ෆ්ලින්ගේ සාවද්‍යතා ආයාචනයෙන් අනතුරුව එක්සත් ජනපද පාලක පන්තිය තුල ගැටුම් උත්සන්න වෙයි

Conflicts within US ruling class intensify following Flynn guilty plea

2017 දෙසැම්බර් 07

පසුගිය සතියේ දී එක්සත් ජනපදයේ (එජ) පාලක පන්තිය තුල උග‍්‍ර දේශපාලන ගැටුම නව අවධියකට ඇතුලු විය. සිකුරාදා ට‍්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයා වූ මයිකල් ෆ්ලින්ගේ සාවද්‍යතා ආයාචනය මතු වූවායින් පසු ව ට‍්‍රම්ප්ව දේශපාලන තන්ත‍්‍රයෙන් ඉවත් කිරිමේ හැකියාව ක‍්‍රමවේදයන් පිලිබඳ ව සාකච්ඡාවන් මාධ්‍යය තුල පිරී ඇත.

“ඔහු ප‍්‍රධාන නීති පැනවීම් නිලධාරියා නිසා ජනාධිපතිට යුක්තියට බාධා කල නො හැකි ය” යන ට‍්‍රම්ප්ගේ නීති වේදීන්ගේ කියා පෑමට පිලිතුරක් ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳුදා කතු වැකියක් “එසේ ය. ජනාධිපති ට යුක්තියට බාධා කල හැකිය” යනුවෙන් ලිවීය. රිචඩ් නික්සන් සහ බිල් ක්ලින්ටන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරුනු දෝෂාභියෝගවල පෙර පැවති ව්‍යවස්ථාව” කොන්දේසි උපුටා දක්වමින්, ටයිම්ස් පුවත් පත තර්ක කලේ වැඩි වශයෙන් නොවේ නම්, නිදසුන ට‍්‍රම්ප්ට පවා සමානව ක්‍රියාත්මක කල යුතු බව යි.

ට‍්‍රම්ප්ට එරෙහිව ටයිම්ස් පුවත්පතේ තර්කයේ සමස්ථ රාමුවම භ‍්‍රමනය වන්නේ අධිකරන දෙපාර්තුමේන්තුවේ විශේෂ උපදේශක රොබට් මුලර්ගේ මූලිකත්වය යටතේ සිදු කෙරෙන 2016 එජ ජනාධිපතිවරනයේ දී රුසියානු මැදිහත්වීම පිලිබඳ පරීක්ෂනය ආශ්‍රිතව ය. ෆ්ලින්ගෙන් සාවද්‍යතා ප‍්‍රකාශයන් ලබා ගැනීමේ දී තම බෑනා වන ජාරෙඩ් කුෂ්නර් සහ තම පුත‍්‍රයා වන කනිෂ්ට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද ට‍්‍රම්ප් ද යන සියල්ලෝ ම ඇතුලු ව ට‍්‍රම්ප්ගේ සමීපතම කවය කෙරෙහි සෘජුව ම මුලර්ගේ පරීක්ෂනය දැන් එල්ල වී ඇත.

මෙම වසර මුල දී ෆ්ලින්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂන නවතා දැමීමට හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමෙ වෙත සිදු කෙරෙන වාර්තා ගත කැඳවුමේ දී ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ, “‘ට‍්‍රම්ප්’ තමන්ගේ වාසියට 2016 මැතිවරනය තල්ලු කිරීමට රුසියානු ආන්ඩුවේ මැදිහත්වීමේ තම උද්ඝෝෂනයේ සබඳතාවන් පිලිබඳ ව පරීක්ෂනයක් නවතා දැමීමට උත්සාහ කල” බව යි.

කතුවැකිය ප‍්‍රතිරාවය කරන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ කැලිෆෝනියානු සෙනේට් සභික ඩයනා ෆෙන්ස්ටීන් වෙයි. ඇය ඉරිදා තම එන්බීසී හි “මීට් ද ප්‍රෙස්” වැඩ සටහනට පෙනී සිටිමින් “අප දැක ගැනීමට පටන්ගෙන ඇත්තේ යුක්තියට බාධා කිරීම පිලිබඳව නඩු නිමිත්තක් ගොනු කිරීමක් පිලිබඳ කාරනාවයි.” යනුවෙන් කියා සිටියා ය.

ට‍්‍රම්ප්ට එරෙහි නඩු නිමිත්තක් ගොඩනැගීම සඳහා මුලර්ගෙ පෙලඹීම ගැන මෙම සතියේ ප‍්‍රවෘත්තිවල සඳහන් කෙරින. ඒ අනුව ට‍්‍රම්ප් ධවල මන්දිරයට පැමිනීමට පෙරාතුව ඔහුගේ ව්‍යාපාර ගනුදෙනුවලට එරෙහි අභිචෝදනා කිරීමට තර්ජනය කිරීම මගින් ට‍්‍රම්ප්ට ඉල්ලා අස්වීමට බල කල හැකි අනුමානයක් ඇති කරමින් ඩොයට්ෂර් බන්කි මුල්‍ය වාර්තාවන් සඳහා මුලර් සිතාසි යවා ඇත.

දේශපාලන සහ මාධ්‍ය ස්ථාපිතයන් තුල ට‍්‍රම්ප්ගේ විවේචකයෝ විසින් මතු කරන තවත් වෙනස් විය හැකි මාවතක් වන්නේ එජ ව්‍යාවස්ථාවේ 25 වන සංශෝධනය භාවිතා කිරීමයි. ඔහු මෙම සංශෝධනය කාර්යාලයේ බලය සහ රාජකාරි ඉටු කිරීමට “නොහැකි” වන තරමට දුබල නම් ජනාධිපතිව ඉවත් කිරීමට ඉඩ සැලසෙයි.

පසු ගිය සතියේ ඔබාමා එජ යේ නො ඉපදුනු බවත් සහ 2016 මැතිවරන සමය තුල “ඇක්සෙස් හොලිවුඩ්” හඬ පටියේ කටහඬ තමන්ගේ නොවන බවත් ට‍්‍රම්ප් දිගටම විශ්වාස කරන බවට වාර්තාවන් උපුටා දක්වමින්, පසුගිය සතියේ ගතානුගතික වොෂින්ටන් පෝස්ට්හි තීරු රචක ජෙනිෆර් රුබින් සංශෝධනයේ පිහිට පැතීමේ තම මුල් යෝජනාව ඇය පුනර්කරනය කලා ය. ඔහු එවැනි ප‍්‍රකාශය විශ්වාස කරන්නේ නම්, රූබින් ලිව්වේ. ඔහුු “මානසික සහ භාවාත්මකව තම රාජකාරී ඉටු කිරීමට අපොහොසත් (කෙනෙකුට යථාර්ථය ග‍්‍රහනය කර ක්‍රියාත්මක කිරීම අවශ්‍ය කෙරෙයි) සහ ඔහුට යා යුතු කාලය නික්ම යාමට බොහෝ කාලයක් පසු වී ඇත” යනුවෙන් සනාථ වී ඇත යන්නයි.

ඒ හෝ මේ ආකාරයෙන් ට‍්‍රම්ප් යා යුතු බවට පාලක ප‍්‍රභූවේ සැලකිය යුතු කන්ඩායමක් තීරන කර ඇති බව සනාථ වෙයි.

ඒ කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂනයේ අංශු මාත‍්‍රයකටවත් ප‍්‍රගතිශීලී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයක් නැත. වොෂින්ටනයේ ගැටුම් ට‍්‍රම්ප් පරිපාලනයට -අතිශයින්ම අන්ත දක්ෂිනාංශික සහ ෆැසිස්ට් බලවේග මත යැපෙන -..... එරෙහි ඩිමොක‍්‍රටික් පක්ෂය සමග පෙල ගැසී ඇති හමුදාවේ සහ බුද්ධි අංශවල බලගතු කොටස් එකිනෙකා කුලල් කා ගන්නා පාලක පන්තිය තුල ගැටුම් වෙයි.

සැලකිය යුතු ලෙස, බ‍්‍රහස්පතින්දා ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් සභික ඇල් ග්‍රීන් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයේ වගන්ති ගෙන ඒමට නියෝජිත මන්ඩලයට යෝජනාවක් ඡන්දය සඳහා ඉදිරිපත් කලේ ය. මෙය කොන්ග‍්‍රස් ඩිමොක‍්‍රටිකයන් විසින් ද ඒකමතිකව රිපබ්ලිකානුවන් විසින් ද ඉතා ප‍්‍රබල ලෙස ප‍්‍රතික්ෂේප කරන ලදී. මුලර්ගේ පරීක්ෂනය මෙන් නොව, ග්‍රීන්ගේ යෝජනා පදනම් වූයේ චාර්ලොට්ස්විල්හි.....හි ජනාධිපති විසින් සුදු ජාතික අධිකාරිවාදීන් ආරක්ෂා කිරීම මතත් සහ මුල දී බ්‍රිතාන්‍ය ෆැසිස්ට්වාදීන් විසින් නිකුත් කරන ලද මුස්ලිම් විරෝධී වීඩියෝ පටයක් නැවත ට්විට් මගින් මුදා හැරීම මතත් වෙයි.

“එම විමර්ශනය කිරීම [එනම් මුලර්ගේ] දිගට ම කිරීමට ඉඩ හැරිය යුතුය” යන්න පවසමින් ඩිමොක‍්‍රටික් නායිකාව නැන්සි පෙලොසි පැහැදිලි කලේ මෙම පියවරයනට (ඉහත යෝජනාවට එරෙහිව ඩිමොක‍්‍රටිකයන්ගේ ඡන්දය ට‍්‍රම්ප්ට ඔවුන්ගේ ඇති සහය ප‍්‍රතිබිම්බනය කලා නොව, රුසියාව සමග ට‍්‍රම්ප්ගේ “සබඳතා” ගැන ඇති චෝදනාවලට එරෙහිව ඔවුන්ගේ උද්ඝෝෂනය කිරීම සඳහා ඇති අභිලාශය බවයි.

ට‍්‍රම්ප් ද්‍රෝහියෙක් සහ රුසියානු ඒජන්තයෙක් ලෙස හංවඩු ගැසීමේ උත්සාහයන් තීව‍්‍ර කරද්දී ම ඩිමොක‍්‍රටික්වරු ඔහුගේ දක්ෂිනාංශික දේශීය පිලිවෙත්වලට කිසිම විරුද්ධත්වයක් දැක්වීම මගහැර ඇත. මුල්‍ය බලාධිකාරයට සමාජ සංරක්ෂන පද්ධතියේ මෙඩිකෙයාර් සහ මෙඩිකේඩ් වැඩසටහන් බරපතල ලෙස කප්පාදු කිරීමට වේදිකාව සකස් කරන්නා වූ ට‍්‍රම්ප්ගේ බදු පනත සම්මත කිරීමට කොන්ග‍්‍රසය පියවර ගනිත් ම එය සම්මත වීමට විරුද්ධවීම සඳහා ඩිමොක‍්‍රටික්වරු කිසි දෙයක් කර නැත. ඔවුන් ඒ ගැන කිසිම කරුනු හෙලිදරව් කිරීමක් කර නැති අතර ඊට එරෙහිව කිසිම පෙලපාලියක් සංවිධානය කර නැත.

එසේ නොවේ, ට‍්‍රම්ප් සමග ඩිමොක‍්‍රටික්වරුන්ගේ මතභේදය රඳා පවතින්නේ ඔහුගේ පරිපාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අතිමූලික විදේශීය ප‍්‍රතිපත්තිමය අවශ්‍යතාවලට හානිකර වන්නේ ය යන උත්සුකය වටා ය. එක්සත් ජනපදයේ භූ -දේශපාලනික ගරා වැටීම පිලිබඳ යථාර්ථය මෑත සිදුවීම් දෙකකින් පැහැදිලි විය. ඒවා නම් ඊජිප්තුවේ ගුවන් තොටුපලවල් මත රුසියානු ගුවන් යානා නවත්වා තැබීමට ඉඩ දෙමින් රුසියාව සහ ඊජිප්තුව අතර ඇති කර ගැනුනු ගිවිසුම සහ එක්සත් ජනපදය විසින් යුරෝපය මත පවත්වා ගෙන යනු ලැබූ ආරක්ෂන භූමිකාව “කඩා වැටීමට පටන් ගෙන ඇති” බවට ජර්මන් විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් කරනු ලැබූ ප‍්‍රකාශය යි.

ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ වී තිබෙන මාධ්‍ය ආයතන, විශේෂයෙන් ම නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් මෙහෙය වෙන්නා වූ ලිංගික අපචාර පිලිබඳ චෝදනා වටා ගෙන යන්නා වූ දඩයම මෙම ක්‍රියාදාමයේ ම කොටසකි. එය ගැඹුරින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී සහ ප‍්‍රතිගාමී උද්ඝෝෂනයක් මත පදනම් ව මුල්‍යමය බල අධිකාරය සහ මිලිටරි - රහස් පරීක්ෂක ආයතන මගින් කර ගෙන යන්නා වූ වැඩ සටහනක් වටා ඉහල මධ්‍යම පන්තික කොටස් බලමුලු ගන්වා ගැනීමේ ප‍්‍රයත්නයකි. ට‍්‍රම්ප් පසුපස හඹා යෑම සඳහා පාවිච්චි කිරීමට අමතර ව අන්තර්ජාලය වාරනය කිරීමට සහ දේශීය කලකිරීම් මර්දනය වර්ධනය කිරීමේ තන්ත‍්‍රයක් තහවුරු කිරීම සඳහා යොදා ගෙන ඇති රුසියානු “ඇඟිලි ගැසීම්” පිලිබඳ උද්ඝෝෂනය සමග මෙය එකට ගමන් කරයි.

කෙසේ වෙතත් රාජ්‍යයන් අතර දරුනු ගැටුම් පුපුරා යෑම පාලක පන්තියට විසඳුමක් නොමැත්තා වූ වඩා ගැඹුරු රෝගයක ලක්ෂන වේ. පාලක පන්තියට අයත් ට‍්‍රම්ප්ගේ විවේචකයන්ට ඔහුව එලවා දැමීමට හැකි වුවහොත් එයින් එක්සත් ජනපදය වෙලා ගෙන ඇති පන්ති පාලනමය අර්බුදය විසඳීමට එයට නො හැකි ය. එයින් බලයට පත් කරනු ලබන්නේ දැනටමත් වඩා මිලිටරි - රහස් පරීක්ෂක තන්ත‍්‍රයේ පාලනයට දැඩි ලෙස නතු වූත් කම්කරු පන්තියට එරෙහි පාලනය ඉදිරියට ගෙන යෑමට කැප වූත් රුසියාවට එරෙහි මිලිටරි ගැටුම ඉහල මට්ටමට නංවන්නා වූත් ආන්ඩුවකි.

පාලක පන්තිය සහ කම්කරු පන්තිය අතර මීට හාත්පසින් ම වෙනස් වූ ගැටුමක් වර්ධනය වේ. දැන් බිලියනපතියන් තුන් දෙනෙක් එක්සත් ජනපදයේ ජනගහනයෙන් භාගයකට හිමි ධනයට වඩා ප‍්‍රමානයක් අයිති කරගෙන සිටිති. ජනගහනයෙන් අති විශාල බහුතරය පොදු නය ගැතිභාවය, පහත් වැටුප් ලැබෙන රැකියා, පැතිර යන මත්ද්‍රව්‍ය රෝග පැතිරීමත් සහ සමාජ ව්‍යසනයේ අනිකුත් ප‍්‍රකාශනයන්වලින් සමන්විත වූ ක‍්‍රමයෙන් ඉහල නගින්නා වූ අර්බුදයකින් පීඩා වි`දිති. අවසානයක් නැතිව යොදවනු ලබන මුදල්වලින් කෘතිම ලෙස පුම්බනු ලැබූ මුල්‍ය පද්ධතියක් තවත් කඩා වැටීමක් අද්දර චලනය වෙමින් පවතී. මෙම කඩා වැටීම මිනිය නො හැකි වූ ආදීනවයන්වලින් සමන්විත වන්නේ, 2008 වෝල් වීදියේ ඇද වැටීමට සමවන මට්ටමේ එකක් ලෙස යි.

එකිනෙකා කෝපාවිෂ්ට ව හෙලාදකින තතු තුල පවා සියල්ලටමත් වැඩියෙන් පාලක ප‍්‍රභූවේ සියලුම කල්ලි භීතියට පත් වී ඇත්තේ අර්බුදය විසින් කම්කරු පන්තිය දේශපාලනිකව කැරලිකාරී වීම සඳහා උත්තේජනයන් සපයයි ද යන්න ගැන ය.

“ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහි වීමට සොයමින් සිටින කම්කරුවෝ සහ තරුනයෝ වසංගතයක් ලෙස ගැඹුරින් ම රෝගී වී ඇති, ප‍්‍රතිගාමී ඩිමොක‍්‍රටික් පක්ෂය මග හැරිය යුතු ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජූනි මස 13 “ මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” යන ඉදිරිදර්ශනයේ ලියා ඇති පරිදි, “එක්සත් ජනපදයේ දේශපාලන තත්ත්වයෙන් පැන නගින්නා වූ මූලික දේශපාලන නිගමනය නම් ට‍්‍රම්ප් සහ ඔහු නියෝජනය කරන්නා වූ සියල්ලට එරෙහිව රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂවලින් ස්වාධීනව සහ ඒවාට එරෙහිව ද ධනපති ක‍්‍රමයට සහ එහි රාජ්‍යයට විරුද්ධව ද දේශපාලන මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය කවදාටත් වඩා හදිසි කර්තව්‍යයක් ලෙස ඉස්මතුවේ. සමාජ වර්ධනය පිලිබඳ මෙම වෛෂයික ප‍්‍රවනතාව කම්කරු පන්තික අරගලයේ දැනුවත් මූලෝපාය ලෙස වර්ධනය කල යුතුයි”

සමාජවාදී සමානතා පක්ෂය සටන් කරන්නේ මුල්‍ය කතිපයාධිකාරයේ ධනය අස්වාමික කිරීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ත් සමාජය සමාජවාදී සහ සමානාත්මතාවාදී පදනමක් ප‍්‍රති සංවිධාන කිරීම මත ත් පදනම් වූ එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීමට ය. අපේ සියලුම පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩ නැගීමේ තීන්දුව ගන්නා ලෙස ය.

Share this article: