ජර්මනිය තුල අන්ත දක්ෂිනාංශය හා මිලිටරිවාදය වෙතට හැරීම

The extreme right and the turn toward militarism in Germany

2017 දෙසැම්බර් 6

විදේශිකයන් නුරුස්සන, අන්ත දක්ෂිනාංශයේ සංක‍්‍රමන විරෝධී පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පයේ (ඒඑෆ්ඩී) පසු ගිය සතියේ පක්ෂ සම්මේලනය, ජර්මනිය තුල ෆැසිස්ට්වාදී දේශපාලනය සුජාතකරනයේ නව අවධියක් සලකුනු කලේ ය. හිට්ලර්ගේ ඒකාධිපතිත්වය ඇද වැටීමෙන් දසක හතකට පසු, ජර්මානු මාධ්‍ය ෆැසිස්ට්වාදීන්ගේ සම්මේලනය ප‍්‍රධාන හා නීත්‍යානුකූල දේශපාලනික සිදුවීමක් ලෙස සැලකු අතර ජර්මානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මීයර් සභාග සාකච්ඡුා සඳහා ඒඑෆ්ඞී නායකයින් දෙදෙනෙකු තම නිල නිවසට කැඳවමින් එය තහවුරු කලේ ය.

දක්ෂිනාංශික අන්තවාදීන් හා බ්ජෝරන් හෝකේ යටතේ වන වාර්ගික ජාතිකවාදී පාර්ශ්වය කොංග‍්‍රසයේ ආධිපත්‍යය ගත්ත ද, සංස්ථාපිත මාධ්‍ය හා දේශපාලකයින් ඒඑෆ්ඞීය විවේචනය කරන්නේ එහි අන්ත මිලිටරිවාදය හා විදේශික භීතිකාව නිසා නො ව, එහි එක්සත්කමක් නැතිකම වෙනුවෙනි

සූඬේයිට්ෂේයිතුංග් ජර්මානු දිනපතා පත‍්‍රය සඳුදා චෝදනා කල පරිදි, ඒඑෆ්ඩී ය ප‍්‍රදර්ශනය කලේ “ලජ්ජාකාරී ව්‍යාකූලත්වයකි.” මෙයට පසු එහි පාර්ලිමේන්තු කන්ඩායම තේමේ ම “එක්සත් හා දේශපාලනිකව දක්ෂ”යැයි හඳුන්වා දී තිබුනි. ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් ෂේයිතුංග් එවැනිම අදහසක් ප‍්‍රකාශ කලේ, “මධ්‍යස්ථවාදීන් පමනක් නොව, නායකයෙකු නැති පක්ෂයක රැඩිකලුන් ද හුදෙක් නීරීක්ෂකයින් පමනක් වන” බවට චෝදනා කරමිනි. පීනික්ස් ප‍්‍රවෘත්ති නාලිකාව රූපවාහිනියේ සම්මේලනය සජීවි ව විසුරුවා හැරියා පමනක් නො ව, නොයෙකුත් පක්ෂ කන්ඩායම් අතර මතභේද ගැන අදහස් දැක්වූයේ ඒවා ක‍්‍රීඩා තරඟයක වූ ඒවා ලෙසට ය.

ඒඑෆ්ඩී සම්මේලනය උපරිම දේශපාලනික බැරෑරුම්කමකින් යුතු ව ගත යුතු ය. ඒඑෆ්ඩීය දීර්ග කාලයක් තිස්සේ ජර්මනිය තුල අතහැර දමා තිබුනා යැයි සලකන ලද කුනුකසල, එනම් වර්ගවාදය, වාර්ගික ජාතිකවාදය හා මිලිටරිවාදය දෙසාබාන අන්ත දක්ෂිනාංශික බලවේග සඳහා වාහනයකි. අලෙක්සැන්ඩර් ගෝලාන්ඩ් පක්ෂයේ නව සමනායකයා ලෙස පත් කර ගැනුනි, සමූහාන්ඩු මැතිවරන උද්ඝෝෂනය අතරතුර “ලෝක යුද්ධ දෙකක දී ජර්මානු සොල්දාදුවන්ගේ ජයග‍්‍රහනයන්ට” ප‍්‍රසංශා කල මෙම මිනිසා සමෝධානය සඳහා සමූහාන්ඩු ඔම්බුඞ්ස්වරයෙකු ද, තූර්කි උරුමයක් සහිත ජර්මානුවෙකු වන ඒයිඩන් ඕසෝගුස් තුර්කියට “පිටිවහල් කල”යුතු යැයි ද ඉල්ලා සිටියේ ය. ආර්ථිකවිද්‍යා මහාචාර්ය ජෝග් මේයුතෙන් පක්ෂ නායකයා ලෙස තම තත්වය තහවුරු කර ගත්තේ ය.

මේ නයින් පක්ෂය තුල දක්ෂිනාංශික අන්තවාදී ‍“පාර්ශ්වයට” සම්බන්ධකම් ඇති පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඒඑෆ්ඞීය මෙහෙයවනු ඇත. 1920 ගනන්වල වාර්ගික ජාතිවාදීන්ගේ මෙන් ම නාසීන්ගේ රැස්වීම් පැවත්වුන ස්ථානයක් ද, කයිසර් කාපලරිච්චේදයේ ස්මාරකයක් ද වූ කයිෆ්හෝශර් හි දී හෝකේ විසින් සංවිධනාය කරන ලද මෙම වසරේ රැස්වීමට දෙදෙනා ම සහභාගී වූහ. 2016දී, ගෝලන්ඞ් හා මියුතෙන් ඉදිරියේ හෝකේ “ටියුටෝනියානු (ජර්මානු ගෝත‍්‍රික) වියරුව” හා ජර්මානු ජනතාව වෙනුවෙන් “නව පුරා කතා මාලාවක” මතුවීම ගැන පුරාජේරු දෙඩුවේ ය.

ගෝලන්ඩ් පත් කර ගැනීම කෙලින් ම ඉතා ලඟින් බැඳෙන්නේ හෝකර් කන්ඩායමේ මැදිහත්වීමක් සමගිනි. ඒඑෆ්ඩී බර්ලින් ප‍්‍රාන්ත නායකයා මෙන් ම මධ්‍යස්ථ අපේක්ෂකයෙකු වූ ජෝජ් පස්ඩර්ස්කි තෝරා ගැනීම වැලක්වීමට හෝකේ කන්ඩායම ඩොරිස් සේයින්-විට්ජෙන්ස්ටේන් තරඟයට ඉදිරිපත් කලේ ය. ස්ලෙස්විග්-හොල්ස්ටෙන් ප‍්‍රාන්තයේ ඒඑෆ්ඩී ප‍්‍රකාශිකා ප‍්‍රකෝපකාරී කතාවක් පවත්වා, ෆැසිස්ට්වාද විරෝධීන්ට එරෙහිව උද්ඝෝෂනය කල අතර නව-නාසි අනන්‍යතා ව්‍යාපාරය ආරක්ෂා කලා ය. ඇය ගෝලාන්ඞ්ට පාර කැපුවා පමනක් නො ව, ඇගේ පන්තියේ, එනම් ජර්මානු කුලීන පැලන්තියේ සම්ප‍්‍රදායන් වෙනුවෙන් පෙනී සිටියා ය. ඇගේ පුරෝගාමීන්ගෙන් අයෙකු වූ හේන්රයික් ප‍්‍රින්ස් ෂු සේයින්-විට්ජෙන්ස්ටීන් ජර්මානු වමාක් හමුදාවේ උසස් ලෙස සම්මානිත නිලධාරියෙකි. අනෙකුත් දේවල් අතර, ඔහු සෝවියට් සංගමයට ඒරෙහි ව මූලෝත්පාඨන යුද්ධයේ හවුල්කරුවෙකු විය.

විසිවැනි සියවස අතරතුර දෙවතාවක් ලෝකය විනාසයට ඇද ගෙන ගියා වූ දක්ෂිනාංශික අන්තවාදී හා මිලිටරිවාදී සම්ප‍්‍රදායන් මෙන් ම කල්ලි වලට නැවත වතාවක් එතරම් ආක‍්‍රමන කාරී ලෙස තම හිස එසවීමට හැකි වී ඇත්තේ ඔවුන් රාජ්‍ය සංවිධානවල සහයෝගය භුක්තිවිඳින නිසාවෙනි. දැඩි ලෙස සන්නද්ධ වූ පොලීසිය විසින් ඒඑෆ්ඩී පක්ෂ සම්මේලනය ආරක්ෂා කෙරුනු අතර, ඔවුන් දිය විදිනයන්ගෙන් විරෝධතාකරුවන්ට ජල ප‍්‍රහාර එල්ල කල විට, ඒඑෆ්ඞී නියෝජිතයින් ඔවුන්ට ඔල්වරසන් දුන්නේ “දැඩිව සිටිනු. මේ උනන්දුවෙන්, ජලය ගලා යාමට ඉඩ දෙනු! එය හැම අවස්ථාවේ ම ඉලක්කට පහර දෙයි” යනුවෙන් කෑකෝ ගසමින් බව ඒඑෆ්ඞීයට අනුබද්ධ ඩ‍්‍රසේඩෙන් නගරයේ විනිශ්චයකාර ජෙන්ස් මේයර් ට්වීටර් පනිවුඩයක් තුල උද්යෝගයෙන් සඳහන් කලේ ය.

පසුගිය සතියේ දී, රාජ්‍ය ප‍්‍රධානී ජනාධිපති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මීයර් පුද්ගලිකව ම හැනෝවරයේ දක්ෂිනාංශික සංදර්ශනයට ඔහුගේ ශූභාසිංසන ලබා දුන්නේ ය. ස්ටේන්මීයර් සමග බෙලේවූ මාලිගාවේ පැවති හමුවකට පසු, ඒඑෆ්ඩී පාර්ලිමේන්තු නායිකා ඇලිස් වේයිඩෙල් මෙසේ ට්වීටර් පනිවිඩයක් නිකුත් කලා ය, “ඊයේ, ඇලෙක්සැන්ඩර් ගෝලන්ඞ් හා මම ජර්මානු ජනාධිපති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මීයර්ගේ අමුත්තන් වීමු. ආන්ඩුවක් පිහිටුවීම පිලිබඳ මූලික සාකච්ඡා මෙන් ම, හැනෝවරයේ අපගේ සමූහාන්ඩු විධායකයේ මැතිවරනය ද මාතෘකා විය.”

දක්ෂිනාංශික ආන්ඩුවක් ඇටවීමේ ඔහුගේ උත්සාහයේ දී ස්ටේන්මීයර් ඒඑෆ්ඞීයට ප‍්‍රශංසා කිරීම හුදු අහම්බයක් නො වේ. ඔහු විදේශ ඇමතිවරයාව සිටි අවස්ථාවේ, ස්ටේන්මීයර් 2014දී “මිලිටරි බාධක අවසන් කිරීම” ප‍්‍රකාශ කල අතර, යුක්‍රේනයේ දක්ෂිනාංශික කුමන්ත‍්‍රනය සමග විශාල ලෙස සම්බන්ධ විය. ඔහුගේ මග පෙන්වීම යටතේ, මිලිටරිවාදය හා යුද්ධයට එරෙහිව ගැඹුරින් මුල් බැස ගැනුනු මහජන විරුද්ධත්වය කඩා බිඳ දමනු පිනිස විදේශ අමාත්‍යංශය ඊනියා පුනරීක්ෂන ක‍්‍රියාදාමය ආරම්භ කලේ ය. ස්ටේන්මීයර් ජර්මානු නායකත්වය යටතේ යුරෝපය මිලිටරීකරනය කිරීමට උපදෙස් දෙමින් මූලෝපායික ලියවිල්ලක් ලියූ අතර, “ජර්මනියේ නව ගෝලීය භූමිකාව” ගැන දේශන හා ලිපි මාලාවක් තුල කයිවාරු ගැසුවේ ය.

ඒඑෆ්ඞීයේ මිලිටරිවාදී ආස්ථානය ආන්ඩුව හා මිලිටරියේ ප‍්‍රමුඛ පුද්ගලයන්ගේ ආස්තානයන් සමග එක පිට එක වැටුනු අතර, පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ විසින් විශාල ලෙස බෙදා හදා ගැනුනි. තම වැඩසටහන තුල, ඒඑෆ්ඞීය මෙසේ ඉල්ල යි, “යුරෝපය හා එක්සත් ජනපදය මුහුන දෙන වර්තමාන තර්ජන සලකා, නව ගෝලීය නැඹුරුවක්... සන්නද්ධ හමුදා සටන් සූදානමට යලි අවතීර්න වීම.” “ඉහල ම වේගයේ විහිදුවීම් තුල ඒවායේ සටන් සූදානම සහතික කෙරෙන ආකාරයට ඒවා ප‍්‍රතිසංස්කරනය” කල යුතු ව ඇත. ඒඑෆ්ඞී පක්ෂ සම්මේලනයට දින කීපයකට පෙර, ජර්මානු සන්නද්ධ හමුදාවන්ගේ මිලිටිරි සේවා පොලිස්පති කන්ඩායම් රැස්වීමක දී හරියට ම එම වචනවලින් ම කතා කලේ ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය, 2014 සැප්තැම්බර් මස තරම් වේලාසනින් තම ප‍්‍රකාශනයක ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය පිටුපස පවතින වෛෂයික ගාමක බලවේග විශ්ලේෂනය කල අතර, එය තුල අපි මෙසේ පැවසුවෙමු: “ජර්මනිය නාසීන්ගේ බියකරු අපරාධවලින් ඉගෙන ගෙන තිබුනි,‘බටහිරට සම්ප‍්‍රාප්තවී’ තිබුනි, සාමාකමී විදේශ ප‍්‍රතිපත්තියක් වැලඳ ගෙන තිබුන අතර ස්ථාවර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් දෙසට වර්ධනය වී තිබුනි යන පශ්චාද් යුද සමයේ ප‍්‍රචාරය බොරු බව හෙලිදරව්වේ. එය ඓතිහාසිකව මතුවුනාක් මෙන්, ජර්මානු අධිරාජ්‍යවාදය නැවත වතාවක් තම සැබෑ පාට පෙන්වමින් සිටින්නේ, රට තුල මෙන් ම විදේශයන් හි තම සියලු ආක‍්‍රමනාකාරිත්වයන් සමගිනි.”

මෙම පෙරදැක්ම දැන් තහවුරු කෙරෙමින් තිබෙන්නේ, සසප ගොඩනැගීමේ හදිසිභාවය අවධාරනය කරමිනි. වාම පක්ෂය පෙරමුන ගැනීමත් සමග, සියලු අනෙකුත් පක්ෂ නව මැතිවරනයකට විරුද්ධ වන්නේ අන්ත දක්ෂිනාංශයේ නැගීමට වඩා ඔවුන් කම්කරු පන්තියේ සමාජවාදී වර්ධනයට බිය වන නිසා ය. මෙම උමතුවට විරුද්ධ වන එක ම පක්ෂය සසප යි. ධනවාදය, ෆැසිස්ට්වාදය හා යුද්ධයට එරෙහිව සමාජවාදී විකල්පයක් ගොඩනැගීමට අපි නව මැතිවරන ඉල්ලා සිටිමු.

ජොහැන්නස් ස්ටර්න්

Share this article: