ට‍්‍රම්ප් ෆැසිස්ට්තාලයේ දක්ෂිනාංශයට ආයාචනය කර යි

Trump makes an appeal to the fascistic right

2017 අගෝස්තු 4

සංක‍්‍රමනිකයන්, පරිසරවේදීන් හා නම් නො කෙරුනු “විශේෂ උත්සුකයන්ට” එරෙහිව පතල් කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන්ගේ ආරක්ෂකයා ලෙස මවා පෑමේ යෙදුනු ට‍්‍රම්ප්, එම රැලිය තුලදී රිපබ්ලිකන් පක්ෂයට ඔහුගේ පැනීම නිවේදනය කල, බටහිර වර්ජීනියා ප‍්‍රාන්තයේ ආන්ඩුකාර, බිලියනපති ගල්අඟුරු ලොක්කෙකු වන ජිම් ජස්ටිස්, සාදරයෙන් පිලිගත්තේ ය.

2016 මැතිවරනයේ දී සිදුවූවා යැයි කියන රුසියානු මැදිහත්වීම පිලිබඳ, මිලිටරි-ඔත්තුසේවා සංවිධාන අනු බල දෙන ඔවුන්ගේ උද්ඝෝෂනය නවත්වමින් ඔහුගේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට සහාය දෙන ලෙස ට‍්‍රම්ප් ඩිමොක‍්‍රටිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. “සම්පූර්නයෙන් ම ගොතන ලද රුසියානු කතන්දරයක් ගැන පමනක් ඩිමොක‍්‍රටිකයන් කතා කරන්නේ ඔවුන් ට පනිවිඩයක්, න්‍යායපත‍්‍රයක් හෝ දැක්මක් නැති නිසා යැ”යි ඔහු පැවසීය.

ඩිමොක‍්‍රටික් පක්ෂය පිලිබඳ මෙම චරිත සහතිකය එය යන්නා වූ තාක් දුරට නිවැරදි ය. රුසියානු විමර්ශනයක් ගැන ඩිමොක‍්‍රටික් පක්ෂයේ උමතු අවධානය උරුම කර දෙන්නේ දේශපාලන හිදැසකි; එම පසුබිම තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා කම්කරු පන්තියේ සමාජ ජයග‍්‍රහනවලට එරෙහි ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික උද්ඝෝෂනයට නිල දේශපාලන පද්ධතිය ඇතුලත විරුද්ධපාර්ශ්වයක් නොමැත.

ට‍්‍රම්ප් අලංකාරෝක්ති සහිතව මෙය ගසා කෑමට උත්සාහ ගන්නේ, ගල් අඟුරු කර්මාන්තයේ (නොපවතින) පුනර්ජීවනයක් හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ රැකියා උත්පාදනයේ (බොරු) වර්ධනයක් ගැන වාචාල කයිවාරු ගසමිනි. ඔහුගේ ආර්ථික වැඩසටහනේ නියම අන්තර්ගතය හෙලිදරව් කෙරෙන්නේ ඔහුගේ උපකල්පිත සාර්ථකත්වය පිලිබඳ යාතිකාව තුල ඔහු පලමු තැන දෙන “ජයග‍්‍රහනය” වන්නේ: කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන්ගේ වියදමින් ට‍්‍රම්ප් හා ජස්ටීස් වැනි බිලියනපතියන් පොහොසත් කරන ”සකල කාලයේ ඉහලතම කොටස් වෙලඳපොල” තුලය යන්නෙනි.

කුරිරු නීතිය හා සාමය මෙන් ම සංක‍්‍රමන විරෝධී කයිවාරු සමග කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී සිටීමට ට‍්‍රම්ප් ව්‍යාජ ප‍්‍රකාශ එක් කරන්නේ, දුෂ්ටයන්ගේ සුපුරුදු ලැයිස්තුව විදහා දක්වමිනි: “සටන්කාමී ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්”, “මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන්නන්”, “මිනිස් ජාවාරම්කරුවන්” හා “කුරිරු ප‍්‍රචන්ඩ කල්ලි.” බටහිර වර්ජීනියාව වැනි ප‍්‍රදේශවල බියකරු ජීවන තත්වයන්ට සැබවින් ම වග කිව යුතු අය ගැන, එනම් දැවන්ත දොට්ටදැමීම්, වැටුප් කප්පාදු අධීක්ෂනය කරන යෝධ සමාගම් හා බැංකුද ඒ අනුසාරයෙන් පැමිනෙන මත්ද්‍රව්‍ය ව්‍යසනය ගැනද ට‍්‍රම්ප් වචනයක් පැවසුවේ නැත.

පොලීසිය, මිලිටරිය, ක‍්‍රිස්තියානු මූලධර්මවාදීන්, සුදු වර්ගවාදීන් හා සෘජු ෆැසිස්ට්වාදීන්ගේ සහාය ගොනු කර ගැනීමට, ධවල මන්දිරය පියවරෙන් පියවර ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රසිද්ධ පෙනී සිටීම් මාලාවක ආසන්නතම පෙනීසිටීම හන්ටින්ග්ටන් සංචාරය යි.

ට‍්‍රම්ප් පාලනාධිකාරියට ඔහුගේ සමාරම්භක දේශනයට ආපසු හැරෙන ලෙසට අධිකාරීවත් තෙරපුමක් පවතින අතරේ, පසු ගිය සති දෙක තිස්සේ දිග හැරී ඇත්තේ සැලැසුම් කෙරුනු දේශපාලන කූඨෝපායකි. එය ඇරඹෙන්නේ යූඑස්එස් ජෙරාල්ඞ් ෆෝඞ් නම් නව ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව භෞතීස්ම කිරීමේ දී නාවිකයන්ගේ ශ‍්‍රාවකයකට ජූලි 22 ට‍්‍රම්ප් කල කතාව සමගිනි.

ට‍්‍රම්ප් පසු ගිය සතියේ ලෝන්ග් අයිලන්ඞ් හි දී නිල ඇඳුම් ලා ගත් පොලිස් පේ‍්‍රක්ෂකයින් ඉදිරියේ කතා කල අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු සංක‍්‍රමනික කල්ලිවලට පැටලෙන පුද්ගලයන් හැසිරවිමේ දී “තදට හිටින” ලෙස ඉල්ලා සිටියේ ය.

වර්ගවාදයට හා ගේ (පුරුෂ සමලිංගික) විරෝධී අගතිගාමී කන්ඩායම් වලට විවෘත ආයාචනා කෙරී ඇත: ට‍්‍රම්ප් ඔහුගේ තීරනය ට්වීටරය (සමාජ වෙබ් අඩවිය) මගින් නිවේදනය කලේ, ලිංගය වෙනස් කර ගත් පුද්ගලයන්ට “එක්සත් ජනපද මිලිටරිය තුල කුමන තත්වයකවත් සේවය කිරීමට අවසර” නො දෙන්නේ යයි දන්වමිනි. හාම්පුතුන් විසින් කරනු ලබන සමලිංගික විරෝධී අසාධාරනකම් මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීමක් නොවන බවට අධිකරන දෙපාර්තමේන්තුව ආස්ථානයක් ගෙන ඇති අතර, වෙනස්කම් වලට භාජනය වූවන් සඳහා සහනාධාර වැඩසටහන් සහිත විශ්වවිද්‍යාල, “සුදු විරෝධී” වෙනස්කම් කිරීම්වල නියලෙන බවට එය චෝදනා සූදානම් කරමින් සිටින බවට වාර්තා ඇත.

සඳුදා, රිපබ්ලිකානු ජාතික කමිටුවේ හිටපු සභාපති රේන්ස් ප‍්‍රීබස් ඉවත් කරමින්, විශ‍්‍රාමික මැරීන් ජනරාල් ජෝන් එෆ්. කෙලී, ධවල මන්දිර මාන්ඩලික ප‍්‍රධානී ලෙස දිව්රුම් දෙන ලදී. එය අඩසියවසකට ආසන්න කාලයක දී ධවල මන්දිරයේ ඉහලම රැකියාවට මිලිටරි පුද්ගලයෙකු පත් කෙරුනු පලමු අවස්ථාව යි.

තව ද බදාදා, ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති උපදේශක ස්ටීවන් මිලර් ධවල මන්දිර මාධ්‍ය හමුවේ දී පෙනී සිටියේ, පවුලේ සාමාජිකයින්ට වඩා, සංගත හාම්පුතුන් කැමති වෙන අයට හා ඉංග‍්‍රීසි කතා කරන්නන්ට ඉඩ සැලෙසන අයුරින් විවෘත වාර්ගික ප‍්‍රමිතීන් පනවන අතර, නීත්‍යානුකූල සංක‍්‍රමනිකයන් සියයට 50කින් කප්පාදු කෙරෙනු ඇති නීතිවලට ට‍්‍රම්ප්ගේ සහාය නිවේදනය කිරීමට ය.

පාලනාධිකාරියේ දේශපාලනික ආයාචනා ඕනෑ ම ව්‍යවස්ථාදායක හෝ මැතිවරන න්‍යායපත‍්‍රයකින් වෙන් කිරීම වැඩි වැඩියෙන් සිදු කෙරේ. අවධානය යොමු වන්නේ ට‍්‍රම්ප්ගේ ම පුද්ගලතාව, හා ඔහු වටා දේශපාලනික ව්‍යාපරයක් ගොඩනැගීම ගැන ය.

ට‍්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී ගමන් තහනමේ මුල් පරාජයෙන්පසු පැත්තකට තල්ලූ කෙරී සිට, බදාදා මිලර්ස්ගේ යලි මතුවීම, ට‍්‍රම්ප්ගේ ඉහල ආධාරකරුවන්ගෙන් ඉතාමත් විවෘත අධිකාරීවාදියා මහජනයා හා මාධ්‍යය ඉදිරියට නැවත වතාවක් කැඳවා ගැනුමකි. ඔහු සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවයේ ජිම් ඇකොස්ටා සමග පුලුල් ලෙස ප‍්‍රසිද්ධ කෙරුනු ගැටුමක පැලුනු අතර ඒ අතරතුර දී මිලර් ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය හා ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය අතර ඍජු සම්බන්ධය නොදැනුවත්වම හෙලිදරව් කලේ ය.

ලිබර්ටි ප‍්‍රතිමාව මත නෙලන ලද, එමා ලාසරුස්ගේ සුප‍්‍රසිද්ධ කවිය (මෙයට “නිදහසේ හුස්ම ගැනීමට යදින, ඔබගේ වෙහෙසුනු, ඔබගේ දිලිඳු, ඔබගේ මිරිකී සිටින ජනතාව මට දෙනු මැනවි”වාක්‍ය ඇතුලත් ය) සම්බන්ධ විවාදයක දී, මිලර් ප‍්‍රකාශ කලේ කවිය “පසුව එකතු කෙරිනි, එය සැබවින් ම මුල් නිදහසේ ප‍්‍රතිමාවේ කොටසක් නො වූ” බව යි. වොෂින්ටන් පෝස්ට් හා ජූවිෂ් ඬේලි ෆෝවර්ඞ් යන පත‍්‍ර දෙකම පෙන්වා දුන් පරිදි, මුලර්ගේ සඳහන ඔහුට අයත් නැති නමුත් ටෝක් රේඩියෝවේ රෂ් ලිම්බෝ, කු ක්ලූක්ස් ක්ලෑන් නායක ඬේවිඞ් ඩ්‍යුක්, හා සුදු ස්වොත්තමවාදී රිචඞ් ස්පෙන්සර් විසින් මෙම වසරේ අවස්ථා කීපක දී හඬ නැගූ, ෆැසිස්ට් හා නව-ෆැසිස්ට් දක්ෂිනාංශය තුල සංසරනය වන ආස්ථානය අනුකරනය කර යි.

වෝල් වීදියේ විශාල කන්ඩායමක් ඇතුලත්, නිදහස් ආර්ථික ප‍්‍රභූවේ පක්ෂය ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂයට වන පුලුල් විරුද්ධත්වය ගසාකෑමට, ට‍්‍රම්ප් හා ඔහුගේ කිට්ටු ම ආධාරකරුවන් උත්සාහ ගනිමින් සිටින්නේ, ට‍්‍රම්ප් ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයේ දී මෙන් ම බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ ද නැවත ඉදිරිපත් කල, “අමතක කෙරුනු මිනිසාගේ” නියෝජිතයා ලෙස මුලුමනින් ම ව්‍යාජ ආරූඩ කර ගැනීමක් සමගිනි. ඒනමුත් පැතිරෙන මහජන දරිද්‍රතාව හා සමාජ ව්‍යසනයට මුහුන දිය හැකි ආර්ථික වැඩ පිලිවෙලක සේයාවක්වත් ට‍්‍රම්ප් අත නැත.

ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ආයාචනා සම්බන්ධයෙන් ඩිමොක‍්‍රටිකයන් කිසිවක් නො කියන අතර, ඒ වෙනුවට ඔවුහු ඔවුන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනය දෙගුන කරමින් සිටිති. 2016 සිදු කලා යැයි කියන රුසියානු මැදිහත්වීම හා ට‍්‍රම්ප්ගේ මැතිවරන උද්ඝෝෂනයට මොස්කව්ව සමග පැවති කුමන්ත‍්‍රනය පිලිබඳ ඔහුගේ පරීක්ෂනය සඳහා නිදහස් නීතිඥ රොබට් ම්‍යුලර් විශේෂ මහා ජූරි සභාවක් කැඳවා ඇතැ යි බ‍්‍රහස්පතින්දා වාර්තා කෙරුනි.

ධවල මන්දිරය හා ඔත්තුසේවා ආයතන තුලින් වන කාන්දුවීම් පෙර නො වූ විරූ ලෙස ඉදිරියට යයි: ඉතා මෑත දී, වොෂින්ටන් පෝස්ට් පත‍්‍ර ය මෙක්සිකෝ හා ඕස්ටේ‍්‍රලියා නායකයින් සමග ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවල පිටපත් ප‍්‍රසිද්ධ කර ඇත්තේ ඔහුගේ විදේශ සගයන් සමග ගනු දෙනු කිරීමේදී ජනාධිපතිගේ බියගැන්වීමේ හා දෙපිට කාට්ටු ප‍්‍රවේශය පිලිබඳ ව ඔහුව අපහසුවට පත් කෙරෙන දසුනක් ලබා දෙමිනි.

මෙම ප‍්‍රහාරයන් පොලඹවනු ලබන්නේ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූව අතර වන වෙනස්කම් විසිනි. ඉතා මෑත දී රුසියාවට එරෙහිව එල්ල කෙරුනු නව තදබල සම්බාධකවලට අත්සන්කිරීමෙන්, ට‍්‍රම්ප් ඔහුගේ විවේචකයන්ට අනුගත වීමට උත්සාහ කර ඇති අතර, ඔහු ද උත්සාහ කරමින් සිටින්නේ ඔහුගේ අන්ත දක්ෂිනාංශක පදනම බලමුලු ගැන්වීමට හා ඔහුගේ පාලක පන්ති විරුද්ධවාදීන්ට එරෙහි සටන කල් දැමීමට ය.

කම්කරු පන්තියට පහර දීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාස කිරීමට අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී කන්ඩායම් බලමුලු ගැන්වීමේ ට‍්‍රම්ප්ගේ උත්සාහයන්ට විරුද්ධ වීමට ඩිමොක‍්‍රටික් පක්ෂය කිසිවක් නො කරනු ඇත. ට‍්‍රම්ප් සම්බන්ධයෙන් ඔවුන්ගේ විචේවන මුලුමනින් ම පවතින්නේ ජාතික ආරක්ෂක සංස්ථාපිතය විසින් සකසන ලද රූපරාමුව තුල ය: ඔහු රුසියාව ගැන මෘදුය, සමස්තයක් ලෙස දෝෂ සහිත වන අතර, වෝල් වීදිය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකයන්ට වඩා, ඔහු ඔහුගේ පවුලේ පෞද්ගලික උත්සුකයන් සමග පූර්වනියුක්ත ය.

ඒ අතර ම, විශේෂයෙන් ම සංගත හා මූල්‍ය ප‍්‍රභූවට නව ලොතරැයි වාසනාවක් වනු ඇති “බදු ප‍්‍රතිසංස්කරන” මත ට‍්‍රම්ප් සමග වැඩ කිරීමේ හැකියාවට ඩිමොක‍්‍රටිකයෝ ඉඩ දෙමින් සිටිති.

අන්ත දක්ෂිනාංශයට එරෙහිව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වන සටන කම්කරු පන්තියේ සියලු කන්ඩායම්හි, (එනම් කලු, සුදු, ස්පාඤ්ඤ, ආසියානු, දේශීය ඇමරිකානුවන් හා සංක‍්‍රමනිකයන්) රැකියා හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අනතුරට විරුද්ධවීමේ පොදු පන්ති උත්සුකයන්ගේ පදනම මත එක්සත් කිරීමේ අරගලයකි. මෙය ශක්‍ය වනු ඇත්තේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයකට සටන් කිරීම සඳහා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු මහා ව්‍යාපාරික පක්ෂ දෙකට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මගින් පමනි.

පැටි‍්‍රක් මාටින්

Share this article: