන විට අමතර සියයට 2න් ඉහල නැංවීමට පොරොන්දු වූහ. ජාමූඅ අනුව, පොරොන්දු වලින් සපුරා ඇත්තේ සියයට 55ක් පමනි. “2018 වඩාත් ලංවෙමින් තිබියදී බි‍්‍රස්බේන් පොරොන්දු ඉටු නොවන බව පෙනෙන්නට තිබේ.” යුරෝ සංගමයෙන් පිටවීමේ බි‍්‍රක්සිට් ඡන්දයේදී මෙන්, ලොව පුරා ආන්ඩුවල පිලිවෙත් කෙරෙහි පල වන දැඩි සතුරුකම විශේෂිත කොටගත් දේශපාලන වර්ධනයන් ද ජාමූඅ සැලකිල්ලට යොමුව තිබේ.

ජී 20 “ගෝලීයකරනය යථාර්තවත් කල යුතුය”යි කියා සිටින අරමුදල, ඔවුන්, “වර්ධන වේගය ඉහල නැංවීම පමනක් නොව, ලෝක ආර්ථිකය වෙනස් කරන සංශෝධනයන්හි බරට කර ගසන අය ද ඇතුලු සියල්ලන් විසින් එය බෙදා ගන්නා බවට ද වගබලා ගන්නා බව පෙන්නුම් කරන, පැහැදිලි හා ඒත්තු ගන්වන සුලු නිවැරදි පිලිවෙත් සහිත න්‍යායපත‍්‍රයක් ඉදිරිපත් කල යුතුය”යි පැවසීය.

මෙය වනාහි ආර්ථික වශයෙන් රවුම හතරැස් කිරීමට සමාන දෙයකි. යලි වතාවක් සාධක ප‍්‍රකාශයන්ට වඩා ශබ්ද නගයි. පසුගිය අට වසරේ යථාර්තය නම්, මධ්‍යම බැංකු විසින් සම්පාදනය කරන ලද ලාභ මුදල් වලින් ගිනි අවුලුවන ලද, මූල්‍ය වංශාධිපතිත්වය විසින් පෙර නොවූ විරූ තරම් ධන සම්භාරයක් පොදි ගසා ගැනීම, සමාජ අසමානතාව පුලුල් කිරීමටත් බිලියන සංඛ්‍යාත ජනතාවන්ගේ ජීවන තත්වයන් කාබාසීනියා කර තිබීමයි.

මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග ගෝලීය පරිමාවකින් ඒකාග‍්‍ර වීම ඒ හැටියට ප‍්‍රගතිශීලී වර්ධනයක් වුව ද එය සිදුකර ඇත්තේ ලාභ පද්ධතියේ ආකෘතිය තුලය. එය ඉල්ලා සිටින්නේ, කම්කරු පන්තියේ සමාජ කොන්දේසි වලට එරෙහි අනවරත ප‍්‍රහාරයකි. මෙම න්‍යායපත‍්‍රය තවදුර පැවතීම හා ගැඹුරු කිරීම සඳහා වන “බලගතු ක‍්‍රියා” පමනක් ජී 20 සමුලුව තුලින් මතුව එනු ඇත.

Share this article: