මිසිසිපි නිසාන් කම්හලේ යූඒඩබ්ලිව් (වෘත්තිය සමිතියේ) අන්ත පරාජය

UAW debacle at Mississippi Nissan plant

2017 අගෝස්තු 7

යුනයිටඩ් ඔටෝ ව’කර්ස් වෘත්තීය සමිතිය (යූඒඩබ්ලිව්) ආසන්නතම වශයෙන් ලත් අන්තපරාජය වූයේ මිසිසිපි ප‍්‍රාන්තයේ කැන්ටන් හි නිසාන් වැඩබිමේ කම්කරුවන් සියයට 63 ට සියයට 37 ඡන්දයකින් සේවකයන්ගේ කේවල්කාර නියෝජිතයා ලෙස පිලිගැනීම ලබාගැනීමට යූඒඩබ්ලිව් උත්සුකය ප‍්‍රතික්ෂේප කිරීමය. මෙය වනාහී, 2014 වසරේ ටෙනසී ප‍්‍රාන්තයේ චැටනූගා හි වොක්ස්වැගන් සමාගම සහ ස්මිර්නා හි නිසාන් සමාගම ඇතුලුව ඇමරිකාවේ දකුනුදිග එකදු ප‍්‍රමුඛ මෝටර් රථ සමාගමකදීද, 1998 වසරේදීත් නැවත 2001දීත් ටෙනසී වැඩබිමේදීද පිලිගැනීම දිනාගත නොහැකි වීම ඇතුලු මේ හා සමාන පරාජයන් මාලාවේ මෑතකාලීන එකක් පමනි.

කර්මාන්තශාලා වසා දැමීම්, රැකියා නැතිභංග කිරීම් සහ වැටුප් සහ ප‍්‍රතිලාභ කේවල් කිරීම් වලදී වසර හතරකට ආසන්න කාලයක් පුරාවට යූඒඩබ්ලිව් මෝටර්රථ සමාගම් සමග මාට්ටු වී ඇති අයුරු දැකීමෙන් කම්කරුවෝ අනිවාර්ය නිගමන උකහාගෙන ඇත්තාහ. යූඒඩබ්ලිව් එයින් පිටත කම්කරුවන්ගේ පමනක් නොව එහි සාමාජික කම්කරුවන්ගේද පිලිකුලට භාජනය වී ඇත. තමන් විසින් නියෝජනය කරනු ලැබිය යුතු කම්කරුවන් ගේ රුධිරය උරා බොන දූෂිත, දක්ෂිනාංශික නිලධාරී කල්ලියකට තමන්ගේ මාසික වැටුපෙන් පැය දෙක හමාරක වැටුප සාමාජික මුදල් ලෙස ලබාදීමේ කිසිඳු හේතුවක් නිසාන් කම්කරුවෝ නොදකිති.

කම්කරුවන්ගේ පන්ති සහයෝගීතාවය වෙනුවෙන් ඉල්ලීමක් කිරීමෙහි අපොහොසත් යූඒඩබ්ලිව් සහ බර්නි සැන්ඩර්ස් සහ විවිධ ඩිමොක‍්‍රටික් පක්ෂ දේශපාලනඥයින්, කලු ඇමරිකානු පුජකවරු සහ හොලිවුඩ් රංගන තාරකාවන් ඇතුලු එහි අධාරකරුවෝ වාර්ගික පදනම් මත මිසිසිපි ඡන්දය පාවිච්චි කලේ යූඒඩබ්ලිව් ජයග‍්‍රහනය කර්මාන්ත ශාලාවේ විශාල ප‍්‍රමානයක් වන කලු ඇමරිකානු ශ‍්‍රම බලකායේ “සිවිල් අයිතීන්” ඉහලදමනු ඇතැයි කියමිනි.

කම්කරුවන් එය පිලිගත්තේ නැතුවා මෙන්ම ඊට නිසි හේතුද ඇත. යූඒඩබ්ලිව් කිසිඳු බරපතල අරගලයක යෙදී නැත. එය සිය පැවැත්මේ පශ්චිම භාගය ගතකලේ වැඩවර්ජන මැඩලීමට සහ ඇමරිකාව හිමිකාරිත්වය දරන යෝධ මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ලාභ සහ තරඟකාරීත්වය ඉහල නැංවීමට වැඩකිරීමටය. කලකට ඉහත එය කම්කරු-කලමනාකාර “හවුල්කාරිත්වය” නම් කෝපරේට්වාදී හැඩහුරුව වැලඳගැනීම සඳහා ඇමරිකානු ධනවාදය වෙත සිය ජාතිකවාදී සහයෝගය දිගුකලේය. යූඒඩබ්ලිව් විසින් නිකුත්කල ටී-ෂර්ට් වල “නිසාන් වෙත හිතැති, වෘත්තීය සමිතියට හිතැති (Pro-Nissan, Pro Union)” යනුවෙන් මුද්‍රිත වැකිය තුල එම කරුන සම්පින්ඩනය කෙරුනි.

යූඒඩබ්ලිව් සමාගම ඒත්තුගැන්වීමට උත්සාහ කලේ එහි සේවාවන් පසෙකලනවාට වඩා උපයෝගි කරගැනීමෙන් ඉහල ලාභ උපද්දනු ඇති බවයි. 2014 දී වොක්ස්වැගන් හි චැටනූගා වැඩබිමේ ඡන්දයට පෙර යූඒඩබ්ලිව් අත්සන් කල “මධ්‍යස්ථ ගිවිසුමේ” අර්ථය වූයේ වෘත්තීය සමිතිය කැපවිය යුත්තේ වොක්ස්වැගන් සමාගම එහි තරඟකරුවන් පරයා භුක්ති විඳි “පිරිවැය වාසි සහ අනෙකුත් තරඟකාරී වාසි පවත්වාගෙන යාමට සහ හැකි අවස්ථාවලදී එම වාසි පුලුල් කිරීම”ටය යන්නයි. ප‍්‍රායෝගිකව මෙහි අර්ථය වොක්ස්වැගන් කම්කරුවන්ගේ වැටුප් කැපීමකි.

වොක්ස්වැගන් සමාගම යූඒඩබ්ලිව්වට පිටුබලය දුන් නමුත් එය ඡන්දය පරාජය විය. ශ‍්‍රම බලකාය සූරාකෑම සඳහා අතරමැදියෙකුට ගෙවීමක් කිරීමෙන් නිසාන් සමාගමට පලක් වූයේ නැත.

නිසාන් හි ඡන්දයෙන් ඉක්බිති යූඒඩබ්ලිව් සභාපති ඩෙනිස් විලියම්ස් පරාජය සම්බන්ධයෙන් රිපබ්ලිකන් ආන්ඩුකාර පිල් බ‍්‍රයන්ට් සහ අනෙකුත් දේශපාලනඥයින්ට බැනවැදුනේ “ඔවුන් තමන්ගේම ශ‍්‍රම බලකායට එරෙහිව තියුනු බියවැද්දීම්, අසත්‍ය තොරතුරු සහ තර්ජනයන්ගෙන් සමන්විත විෂකුරු උද්ඝෝෂනයක් ගෙනගිය” බවට අවලාද නගමිනි.

මේවා ආත්මාර්ථකාමී ප‍්‍රලාපයන්ය. යූඒඩබ්ලිව් පරාජය වූයේ වෘත්තීය සමිති විරෝධී කලහයක් නිසා නොව එහි කුනුවූ, සමාගමට ගැති වාර්තාව නිසාය. සමාගමේ මැරයින්ගේ සහ ඔත්තුකරුවන්ගේ නිරන්තර ප‍්‍රචන්ඩත්වයට මුහුනදෙමින්, යූඒඩබ්ලිව් සහ කාර්මික සංවිධාන සම්මේලනය (සීඅයි ඕ) 1930 ගනන් වලදි ගොඩනැගූ සමාජවාදීන්ට සහ වාමාංශික සටන්කාමීන්ට රහසිගතව ක‍්‍රියාත්මක වන්නට බල කෙරුනු බව අතීතයට අයත් කරුනකි.

යූඒඩබ්ලිව් ගොඩනැගුවේ එවකට ලොව විශාලතම සංගතය වූ ජෙනරාල් මෝටර්ස් සමාගමට එරෙහි ඔටෝ ලයිට් වර්ජනය සහ ෆ්ලින්ට් වාඩිලාගැනීම ඇතුලත් යෝධ පන්ති සටන්වලදීය. කම්කරුවෝ සමාගම ඉල්ලූ සැනින් තහනම් නියෝග නිකුත් කල නැෂනල් ගාර්ඞ් හෙවත් පොලීසිය සහ විනිසුරුවරුන්ට අවනත නොවූහ. 1937 සහ 1938 දී සාමාජිකයන් 35,000 සිට 350,000 දක්වා යූඒඩබ්ලිව් සීඝ‍්‍ර වර්ධනය 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනයෙන් ආවේශ ගැන්වුනු කම්කරුවන් විසින් මුලදී නායකත්වය දුන් මහා කාර්මික අරගල රැල්ලක් සමග සමපාත විය.

යූඒඩබ්ලිව් දශක ගනනක පරිහානිය සහ සංගත කලමනාකාරිත්වයේ සෘජු උපකරනය බවට පත්වීමේ මූලය පැවතුනේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ක‍්‍රියාත්මක වූ සමාජවාද විරෝධී දඩයමේ සහ වෘත්තීය සමිති අතුගා දැමීම තුලය. මෙම පදනම මත යූඒඩබ්ලිව් සහ ඒ මොහොතේ පිහිටවූ කාර්මික වෘත්තීය සමිති ධනේශ්වර ගැති සහ අධිරාජ්‍යගැති සංවිධාන ලෙස ඒකාබද්ධ වෙමින් ඩිමොක‍්‍රටික් පක්ෂය හා සම්බන්ධ වූයේ කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙල ප‍්‍රතික්ෂේප කරමිනි.

යූඒඩබ්ලිව් සභාපති වෝල්ටර් රූතර් 1947 යූඒඩබ්ලිව් කාර්යමන්ඩල සාමාජිකයන් 100කට වඩා පිටමන් කල අතර අනිත් අයට ප‍්‍රති කොමියුනිස්ට්වාදී පාක්ෂික ප‍්‍රතිඥා අත්සන් කිරීමට බලකෙරින. පසුව එක් විරුද්ධවාදියෙකුට කියන්නට සිදුවූයේ “එය හැඳින්විය යුත්තේ මැකාතිවාදය යන නමින් නොව රූතර්වාදය යන නමින් බවයි.”

1970 අගභාගයේදී ලෝක ආර්ථිකයේ ඇමරිකානු ආධිපත්‍යය සහ සාපේක්ෂ පන්ති සමථය අවසානයකට පැමිනියේය. ඇමරිකානු පාලක පන්තිය, එහි යුරෝපානු සහ ආසියානු ප‍්‍රතිමල්ලවයන්ගේ වර්ධනය වන අභියෝගයට මුහුන දෙමින් පන්ති යුද්ධයේ ප‍්‍රතිපත්තිය කරා එලඹුනි. මෙය ඉහල පොලි අනුපාතිකවල උදව්වෙන් හිතාමතාම විරැකියාව කරා ධාවනය වූ ජිමි කාටර්ගේ ඩිමොක‍්‍රටික් ආන්ඩුව යටතේ ක‍්‍රියාවට දැමුනු අතර වැඩබිම් වසාදැමීම් හා වැටුප් කප්පාදු රැල්ලක් අන්තර්ගත කරගත් 1980 දී ක‍්‍රයිස්ලර් පලමු වරට බංකොලොත් වීමෙන් මුදාගැනීම ක‍්‍රියාවට දැම්මේය. රිපබ්ලිකන් ජනාධිපති රොනල්ඩ් රීගන් මෙම ප‍්‍රතිපත්ති පුලුල් කලේ 1981 දී වර්ජනයේ නිරතව සිටි ගුවන් මෙහෙයුම් පාලකයන් 11,000ක් රැකියාවෙන් දොට්ට දමා දශක ගනනක් ආන්ඩුවට සහයෝගය දුන් වෘත්තීය සමිතියකට මුලපුරමිනි.

ජාතිකවාදය සහ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීම මත පදනම් වූ යූඒඩබ්ලිව් සහ අනෙකුත් වෘත්තීය සමිතිවලට ලෝකය පුරා ලාභ ශ‍්‍රම කලාපයන් වෙත නිෂ්පාදනය මාරුකර යැවීමට ධනපතියන් විසින් යෙදීගන්නා නිෂ්පාදනයේ භූගෝලීකරනයට ප‍්‍රගතිශීලි පිලිතුරක් තිබුනේ නැත. ඩෙට්‍රොයිට් නගරය පාදක කරගත් යෝධ මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ජාත්‍යන්තර තරඟකාරීත්වය ඉහල නැංවීමේ නාමයෙන් සමාගම හා අන්ඩුව ඒකාබද්ධව එල්ල කල ප‍්‍රහාරයට එරෙහි මොනයම් හෝ විරෝධයක් අතහැර දමා, 1983 දී කෝපෙර්ට්වාදය සිය නිලවශයෙන් පිලිගත් දහම ලෙස සම්මත කරගෙන, ඇමරිකානු කම්කරුවන්ට එල්ලකල ප‍්‍රහාරයට එරෙහිව මෝටර් රථ සමාගම් ලොක්කන්ට නොව, ජපාන සහ අනෙකුත් විදේශ කම්කරුවන්ට දෝෂාරෝපනය කිරීමට යූඒඩබ්ලිව් අශ්ලීල ජාතිකවාදී උද්ඝෝෂනයක් ගෙනගියේය.

කලමනාකාරීත්වයේ ආඥා ක‍්‍රියාවට දැමීමට ක‍්‍රියාකාරී සහකරුවෙකු බවට පත්වීමට සන්තෝසම් වශයෙන් මෝටර් රථ විධායකයෝ යූඒඩබ්ලිව් නිලධරය විසින් පාලනය කෙරෙන ඒකාබද්ධ “පුහුනු” වැඩසටහන් වලට සහ අනෙකුත් කම්කරු-කලමනාකරන යෝජනා ක‍්‍රම වලට බිලියන ගනනින් මුදල් පොම්ප කලහ. සාමජික ගාස්තු ගෙවන සාමජිකයන්ගේ පදනම ගිලිහෙමින් යන ඔවුන්ට මුදල් ප‍්‍රවාහයෙන් ස්වාධීන අලුත් අදායම් මාර්ගයක් දැන් ඇත. සමාගමෙන් ගෙවීම් කෙරෙන වෘත්තීය සමිතිවලට එරෙහි 1930 කරා දිවෙන නෛතික තහංචි අස් කර ගැනීමට 1978 කම්කරු කලමනාකරන සහයෝගී පනත ගෙන ඒ්මට කොන්ග‍්‍රසයට සිදු විය.

2009 සහ 2014 අතර විකිනීමේ කොන්ත‍්‍රාත්තු සමාගම සමග කතාකරගැනීමේ දී ෆියට් ක‍්‍රයිස්ලර් විධායකයින්ගෙන් මිලියන 1.2කට වඩා අල්ලස් ලබාගත් බවට රජයේ නීතිඥයන් විසින් සඳහන් කෙරෙන යූඒඩබ්ලිව් හිටපු උප සභාපති ජෙනරල් හොලිෆීල්ඞ් ඈඳුනු දුෂන සෝලිය මිසිසිපිහි යූඒඩබ්ලිව් පරාජයට වැදගත්ම වූ සාධකය වූයේය. ගෙවීම් යවන ලද්දේ යූඒඩබ්ලිව්-ක‍්‍රයිස්ලර් ජාතික පුහුනු කේන්ද්‍රය හරහාය. මෙය එක් “නරක චරිතයක්” පිලිබඳ කාරනාවක් නොවන අතර පසුගිය සතියේ යූඒඩබ්ලිව් සභාපති විලියම්ස් පැවසූ පරිදි වෘත්තීය සමිති, සමාගම් සහ ආන්ඩුව අතර සම්බන්ධතාවයේ අන්තර්ගතය මෙයයි.

1960 ගනන්වල සහ 70 ගනන්වල ඒ වනවිටද කම්කරුවන් දස මිලියන ගනනින් පක්ෂපාතිත්වය දැක්වූ වෘත්තීය සමිති සමග සම්බන්ධයක් තිබෙන්නට නැති මෙම මධ්‍යම පන්තික සහ ව්‍යජවාම කන්ඩායම් තමන්ම කම්කරු පොලිස් බලකායක් බවට පරිවර්තනය වෙද්දී මෙම සංවිධානවල ඉහලම හිතෛෂිවන්ත ආරක්ෂකයින් බවට පත්වී තිබේ. ජාත්‍යන්තර සමාජවාදී සංගමය සහ ඇමරිකානු ඩිමොක‍්‍රටික් සමාජවාදීන් ඇතුලු මේ සියලු බොරු “වාම” සංවිධාන අද බලකරනුයේ කම්කරුවන් වෘත්තීය සමිති උපකරනයේ දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධී අධිකාරයට දන නමන ලෙසයි.

කර්මාන්තශාලාවල කාර්මික ආඥාදායකත්වයට සහ වැටුප්, සෞඛ්‍ය ප‍්‍රතිලාභ සහ විශ‍්‍රාම කොල්ලයට එරෙහි සටන වෘත්තීය සමිති හරහා ඉදිරියට නොයනවා මෙන්ම ඊට හැකියාවක්ද නැති නමුත් ඔවුන්ගේ පාලනයෙන් මිදීම හරහා පමනක් එය ඉටුවනු ඇත. සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරනුයේ කම්කරු පන්තියේ අවශ්‍යතා සහ ධනපති සුරාකන්නන්ගේ සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ගේ අවශ්‍යතා අතර සංසිඳුවිය නොහැකි ඝට්ටනය හඳුනාගැනීම මත පදනම්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාගත් සහ පොදු කම්කරුවන් විසින් පාලනය කෙරෙන කම්හල් කමිටු පිහිටුවන ලෙසයි.

යූඒඩබ්ලිව් විසින් සිදුකල දශක ගනනක පාවාදීම පැහැදිලි කරනුයේ ප‍්‍රතිකොමියුනිස්ට් වාදය සහ ජාතිකවාදය මත පදනම්ව කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීමේ නොහැකියාවයි. අසමානතාවයට, දරිද්‍රතා වැටුප් සහ යුද්ධයට එරෙහිව ඉදිරියේදී එලඹෙන මහජන අරගලවලට මඟ පෙන්වීමට නව මූලෝපායක් අවශ්‍ය කෙරී ඇත. මෙහි අර්ථය ධනපති පක්ෂ දෙකෙන්ම බිඳී වෙන්වීම සහ සුපිරි පොහොසතුන්ගේ ලාභ තන්හාව නොව, වැඩකරන ජනතාවගේ අවශ්‍යතා සපිරෙන ආර්ථික ජීවිතයේ සමාජවාදී ප‍්‍රතිසන්විධානය සහ සියලු කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන මත පදනම්ව කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමයි.

ජෙරී වයිට්

Share this article: