ලෝකය ප‍්‍රපාතයේ අද්දර

The world on the brink

2017 අගෝස්තු 12

අප ග‍්‍රහලෝකයේ බලගතුම මිලිටරි බලය බාරව ඉන්නා මිනිසාගෙන් එන යුදකාමී භාෂාව ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යතියි යන එන්න එන්නම උග‍්‍රවන කම්පනය සහ භීතිය ජනනය කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතොරක් නැතිවූ ද අත්‍යසාමාන්යව ප‍්‍රකෝපකාරී සහ මදාවිකාර වූ ද සැඩ තර්ජන ධාරාවක් වගුරුවමින් ඉන්නා තතු තුල ලෝකය දිනෙන් දින, පැයෙන් පැය න්‍යෂ්ටික යුද්ධයක මුවවිටට සමීප වෙමින් පවතී. ග‍්‍රහලෝකයේ අතිශයින් බලගතුම යුද බලය අරා සිටින පුද්ගලයා ගෙන් වැගිරෙන මෙවන් රනකාමි තර්ජන විසින් ජනනය කරනු ලබන්නේ කොයි මොහොතේ න්‍යෂ්ටික අවි වලින් කෙරෙන යුද්ධයක් පුපුරා යා දැයි යන්න පිලිබඳ ප‍්‍රගාමිව උග‍්‍රවන කම්පනය සහ භීතියයි.

“උතුරු කොරියාව අඥාන ලෙස වැඩ කලහොත්” යුද්ධමය විකල්පයේ “වෙඩි උන්ඩ පුරවා, කොකා ගැස්සීමට සූදානම්” යයි ඊයේ ට්වීට් පනිවුඩයක් නිකුත් කල ට‍්‍රම්ප් ඒ එක්කම බී-1 මූලෝපායික යානා වල පින්තූරද, එම යානා උතුරු කොරියාව තුල සිය “අද රාත්‍රී සටන” නම් ප‍්‍රහාරය දියත් කිරීමට සූදානම්ව සිටිතියි යන එක්සත් ජනපද පැසිෆික් ආඥා අංශයේ පනිවුඩයක් ද නිකුත් කලේ ය.

ඉන් යාන්තම් පැය කිහිපයකට පසු,“වහසිබස් උග‍්‍රකිරීම” පිලිබඳව ජර්මානු අගමැතිනි ඇන්ජෙලා මර්කල් තමාට එල්ල කල විවේචනය ගැන ඇයට දොස් කී ට‍්‍රම්ප් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මා ප‍්‍රකාශ කල දෙයෙහි තත්වයේ බරපතල කම ඔවුන්ට තේරෙනවා ඇතැයි ද මා කී දෙය මා සැබවින්ම අදහස් කරන දෙය යයි ද ඔවුන් වටහා ගන්නවා නම් හොඳ ය.” එක්සත් ජනපද ජනාධිපති වරයා තවත් වරක් උතුරු කොරියානු නායක කිම් යොන්-උන්ට තර්ජනය කරමින් මෙසේ කී ය. ඔහු තවත් එක තර්ජනයක් කලොත් ඔහුට සිදුවනු ඇත්තේ ”සැබවින්ම කනගාටුවීමට ය.”

ලෝකයේ ජනකාය මත යුද්ධයේ අන්තරාය එල්බෙන තතු තුල, ඇත්තවශයෙන්ම සිදුවෙමින් පවතින්නේ හුදෙක් වාග් සංග‍්‍රාමයක් පමනක් යයි ද, පාතාලයේ කටින් ආපසු පැන ගැනීමට මාර්ගයක් කොයියම් ආකාරයකින් හෝ සොයා ගැනෙනු ඇතැයි ද සීතීම හෝ අඩුගනනේ ප‍්‍රාර්ථනය කිරීම ස්වාභාවික ය. එහෙත් තීරානාත්මක වන්නේ යථාතර්ය ට මුහුන දී ගැනීමයි.

මෙම තත්වය ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ආසන්නම වූ 1962 කියුබානු මියයිල අර්බුදයට සමාන කරනු ලැබේ. එහෙත් එම ආතති සහගත සහ උපදෘත පිලිමල්බව අන්තිමේ දී විසඳා න්‍යෂ්ටික අවි ගබඩා වසා දමන ලද්දේ ඇමරිකානු හෝ රුසියානු නායකයන්ට න්‍යෂ්ටික ඝට්ටනයක් ලිහා හැරීමට උවමනා කමක් තිබුනේ නැති නිසා ය.

අද දින එසේ කිව නොහැකිය. අඩුගානේ එක පාර්ශවයක්, එනම්, ට්රම්ප් පාලනය, “ලෝකය පෙර නුදුටු විරූ ජාතියේ ගින්නක හා භීෂනයක” අනෙක් පාර්ශවය ගිල්වාලීමට කොකා මානාගෙන සූදානම්ව සිටි. එපමනක් නොව, ට‍්‍රම්ප් පලනය සිතා මතාම හෝ නැතිව, ට‍්‍රම්ප් උතුරු කොරියාව වියරු මිලිටරි පියවරක් ගැනීම දෙසට තල්ලු කරමින් සිටි.

ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍යව පවතින්නේ සාකච්ඡා මගින් එලඹුනු විසඳුමක් හෝ අඩුගනනේ සම්පූර්න හා දීන යටත් වීමකට අඩු කුමක් හෝ යයි උතුරු කොරියානු නායක කිම් හට කිසියම් සහතිකයක් දෙන්නට කිසිවක් වත් ජනාධිපති ට‍්‍රම්ප් විසින් කියනු ලැබ නැත. ඝට්ටනයේ තර්ජනය ප‍්‍රගාමීව නොවැලැක්වියහැකි ලෙස උග‍්‍ර වන තතු තුල, වැඩි වැඩියෙන් ඉස්මත්තට එන්නේ යුදධයේ තර්ජනයයි. යෝධ ඇමරිකානු ප‍්‍රහාරයක් ඇතුලත බව අතිශයින්ම අස්ථාවර පියොංයෑං තන්ත‍්‍රය විශ්වාස කරන්නේ නම්, එය ප‍්‍රතිප‍්‍රහාර දීම සඳහා සිය මුලු ශක්තියම නැති කර ගන්නට පෙර පූර්ව- භංග ප‍්‍රහාරයක් දියත් කිරීමට තීන්දු කරන්නට ඉඩ ඇත.

සිය ඉවබව නැති මදාවිය තුල ට‍්‍රම්ප් පාලනාධිකාරය වැඩ කරන්නේ උතුරු කොරියාවට එරෙහි යුද්ධයකින් කුමක් ලිහා හරිනු ලැබේ දැයි නොසිතා ය, නොතකා ය. කොරියානු දේශ සීමාව උතුරු හා දකුනු දෙපැත්තේ මිලියන ගනන් ජීවිත විනාශ කර දැමූ 1950-53 යුද්ධයේ දී මෙන් නොව, අලුත් ඝට්ටනය හුදෙක් කොරියානු අර්ධද්වීපයට සීමා නොවනු ඇත.

න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය වනාහි සරලවම ධවල මන්දිරයේ උමතු ෆැසිස්ට්තාලයේ මිනිසා ගෙන් පැනනැගුනක් නොවේ; එය වනාහි ඇමරිකානු සහ ගෝලීය ධනවාදයේ ඝෝර ආර්ථික අර්බුදය විසින් ඉන්ධනය කරනලද දැවැන්ත භූදේශපාලන ආතතීන්ගෙන් පැනනැගුනකි. ට‍්‍රම්ප්ට වොෂිංටනයේ මිලිටරි සහ දේශපාලන ප‍්‍රභූව තුල ඉන්නා, අවශ්‍ය නම් චීනයට අභියෝග කර, එරට සමග යුද්ධයට යා යුතුව ඇතැයි කියා සිටින කොටස්වල සහය තිබේ. ඔවුහු ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට ප‍්‍රධාන බාධාව වන්නේ චීනය බව විශ්වාස කරති.

වත්මන් අර්බුදය වනාහි වොෂිංටනය සිය ඓතිහාසික පරිහානිය ජය ගැනීම සඳහා යුද බලය යොදාගැනීමට ක්‍රියා කරමින් මැද පෙරදිග ද, උතුරු අප්‍රිකාවේ ද, මධ්‍යම ආසියාවේ ද නිරන්තර යුද්ධ වල යෙදුනු වසර විසිපහක් මගින් සැකසුනු වාතාවරනයේ විපාකයයි. ජාත්‍යන්තර අරනේ සෑම ගැටලුවක්ම සිය යුද බලය යොදා ගෙන ජයගත හැකිය යන්න ඇමරිකානු පාලක කවයන්හි අතත්‍ය ඇදහිල්ලේ වගන්තියක්ව පවති.

උතුරු කොරියාවට එරෙහිව යුද්ධය උදෙසා පසුබිම සකසන ලද්දේ ඔබාමා පාලනාධිකාරය විසින් චීනයට එරෙහිව, ඉන්දු-පැසිෆික්ප‍්‍රදේශය පුරා යෝධ යුද බලය ප‍්‍රසාරනය කරමින් සිදු කරනලද “ආසියාවට හැරීමට” සම්බන්ධිතවය. එක්සත් ජනපද මිලිටරිය දැන් සිය ඉතාම උසස් ගනයේ ආයුධ ද, ගුවන් හා නාවුක බලයෙන් සියයට 60 ක් ද ආසියාවට හරවා මුලු ප‍්‍රදේශය පුරා අලුත් කඳවුරු සඳහා ගිවිසුම් අත්සන් කොට ගෙන තිබේ.

පෙන්ටගනයට දකුනු කොරියාවේ නවතා ඇති නාවුක, සමුද්‍රගත (මැරයින්) සහ විශේෂ ක්‍රියා කාරක (ස්පෙෂල් ඔපරේෂන් - භටයන් 28,000ක් ද, ජපානයේ සහ ගුආම් හි සිටින තවත් විශාල සංඛ්‍යාවක් ද භටයින් වහාම කැඳවාගත හැකිය. එපමනක් නොව, උතුරු කොරියාව සමග යුද්ධයකදී, එක්සත් ජනපදයට 625,000වූ දකුනුු කොරියානු යුද හමුදාව ද සිය පාලනයට ගත හැකි වේ.

කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් චීනයට පමනක් නොව රුසියාවටද බලගතු තර්ජනයකි, මන්ද යත්, ඒ දෙරටටම උතුරු කොරියාව සමග පොදු දේශ සීමා පවත්නා හෙයිනි. ගිය සිය වස පුරා ගිනියම් වූ භයානක ස්ථානයක යලිත් යුද්ධයක් ඇවිලවීමට සැරසීමෙන්ම පෙන්නුම් කෙරෙන්නේ ට‍්‍රම්ප් පාලනයේ සාපරාධි වගකීම් විරහිත බව වේ.

ඇමරිකාව විසින්, රුසියාවේ සහ චීනයේ පිලිකන්නේ යුද ගිනි අවුලුවන තුරු ඒ රටවල් තම ආරක්ෂාව පරදුවට තබා නිකම් බලාගෙන සිටිනු ඇතැයි සිතීම උගහට ය. උතුරු කොරියාවට එරෙහිව අලුත් දැඩි සම්බාධක පැනවීමට ලඟදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල චන්දය පාවිච්චි කර තිබෙන මේ දෙරට, ට‍්‍රම්ප් කරන යුද අවුලුවන කතා පාවාදීමක් යයි සලකනු ඇත.

පලමු කොරියානු යුද්ධය්දී, ඇමරිකානු හමුදා චීන දේශ සීමාවට ලංවනවිට, චීනය ද අත පෙවූ අතර එම තත්වය යලි උදා විය හැකිය. රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ පලවූ ලිපියක්, චීන පාලනයේ වඩාත් රනකාමී කොටස් වල අදහස් පලිිබිඹු කරමින් අවධාරනය කර සිටියේ, බෙයිජිනය තමන්ගේ ම අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට දැඩි අත පෙවීමක් කල යුතු බවයි. උතුරු කොරියාව ප‍්‍රථම ප‍්‍රහාරය දියත් කලහොත් චීනය පැත්තක් නොගත යුතුය යි කියාසිටි එම පුවත් පත මෙසේ අනතුරු හැඟවිය: “එක්සත් ජනපදය ද දකුනු කොරියාවද පහරදී උතුරු කොරියානු පාලනය පෙරලා දමන්නට උත්සාහ කලහොත් ඔවුන් එසේ කිරීමෙන් වලක්වා ලීමට චීනය ක්‍රියා කරනු ඇත. ... .”

කොරියානු අර්ධද්වීපයේ ක්ෂනික අර්බුදය නිෂ්ක‍්‍රිය කර දැමීමට මාර්ගයක්, අඩු ගනනේ තාවකාලිකව, සකසා ගනු ඇති යි යන්න සිදුවිය නොහැක්කක් නොවේ. කෙසේ වෙතත් රුබිකොනය [රතු ඉර] පැන ඇත. ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීම පිලිබඳව කලින් ඇතිකරගෙන තිබුනු අවබෝධතාවන් විසින් සීමා නොවන බවද තමන්ගේ තීරනාත්මක අවශ්‍යතා ආරක්ෂා කරගැනීම උදෙසා න්‍යෂ්ටික යුද්ධයේ යෙදීමට් සූදානම් බවද පැහැදිලි කර ඇත. ඒ මේ අවස්ථාවේ දී , දිලිඳු, පසුගාමී, සහ දුබල අවි සහිත නොදියුනු රටකට එරෙහිවය.

මෙම තත්වය තුල පැනනගින ඉමහත්ම අන්තරාය නම් දැන් මානව වර්ගයා මුහුන දී සිටුනා අර්බුදය පිලිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ ද, ආසියාවේ සහ ජාත්‍යන්තරව ම ද කම්කරු පන්තිය පැත්තෙන් දේශපාලන වැටහීමක් නොතිබීම ද තම කර්තව්‍යය සඳහා සූදානමක් නැති කමද වේ

ට‍්‍රම්ප්ගෙන් එන මහමුර්ග තර්ජනයන් භීතිය, සංකාව සහ විරෝධය විශාල වශයෙන් පැනනැංවූ නමුත්, යුද්ධයේ තර්ජනය ඉවරකර දැමීමට අවශ්‍ය ඔවුන්ගේම දේශපාලන මූලෝපාය හෝ පක්ෂය ඔවුන්ට ඇත්තේ නැත. දැන් අවශ්‍ය වන්නේ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ද කම්කරු පන්තියේ මහා පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් ද ගොඩ නගගැනීම වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කර්තෘ මන්ඩලය

Share this article: